Tilvin Silva & ABBA COVER SHOW…

ටිල්වින් සිල්වා සහ ඇබා show..
(This Article written on 4th of December)
Tilvin Silva ABBA cover show එකකට ගිය බව මට පුද්ගලයින් දෙදෙනෙකු කතාකර පැවසු අතර ඔවුන් දැඩි කෝපයෙන් කතාකල අතර ඔවුන් දෙදෙනාම පැවසුවේ “මේ xxxx කිව්වේ කහොමද දැන් යන්නේ ABBA ” යනුවෙනි. මා පැවසුවේ Tilvin Silva එවන් musical show එකකට යාම ඉතාම යහපත් දේශපාලනික ක්‍රියාවක් බවත් Tilvin ට ඒ නිසාම මෙතැන් සිට මා කැමති වන බවත්ය. Tilvin කවදා හෝ U2 ලාගේ show එකකට යන්නේ නම් මා ඉතාම ප්රිතිවන බව මම ඔවුන් දෙදෙනා සමග පැවසුවෙමි.
Sunanda Deshapriya ගේ පාස්කු ප්රාහාරය පොත නිකුත්වි දින කිහිපයක් ඇතුලතදි මම එම පොත ඉතාලියට ගෙන්වාගෙන කියවුයෙමි. මා කියවු සිරිලාංකිය පොත් අතලොස්සක් ඇතුලට Sunanda ගේ පාස්කු ප්‍රහාරය පොතද ඇතුලත් වේ. මා පොත කියවු බව දැනගත් කිහිප දෙනෙකු පොත පිලිබදව මගෙන් විමසා සිටියහ. මිට මාසඅ 2 පමණ පෙර මේ පොත නිසා එක් අනතුරක් සිරිලංකාව තුල ඇති විය හැකි බව මා ඔවුන් සමග පැවසු අතර ඔව්හුද අද මේ post එක හොරෙන් සැගවි කියවති. Sunanda විසින් කරන්න දෙයක් නැතිව ඔහේ පල්වෙන තඩි ගංකබර පිරිමි සමාජයක සිටින කාලකන්නින්ට හපහජා ඉන්න දුන්න Deep State වචනය අල්ලාගෙන සිරිලංකාවේ කලිසම් අදින දෙඩුම් ශිල්පි පාදඩ පිරිමින් සංවාද කරමින් ආතල් ගැනිමේ දඩි අවධානමක් ඇති බව මා පැවසුවේ මිට මාස 2 පෙරය. Deep Sate තියා Deep State වචනයවත් සිරිලංකාවට අදාල නැති බව මම 100% දේශපාලනික වගකිමෙන් යුතුව ප්‍රකාශ කරන අතර ඔනැම කෙනෙකුට කිසිම බියවිමකින් තොරව මාගෙන් ඒ ගැන ප්‍රශ්ණ කලහැකි ඒවාට අතර නිහතමානිව සහ සංයමයකින් පිලිතුරැ දිමට මම බැදිසිටිමි. මා මාස 2 පෙර කියුදේ සැබැවි ඇති බව මේ post එක හොරෙන් කියවන අද ඔබට ප්රත්යක්ෂය.
ලෝකයේ Lesbos නමින් දුපතත් ඇති බව basic literature තිබෙන ඔනැම පිරිමියෙකු දනි. Taxonomy පටන්ගන්නේ Aristotle ගෙන්ය. Aristotle මේ දුපතේ රස්තියාදු ගැසුවේය. මේ දුපතේ විවිධ ජීවින් සිටික බව ඔහු දුටුවේය. ඔහු ජිවින්ව වර්ග කලේය. එය analytical deduction බෙදා වෙන්කිරිමක් නොව synthesis බෙදාවෙන්කිරිමක් වුවත් වසර 2000 ක් යනතෙක්ම එම වර්ගිකරණ ආකෘතිය වෙනස් නොවි පැවතගෙන ආ අතර එය වෙනස් වුයේ 18 වන සියවසේ විසු Sweewden ජාතික උයන් පල්ලෙකු නිසා බව මට මතක ඇතිමුත් ඒ මිනිසාගේ නම මා හට දැන් මතකයේ නැත. Darwin ගේ පරිණාමවාදය Taxonomy එකක් බවද අප මෙහිදි අප සිහිතබා ගතයුතුය. මිනිසා විසින් ජිවින් වර්ග කිරිම පටගත්තේ Aristotle ගේ Lesbos දුපත් සංචාරය නිසා බවට ලොව පිලිගත ම්තයක් ඇත.
Zoology සහ Botany විෂය ක්ෂේත්‍ර ලෙස මෙම වර්ගිකරණය බටහිර ලොව තුල සිදුවු අතර ඊට බොහෝ කලකට පෙරාතුව Zoology සහ Botany විෂය ක්ෂේත්‍ර සහ ඊට පරිබාහිරව Psychology විෂය ක්ෂේත්රයට අදාලව මිනිසුන් වර්ගිකරණය භාරතිය ශිෂ්ඨාචාර තුල සිදවු බව පුරාණ ග්රන්ථ පරිහරණය කරන විට අපට පෙනියයි. සිතුම් පැතුම් අනුව පුද්ගල ස්වභාවයන් වර්ගීකරණය බටහිර යුරෝපය 20 වන සියවසේදි ආරම්භ කලත් එය භාරතය තුල ආරම්භවුයේ මිට වසර 4000 කට පෙරාතුවය. ඒ බවට හොදම උදාහරණ වන්නේ වේද ග්රන්ථයන්ය. Sigmund Freud තාත්තගේ වෘෂණකෝෂ වල පදිංචිවිමටත් පෙරාතුව චාර්වක සිතුම් පැතුම් වලට අනුව පුද්ගල වර්ගිකරණයක් සිදුකල බව අපට දැකගතහැක.
සුමනා ගෝමස් ගේ ශරිරය දකිනවිට සිරිලංකාවේ පිරිමින් තුල තිගැස්සිමක් සිදුවන්නේ පැවති post colonial ආර්ථිකය නිසාය. නලින් ද සිල්වාගේ ලිවිම් මාරයි කියා සිරිලංකාවේ පිරිමින් පවස්නේද post colonial ආර්ථිකය තුලමය. මෙම තත්වය ගංකබර ලෙස මම දේශපාලනිකව හදුන්වමි. Bebuwela MM ට අනුව මෙය පිරිමින්ගේ හිගනකම නිසා සිදුවන ප්රපංචයක්වේ. Bebuwela ගේ නිරැක්තිය මෙන්ම මාගේ නිරැක්තියද යන නිරැක්ති දෙකම නිවැරිදිය. ගංකබරකම සහ හිගනකම අතර ඇති අවියෝජන සබදතාවය අපට කියා දුන්නේ Louis Althusser වේ.
Taxonomy පිලිබද ඔබ තුල යම් අදහසක් ඇති බැවින් අපි තව ටිකක් දුර ඒ පාරේ දැන් යමු. දේශපාලනය අදාල නැති ගොබ්බයින් මින් ඉදිරියට හොරෙන් රහසින්වත් මෙය නොකියවා Facebook එකේ පිස්සන් කොටුවේ පහලට ගමන්කිරිම මැනවි.

Dharmasiri Bandaranayake චිත්‍රපට තුලින් Swarna Mallawaarachchi ව සිරිලංකාවේ පිරිමියා හමුවේ තැබිමට පෙර සිරිලංකාවේ post colonial පිරිමියා කැදර ලිංගික ආශාව යොමුවුයේ තඩි ඇඟක් තිබෙන ගැහැනුන්ටය. ටෙලි නාට්‍යය නරඹන සමහර පිරිමින්ගෙන් ඒවා නරඹන්නේ ඇයිදැයි කියා මා ඔවුන්ගෙන් ප්‍රශ්ණ කලවිට ඔවුන් ඒවා නරඹන්නේ එම ටෙලි නාට්‍යය තුල මාර කඳක් සිටින නිසා බව ඔව්හු මා සමග පැවසුවේ 2013 වසරදිය. සිරිලංකාවේ බොහෝ ගංකබරයින්ට කේරල සිනමාව අදටත් මාර fantasy එකක් වන්නේ මේ නිසාමය. තඩි ඇඟක් තිබෙන ගැහැනු fantasy එකෙන් මිදිමට සිරිලංකාවේ පිරිමියාට වසර 2500 ක් ගතවුනත් තවමත් “පට්ට කඳ” යන චිත්තරූපය සිරිලංකා පිරිමියා තුල හොල්මන්කරන බව අපට පෙනියයි. සංදේශ කාව්‍යයන් වල ස්ත්‍රින්ගේ පුලුල් උකුල වර්ණනා කලේම එවන් ගැහැනු අහේනියක් තිබුන නිසා බව මා අවබෝධ කරගත්තේ සිරිලංකාවේ ගම්දනව් වල සිටි බහුලව දකින්නට සිටි පොත්ත වේලුන කෘෂ ගැහැනුන් ගැන Colonial අධිරාජ්‍යයන් ලියු දිනපොත් ඇසුරින්ය. අද Post colonial සිරිලාංකික පිරිමියා තුල ඇති BBW fantasy එකේ මුලය එන්නේ ආහාරපාන හිගවු එහි හිගන අතීතයක් තුලින්ය.
කෘෂ ගැහැනුන් හිගන ගැහැනුන් ලෙස සැලකුණු බව කෝලම් නාටක සම්ප්රදාය තුලින්ද අපට දැකගත හැක. මාර කදක් ඇති ගැහැනිය හිඟන නොවන ගැහැනියක් ලෙස කෝලම් නාටක තුල නිරැපිතය. මෙය පැවති ආර්ථීකයට අපගේ මනස දුන් ප්රතිචාරයක්වේ. මෙය Taxonomy එකක් වේ. කේට්ටු ශරිරය සහ පට්ට කද යනුවෙන් ස්ත්‍රි ශරිර වර්ගිකරණය කිරිම Taxonomy එකක් වේ. තවමත් ගැහැනියගේ පට්ට කදට සිරිලංකා පිරිමියා රහසේ කැදරකම් කරන්නේ එදා අතිතයේ තිබු හිගනකමේ දෝංකාරය නිසා වන බව මම ඔබට පවසමි. මේ post එක කියවන අතරම කෙට්ටු ශරිරය සහ “පට්ට කද” යනු personal choice කියා ඔබ තනිවම තර්ක කරයිනම් personal choice කියා දෙයක් මෙලොව නොමැති බව මෙහිදි මා ඔබට මතක්කර දිය යුතුය.
Aristotle මෙන් “පට්ට කද” “කෙට්ටු ගැනි” වශයෙන් සිරිලංකා පිරිමියාද Taxonomy සිදුකල අතර ඊට අමතරව සිතුම් පැතුම් අනුව පුද්ගල Taxonomy කිරිමද සිරිලංකාවේ පිරිමින් සිදුකලහ. එකම හිගන පිරිමි රැලක් ජාතිකවාදින් සහ විජාතික NGO වාදින් ලෙස බෙදිමේ ජාතිකචින්තන fantasy එක නලිං ද සිල්වාට සහ සෙසු දුපත්වාසි පිරිමින් හට පහලවන්නේද සුමනා ගෝමස් fantasy එක පහලවු තැනින්ම බව වටහා ගැනිමට ඔබ විනාඩි 10 ක් කල්පනා කිරිම ප්‍රමාණවත්වේ. සැම දේම දිගින් දිගට ලියා පැහැදිලි කලයුතු නැතැයි සිතමි.
එකම රටක මිනසුන්ව ජාතිකවාදින් සහ යුදෙව් ක්‍රිස්තියානි xxxx ලෙස Taxonomy කිරිමේ fantasy එක තුල මෙන්ම එකම රටක සිටින ගැහැනුන්ව පට්ට කද සහ කෙට්ටු ගැනු ලෙස taxonomy කිරිමේ fantasy එක තුලද phantasmic enjoyment එකක් ඇත. එනම් Taxonomy ක්‍රියාව සිදුවන්නේම phantasmic කලාපයක් තුලය. Taxonomy යනු පිරිමියා ඔහුගේ කාලකන්නි කම නැතිකරගැනිමට යොදාගන්නා ආතල් එකක්වේ. එය phantasmatic enjoyment එකක්වේ. clinical bed එක මත හෝ PET scan යන්ත්‍රය තුල ඔල්කොට් බෟද්ධයා හෝ ක්‍රිස්තියානි NGO කාරයා වන Taxonomy එක දියවි යනවා මෙන්ම clinical bed එක මත හෝ PET scan යන්ත්‍රය තුල පට්ට කද හෝ කෙට්ටු ගැහැනිය යන Taxonomy එකද නැතිවි යයි. Homo sapiens sapiens යන Taxonomy එකද නැතිවි යන අතර ඇඳ මත හෝ PET scan යන්ත්‍රය තුල ඉතුරැ වන්නේ physiological condition එකක් පමණය. මෙනයින් Taxonomy සිදුවන්නේ phantasmatic කලාලයක තුල අප අවබෝධ කරගත යුතුය.
සිරිලංකාවේ බහුතර කලිසම් අදින පිරිමින් හට මේ විෂය කලාපව පිලිබදව ඇබිත්තක් හෝ basic literature ටිකක් තවමත් ලැබි නොමැත්තේ සිරිලංකාව තුල Taxonomy සිදුවන වේගය තවමත් බරකරත්තේ වේගයෙන් සිදුවන බැවින්ය. පුද්ගලයා සහ පුද්ගල මනෝභාවයන් ආර්ථික ශරිරයට අනුකුලව විචලනය විම පිලබදව ඇමෙරිකාවේ Duke university එක එලිදක්වා ඇති තොරතුර අපව මවිත කරවන සුලුය. Arm chair to Wheel chair වැනි නිබන්ධන සිරිලංකාවේ තඩි ගංකබරයෙකු වු මාගේ කලිසම ඔලුවෙන් ගලවා දැමුවේ 2011 වසරේදිය. මේ Taxonomy phantasmic ආතල් ගැන්ම සිරිලංකාව වැනි රටක ඇකඩමියාවේ සිටින තක්කඩි ගංකබරයින් සිදුකලත් එවැනි කුප්ප ගොං ආතල් ගැනිම අද වනවිට ලොව ඇකඩමියාව විසින් නවතාදමා ඇත. Aristotle ගේ Taxonomy තවදුරටත් වලංගු නැත. Subject එක (පුද්ගලයා ) Arm chair to Wheel chair යන ගමන තුල පුද්ගල මනෝභාවයේ සිදුවන වෙනස්කම් පිලබද සොයාබැලිමට මම ඔබටද ඇරයුම් කරමි.
Taxonomy එක phantasmic කලාපයක් තුල සිදුවන අතර එම phantasmic කලාපය ගොඩනගන්නේ පුද්ගලයා වටා ඇති ආර්ථිකයයි. නලිං ද සිල්වා මෙන්ම සුමනා ගෝමස් සිරිලංකා පිරිමියා තුල symbols බවට පත්වන්නේ පවතින ආර්ථිකේ ස්වරූපය නිසයි. සිරිලංකා පිරිමින් හට කෙට්ටු ස්ත්‍රි ශරිර sexy විමට අනවශ්‍යය තරම් බොහෝකාලයක් ගතවිය. තවමත් ඉන් හරියට මිදිය නොහැක. සිරිලංකා පිරිමියාට නලිං දසිල්වා වැනි phantasmic ගුස්ති කාරයන්ගෙන් මිදිමට අනවශ්‍යය තරම් බොහෝ කාලයක් ගතවිය. තවමත් හරියට ඉන් මිදිය නොහැක. මෙයට ආසන්නම හේතුව සුලුධනේශ්වර ආර්ථීකයෙන් පිරිමියාගේ ශරිරයට එල්ලවන පිඩාකාරි තත්වයක් වේ. පිඩාව වැඩි වන තරමට phantasmatic ලෝකයේ ප්‍රමාණයද විශාලවේ.
ආර්ථිකයට පුලුවන් වුවත් සාහිත්‍යයට වැටකඩොලු තහංචි දැමිමට සාහිත්‍යය ගලනය සිදුවිම ආර්ථිකයට නැවත්විය නොහැක. අගු පැලේ සිටියත් පිරිමියෙකු හට අවැසි basic literature ටික ලබාගැනිමට සැම පිරිමියෙකුම සිහිතබා ගතයුතුය. ආර්ථික ගින්නක නසාරානි බල්ලෙකු සේ පිච්චි පිචිචි නොසිටිමේ එකම මග basic literature වේ. ගංකබරකම නැතිකරගත් විට ඔබ පිච්චෙන්නේ නැත. ඔබ අනෙකාව පුච්චන්නේද නැත. එවිට සමාජය කොටවා ගිනි අවුලන්නේ නැත.
” මොකක්ද බං ටිල්වියා ABBA show බලන්න යාමේ හොද ? ” කියා එකෙකු මගෙන් විමසුවේය. ඇයි ටිල්වින් ඇබාසිඤ්ඤොලාගේ ටිල්වින් වුනානම්ද හොද කියා මම විමසුවෙමි. ටිල්වින් ABBA show බලන්න යන එක විතරක් නෙමෙයි Nalin Hewage කියපු Friday night movie fever ඉතාම හොද දේශපාලනික පුර්වාදර්ශයන් බවද මම ඔහුට පැවසුයෙමි.
ABBA ලාගේ Cassandra ගීතයේ ගායනා කරන්නේ Homer ගේ Iliad කාව්‍යයේ සිටි Cassandra ගැනයි කියා මා පවසන තෙක් සිරිලංකාවේ බොහෝ පිරිමින් එය නොදැන සිටිම පිලිබදව මම අදටත් කල්පනා කරමි. එහෙම කොහොමද වුනේ කියා මම අදත් විටින් විට කල්පනා කරමි. කලිසම් ඇදගෙන IMF ගැන දෙඩෙව්වත් මේ ඇබාසිඤ්ඤොලාගේ ලමයි කියා මම හිතහදා ගනිමි. එහෙත් දේශපාලනයේදි ටිල්වින් සිල්වාට ඇබාසිඤ්ඤොලාගේ ටිල්වින් සිල්වා විය නොහැක. එනිසා ටිල්වින් සිල්වා මතු දවසකදි ස්විඩනයේ ඇති ABBA museum එක නැරඹීමට යා යුතුය.
එවිට සිරිලංකාවේ පෝසත් දුප්පත් කාටත් යාහැකි public art gallery එකක් ජනතාව වෙනුවෙන් සාදාදිමට ටිල්වින් හට සිත් පහලවනු ඇත. එවිට Deep Sate කරනා ගැන ගොං කතා සමාජයෙන් තුරන්වි මිනිසුන් හට සමාජශීලිව කතාබහට සුදුසු සිත් ලොල්ල වඩන වඩා චිත්තාකර්ශනීය මාතෘකා ලැබෙනු පහලවනු ඇත.
Public art gallery එකෙන් පිටවන මිනිසෙකුට නිහඩව ගමන්කල නොහැක.
Jana Charmin.(Milan, Italy)
( ඉහත ලිපිය ජනා චාමින් ගේ face book පිටුව තුලින් ඔහුගේ අවසරය පරිදි උපුටා ගන්නා ලද බවත්, Lanka Power News වෙබ් අඩවියේ එකඟතාවන් ට අනුකූලව එහි සඳහන්වූ නම් ඒ අයුරින්ම පලකිරීමට නොහැකිවූ බවද කරුණාවෙන් දැනුම් දීමට කැමැත්තෙමි-කතෘ)
.
The above image source_https://www.facebook.com/photo/?fbid=1185098986307698&set=a.294485745369031&cft[0]=AZUPKmhjJ_B5-RfIh3R_B7pSsyTeAObIlAdU8tUNk0sV1RSeOoAFe9IVMCR0Mgn-i6LhPrrfZDsVS_J6yBBKB-zz9yYdRdlPFLyZw89MqxTUeJ6TQUkV7nhnBmZnEX_YDoyB6U0lx2r09FmegGnr6Cu7SDAlpJn8J2VQ4U9j0RgicA&tn=EH-R