රනිල් වික්‍රමසිංහ සහ කලිසම..!

රනිල්ගේ කලිසම ඇඳගැත්තා කියා රනිල්ගේ ශරීර විය නොහැකි අර්බුදය සහ හා බ්‍රිතාන්‍ය යටත් විජිත නීතිය තුළ ජනතා අයිතිය කලාපීය අධිරාජ්‍යවාදයට හා ගෝලීය අධිරාජ්‍යවාදීන්ට පවාදීමේ ධනේශ්වර තින්දුව…
කලාන්තරයක්ම විපක්ෂය තුළ ඉදිමින් රනිල් හා ධනේශ්වර දේශපාලනය පට්ට ගැසූ ලාල් හීනෙන් ඇහැරී ඇති අතර JVP මාලිමා වහල් දේශපාලනය තුළ නිදීවැදී හුන් පාක්ෂිකයන්වද ඇහැරවාළුවේය. බලය ගන්න පෙර සිටම මා මේ දේශපාලනය පිලිබඳව ලාල්ගේ මේ විග්‍රහයම කරද්දී සීයාගේ කොල්ලන් ලෙස වූ අපට එල්ලකල අශිෂ්ට ප්‍රහාරය අද JVP මාලිමා බය්යන් ලාල්ටද එල්ල නොකරන්නේ මන්දැයි විමසිය යුතුය. කෙසේ වූවද අප රනිල්වාදී වීමයි… ලාල් රනිල්වාදී වීමයි දෙකක්ය.
රනිල්ගේ හැකියාව.
අපි රනිල්වාදී වන්නේ ලංකාවේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගෙන අටුවන් බැහැපු යටත් විජිත කරනය වූ ධනේශ්වර අධිරාජ්‍යවාදී ලංකාවේ රාජ්‍ය අශිෂ්ට බව ශිෂ්ඨ කරමින් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී කරගැනීමටය. අනුර ප්‍රමුඛ ලාල්ලා දැන් සැරසෙන්නේ එම කාර්යට නොව ධනේශ්වර අධිරාජ්‍යවාදී රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ රාජ්‍ය සේවය දඬමීමා කරගෙන එම රාජ්‍ය තමන් යටතේ අධිකාරීවාදීව හැසිරවූ අවුරුදු 76ක වැරැද්දම කරගෙන යන්නය. ඒ තුළ වූ උසාවි තින්දුව පුරුදු දේශපාලන තින්දුම කර ගන්නය. ජනතාව තවදුරටත් උසාවිය තුල සිලිඳුලා කරන්නය. දේශපාලනයට යටත් රාජ්‍ය සේවයක් පවත්වාගෙන යෑමටය.

මේ පුරුදු කාර්ය්‍ය මෙම ධනේශ්වර රාජ්‍ය පාලනයේ සුපුරුදු කාර්ය්‍යමය වේ. මෙතෙක් ලංකාවේ ප්‍රධාන වැරැද්දම දේශපාලන කරගත් JVP මාලිමා ආණ්ඩුවටද ඔවුන් උඩින් අතගා හඳුනාගත් වැරැද්ද වූ සියල්ල දේශපාලකයන්ගේ වරදක්ය යන්න පිළිගත් බය් ජනතාව අප කොතෙක් හෙලිදරව් කලද. එය ඉවතළුවේය. අද පොලිස්පති කෝලම තුළ ඒ JVP මාලිමා ජනතා වෛරය ඇවිස්සුව එම මිත්‍යා මතය අද බිඳී ගොසින්ය. ඒ මේ රාජ්‍ය පාලනය තුළ රාජ්‍ය නායකයා වූ විධායක ජනාධිපති අනුරටවත් පොලිස්පති ඉවත් කරන්න හෝ අළුතින් පත්කරන බලයක් නැති වීම තුලය. මේ සියල්ල දේශපාලන වැරැද්දක් නිසා යයි කියූ කතාද මේ සියල්ලක්ම රාජපක්ෂලා හොරාකාපු නිසායයිද නැඟු JVP මාලිමා බොරුව ස්ථාපිත කල මතයන්ද දැන් මේ තුළ බිඳීගොසින්ය. ඒ තුළ ඇත්ත වැරදි කාර රාජ්‍ය පාලක රාජපක්ෂලාවද JVP මාලිමා ආණ්ඩුව මේ තුළ අනියමින් නිදොස්කොට නිදහස් කරන්න සමත්ව ඇත.
එහෙත් රාජපක්ෂලාද කලේ මේ JVP මාලිමා ආණ්ඩුව මෙන් රාජ්‍ය නිලධාරීන් අතකොළු කරගෙන රාජ්‍ය හයියෙන් රාජ්‍ය පාලන බලය පවත්වා ගනිමින් දේශපාලනය කිරීමය… ඔවුන් ලවා අවශ්‍ය රාජ්‍ය අශිෂ්ඨ දූෂණයන් ක්‍රියාත්මක කිරීමය. තවදුරටත් එම දේශපාලන වැරැද්ද නමැති බොරුවෙන් ජිවත්වෙන්න බැරි JVP මාලිමා ලාල් කාන්තලාගේ ඇත්ත තුළද ඇත්තේ බොරුවකි… ඒ අඩුතරමින් ධනපති රනිල් ආරක්ෂා කරන්න ගිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තියා… ධනේශ්වර සමාජ ප්‍රජාතන්ත්‍රවාදයවත් රකින්න කැපවීම පසෙකලා ගෝලීය අධිරාජ්‍යවාදී චින ධනේශ්වර රකින්නට රාජපක්ෂලා කැපවූ පරිදි අද JVP මාලිමා දේශපාලනය ගෝලීය අධිරාජ්‍යවාදී ඉංදියානු ධනේශ්වරය රකින්නට පල්ලන් බැසීමය. ඒ තුල ලංකාවේ රාජ්‍ය ශක්තිය බිඳ දමමින් අරාජික පරාජිත අනියමින් යටත් විජිතයක් කරන්නය.
ඊනියා සමාජවාදීන් සහ බලවතුන්ගේ ප්‍රාග්ධන පොළී.
ඇමෙරිකාව ප්‍රමුඛ ගෝලීය ප්‍රාග්ධන අධිරාජ්‍යවාදී දේශපාලනය මෙතෙක් පැවති ගෝලීය ලිබරල් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පසෙකලා ධනේශ්වර ප්‍රාග්ධන ආරක්ෂණවාදී වූ පැරණි අධිකාරීවාදී වැඩවසම් ක්‍රම භාවිතයකට යද්දී සමාජවාදීන් යයි හංවඩු ගසාගත් JVP මාලිමා දේශපාලනයද රනිල් අළුතින්ම එකතු වූ ට්‍රම්ප් හා ඉලෝන් මස්ට්ලා ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ ආරක්ෂණවාදී බදු ගැටයට ගැට ගැසෙමින්. ඇත. එය එසේ වීම ගැන තර්කයක් නැත. ඒත් ඒ බදු ගෙවන ගිවිසුම් තුලට JVP මාලිමා එකගත්වය තුල ලාල් ප්‍රකාශ කරන පරදි ධනේශ්වර බලවතුන්ගේ ප්‍රාග්ධන ණය පොලී ගෙවීමේ එකඟතාව තුලින් පීඩනයට පත් ජනතාව මතටම ඒ පීඩාව තව තවත් පතිත කරමින් සමාජ ඉහල ස්ථරය හා පාලක රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ නිලධාරීන් ආරක්ෂා කරන වැඩ පිලිවෙල තුල JVP මාලිමා බදු ප්‍රතිපත්තියද අය වැය හරහා ප්‍රකාශයට පත් වී ඇත.
ඇමෙරිකාව ප්‍රමුඛ ගෝලීය ධනේශ්වර බදු වැඩිකිරීමේ පීඩාව පහල පංතියේ අක්‍රමවත් රැකියා හා අදායම් තුළ නඩත්තු වන විජේවීරගේ විප්ලවීය ගාමක පීඩිතයින් වූ ගැමි ගොවියන් හා පහල කම්කරුවන් මෙන්ම ගැමි හා නාගරික ලුම්පන් ජනතාව මත එම බර පටවා ඇත. මේ තුළ ඊනියා සමාජවාදීන් ලෙස වෙස් වලාගත් ලියනගේ අමරකිර්තී වැනි ඉහල අදායම් ලබන නිලධාරී පංතියේ එවුන් “මගේ පඩිය වැඩිවුනා”යයි හඬ තලමින් රාජ්‍ය බදු ගෙවිම් අඩුකර ගනිමින් ආතල් එක ගද්දී JVP මාලිමා ඊනියා ජනතාවාදී ආණ්ඩුව ධනපති රනිල්ටත් වඬා සැහසි ලෙස අක්‍රමවත් අදායම් තුළ අදායම් නොලබන හා පීඩාවට පත් ජනතාවට දුක වැඩිකල වැට් බද්ධ තුල හාල් කිලෝ එකේ සිට අහාරවලට ගැසූ බදු තුල අසරණ කර ඇත. එසේම ඔවුන්ගේ අදායම් මාර්ග අහිමි කරමින් රාජ්‍ය ප්‍රාග්ධන ධනේශ්වරය තුළ JVP පක්ෂ අරමුදලට අදායම් එකුතු කරද්දී ඔවුන්ගේම පීඩිතයින් තවත් අසරණ කර ඇත.
යුරෝපයේ හා ලෝකය තුළ වූ සමාජවාදී ලිබරල් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වල ජනතාව හා එම ජනතාවාදී පාලකයන් ලෝක ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කරන සටනට අවතීර්ණ වෙද්දී. එම දේශපාලනයෙන් ගැලවෙන දිශාවට දේශපාලනය හසුරුවන ඇමෙරිකාව ප්‍රමුඛ ගෝලීය බලවතුන්ගේ පාලනයට අසුවී ඇති ලංකාවේ දේශපාලනය තුළ රාජ්‍ය පාලන කළමනාකරන දැනුම නැති JVP මාලිමා ආණ්ඩුව ගෝලීය ධනේශ්වර උපදේශන තුළම හිරවී ඇත. ඒ අතර රාජ්‍ය දේශපාලන ස්වාධීන නොවී ඉංදියානු ඇමෙරිකානු කඳවුරට කෙන්ද්‍ර වීමද ධනේශ්වර කෙවල් කිරීමේ දැනුම නැති වීම පිළිබඳ ගැටලුවකි. ධනේශ්වර ගනුදෙනුව කල හැකි ධනේශ්වර අනන්‍යතාවත් නොමැති කමද තුල මාලිමා ආණ්ඩුව අසරණ වෙද්දී ධනපති රනිල්ගේ කලිසම ඇඳගත්තා කියා එම ධනේශ්වර පෞරුෂය ගොඩනඟා ගත නොහැකි බව ඔප්පු වෙමින් ඇත.

ධනේශ්වර පෞරුෂය.
ඒ ධනේශ්වර අනන්‍යතා අර්බුදයේම අද JVP මාලිමා ආණ්ඩුව හෙම්බත් වීමේ ප්‍රකාශකයා වී ඇත්තේ ලාල් කාන්තය. ධනපතියෙකු ධනපති පාලකයෙකු වූ පමණින්ද ධනපති දේශපාලකයකු වන්නටද ධනපති දේශපාලකයකු වූ පමණින් ධනපති රාජ්‍ය පාලකයකු වන්නටද නොහැක. රාජ්‍යයක් ගොඬනඟන්නට හැකි මිනිසෙකු රාජ්‍යයකට ලෙහෙසියෙන් පහල නොවේ. එම භාග්‍යයෙන් ප්‍රයෝජන නොගත් ලංකාවේ මෝඩ ජනතාව පෙලින් පෙළට එකම බොරුවකට රැවටෙද්දී JVP මාලිමා ඊනියා සමාජවාදීන් බලය රැක ගනිමින් ගොලීය ධනේශ්වර බලවතුන්ගේ සුවච කීකරු බලු කුක්කා වී හමාරය. මේ තත්ත්වය තුළ ඒ රනිල්ගේ ධනේශ්වර ඇදුම ඇඳ ගත්තද ඒ රනිල්ගේ ධනේශ්වර පෞරුෂය නැති අර්බුදය රටක් ලෙස රටේ පීඩිත ජනයාට ගෙවන්නට වී ඇත්තේ ඉංදියාවට හා ඉංදියානු මොඩිට ලංකාවේ සංවර්ධන සැලසුම් ඉලක්ක හා සංවර්ධන ව්‍යාපෘති හා ඇමෙරිකාව ඇතුළු ගෝලීය ගනුදෙනුවද ලංකාවට අවාසිදායක ලෙස ඉංදියානු බලයට යටත් කරමින්ය.
ඒ ඉංදියානු හයිය යොදමින් රටටත් ජනතාවටත් ධනේශ්වර ලිබරල් තියා ධනේශ්වර සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරමින් ධනේශ්වර හිට්ලර් වාදී එකාධිපති පැසිස්ට් පාලනයකට රට ගෙන යෑමේ පණිවිඩය ලාල්ලා අනුරලාගේ ආයෙත් ජනතාවට රට නොදෙන කතාව තුල ඇත. මේ JVP දේශපාලනයට වඬා මතවාදීව මහපොලව අල්ලාගත් රාජපක්ෂලාට වෙච්ච දේ එක්ක ලාල්ලාගේ අනුරලාගේ මේ කතා මට අනුව නම් පඩයක්ය. මන්ද මීට වඩා හයිකාර රාජපක්ෂලාවද ජනතාව එලවා දැමුවේය. කතාවට වඬා වැදගත් රාජ්‍ය පාලන කෙරුවාවය. කෙරුවාව නැති කතා ඇත්තටම පඬය.
ධනේශ්වර පෞරුෂය නැති අනුරලා ඇමෙරිකානු ට්‍රම්ප්ලා හා කෙළින්ම කතා කරන්න බැරි අර්බුදයක සිරවී ඇත. ඒ තුළ ඉංදියානු බලයට හා මෝඩිට යටත් වෙමින් ඒ ගෝලීය ගනුදෙනුව නරේන්ද්‍ර මෝඩි හරහා කරගන්න යෑමේ ගොන්කම තුළ මොඩිලාගේත් ඉංදියාවේත් හා ඉංදියාවට අවශ්‍යකරන අවශ්‍යතාවන්ගෙත් අවශ්‍ය ටිකට ලංකාවේ රාජ්‍යයට අවාසිදායක ලෙසම රාජ්‍ය යටත් කර රාජ්‍ය බල්ලට දැමීම වී ඇත. ඒ තුළ ලංකාවේ රාජ්‍යයේ ඉරණමට කුමක් විය හැකිද. අදද අවශ්‍ය වැඩ කර පෙන්වීම බැරි කම තුළ JVP මාලිමා ආණ්ඩුව ලංකාවේ රාජ්‍ය අසරණ කර රාජ්‍ය ශක්තිමත් කම නැති දියාරු රාජ්‍යයක් කර අවසන් කරන මේ ඉඩදීමට තවත් ඉඩදීම තුල විය හැකි අණතුර පිලිබඳව රාජ්‍ය පාලනය හා කළමනාකරනය නොදත් JVP මාලිමාව බැරිනම් පුළුවන් කෙනෙකුට දී නම්බු පිටින් ගෙදර යෑම අඩු තරමින් දේශද්‍රෙහීන් නොවූ කාර්ය්‍යකි.
පාලනය අර්බුධයට යාම.
රටේ පාලනය අර්බුදයට යමින් එක පැත්තකින් ඉංදියානු ගොලීය අධිරාජ්‍යවාදී පාලනයට ලංකාවේ රාජ්‍ය යටත් කිරීම තුල ලාල් කාන්ත ලාල් කාන්තගේ කෘෂිකර්ම ඇමතිකම තුල යම් ප්‍රතිසංස්කරණයකට නොගියොත් ලාල්ගේ හාල් ව්‍යාපාරික ඩඩ්ලිලාව ආරක්ෂා කරන්න යෑමේ අරමුණටද ලංකාවේ වී ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණටද කෙලවා ගනු ලබන බව මගේ දැනුමට අනුව ස්ථිරය. මේ අනුව ලාල් ලංකාවේ වී ගොවියාගේ වී ගොවිතැන ඔවුන්ගේ ව්‍යාපාරික අදායම් මඟක් ලෙස පවත්වා ගෙන යෑමට විකල්ප එකතු කල යුතුය. ඒ අනුව මා වසර ගණනක් සිට යොජනා කල සංචාරක ගොවි ගෙදරක සංකල්පය හා අපනයන බෝග වගාවට ගොවියා යොමු කිරීම ඉතාමත් වැඳගත්ය.
එසේම ඉංදියානු ගොවියාගෙන් වී මිලදී ගෙන ලංකාවේ ඩඩ්ලිගෙ හාල් ව්‍යාපාරය ජාත්‍යන්තර කරණය කිරීමද ලාල්ගේ කාර්ය්‍ය වී ඇති අතර මේ තුළ ලංකාවේ හාල් පාරිභෝගිකයාද තෘප්තිමත්ය ඩඩ්ලිගෙ ව්‍යාපාරයද ජාත්‍යන්තර වෙනු ඇත. අර්බුදය මේ කිසිදු දෙයක් කර ගන්නට බැරි අර්බුදය ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ සාම්ප්‍රදායික මහන්තත්වයට රාජ්‍ය පාලක ආණ්ඩුවට පත් වෙන්න වීමයි. JVP මාලිමා ආණ්ඩුවද මේ යටත් වීම තුළ ලංකාවේ රාජ්‍යම ඉංදියානු රාජ්‍ය බලයට යටකරන තත්ත්වයට JVP මාලිමා ආණ්ඩුව පත්වීම ඛෙදවාචකයකි. රනිල් මේ තත්ත්වය කළමනාකරණය කර ගත් අකාරයද ලංකාවේ රාජ්‍ය ඉංදියානු උවමනාවට යටත් නොකර උපායිකව ඇමෙරිකාව ට්‍රම්ප් ඇතුළු සමස්ත ගෝලීය රාජ්‍ය හා රාජ්‍ය නායකයන් හා ගනුදෙනු කිරීමේ අනන්‍යතාවෙි වැඳගත්කම නැවතත් රටක් ලෙස කාටත් වැදගත්ම මොහොත මෙයම බව ලාල් ආණ්ඩුවට අවධාරණය කල යුතුය.

කෙසේ නමුත් ලාල්ට මතක් කර දිය යුතු සත්‍යනම්, ලංකාවේ ඉඩම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය යටතේ මුඩුබිම් පනත යටතේ සුද්දන් විසින් ලංකාවේ ජනතාවගෙන් මංකොල්ල කෑ ඉඩම් බවය. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය ඔවුන්ගේ යටත් විජිත පාලන නීති යටතේ ඉඩම් අයිතිය ජනතාවගෙන් උදුරා ගෙන යටත් විජිතකරණය කර ඇති තත්ත්වය නිවරදි කරමින් නැවතත් බ්‍රිතාන්‍ය යටත් විජිත නීතිය යටතේ යටත් විජිත රාජ්‍යකරණය වී ඉඩම් ජනතාකරණය කිරීම ගෝලීය ධනේශ්වරයේ ධනපති රනිල් කෙනෙකු නොකරන වැඩකි. හෙක්ටර් කොබ්බෑකඩුවලා පවා ජනතාවගේ ඉඩම් අයිතිය පූර්ණ ලෙස ලබා නොදුන් රටක රනිල්ගේ පූර්ණ ඉඩම් අයිතිය ලබා දීමේ කාර්ය හුදු ධනේශ්වර උවමනාව මත වූවක් ලෙස ඉවතලුව නොහැකිය.
මන්ද ලංකාවේ ඉඩම් ජනතාවගෙන් අධිරාජ්‍යවාදී යටත් විජිත ධනේශ්වර පාලකයන් මුඩුබිම් පනත යටතේ මංකොල්ල කෑ ඉතිහාසය අමතක කරමින් ජනතාවට එම ඉඩම් අයිතිය නැවතත් තහවුරු නොකිරීම ඇත්තටම ජනතාවිරෝධී ගොලීය ධනේශ්වර යටත් විජිතවාදී අපේක්ෂාවකි ඒ අනුව ලංකාවේ පවතින නීතිය තවදුරටත් ආරක්ෂා වීමට වඬා එම නීති ප්‍රතිසංස්කරණ වෙමින් ඒ තුළ වූ මර්දනකාරි යටත් විජිත කරණය වූ නීති තුළ ජනතාව සිලිදුලා කරන වහල් නීති ඉවත්කරමින් එංගලන්තයේ රජුට නොව ලංකාවේ ජනතාවට රාජ්‍ය අයිතිය ඇති රටක ශිෂ්ඨ නීතියක් ස්ථාපිත කරමින් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත රටක ජනතාවට අහිමි ඉඩම් අයිතියද රාජ්‍ය තුළ සුරක්ෂිත කිරීම ලාල්කාන්ත ඇතුළු රාජ්‍ය පාලකයින්ගෙන් සැදුම්ලත් අළුත් ආණ්ඩුවේ වගකීම බව අවධාරණය කරමි.
