ක්ලීන් ශ්‍රී ලංකා යනු ගෝඨභය පාට් two ද..?
ඇත්තටම ගත්තම ත්‍රීවීල්වල ස්ටිකර්, සුදුයකඩ කෑලී බෑලි ගැලෙව්වට අමුතු ආරක්ෂාවක්හැදෙන්නෙ නෑ. මොකද ත්‍රීවීල් කියන්නෙම පට්ටම අනාරක්ෂිත වාහනයක්. ඒවගේම ත්‍රීවීල් කියන්නේ වැඩිය කූරු ගහන්ට යන්ට හොඳ නැති දුප්පත්ම ට්‍රාන්ස්පෝට් සර්විස් එක. කොහොමත් දියුණූ රටවල් වලනම් ත්‍රී වීල් වගේ වාහනවල මගීන් ගෙනයාම සපුරා තහනම්. එවැනි වාහන මගීන් ප්‍රවාහනයට සුදුසු නැතිනිසා ඒවට ඒ රටවල කොහෙත්ම ඉඩකුත් නැහැ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා (clean Sri Lanka) කියලා ක්ලීන් කරන්න යන්නෙ මේ ත්‍රී වීල් වගේ ඒවා.

https://www.dailymirror.lk/print/news-features
/From-bitter-bus-to-better-bus/131-257518
බසුත් එහෙම තමා, ලංකාවේ බස් කියන්නෙ රළු පාවිච්චියට හදපු ඉන්දියන් ටාටා, ලේලන්ඩ් ලොරි චැසිවලට ඩුප්ලිකේට් බස් බොඩි තියපුවා. බොහොමයකම අලුතෙන් එන්ජින් තියපුවා. එහෙමත් නැත්නම් ඩිපෝ වලින් කන්ඩෙම් කරලා වෙන්දේසි වලින් අඩුවට පන්නගෙන නැවත ප්‍රයිවෙට් විදියට පාරෙ දුවන ඒවා. ඒවත් ආරෂිත සහ පහසු පොදු ප්‍රවාහන සේවයකට සුදුසු නෑ. ඒවගේ සුදු යකඩ කෑලි ගැලෙව්වා කියලා අමුතු ආරක්ෂාවක් හැදෙන්නෙ නෑ. එතකොට ක්ලීන් ශ්‍රී ලංකා (clean Sri Lanka) කියමින් තහඩු ගලවන්න හදන්නෙ මේ අබලි වාහන වල.
ඇත්තම ප්‍රශ්නෙ තියෙන්නේ සුදු යකඩ කෑලි වලවත් ස්ටිකර්වලවත් නෙමේ. වෙන තැනක. පොදුවේ ගත්තම ලංකාවේ තියෙන්නේ අනාරක්ෂිත වගේම කොහෙත්ම ප්‍රමාණවත් ට්‍රාන්ස්පෝට් සර්විස් එකක් නැති ප්‍රශ්නේ. මේකේ ඉතිං ට්‍රාන්ස්පෝට් විතරක් උඩට ගන්නත් බැහැ. සමස්ථ ආර්ථික තත්වය උඩට නොගෙන ට්‍රාන්ස්පෝර්ට් විතරක් එහෙම උඩට එන්නෙත් නෑ. කරන්න තියන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකය උඩට ගෙනවිත් ජනතාවගේ ආර්ථික තත්වය මුලින් නගාසිටුවීමයි. එහෙම නොකර මේ වගේ සුලු සුලු පැලැස්තර දාලා ප්‍රශ්න යටගැසීම ඉතාම තාවකාලිකයි.

http://www.sundaytimes.lk/130414/uploads/Bus-1.jpg
ඔෆීස් ටයිම් එකේ සහ පාසල් ඇරෙන වැහෙන වෙලාවට පාපුවරුවේ සිට අඩි තුනක් විතර එළියට සිටින සේ දොරේ මගීන් එල්ලිලා යන අවස්ථා අපිට උදේ හවා පේනවා. මෙවැනි අවස්තාවල පාපුවරුව කැඩිලා නැත්නම් අත්වැට කැඩිලා එහෙමත් නැත්නම් අත හැරිලා සිදු උන අනතුරු ඕන තරම් අහන්ට ලැබෙනවා. ඒවගේම ප්‍රමාණවත් ට්‍රාන්ස්පෝට් සර්විස් එකක් නැතිනිසාම පොල් පටවලා වගේ මගීන් අරන් යන බස් රථ අපිට උදේ හවා පරෙ පේනවා.
මේ තත්වය නිසාම කාන්තා හා ළමා අපචාර රෝග බෝවීම්, පොකැට් ගැහිලි යන අපචාර වලට මේ පොල් පටවන ප්‍රවාහණ සේවය සපයන්නෙ සුළුපටු අත්වැලක් නොවේ. ඒ කෙසේ වෙතත් බස් සහ ත්‍රීවීල් වල ස්ටිකර් ගලවනව වගේ සෙප්පඩ ප්‍රතිසංස්කරණ වලට රට බංකොලොත් කරපු අපේ රටේ බයි සුළුධනපති පන්තිය හරි ආසයි.

එයාල හිතන් ඉන්නෙ ස්ටිකර් සුදු යකඩ කෑලි ගැලෙව්වම ලංකාව සිංගප්පූරුවක් වෙනව කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාත් ඒ අය ඔය ආකාරයට සතුටු කරන්ට ගිහින් තමා ගෙදර යන්න උනේ. ජනතාවගේ ආර්ථික තත්වය නගාසිටෙව්වෙ නැත්නම් මොන ආලවට්ටම් දැම්මත් පාලකයින්ට ගෙදර යන්න වෙන්නෙ මින් පස්සෙ ඇපත් නැතුව.
ප්‍රියශාන්ත රාජපක්ශ.
“89-සහෝදරත්වය”
