පවුල, පෞද්ගලික දේපල සහ රජය ඇතිවූ හැටි..!
–ගාමිණී ජයසූරිය.
( දෙවෙනි කොටස )
“ට්‍රීං….. ට්‍රීං…. ට්‍රීං…”
” ආ නන්දන, මම බලාගෙන හිටියේ උබ එනකම්. වරෙන් ඇතුළට”
” අපේ සාකච්ඡාවට ටිකක් කල් ගතවුනා වැඩියි වගේ නේද?”
” ඔව්, ටිකක් කල් ගතවුනා තමයි. කමක් නෑ, ඉඳගනිංකෝ”
” හරි, මචං අපිට අදත් ඕනතරම් වෙලාව තියනවා. ඒක හින්දා එදා වගේම ඉතාම සරලව සාකච්ඡාව කරමු”
” උබ ගේ කටේ තියෙන්නේ සරල , සරල, එදා සරලව නේද කළේ”
” ඔව්, ඔව්, මං කිව්වේ ඒ වගේම සරලව කරමු කියලා තමයි”
” අනිවාර්යෙන්ම නන්දන”
” මචං මේ පවුල,පෞද්ගලික දේපල සහ රජය ඇතිවූ හැටි(The Origin of the Family Private Property and the State) පොත එංගල්ස් (Fredrich Engels) ලියනවිට කාල්මාක්ස් සම්බන්ධ වුණා නේද?”.

” ඔව්, මේ පොතේ තියෙන ඉතිහාසය පිළිබඳව කරණ විග්රහයන් කාල්මාක්ස් ගේ ඉතිහාසය පිළිබඳව කළ දාර්ශනික විග්රහයන් පදනම් කරගෙනයි කරලා තියෙන්නේ.”
” මාක්ස් ට අමතරව තව බොහෝ දෙනෙක්ගේ අදහස් අරගෙන තියනවා නේද?”
” ඔව්, ඔව්, කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අය අතරින් මෝර්ගන් ඉතාම වැදගත්. මෝර්ගන් ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කළ අයෙක්. මෝර්ගන් ලිව්වා පොතක්. ඒකේ නම තමයි ” පැරණි සමාජය”(Ancient Society) . මේ පොතේ මෝර්ගන් ගේ ඉතිහාසය පිලිඳව කළ පර්යේෂණ පිළිඳව විස්තර කළා. එම විස්තර එංගල්ස් ට ඉතාම වැදගත් වුණා මේ පොත ලියන්න .”
පැරණී සමාජය.
ලුවිස් හෙන්රි මෝර්ගන් (Lewis Henry Morgan) විසින් 1877 දී රචිත “Ancient Society” (පැරණි සමාජය) කෘතිය මානව විද්‍යාව සහ සමාජ පරිණාමවාදය සම්බන්ධයෙන් ලොව පළ වූ වැදගත්ම ග්රන්ථයකි. මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය විද්‍යාත්මක පදනමක් මත විග්රහ කිරීමට මෝර්ගන් මෙහිදී උත්සාහ කර ඇත. මෙම කෘතියේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ මානව ඉතිහාසය ප්‍රධාන අවධි තුනකට බෙදා දැක්වීමයි:

- වනචාරී යුගය (Savagery)
- බිහිසුණු/අශිෂ්ට යුගය (Barbarism)
- ශිෂ්ට සම්පන්න යුගය (Civilization)
මෝර්ගන් තර්ක කරන්නේ තාක්ෂණික සොයාගැනීම් සහ ජීවනෝපාය මාර්ග (උදාහරණ ලෙස ගින්දර භාවිතය, දුන්න සහ ඊතලය, මැටි භාණ්ඩ සහ යකඩ භාවිතය) මත පදනම්ව සමාජය එක් අවධියක සිට අනෙක් අවධියකට පරිණාමය වන බවයි. එසේම, පවුල් සංස්ථාවේ විකාශනය සහ දේපළ අයිතිය පිළිබඳ සංකල්පය මානව සමාජයේ හැඩගැස්මට සෘජුවම බලපාන ආකාරය ඔහු පෙන්වා දෙයි.
මෙම “පැරණී සමාජය (Ancient Society)” කාල් මාක්ස් සහ ෆ්රෙඩ්රික් එංගල්ස් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළේය. විශේෂයෙන්ම එංගල්ස්ගේ “පවුල, පෞද්ගලික දේපළ සහ රජය ඇති වූ සැටි (The Origin of the Family Private Property and the State)” යන කෘතියට මෝර්ගන්ගේ මෙම නිරීක්ෂණ ප්‍රධාන පදනම විය. නූතන මානව විද්‍යාව තුළ මෝර්ගන්ගේ ඇතැම් මතයන් විවේචනයට ලක් වුවද, මානව සමාජයේ ක්රමික විකාශනය පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔහුට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
” මචං, මාක්ස් ,මෝර්ගන් විතරද?”
” නෑ, ත ව කීපදෙනෙක් ඉන්නවා. ඉන් ප්‍රධානම කෙනෙක් තමයි, බහෝපන්. බහෝපන්ගේ ” මවු අයිතිය” කියන පොත ඉතාම වැදගත් වුණා. මේ පොත ක්‍රි. ව. 1861 දී පලකරන්නේ. මේ පොත මගින් තමයි පවුලේ ඉතිහාසය හැදෑරීම ඉස්සරවෙලා ම පටන්ගන්නේ. ඒ නිසා මේ පොත එංගල්ස් ට ඉතාම වැදගත් වුණා .”
” මේ සියලුම පොත් පරිශීලනය කිරීම මගින් තමයි එංගල්ස් පවුල , පෞද්ගලික දේපොළ හා රජය ඇති වූ සැටි පොත ලියන්නේ, නේද?”
” ඔව්, නන්දන මේ පොතේ ක්‍රමානුකූලව කතන්දරයක් කියනවා. එහිදී අන්තිමට පැහැදිලි කරනවා රජය යනු කුමක්ද?, ඒ වගේම රජයේ බිහිවීම කොහොමද සිදුවුණේ කියලා. ඇත්තටම මට කියන්න බලන්න රජය කියන්නේ මොකක්ද කියලා”
” මම හිතන හැටියට රජය කියන්නේ, ජනතාව පාලනය කරණ ආයතනය. ඒ වගේම ජනතාවට අවශ්‍ය කරණ සෑම දෙයක්ම ලබාදෙන ආයතනය. “
” ඒකට අයත් ආයතන මොනවද?”
” පාර්ලිමේන්තුව, දෙපාර්තුමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, අධිකරණ, උසාවි, බන්ධනාගාර, හිර ගෙවල්, එතකොට මහා මාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන්තොටුපොළවල්, ඒ වගේම මුහුදු , ගංගාවන්, කදු, දිය ඇලි , අහස පොළව ඇතුළු මේ සියල්ලම රජය තමයි”
” මේ පොතේ අන්තිමට රජය කියන්නේ කුමක්ද? කියන එකට පිළිතුරු කියවෙනවා. එතකොට බලමු උඹේ උත්තරය හරිද කියලා.

ප්‍රාථමික සාමූහික සමාජය.
” නන්දන, ජීව පරිණාමය ගැනත් මිනිසාගේ සම්භවය ගැනත් අපි කථාකළා. මෙහිදී මිනිසාගේ සම්භවය ඉතාම වැදගත්. ඇයි මම එහෙම කියන්නේ. ඇයි මිනිසාගේ සම්භවය ඉතාම වැදගත් කියලා කියන්නේ. කියපන් බලන්න ඒකට හේතුව මොකක්ද කියලා.”
” මම හිතන්නේ මිනිසාගේ සම්භවයෙන් පසුව සමාජය සම්භවය ලබනවා. ඒක තමා මිනිසාගේ සම්භවය වීමෙන් පසුව සිදුවන වැදගත්ම සිදුවීම”
” ඔව්, සමාජයේ සම්භවය තමයි සිදුවන වැදගත්ම දේ. හැබැයි මුලින්ම ඇතිවන්නා වූ සමාජය ඉතාම නොදියුණුයි. ඉතාම පහත් මට්ටමක තමයි තියෙන්නේ. ඒක නිසා තමයි ඒ සමාජයට ප්‍රාථමික කියන නම වැටෙන්නේ.”
” එතකොට සාමූහික නම වැටෙන්නේ ඇයි?”
“කොහොමටත් මිනිස් සමාජය සාමුහිකයි. නමුත් මෙහිදී ඒක පැහැදිලිව පෙනෙනවා. මෙහිදී කිසිම මිනිසෙකුට තනිවම කිසිම දෙයක් කරගන්න බෑ. ස්වභාවයෙන්ම සාමූහිකත්වය ඉල්ලා සිටිනවා. අපි සතෙක් මරාගෙන කන අවස්ථාවක් ගනිමු. ඒකට අවි ආයුධ හෝ කිසිම උපකරණයක් නෑ. සතා වටකරල ගලකින් හෝ පොල්ලකින් පහර දීලා මාර ගන්න ඕනෑ. ඒක තනි මිනිහෙකුට කොහෙත්ම කරන්න හැකියාවක් නෑ. ඒක නිසා සමාජයේ සාමූහිකත්වය අනිවාර්ය දෙයක්.”
” ප්‍රාථමික සාමූහික සමාජය වසර දහස් ගණනක් පවතිනවා නේද?”
” අපොයි ඔව්, මේකනෙ නන්දන, දැන් වගේ නොවෙයිනේ. දැන්නම් තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. ඒ සමගම සමාජයත් දවසින් දවස දියුණු වෙනවා. නමුත් එදා එහෙම තාක්ෂණයක් තිබුණේ නැහැනේ දියුණු වෙන්න. ඒක නිසා සමාජය ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ එකම තැනම තමයි තිබුණේ”
” සමාජයේ චලිතය ඉතාම හෙමින් නේද?”
” හරි, නන්දන, සමාජයේ චලිතය නැත්නම් සංවර්ධනය ඉතාම හෙමින් තමයි සිදුවුණේ.”
ප්රාග් ඉතිහාසික අවධි.
” නන්දන, ඉතිහාසය තුල මිනිසා බිහිවුණ මුල් ම අවධිය ගැන හිතල බලන්න”
” ඒ කියන්නේ ප්‍රාථමික සාමූහික සමාජයේ මුල් කාලය නේ”
” ඔව්, ඒ කාලය ගැන තමයි මම කියන්නේ, මොකද හිතන්නේ ඒ වකවානුව ගැන”
” ඉතාම නොදියුණු පහත් තත්වයක පැවැති බව කියන්න පුළුවන්”
” ඔව්, කියන්න පුලුවන්ද මොනවද ඒ පහත් තත්වයන් කියලා”
” මිනිසාගේ සියලුම තත්වයන් පහළ අවධියක අනිවාර්යෙන් තිබිය යුතුයි. ආහාර, නිවාස, ඇදුම් පැළදුම්, ගමනා ගමනය, කර්මාන්ත, යනාදී මේ සියල්ලම”
” නෑ, මචං ඔය උබ කිව්ව කිසිම අවශ්‍යතාවයක් ඇතිවෙලා තිබුණේ නෑ. මිනිසා බිහිවුණ අවධියයි මේ. එමනිසා මිනිසත් භාවයන් අඩුයි. තිරිසන් භාවයන් වැඩියි. මේක පරිවර්තනීය කාලයක්”
” ඒ කියන්නේ මේ කාලය තුළදී තිරිසන් ගති ලක්ෂණ ක්‍රමානුකූලව අඩුකරමින් මිනිස් ගති ලක්ෂණ වැඩිකර ගනිමින් පවතින කාලයක් නේද? “
” හරියටම හරි, හැබැයි නන්දන ඒක ඉතාම දීර්ඝ කාලයක් තුලදී සිදුවෙන ක්‍රියාවලියක්. මේ සිදුවෙන ක්‍රියාවලිය කාලය අනුව පරිච්ඡේද කිහිපයකට බෙදලා සාකච්ඡා කරනවා. “
ම්ලේච්ඡ තත්වය.
මිනිස් වර්ගයා බිහිවුණ මුල්ම අවධිය තමයි ම්ලේච්ජත්ව කියලා කියන පරිච්ඡේදය. මේකත් කාලය හා මිනිසාගේ සමාජ සංවර්ධනය අනුව තවත් අවධීන් තුනක් යටතේ සාකච්ඡා කරනවා.”
” මොනාද ඒ අවධීන්”
” පවුල, පෞද්ගලික දේපොළ හා රජය ඇතිවූ හැටි (The Origin of the Family, Private Property and the State) පොතේ සදහන් වෙන ආකාරයට ම්ලේච්ඡත්වය පහත් අවධිය, මධ්‍යම අවධිය, උසස් අවධිය, කියලා අවධීන් තුනකට බෙදලා සාකච්ඡා කරනවා.”
“මේකේ පහත් අවධිය කියන්නේ මිනිසා බිහිවීම සිදුවීමෙන් පසුව ඒ එක්කම තිබෙන අවධිය නේද?”
“අන්න හරි මචං, මිනිසා පරිසරයත් සමග අන්තර් ක්‍රියා කරමින් පරිසරය තේරුම් ගන්නා අවධිය”
ම්ලේච්ජත්වයේ පහත් අවධිය
” මිනිසා බිහිවුණ මුල්ම අවධිය මේකයි. පවුල පෞද්ගලික දේපොළ සහ රජය ඇතිවූ හැටි(The Origin of the Family Private Property and the State) පොතේ හැටියට මේ අවධිය මිනිස් වර්ගයාගේ බිළිඳු අවධියයි. මේ අවධිය වසර දහස් ගණනක් පැවතුනා. මිනිසා සත්ව පරපුරෙන් පැවැත එනබව අපි පරිණාමයේදී දන්නවනේ. මිනිසා බිහිවීමත් සමග පරිසරයට අනුගතවීම සිදුවුණේ මේ අවධියේදී තමයි. “
” එතකොට මිනිස්සුන්ගේ ආහාර නිවාස එහෙම කොහොමද?”
” මචං නන්දන, ආහාරය වුණේ පලතුරු, ඇට වර්ග, ගස්වල මුල්, වගේ දේවල්. කැලෑ වල බොහෝදුරට ගස් වල ජීවත් වුණා. මේ කාලයේ මොවුන්ගේ ප්‍රධාන ජයග්‍රහණය පැහැදිලි ලෙස එකිනෙකා සමග කථා කිරීමට හැකිවීම කියලා පවුල පෞද්ගලික දේපොළ පොතේ කියලා තිබෙනවා.”
” මේ වකවානුවේදී මිනිස්සු ගස් වල ජීවත්වීම සතුන් ගෙන් ආරක්ෂාවට වැදගත් වෙනවා නේද?”
” ඔව්, මිනිස්සු ජීවත් වුණේ වනාන්තර වලනේ. සතුන්ගෙන් ආරක්ෂා වීමට අවි ආයුධ මොකවත් තිබුණේ නැති නිසා ගස් උඩ ජීවත් වීම සතුන්ගෙන් ආරක්ෂවට ඉතාම වැදගත් “
මිලේච්ච තත්වයේ මධ්‍යම අවධිය.
” නන්දන, පවුල පෞද්ගලික දේපොළ පොතේ සදහන් වෙන විදියට මිලේච්ජත්වයේ මධ්‍යම අවධියක් තිබෙනවා. මේ අවධියේදී මිනිසා ගින්දර භාවිතා කිරීම පටන්ගෙන තියනවා. ගින්දර භාවිතා කිරීම නිසාම මාළු ආහාරය සඳහා යොදාගෙන තිබෙනවා. මේ මාළු භාවිතය නිසා ගංගා හා වෙරළබඩ පදිංචි වීම සිදුවෙලා තිබෙනවා. ඒ නිසා ගස් උඩ ජීවත් වූ මිනිස්සු මහ පොළවේ පදිංචිවීමට අවස්ථාව ලැබී තිබෙනවා. “
” මචං ගින්දර සොයාගැනීම ඉතාම වැදගත් දෙයක්. ඇත්තටම කොහොමද ගින්දර සොයා ගත්තේ”
” ගලක් තවත් ගලක් සමග ඇතිල්ලීම මගින් ගින්දර ලබාගෙන තියෙන්නේ. ගින්දර සොයාගැනීමෙන් පසුව ආහාරය ලිපක් මගින් පිළියල කිරීමට හැකියාව ලැබී තිබෙනවා. “
” මේ වකවානුවේදී මිනිසාගේ ප්‍රධාන ආහාරය කුමක්ද?”
” මචං පවුල පෞද්ගලික දේපොළ පොතේ හැටියට මිනිස්සු මිනීමස් පවා ආහාරය පිණිස අරන් තියෙනවා. දඩයමින් ලබාගත හැකි ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ නිසයි මිනීමස් කාල තියෙන්නේ. මේකට හේතුව තමයි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සතුන් දඩයම් කිරීමට ක්‍රමයක් නොතිබීම. සතෙක් මරා ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් වෙලා තිබුනේ”
” ඒක හොදට තේරෙනවා, අවි ආ යුධ නැතුව කොහොමද සතුන් මරා ගන්නේ. ගල්වලින් පොළුවලින් ගහලා, ගල් පෙරලලා හරිම දුෂ්කර ක්‍රියාවක මිනිස්සු යෙදිලා හිටියා කියලා හිතන්න පුළුවන්. බොහෝදුරට කුසගින්නේ ඉන්න ඇති”
” ඔව්, නන්දන, ඔයා හිතන හැටි හරි. එතකොට මිනිසා විසින් මිනිසා ආහාරය පිණිස මරා කෑම ඉබේටම සිදුවෙනවා. “
” මි ලේච්ජත්වය කියන්නේ ම මේ නිසානේ. මිනිසා විසින් මිනිසා මරාගෙන කන යුගය. හිතාගන්නත් අමාරුයි”

මිලේච්ච තත්වයේ උසස් අවධිය.
” මචං, නන්දන පවුල පෞද්ගලික දේපොළ සහ රජය ඇතිවූ හැටි(The Origin of the Family Private Property and the State) පොතේ සදහන් වෙන විදියට මෙන්න මේ උසස් අවධිය තුලදී ඉතාමත්ම වැදගත් දෙයක් සිදුවෙනවා. මේ වනවිටත් ඉතාම වැදගත් දෙයක් වශයෙන් ගින්දර සොයාගැනීම කියන්න පුළුවන්. ඒ වගේම මේ යුගයේදී දුන්න හා ඊ තලය සොයාගත්තා. මේක ගොඩාක් වැදගත් දෙයක් සමාජයේ සංවර්ධනයට. මේනිසා දඩයම් කිරීම පහසු වුණා. දඩයම් කිරීම හා දඩමස් ආහාරය සඳහා ගැනීම වැඩිවුනා. බොහෝ පිරිස් දුන්න හා ඊතලය භාවිතයෙන් දඩයම ප්‍රධාන රැකියාවක් බවට පත්වුණා. “
” දුන්න හා ඊතලය සොයාගැනීම මිලේච්ඡත්වයේ අනාර්ගතම සොයාගැනීම නේද?”
” ඔව්, ඒ නිසා සමාජයේ සංවර්ධනයක් , සමාජය ඉහළට යාමක් සිදුවුණා නේ”
අශිෂ්ටත්වය.
” නන්දන, සමාජයේ ඊළග සංවර්ධන අවධිය ලෙස පවුල පෞද්ගලික දේපොළ පොතේ තියෙන්නේ අශිෂ්ටත්වය කියන යූ ගය. ඒකත් අවධීන් තුනකින් විස්තර කරලා තියනවා. පහත් අවධිය, මධ්‍යම අවධිය, හා උසස් අවධිය කියලා. “
අශිෂ්ට තත්වයේ පහත් අවධිය.
“මචං නන්දන පවුල පෞද්ගලික දේපොළ සහ රජය ඇතිවූ හැටි(The Origin of the Family Private Property and the State) පොතේ හැටියට මේ යුගයේදී තමයි කුඹල් කර්මාන්තය පටන් අරන් තියෙන්නේ. මිනිසා හට්ටි, වට්ටි, වලන් මැටි බඳුන් සාදන්න පටන් ගෙන තිබෙනවා. ඒ වගේම සතුන් ඇතිකිරීම කරලා තියෙනවා. ඒ කියන්නේ ගවයින්, එළුවන් වැනි සතුන් විය හැකියි. මිනිසාට අවශ්‍ය වන පරිදි සතුන් හීලෑ කිරීම කරලා තියෙන බව පවුල පෞද්ගලික පොතේ තියනවා. “
” එතකොට මචං, සතුන් ඇතිකිරීම කරලා තියෙනවා. බෝග වගාව කරලා නැද්ද? “
” මේ කාල වකවානුවේදී බොහෝ බෝගයන් වගාකර ලා තියනවා. සත්ව පාලනය වගේම බෝග වගාවන් පිළිබඳව දැනුම වර්ධනය කරගෙන තියනවා”
අශිෂ්ට තත්වයේ මධ්‍යම අවධිය.
” නන්දන, මේ අවධිය තුලදී සත්ව පාලනය හා බෝග වගාව දියුණුවෙනවා. සතුන් හීලෑ කිරීමත් දියුණු වෙනවා. ඒ වගේම මැටි ගඩොල් හා ගල්වළින් ගෙවල් ගොඩනැගිලි ඉදිකිරීමත් මේ යුගයේ කරපු දේවල්. “
” එතකොට මේ යුගයේදී මිනිසා වනාන්තර වලින් එළියට ඇවිත් ගෙවල් වල පදිංචි වෙලා නේද? “
” ඔව්, මේ වකවානුවේදී මිනිස්සු වනාන්තර වලින් පිටතට ඇවිත් සුදුසු ප්‍රදේශවල පදිංචි වෙලා, “
” ඔයා සුදුසු ප්‍රදේශ කියලා කියන එකේ අදහස මොකක්ද? “
” නන්දන, සුදුසු ප්‍රදේශ කියන්නේ ගොවිතැනට හා සතුන් ඇතිකිරීමට හැකියාවක් තිබෙන ප්‍රදේශ. විශේෂයෙන්ම ගංගා ආශ්රිත ප්‍රදේශ. පවුල පෞද්ගලික දේපොළ පොතේ තිබෙනවා යූප්රේටිස් හා ටයිග්‍රීස් ගංගා අසල තැනිතලා ප්‍රදේශවල, ගංගා නිම්නවලද, මිනිසා තම වාසභූමි කරගත් බව.”
” මේවනවිට මිනීමස් කෑම මිනිසුන්ට අවශ්‍ය වන්නේ නෑ නේද?”
” ඔව්, මිනීමස් කෑම අහෝසිවෙලා යනවා. ඇයි දැන් මිනිසුන්ට ආහාරයට ගන්න වර්ග රාශියක් තියනවනේ . බෝගවර්ග , මාළු, සතුන් ගෙන් ලබාගන්න මස් කිරි යනාදී වශයෙන් ගොඩාක් දේවල් තිබෙනවා”

අශිෂ්ට තත්වයේ උසස් අවධිය.
” මචං නන්දන, පවුල පෞද්ගලික දේපොළ පොතේ හැටියට මේ යුගයේදී යපස් උණුකිරීම මගින් යකඩ නිපද වීම ආ රම්භක ලා. එමනිසා යකඩ නඟුල් මගින් බිම් සැකසීම කලා. එවිට වගාකරන බිම් ප්‍රමාණය වැඩි වුණා. එමනිසා මීට පෙර සදහන් කළ අවධීන්ට වඩා වැඩි නිෂ්පාදනයක් මේ අවධිය තුලදී ඇතිවුණා.”
” එතකොට අනෙක් අවධීන් වලට වඩා ජනගහනයේ වර්ධනයක් වෙන්ඩ ඇති”
” ඔව් ඔව් මේ අවධියේදී වැඩිම ජනගහන වර්ධනයක් ඇ තිවුනා කියලා පවුල පෞද්ගලික ඩ්ජේපල සහ රජය ඇතිවූ හැටි(The Origin of the Family Private Property and the State) පොතේ සදහන් වෙනවා”
අවධීන් තුළ සමාජ සංවිධාන මට්ටම්.
” නන්දන, අපි මිනිස් සමාජයේ ප්‍රාථමික අවධීන් ගැන කථා කළා. මේ හැම අවධියක් තුළම තියෙන්නේ මිනිසාගේ ක්‍රියාකාරිත්වය. එම ක්‍රියාකාරිත්වය නිසාම තමා නිෂ්පාදනය බිහිවුණේ”
” ඉතාම පහළ මට්ටමේ නිෂ්පාදන නේ මේ පහල සමාජවල බිහිවුණේ”
” ඔව්, හැබැයි එම පහළ මට්ටමේ නිපදවීම් තමයි පියවරින් පියවර ඉහළ මට්ටම් කරා සංවර්ධනය වුණේ. මේ නිෂ්පාදන ක්රියාවේ පැහැදිලි චලිතයක් තිබුණා. පහළ සිට ඉහළට, ඒවගේම සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටමට”
“නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවීමේදී , අනිවාර්යෙන්ම සමාජ සංවිධානයක් ඕනෑ නේද?”
” අනිවාර්යෙන්ම සමාජයේ සංවිධානයක් ඕනෑමයි”
” මෙතනදී සමාජ සංවිධානය සිදුවුණේ කොහොමද?”
” සමාජය තුළ මෙහිදී සමාජ සංවිධාන මට්ටම් කිහිපයක් ඇතිවුණා. මේ ගැන ඉතා හොදින් පවුල පෞද්ගලික දේපල සහ රජය ඇතිවූ හැටි(The Origin of the Family Private Property and the State) පොතේ සදහන් වෙනවා”
“මෙහිදී දක්නට ලැබෙන සමාජ සංවිධාන මට්ටම් මොනවා ද?”
” ප්‍රධාන සමාජ සංවිධාන මට්ටම් ලෙස , වංශය, ගෝත්‍රය, සහෝදරත්වය, සම්මේලනය, යනාදී මට්ටම් දක්වන්න පුළුවන්”
වංශ ලෙස කාණ්ඩවලට බෙදීම.
“පවුල පෞද්ගලික දේපොළ පොතේ සදහන් වෙන විදියට වංශය කියන්නේ සමාජය ගොනුවී පැවැති එක්තරා කණ්ඩායමක්. සමාජය තුළ විවිධ ප්‍රදේශවල වංශ ලෙස මිනිසුන් ඒකරාශි වී ජීවත් වුණා. මෙම වංශ වලට වෙනම පොදු ලක්ෂණ තිබුණා.”
” මොනවද මේ පොදු ලක්ෂණ”
” මේකයි, නන්දන වංශයක් තුළ ප්‍රධාන පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා. වංශයට නායක යෙක් මෙන්ම යුධ නායකයෙක් වංශය ට අයත් සියළුම දෙනා එකතු වී පත්කර ගන්නවා. වංශය තුළ විවාහවීම තහනම්. මියගිය සාමාජිකයෙකු ගේ දේපොළ වංශයේ ඉතිරි සාමාජිකයින් අතර බෙදා ගැනීම සිරිතක්. වංශයට අයත් සාමාජිකයින්ගේ ආරක්ෂාව සියල්ලන්ගේම වගකීමක් ලෙස සලකනු ලැබුවා. එක් එක් පුද්ගලයාට නම ලැබුනේ වංශයට අනුවයි.
” එතකොට සම්මේලනයක් තුළ ගෝත්‍ර කිහිපයක් තිබෙනවා. ඒ ගෝත්‍ර වල වංශ තිබෙනවා. එමනිසා මේ සියල්ලම සලකා බැලුවොත් වැඩිම මිනිස් සංඛ්‍යාවක් ඉන්නේ සම්මේලනවල. ඒ වගේම ඒ සියලුම මට්ටම්වල තුබූ ලක්ෂණ මෙහි තියෙන්න ඕනෑ නේද?”
“ඔව් ප්‍රමාණයෙන් ඒ සියලුම මට්ටම්වල තිබුණු ලක්ෂණ වලට වඩා ලක්ෂණයන් මෙහිතිබෙනව. මෙහි ගුණාත්මක භාවය ගත්තත් අනෙක් සියලුම මට්ටම් වලට වඩා වැඩියි”.
වංශවල ව්‍යාප්තිය
” නන්දන, පවුල පෞද්ගලික පොතේ තියන වංශ තේරුම් ගැනීම සදහා වංශවල පොදු ලක්ෂණ කීපයක් තමයි අපි කථා කළේ. ඇත්තටම පවුල පෞද්ගලික පොතේ වංශ පිළිබඳව හොදින් විස්තර කරලා තියනවා. මට කියන්න බලන්න වංශ කිහිපයක් සදහා නිදසුන්”
“ඉරෝකුවොයිස් වංශ, ග්‍රීක වංශ, රෝමයේ වංශ, සෙල්ට් හා ජර්මානුවන් අතර වංශ,”
“හරි නන්දන, එතකොට ලෝකයේ මේ ලෙස වංශ රාශියක් තිබිලා තියනවා. ඒ වගේම මේවා අතර වෙනස් කම් තිබිලා තිබෙනවා. අපි කතා කළ දේවලින් තේරුම් ගන්න පුළුවන් පොදු ලක්ෂණ විතරයි”
“අනෙක තමයි මේ වංශය, ගෝත්‍රය, සහෝදරත්වය, සම්මේලනය , යනාදී මට්ටම් ලෝකයේ බොහෝ තැන්වල සමාන වෙන්නේ නෑ නේද?”
” කිසිසේත්ම සමානවෙන්නේ නෑ. ඒවා බිහිවන ස්ථානවල තිබෙන පාරිසරික සාධක එක්කත් ඒවාත් විවිධත්වයක් ගන්නවා”.
විවාහ ක්රමයන්ගේ ව්‍යාප්තිය
” නන්දන, පවුල පෞද්ගලික පොතේ දක්වල තියනවා විවාහ ක්‍රම කීපයක්ම. විශේෂයෙන්ම ප්‍රාථමික සමාජයේ ඒ ඒ යුගවල දක්නට ලැබුණ ප්‍රධාන විවාහ ක්‍රම තුනක් සදහන් කරලා තියනවා. මතක ද ඒ විවාහ ක්‍රම ඔයාට”
” ඔව්, මතක යි, මිලේච්ච තත්වයේ යුගයට ප්‍රමුඛම විවාහය තමයි කාණ්ඩ විවාහය. අශිෂ්ට තත්ව අවධියට අයත්වන්නේ යුග විවාහයයි. සභ්‍යත්වය අවධියට අයත් වන ප්රමුඛ විවාහ ක්‍රමය ඒක භාර්යා ක්‍රමය විතරයි.”
“ඔව් උඹ කිව්වා හරි”.
” මීට අමතරව තවත් විවාහ ක්‍රම තිබෙනවා නේද?”
” තිබෙනවා, උඹ කිව්වේ ඒ ඒ අවධීන් වල ප්රමුඛව දක්නට ලැබුණ විවාහ ක්‍රම ගැන. තවත් ක්‍රම තියෙනවා අපි කථා කරමු ඒවා ගැන. ඒත් දන්නෙම නැතුව බොහෝ රෑ වෙලා නේද?”
” ඔව්, අපි වෙන දවසක නැවත හමුවෙමු එහෙනම්”
