තල් අරණට වසන්තය…

ශෛලය ගොඩනැගී ඇත්තේ විවිධ වර්‍ගයේ ඉන්ද්‍රිකාවන් රාශියක් එකතුවීමෙනි. ඉන්ද්‍රිකාවන් නම් ඔවුන්ගේ ලාක්ෂණිකයන්ට අනුව පැහැදිලිවම එකිනෙකින් වෙනස්මය. මෙහිදී ඒකකයක් ලෙස පැවැත්ම වෙනුවෙන්ම එකට එක්වීම පෙන්නුම් කරන්නේය. එමෙන්ම තම තමන්ගේ පැවැත්ම  වෙනුවෙන් ස්වාධීනව පවතින්නේමය. මෙහිදී වෙනස්වීම, එක්විම, වෙන්වීම, එකට එක මත පෙන්නුම් කරන්නේය. ජීවයේ තැනුම් ඒකකයේ පැවැත්ම මෙයම මිස වෙනත් ආකාරයක් නම් නොවන්නේමය. සැබෑලෙසම මේ ගුණංගයන් පිහිටන්නේ ජීවයේ තැනුම් ඒකකය තුල පමනක්ම ද යන්න  සොයා බැලිය යුතුමය.

ජීවියෙකු බිහිවී ඇත්තේ එකිනෙකට වෙනස්වන්නා වූ විවිධ වර්ගයේ ඉන්ද්‍රිය පද්ධතියන් රාශියක් එකට එක්වීමෙන්ය. එක් පද්ධතියක් සැලකුවොත් එය  එයටම ලාක්ෂානික වූ එකම  ගතිගුණ වලට අනුව පැහැදිලිව වෙන්වී පිහිටන්නේමය. එකට එක්වීමක් පෙන්නන්නේය. ස්වාධීනව වෙන වෙනම වෙන්වීමක් ද පෙන්නන්නේ ය. එකට එක්වීමක්, වෙන වෙනම වෙන්වීමක්,එකමත එක පැවතීමක්,මෙහිදී පැහැදිලි ය. ඇත්තෙන්ම  මේ ලකෂනයන් පෙන්නුම්කරන්නේ ජීවියෙකු තුල පමණක්ම ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුමය.

පරමාණු අතිවිශාල ගණනා වක් එකතු වීමෙන් සෑදෙන්නා වූ සෛලය තුල පරමාණුවේ ගතිගුණ අඩංගුවන්නේමය. සෛල අති විශාල ගණනාවක් එකතුවීමෙන් සෑදී ඇති ඉන්ද්‍රිය තුල ද ශෛලයන්හි ගතිගුණ අඩංගු වන්නේය. එලෙසම ඉන්ද්‍රිය පද්ධති තුලද  සයිලයේ ගතිගුණ ඇ ත්තේමය. මේ ආකාරයටම සංවිධාන මට්ටම් ඉහළට යාමේදි, පහළ වූ මට්ටම් වල ගතිගුණ ඒ ආකරයෙන්ම ඉහළට රැගෙන යන්නේමය.

මිනිසුන් අතිවිශාල සංක්‍යාවක්  එක්විමෙන් සමාජයක් බිහිවන්නේමය. මෙම සමාජය තුලත් මෙම ලාක්ෂනිකයන් මේ ආකාරයටම පැවතිය යුතුමය. විවිධ වූ සමාජයන් පිළිබඳව සලකා බැලිය යුත්තේ ඒ නිසාමය.

වහලා  හා  වහල් හිමියා යන ප්‍රධාන අන්ත දෙකින් සංයූක්තව වහල් සමාජ ක්‍රමය ඇතිවන්නේය. මෙම සමාජයේ වහලුන් එකම පැත්තකය. වහල් හිමියන් තවත් පැත්තකය. එකිනෙකා  වෙනම ස්වාධීන වූ ඒකක දෙකක් මය. නමුත් දෙකම එකට එක්ව පවතින්නේය. ඇත්තෙන්ම මේ ගුණාංගය පවතින්නේ වහල් සමාජක්‍රමයේ පමණක්ම  ද යන්න සොයා බැලිය යුතුය.

වැඩවසම් සමාජ ක්‍රමය තුලදී ද ධ්‍රැවීකරණය වීම පැහැදිලි වන්නේමය. පැති දෙකක් ඇත්තේය. පැති දෙක වෙන වෙනම ඇත්තේය. දෙකම එකට එක්වී සමාජය සාදන්නේය. මෙසේ වීම මෙයින් අවසන් ද?

ධනපතියා  සහ නිර්ධනයා  එකතුවී ධනපති සමාජ ක්‍රමය නිර්මාණය වන්නේය. ධනපතියා  නම් වෙනම ස්වාධීන වූ පැත්තකි. එසේම නිර්ධණයා ද වෙනම ස්වාධීන වූ පැත්තකි. එසේම පැති දෙකම එක්වී සමාජය නිර්මාණය වන්නේය. මෙහිදී ද වෙනත් සමාජක්‍රම වලදී මෙන්ම සිදුවී ඇත්තේ නම් එකම එකම දෙයක් මය. එකිනෙකට වෙනස් කොටස් දෙකක් හෝ  කිහපයක් එකතුවී එකම වූ කූඩුවක් සාදා  ඇත්තේය.

ශ්‍රී ලාංකික ජාතිය නම් එකක්මය. එය සෑදී ඇත්තේ නම් විවිධ වූ ජාතිකත්වයන්  එකට එක්විමෙන්ය. ඒවා  අතරිනුත් සිංහල හා  දෙමළ ජාතිකත්වයන්  ප්‍රධාන  කොට සැලකිය හැකිය. ශ්‍රී ලාංකික ජාතිය තුලදී ඔවුන්ගේ එකට එක්වීම නම්  ඉතාම පැහැදිලි වන්නේය. ඔවුනොවුන්ට විශේෂ වූ ලාක්ෂණික යන් ඇත්තේ මය. ඒනිසාම එක්වීම හා  වෙන්වීම යන ප්‍රතිවිරෝධයක් පැහැදිලිවම ඇත්තේය. මෙම ප්‍රතිවිරෝධතාවය නිසාම හටගත්ත යම් දෙයක් වේනම් ඒ ලංකාවේ ජාතික ගැටළුව මිස වෙනත් දෙයක් නම් නොවන්නේමය. එය වෙනුවෙන් ගෙවා ඇති වන්දිය නම් දැන්  හොඳටෝම ප්‍රමාණවත්ය. තිස් අවුරද්දක් පුරා පැවති යූද්ධයේ සාපය අප සියල්ලට උරුමකලේ විනාශයමය.

2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකශනය ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානයක මහතා  මෙසේ ප්‍රකාශකර සිටියේය, “විවස්ථාවක් සෑදීමට යෝජනා  ඇවිත් තිබෙනාවා.. එය අඩපණවී තිබෙනවා.අපි එය සක්‍රියකොට අපේ රටේ සියළු පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිගැනීමට නව ආන්ඩුක්‍රම ක්  ගෙන එනවා.. එතැනින් නතර නොවී ප්‍රායෝගිකව දෙමළ භාෂාව කථාකරන ,සිංහල භාෂාව කථාකරන  පුරවැසියන් තමන්ගේ  භාෂාවෙන් තමන්ගේ රාජ්‍යය සමග ගනුදෙනු කිරීමට තිබෙන අයිතිය ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරනවා.. භාෂාවේ අයිතිය වගන්ති තුළ පමණක් නොවේ භාෂාවේ අයිතිය යථාර්තයක් බවට පත්කිරීමට අපි වැඩපිළිවෙල ඉදිරිපත් කර තිබෙනවා.. සියලුම ආගම්වල නිදහස, ආගම් ඇදහිිමේ අයිතිය  ඔවුන්ට අනන්‍යවූ සංස්කෘතීන්ට ගරු කිරීම ඉදිරියට ගෙනයමින් දිගුකාලයක් ජාතික සමගියට ඇතිවී තිබෙන බාධකයන් නැතිකරනවා.”

2024 මහ මැතිවරණය  නම් එසේ මෙසේ මැතිවරණයක් නොවන්නේමය. එය මුළු රටම එක මිටට තබා  ලැබූ ජයග්‍රහානයක් වන්නේමය. මේ ගැන ටිල්වින් සිල්වා  සහෝදරයා  ප්‍රකාශකලේ , “අපේ නියම ජයග්‍රහණය නම් 159 නොවේ. අපේ නියම ජයග්‍රහණය නම් උතුර ජයගැනීම ය.”

සිය​​ලු පස මිතුරුකම් පසෙකලා උතුරේ ජනතාව දකුණේ නායකයෙකු වෙත නැවත වරක් විශ්වාසයේ සහ සහෝදරත්වයේ දෑත් දිගුකොට ඇත. දැන් දකුණේ ජනතාවගේ වගකීම වන්නේ උතුර ජයගත්තා හෝ එක කොඩියක් යටතට ගෙනාවේ යැයි උදම් අනමින් සිටිනවා වෙනුවට උතුරේ ජනතාව පළකල විශ්වාසයේ සහ සහෝදරත්වයේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. උතුර-දකුණ ​එක්ව ලාංකී​ය ජාතියක් ලෙස ඉදිරියට ගැනීමට තවත් බොහෝ දුරක් යායුතු නමුදු ඒ සඳහා පැහැදිලි ලෙසම ස්තාවර අඩිතාලමක් දමාගැනීමට දැන් මහගු අවස්තාව​ක්​ උදාවී ඇත. එම අවස්තාව මගහැර නොගෙන ඉතා ඥාණාන්විතව එය භාවි​තා කිරීම දැන් කලයුතුව ඇත. උතුර සහ දකුණ හරියටම යාකල හැක්කේ එවිට පමණී. එසේ නොමැතිව උතුරේ ජනතාව මෙවර මැතිවරණය තුලින් ජනපතිවරයා වෙත පලකල විශ්වාසයේ සහ සහෝදරත්වයේ සං​ඥාව අප ලැබූ ජයග්‍රහණයක් යැයි උදම් අනමින් එතනින් නතර වෙන්නේ නම්, අපි නැවත් ඒ මහගු අවස්තාව මගහැර ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇතුවාට සැකනැත.

සියළුම පස මිතුරුකම් දැන් අවසන් කිරීමට අවස්තාවක් උදාවී අත. එකම රටක් ලෙස සමගිව ඉදිරියටම යාමට අවස්ථාව උදාකරගනීම​ට එය උපයෝගී කරගැනීම අප කාගේත් වගකීමක් මෙන්ම වගවීමක්ද වනු නොඅනුමානය.

ගමිණී ජයසූරිය.

( අධ්‍යයන කවය)

” 89-සහෝදරත්වය”

Source

  • photo source_https://qph.cf2.quoracdn.net/main-qimg-5040faeee6687d7397ba2ba7bc4432a7.webp

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *