සුනිලා අබේසේකර…

(වමට සියවසක් ඉදිරියෙන් සිටි වමෙන් ගිලිහුන වමේ මානවිකාවිය)
සියවස් ගනනාවක් දියුණු ලෝකය හා මිශ්‍ර නොවී එක තැන ඝනීබූතවී තිබුන ලංකාව වගේ හුදෙකලා දුපතක් තුල එකතැන පල් උන සංකෘතියක් වටිනා හරපද්දතියක් ලෙස විකෘති ලෙස අධිනිශ්චය වීම සාමාන්‍ය තත්වයක්..
මේ තත්වයන් තුල රටේ වාමාංශික ව්‍යාපාර විසින් කල යුතුව තිබුනේ වැඩවසම් ගතානුගතික සඹඳතාවල ගිලී පවතින සමාජය ඇහැරවීමට “වම” පළමුව තියුනු සාස්ත්‍රීය අස්තානයක ස්ථානගතකරගැනීමයි..නමුත් ඇතැම් වමේ ව්‍යාපාර කලේ ජනතාව ලාබෙට දිනාගත හැකි ගෝත්‍ර කහළ ගොඩවල් දිගින් දිගටම ඇවිස්සීමයි..ධනවාදයට ස්වකීය ශ්‍රම වෙළෙඳපොලට සහ පාරිභෝගික වෙළෙඳපොලට පිරිමින් පමණක් සහභාගීකරගැනීමෙන් තම වෙළෙඳපොල කුඩාකර ගැනීමේ උවමනාවක් කොහෙත්ම තිබුනේ නැත..එහි ප්‍රතිපළය නම් ධනවාදය ලිංගික පදනම් විනිවිධ දකිමින් වැඩවසම් ඉපැරැණි සදාචාරවාදයන් විස්තාපනය කරදමමින් වෙළෙඳපොල ලිබරල් කරනය කරා ගමන් කිරීමයි..
ඒ අනුව වැඩවසම් අධිපති පිරිමි විෂය ධනපති වෙළඳපොල විසින් වාෂප කර දැමීය. අධිපති පුරුෂවාද වැඩවසම් අබලි තාමත් රැඳී ඇත්තේ ලංකාව වැනි ආසියාතික අහුමුළු වලය..
යුරෝපය කේන්ද්‍ර කරගෙන බිහිවූ හා ධනවාදය හා ධනේශ්වර සංස්කෘතිය යනු දීර්ඝ කාලීන ඓතිහාසික සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිපලයකි.පරිධියේ වැඩවසම් ජාතීන්ගේ ශිෂ්ඨකරණ ව්‍යාපෘතියට බටහිර ධනේශ්වරය තුලින් උකහාගත යුතුව තිබූ දෑ බොහෝය…
නමුත් ලංකාවේ බොහෝ වමේ බලවේග වැඩවසම් පුරුෂවාදයන්ට එරෙහිව ධනවාදයෙන් උකහාගත යුතු දෑ උකහාගත හැකි දියුණු මට්ටමක සිටියේ නැත..
ඒ වෙනුවට ඔවුන් ඔවුන්ගේ බොහෝ පරමාදර්ශ හොයාගත්තේ ආසියාතික වැඩවසම් ගර්බාෂයෙනි…එහිදී ස්ත්‍රි අයිතීන්, ලිංගිකත්වය සම්බන්ද නිදහස, සමලිංගික අයිතීන්,මානව හිමිකම්, සුළුජන අයිතිවාසිකම් මේ සියල්ල N.G.O.ලේබල් ගසා ඉවතට දැමින..
ලිංගිකත්වය සම්බන්ධව වමතුල හැමදාම තිබුනේ ගැහැනියෙක් පිරිමියෙක් අතර අනියම් පැටලවිල්ලක් යනු මහා සදාචාර ගැටළුවක් සේ දුටු ගැමි දෘෂ්ටියයි…
දැන් අපි අපේ ලිපියේ කතා නායිකාව වෙත හැරෙමු..
මා අසා ඇති පරිදි සුනිලාට වමේ ප්රවාහයෙන් ප්‍රතික්ෂේප වීමට බලපෑ එක් ප්‍රධාන කාරනාවක් නම් ඇය බිකිනියකින් සැරසී ප්‍රසිද්ධියේ ස්නානය කිරීමයි. මෙහිදී සුනිලා යනු වැඩවසම් බහුබූතවලින් මිදුනු දියුණු නිදහස්වාදය ජීවිතය කරගත් කාන්තා චරිතයකි. මෙහිදී වමේ නායකයන් ඇයව ප්‍රශ්න කරන්නේ ඊනියා හනමිටි ලිංගික ව්‍යාපෘතියක් හරහාය.
විශේෂයෙන්ම සුනිලාට ඇය අයත්ව සිටි වමේ ප්‍රවාහය හැරදා යාමට ඇයට සිදුවන්නේ ඇය තුල තිබූ පීඩිත දෙමළ ජනවාර්ගය සම්බන්ද මානුෂිකවාදී අස්තානය නිසාය..
සංඛ්‍යාත්මකව හා මතවාදීමය වශයෙන් ආධිපත්‍ය හොබවන බලවත් ජාතියක් යටතේ යටපත් කරනු ලැබ ඇති සහ එකී යටපත් ජාතියට අයත් වීම නිසාම මුහුණ පාන පොදු ඉරණමේ පීඩාව සුනිලාට දැනුනි.
නමුත් එහිදී ඇය අයත් වමේ කඳවුර ස්ථානගතවී තිබුනේ බහුතර ජාතියේ ජනප්‍රිය අධිපතිවාදී හෙජමොනිය සමඟය.
මෙහිදී සුනිලා සතුව තිබූ පෞරුෂය නම් ඇය ඇගේ කඳවුරේ වාර්ගික හෙජමොනික බලයට යට නොවී ඉන් ඉවත්ව කේවල සටනක් ලෙස දිගටම ඇගේ ප්රජාතන්ත්රවාදී අරගලය කරගෙන යාමට ඇයට තිබූ හැකියාවයි.
අවසානයේ දෙමළ විරෝධී භීෂනය උපරිමයට පැමිණි මොහොතේ ඇයට පක්ෂය මෙන්ම රටද අතහැර දමා යාමට සිදුවන මොහොත දක්වාමත් රටින් යෑමෙන් අනතුරුවත් ඇය ඇගේ සටන අත හැරියේ නැත.
එසේම ඇයට ඇගේ වමේ පක්ෂය යෝජනාකල ඊනියා වික්ටෝරියානු හැදියාවට බියවී අනෙක් උන් මෙන් එකී ගෝත්‍ර හැදියාවට යටවූයේද නැත..ඇය ඇගේ දියුණු සංස්කෘතික බාවිතාව වෙනුවෙන් දිගින්දිගටම පෙනීසිටියේය.
මෙහිදී බෝපගේ සහෝදරයා සම්බන්ද කතාවද එලෙසමය.සු ළු ජාතීන් සම්බන්ද ඔහුගේ ප්රජාතන්ත්රවාදී අස්තානයද ඔහුගේ බිරිඳගේ වෙනත් සංකෘතියක අනන්‍යතාවයද ඔහුව ප්‍රතිකේෂ්ප වීමට හේතුවි ඇති බව පෙනේ.
මේ නම් ලයිස්තුව දික්කිරීමෙන් පලක් නැති බැවින් අපි නැවතත් න්‍යායික ප්‍රස්තුතයට බහිමු.
ලංකාවේ ඇතැම් වාම ව්‍යාපාරවල දෘෂඨිවාදය සකස් උනේම ගතානුගතික බහුජන අවකාශයට ගැලපෙන පරිදි මුල් මාක්ස්වාදී සාරය කපාකොටා විකෘතිකර දැමූ යථාර්ථයක් තුලය.
යථාර්ථය ඇතිසැටියෙන්ම දකින වමක් නම් මුලින්ම ස්වකීය නිදහස් අරගලය ස්ථානගත කරගතයුතුව ඇත්තේ ජාතියේ ලේ නහර ඇතුලටම කාවැදී ඇති ස්වකීය ආසියාතික වැඩවසම් අගතීන්ට එරෙහිව මය.
එසේ නැතිව හරියාකාර ඥානවිබාගාත්මක ඛන්ඩනයක් සිදුනොකොට අඳුරේ අතපතගාමින් යන්නන්වාලේ යන ගමනකදි වෙන්නෙ ඒ පරණ ආසියාතික අගතීන්වලම අනුබූතික වාහකයෙක් වීම පමණි.
මෙනයින් ගත්කල සැබෑ මානව හිතවාදිනියක් ලෙස, අපෙන් සඳහටම සමුගෙනගිය සුනිලා අබේසේකර නම් ඇය මේ මොහොතේ අපහමුවේ තබාගිය මනුශ්‍යත්වයේ පාඩම් නැවත නැවතත් අභ්‍යාස කිරීමේ අවශ්‍යතාව ඇය ජීවත්ව සිටි කාලයටත් වඩා අදවනවිට වැදගත්වන බව අප දැඩිසේ වටහාගත යුතුවේ.

ප්‍රියශාන්ත රාජපක්ශ
(දේශපාලණ විශ්ලේශක)
- photo source – https://static01.nyt.com/images/2013/09/14/world/ABEYSEKERA-obit1/ABEYSEKERA-obit1-superJumbo.jpg?quality=75&auto=webp