මාළීමාවේ භ්‍රමණ දිශාව කොයිබටද..?

“ට්‍රීන්….. ට්‍රීන්…. ට්‍රීන්…”
” හලෝ ….කතාකරනවා”
” හලෝ …මේ ජයරත්න මහත්මයාද?”
” ඔව්, ඔව්, ජයරත්න තමයි, කව්ද මේ”
” මම සිරිපාල”
“අපෙ අම්මෝ, සිරිපාල මහත්තයා…සෑහෙන කාලෙකින්, කටහඬ අදුරගන්නත්, බැරිවුණා.”
“ජයරත්න මහත්තයා කොහොමද ප්‍රතිපලේ”
“හොඳයි, හොඳයි, රටම මලිමාවට … ජයවේවා”
“ජයරත්න මහත්තයා, මමත් මේ පාර බැහැලම වැඩ කළා. මටනම් හොඳටම සන්තෝෂයි. හැබැයි මේ ප්‍රතිපල වල අඳුරු පැත්තකුත් තියනවා. ඔයාට ඒක හොඳට තේරෙනවා ඇති”
” ඔව් ඔව්, පැරදිලා විසිවෙලා හිටපු කට්ටිය විතරක් නෙමේ මුළු විපක්ෂෙම උඩට ආව. ඒක භයානකයි”
“අන්න හරි ජයරත්න මහත්තයා, හැබැයි ඉතිං ඒකටත් වැරැද්ද තියෙන්නේ මෙයාලගෙ අතේම තමා, කරනවා කරනවා කීවාට තව කරපු දේකුත් නැහැනෙව. ඔය කාට කාටත් වඩා අපි දෙන්නාට ඕක හොඳටෝම තේරෙනවා නෙ”
” මට නම් කවදාවත් අපේ දේශපාලන කථාව අමතක වෙන්නේ නෑ, සිරිපාල මහත්තය, ඇමතිතුමා මැද අපි දෙන්න දෙපැත්තේ”
” සම්බන්ධීකරණලේකම් මම, එතකොට පුද්ගලික ලේකම් ජයරත්න මහත්තයා, ඇමැතිතුමාගේ හොඳම ගෝලය දෙන්නා “
” අනේ ඇත්තට, ඇමතිතුමා නැතිවෙලා අවුරුදු පහළොවකට වැඩි වුණත් ඒ මතකය සදාකාලිකයි”
” ජයරත්න මහත්තයා අපි පස්සේ හමුවෙලා කථා කරමු. මම මේ මාලිමාව ට වැඩ කරපු ගමේ කොල්ලො හම්බුවෙන්න යන ගමන්, එහෙනම් තියනනම්”
“හොඳයි, සුභ ගමන්”
ඊයේ රාත්‍රිය පුරාවටම ඡන්දය ඇසීම නිසා නිදි මැරූ ජයරත්න මහතා ඉස්තොප්පු වේ හාන්සි පුටුවේ හාන්සි වීමත් සමගම නිදි දෙව්දුව වැළඳගත්තේය.
ආරක්ෂක නිලධාරි යා ශබ්දනගා කථාකරන්නේය.
“නොම්මර එක”

නොම්මර එක පොඩ්ඩක් ඉන්න. කළු මල්ලි එන්න “
“අනේ ඇමති තුමා, පාන්දර තුනට පොලිසියෙන් පැන්නා.බැරල් හතලියක් අරන් ගියා. මං ඉවරයි.”
“එහෙම කොහොමද,සිරිපාල, ඕ. අයි. සී. ගන්න”
“හොදම යි ඇමැතිතුමා”
“ඕ. අයි.සී. ඔය කළු මල්ලි මගේ මිනිහෙක් . මිනිහට බෝතලයක් දෙකක් දැම්මට කමක් නැහැ හරි,මිනිහත් ජීවත් වෙන්න එපායැ”
“අනේ ඇමතිතුමා ඔබතුමාට…”
“කල්ල උබ පලයන් පොලිසියට, ප්‍රශ්නයක් වුණොත්මට
කථා කරපං,”
“නොම්මර එක”

අනේ ඇමති තුමාමන් මේ පුතා එක්ක දැන් අවුරුදු තුනකටත් වැඩිය ඔබතුමාව හමුවෙන්න ආවා. හරියටම කීවොත් හතලිස් පස් වතාවක් ආවා. ඔබතුමා දන්නවනේ අපේ මනුස්සයා ගැන. එයත් නැතිවුනේ ඇමතිතුමාට වැඩ කරන්න ගිහින්.”
“මම නොදන්න වයෙ,හොදට දන්නවා. ඒකනේ මේ බලන් ඉන්නේ. කෝ තවම හොඳ රස්සාවක් නෑ නේ, මේ ළමයට දෙන්න.”

දැන්නම් බලා ඉදලා හොඳටෝම ඇතිවෙලා. අනේ ඇමතිතුමා මොකක්හරි රස්සවකට දාල දෙන්න”
“මේකනෙ අක්කේ මේ ළමයාගේ උපාධියේ හැටියට ලොකු රස්සාවකට දාන්නයි මගේ අදහස. ඒකයි පරක්කුව.අක්කලාට හදිස්සි මනම් ලණු වැඩපොලට මම දාල දෙන්නම්.”
“අපෝයි ඇමති තුමා ඒ මොකක්ද කිව්වේ”
“සිරිපාල මේ ළමයාගේ පයිල් එකේ උඩින්ම ලියන්න ගුණපාල අයියාගේ ළමයා කියාල. රතු පාටින් හරිද,”

නොම්මර දෙක”
“අනේ ඇමතිතුමා, මම අවුරුදු තුනක් තිස්සේ එනවා. තවම මේ ළමයාව මහා විද්‍යාලයට දාගන්න බැරිවුණා. හය වසරට දාගන්න ආවේ. දැන් ළමයා නවය වසරේ”
“කොච්චර දෙයක්ද, බොහොම හොඳයි මටත් ඕනේ උගන්වනන

.”
“එතකොට මේ ළමයා දාල දෙන්නේ නැද්ද ඇමැතිතුමා”
“කව්ද එහෙමකිව්වේ, මේ ප්‍රමුකතා ලිස්ට් තියනවනේ.”
“මොනාද ඇමැතිතුමා ප්‍රමුකතා. අපි නැද්ද ඒවට”
“මේ ක්‍රියාන්විතයේ හිටපු අයට ,ප්‍රමුකතාවයනේ “
“සිරිපාල මහත්තය කිව්වේ ඒක ඉවරයි කියලා.”
“ඊලඟට මේ දොස්තරළගේ ළිස්ට් එක.දොස්තරලගේ ළමයි ටිකට ස්කෝල දෙන්නම වෙනවා.”
“එකත් ඉවරයි කියලා සිරිපාල මහත්තයා කිව්වානේ”
“රාජ්‍යසේවක ලැයිස්තුව එකත් ඉවර වෙන්න එපායැ,”
“සිරිපාල මහත්තයා කිව්වානේ දැන්තියෙන්නේ අපේ ළමයි දාන එකකියල.”
“අගමැතිතුමාගේ ලීස්ට් එකක් ඇවිත් තියනවා. ඒක ඉවරවෙනකම් ඉන්නමවෙනවා,”
“නොම්මර තුන”

ඔය ලයනල්ට එන්න කියන්න සිරිපාල”
“ඇමතිතුමා පලා බබාගේ ටීම් එකක් ඇවිත් අපේ පෝස්ටර උඩින් උන්ගේ පොස්ටර ගහලා මටත් ගහලා ගියා.”
“මතකතියාගනින් ලයියා මේකේ රජා මමයි දෙන්නෙක් බෑ,කියපන් උබට කීදෙනෙක් ඕනැද කියපන් මට, සිරිපාල ලයියට දහ දෙනෙක් දෙන්න දැන්ම දැන්ම.”
“ඇමැතිතුමා, දහයක් දැන්නම් නැහැ”
“ඇයි නැහැ, කියන්නේ මම මගේම වැඩ වලට සංස්ථා තුනකින් මිනිස්සු විසිපහක් නිදහස් කරගෙන තියනවා.කෝ ඒ මිනිස්සු”
“කොටසක් ලොකු මැඩම් එක්ක ගියා.කොටසක් පොඩි මැඩම් එක්ක ගියා.බේබි එක්ක තව කොටසක්…..”
“,සිරිපාල මෙතනයි අවශ්‍යය උන්ට වහාම අත්සන් ලේඛනයක් දමන්න. මේවට වගකියන්නේ මමයි.”
“නොම්බර තුන “
” අනේ ඇමැතිතුමා ,මගේ වැඩේ තවම හරිගියේ නෑනේ”
“කෝ වේකන්සි නෑ නෙ, ඉවසන්න වෙනවා.”
“,අනේ ඇමති තුමා දැන් අවුරුදු පහක් ඉවසුවා.ඔබතුමා දන්නවනේ මම බී එස් සී උපාධි කාරයෙක් කියලා.”
” මොකද මන් නොදන්නේ”
“දැන් මම එම් එස් සී එකත් කලා.”
“කොච්චර දෙයක්ද,”
,”තවම මම පියන්”
“ඒකට මක්වෙනවද, ඔය ළමයා දන්නවද මම අවුරුදු දොළහක් නගර සභාවේ කුණු ඇද්දා, මම ඉවසුවා ,නැත්නම් කොහොමද මම ඇමති කෙනෙක් වෙන්නේ,දෙයියෝ දෙන්නේ ඉවසන කෙනාට”
“මම එක්ක ගිය අය දැන් උසස්වීම් හදාගෙන.මම විතරයි තවම ගිය තැනම”
“සන්තෝස වෙන්න වැරදිවිදියට තනතුරු වලට ගියේ නැති එක ගැන. පොඩ්ඩක් තව ඉවසන්නකෝ”
“නොම්බර හතර”
“සිරිපාල”
“ඇමති තුමා”
“මෙතන ගහන්න කාටත් පේන්න දැන්වීම් දෙකක්, එකක් ඉවසනධනා අර ජයකොඩියයි කියන එක , අනෙක අද නෙමේ හෙට කියල.”
“දැන් ගහනවා ඇමති තුමා.”
“නොම්මර හතර එන්න”
“මේ සිරිසෝම අයිය නේ, මොකද අනේ මේ පැත්තෙ එන්න හිතුනේ හා හා තව ඉන්නවා කට්ටිය”
“ඇමැතිතුමා ඉවසලා ඉවසලා බැරිම තැන තමයි අපි මේ ආවේ”
“තව ඉවසන්න වෙනවා මට තව කාලය දෙන්නකෝ . ඔයාලට වැඩිය මට ඔය පාරට තාර දමාගන්න ඕනෑ,මගේ ගම වගේම මම ඔය ගමටත් සලකනාවා”
“මේක ඇමතිතුමාගේ පොරොන්දුවක්,ඔබතුමා කිව්වේ ආපුගමන් මේක තමයි ප්‍රථම කාර්යය කියලා”
“ඔව් මම එහෙම තමයි කිව්වේ, අදත් මම කියන්නේ එහෙම තමා,”
“එහෙනන් ඇයි මේක කෙරෙන්නේ නැත්තේ”
“සිරිසෝම අයියේ මම තුන් සැරයක් ඕකට සල්ලි පාස් කළා. මම මේ ඔයාට හින්දම කියන්නේ. ඒ ඔක්කොම අර පලාබබා අරගෙන”
“හරි වැඩක්නේ, ඇමති තුමා එයා කොහොමද ඇමති තුමාටත් උඩින් ඉන්නේ”
“නෑ නෑ උඩින් මම, උඩින් මම, මිනිහා කේලාම් කාරයානේ, අගමැතිට කේලාම් කියනවා.,”
“එතකොට අපේ වැඩේ කෙරෙන්නේ නැද්ද”
“ඒක කෙරෙනවා,ඉවසන්න ඉවසන්න, මට තව කාලය ඕනෑ “
“දැන්,අවුරුදු කීයක් ඉවසූ වද ඇමැතිතුමා”
“හරි හරි තව ටිකක් ඉවසමුකෝ, සිරිපාල, මේ සිරි අයියාගේ ලිපිය ෆයිල් කරන්න.රතු පාටින් ලියන්න සිරිසෝම අයියා කියලා රතු පාටින් හරිද”.
“නොම්බර පහ”
“ඇමතිතුමා ඇමති තුමා , රේඩියෝ චැනල් එකකින් ඇවිත්, වේලාවක් ඉල්ලනවා ඇමති තුමත් සමග ………..
“හා, හා, වේලාවක් දෙන්න බෑ , හවස මළගෙවල් දෙකක් තියෙනවා ආසනේ අල්ලපු ආසනේ තව විවෘත කිරීමක්, දැන් ගම්මු ඔය රේඩියෝ සාකච්චාව ,”
“හරි ඇමති තුමා, සියල්ල සූදානම්.”
“ඇමතිතුමණි, ඔබතුමා පදුගියදිනක විශ්ව විද්දාල ශිෂ්‍ය යෙකුට ,පහර දීමක් කලා.පසුව ඔහු රෝහල් ගතකළා.ඔබතුමා පොල්ලකින් පහර දෙන වීඩියෝවක් දැන් අපළග තියනවා.මේ ගැන ඔබතුමා මොකද කියන්නේ”
“එතන ලොකු ගැටුමක් යන්න ගියේ.මම ගියේ ඒක බේරන්න.ළමයි මරා ගන්නවා බලා ඉන්න මට පුලුවන්ද.මගේ හදවත උහුලන්න බැරිවුණා”
“ඔබතුමා පොල්ලකින් ළමයින්ට හොඳටම ගසනවා වීඩියෝ තියනවා.”
“ගුරුවරු ළග වේවැල,තියෙන්නේ ඒ වගේ තමයි.”
“ඔබතුමා එතෙන්ට යන්නේ මැරයෝ පිරිසක් එක්ක. විශ්ව විද්‍යාලයකට එහෙම යන්න තහනම් නේද”
“කිසිම තහනමක් නැහැ. දෙමව්පියන්ට යාමට පුළුවන්”
“දෙමව්පියන්ට පුලුවන්, ගියේ මැරයෝ”
“ළමයි බලන්න දෙමව්පියන් ගියේ”
“දෙමවුපියන් බයිසිකල් දම්වැල් අරන් ගියේ ඇයි”
“ඒඅය අතේ, කඩු, කිණිසි, බෝම්බ, තිබුණද, ඒ වානේ මැරයෝ අතේ තියෙන්නේ, දුප්පත් මිනිස්සුනේ බයිසිකල්වල ඇවිත් තියෙන්නේ.”
“මරදානේ ප්‍රසිද්ද මැරයෝ කීපදෙනෙක් එතැන සිටියා”
“මැරයෝ කියලා ජාතියක් නෑ. අපි ඔක්කෝම සමාන මිනිස්සු. මට බේද නැහැ. කවුරුත් මට සමානයි”
“ඇමති තුමා, ඔබලා බලය ලබාගත්තේ ජනතාවට විෂාල පොරොන්දු රාශියක් ලබාදීලා. ආන්ඩුවට වසර තුනකටත් වඩා ගියා. තවම ඔබලාට එක පොරොන්දුවක්වත් ඉටු කරන්න බැරිවුණා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ.
” ජනතාවට දුන් සියලුම පොරොන්දු අපි ඉටුකරනවා.”
“ඔබලා කිව්වේ පැය විසිහතරෙන් පොරොන්දු ඉටු කරනවා කියලා”
“ඔව්, අපි එහෙම තමයි කිව්වේ අපි එහෙමතමයි කරන්නෙත්”
“දැන් පැය විසිහතරක් නෙමේ වසර තුන හමාරක් ගිහින්,”
“ඔව් පැය විසි හතරෙන් හරි, අපි කඩකළ දෙයක් කියන්න බලන්න.”
“එකක් නෙමේ ඔක්කොම කඩකරලා.,”

“එකක් කියන්න”
“බඩු මිල අඩුකරනවා කිව්වා. දැන් එදාට වඩා දසගුණයක් මිල ඉහළ ගිහින්”
“ඕකටම කොමිෂන් දහයක්දමලා තියනවා”.
“ඉතින් වැඩ ක් වෙලා නැහැනේ, අඩුකලේ නැහැනෙ.”
“අපි කරන්න ඕනෙ දේපැය විසිහතරකටත් අඩු කාලයක් තුළ කරලා. මේ නිලධාරින්ගේ පරක්කුවනේ”
“ඇමතිතුමා දහවෙනි කොමිෂමටත් බැරිවුනොත්”
“එකොළහට යන්නවෙනව”
“එතකොට අවසානයක් නැද්ද”
“තියනවා, අවසානයේදී විසදුම, වැදගත්ම දේ ඉවසීම, අනෙක කාලය”
“එච්චර කාලයක්, කොහොමද ඉවසන්නේ”,
“කරන්නම වෙනවා,අපි උත්සාහය අත්හරින්නේ නැහැ. විදුලි බල්බය සොයාගත්තේ කවුද, මට නම මතක නැහැ එතකොට රයිට් සහෝදරයෝ කොච්චර නම් ඉවසුවද. ඉවසීම තමයි එකම විසදුම”
“ඇමතිතුමා බොහෝම ස්තුතියි, අපට කාලය දුන්නාට”
“ඒක, ඉතින් මගේ යුතුකමනේ සිරිපාල”
“ඇමතිතුමා”
“මේ මහත්තුරුන්ට, හොදට සලකන්න”
“ලෑස්තියි ඇමැතිතුමා, ඒවා හරි, ඇමතිතුමා රහසක් තියනවා කියන්න”
“මේන් කන ,හා හා කියන්න”
“ඔබතුමා,ඔක්කොම දුන්නේ හයේ පාරවල් , ඔහෝම යන් අගමැති කම ෂුවර්”
“සිරිපාල. සිරිපාල,, ඔව්. ඔව්”
“ඇමති..තුමා. … ඇ මති.. තුමා”

“මොකද ජයරත්න මොකද”
” අර පෙළපාළියක්, ජේ වී පී එකේ පෙළපාළියක්, ගේට්ටුව ළඟ, මොකද කරන්නේ”
” මොකද කරන්නේ, මම කියනදේ කරපල්ලා, මේ ආසනේ සිංහයා මමයි, වෙඩි තියපල්ලා, වෙඩි තියාපල්ල”
” පලයව්. ….පලයව්…පලයව්”
“බුදු අම්මෝ ඇමතිතුමා, අපෝයි අපේ ඇමති තුමා”
“මොකද ඔයාට වෙලා තියෙන්නේ, මොකද ඔයා බෙරිහන් දෙන්නේ, “
” අනේ මැණිකේ මට හීනයක් පෙනුනා”
“මොකක්ද මේ දවල් හීනය,”
“ඇමැතිතුමා හීනෙන් දැක්කා”

ඇමැතිතුමා මැරිලා අවුරුදු කීයක් ගියාද ,දවල් හීනෙනුත් ඇමතිතුමා තමයි පේන්නේ,”
“ඇත්ත බොරු කිව්වත්, හොර කම් කළත්, මැරකම් කළත්, මිනිස්සුන්ට මොකක්දෝ ලෙන්ගතුකමක් තිබ්බා “
” අන්න ඒක තමා මහත්තයා, වෙනස ඕනෑම වේලාවක ඕනෑම දේකට ඇහුම්කන් දෙන මනුස්ස යෙක්, දැන් ඒක හොඳට තේරෙනවා නේද”
” තේරෙනවා, තේරෙනවා, වෙනස කාටත් වඩා අපිටයි තේරෙන්නේ. දවල් රෑ කියලා නෑ, ඕනෑම වේලාවක මිනිස්සුන්ට ඇමැතිතුමාගේ ගෙදර විවෘතයි.”
ඒ විතරක්ද, මළගෙයක් උනත් එතන, පාක්ෂීකයෙකුට මොන කරදරේ උනත් බලනවනේ…
“මහත්තයා ඔයාලට තමයි වෙනස හොදට තේරෙන්නේ”
” මිනිස්සුන්ට ආදරය නොකරන, අනුකම්පාව නොදක්වන, හදිස්සියකටත් කතාකරන්න බැරි, ඒ විතරක් නෙමේ තමන් එක්ක එකට බත්බත කාපු, එකට හිරේ හිටපු මිනිස්සු වත් අදුරන්නේ නැති, මේ උද්දච්ච මන්ත්‍රිලා ඇමති වරු එක්ක ජනතාව
එක්වෙයි ද,”
” ඔව් ඉතිං, කයිය ගගහා ඉඳලා විතරක් දිනන්න පුලුවන් විපක්ෂයේ ඉන්නවනම් විතරනෙ, මෙයාලට තවම හිතෙනවා ඇත්තේ එයාල ඉන්නේ විපක්ෂයේ ඉන්නවා කියලා වෙන්ටැ”.

ගාමිණී ජයසූරිය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *