එජාප සහ සජබෙ සාකච්චා..!

එ.ජා.ප.ය සහ ස.ජ.බ සාකච්ජා; රැල්ළ වෙරළ සිඹින මුත්, නවතින්නේ නැත.

image sources_https://lankasara.com/news/opposition-leader-sajith-premadasa-denies-alliance-with-the-president/

ඩී.එස්.ගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා එන එ.ජා.පයේ නායකත්ව ධූරාවලිය තුළ රණසිංහ ප්‍රේමදාස හැරැනු කොට අන් සියල්ලන්ම සිය “සමජාතීය” බව ප්‍රකට කරනවා. ඔවුන් කොළඹ වුවත් ගම්පහ හෝ නුවර වුවත් ඔවුන්ගේ පංතිය අයත් වන්නේ ඉහල  පංතිය වෙතට වන විට මේ නායකයන්ගේ පාසැල්, පවුල් ඥාතීත්වයන්, දේපල පිළිබද හිමිකම් ආදියද මේ සමජාතීය කුලකයටම අයත් වෙනවා. රණසිංහ ප්‍රේමදාස බලයට පත්වීම පිළිබද අදහස විවාද සම්පන්න වෙන්නට හේතු ගණනාවක් තිබෙනවා. නමුත් මේ පිළිබදව පංතිමය ආකාරයේ විග්‍රහයකට ගියහොත් එක් අතෙකින් උතුරේ ගැටලුවත්, ඉන්දියානු මැදිහත් වීමත්, දකුනේ ජ.වි.පෙ.කැරැල්ලත් යන උභතෝකෝටිකයට ඉහල පංතිය මුහුණ දෙනවා. තමන්ගේම බලය පිළිබද  අදහසේ ව්‍යතිරේකයක් ලෙස උඩුදුවා තිබූ මේ ගැටලු සදහා ඔවුන් ප්‍රේමදාසව ආදේශ කරනවා විතරක් නෙමෙයි ප්‍රේමදාස තමන්ගේ අත්වල තවරා ගන්නා ලේ සහිතවම ආමර් වීදියේදී මියයනවා. ඉහල පංතිය සිය දෑත් පිරිසිදු කරගන්නේ ප්‍රේමදාසගේ මැදිහත් වීම හරහා වන විට එ.ජා.පය නැවත රනිල් වික්‍රමසිංහ වෙත නායකත්වය පිරිනමනවා.

සජිත් ප්‍රේමදාස මේ ඉහල පංතියට අයත් නොවනවා සේම ඔහු රණසිංහ ප්‍රේමදාස වන්නේත් නැහැ. රණසිංහ ප්‍රේමදාස තමන්ගේ පංතිය පිළිබද අදහස විකාරයක් බවට පෙරලා ගන්නේ බලය ලබාගත් පසුව වන විට පක්ෂය තුළ තමන්ගේ බලය වර්ධනය කිරීම පිනිස ජේ.ආර්.ගේ සෙවනේ වැඩෙනවා හැරෙන්න හා ඒ තුළ තමන්ගේ කාර්‍ය සාධනය ප්‍රකට කරනවා හැරෙන්න ඔහු ඒ තුළදී සිය සංයමය රැක ගන්නවා. බලය ලබාගත් පසු ලලිත්-ගාමිනී ඇතුලු සිය අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන්ට ප්‍රේමදාස මුහුණ දෙන්නේ සිය බාහිර ප්‍රතිවිරෝධතා වලට මුහුණ දුන් තර්කණයෙන්ම වීම එ.ජා.පයේ බෙදීම් තීව්‍ර කරනවා.

https://scontent.fwlg3-2.fna.fbcdn.net/v/t39.30808-6/468257524_10160743814955186_3610388400643523779_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=0b6b33&_nc_ohc=XRUWBmpM2AMQ7kNvgFKO__q&_nc_zt=23&_nc_ht=scontent.fwlg3-2.fna&_nc_gid=AH3N6z1IfB4yWVnlt2YtmI1&oh=00_AYBGFOT_xRwgtVzqdUR9x7vMCjjigIzECsiXVRp040VRaA&oe=6797A25D

සජිත් ඊට මුහුණ දෙන්නේ හා බලය සදහා සිය ව්‍යාපෘතිය පනගන්වන්නේ රාජ්‍ය බලය නොමැති විපක්ෂය තුළ සිටිමින්ම වීම හරහා වන්නේ පක්ෂය තුළම එහි ප්‍රතිවිරෝධතා පුපුරා යාමත් ඒවා පාලනය කිරීමට අවශ්‍ය වන පරිචය නොමැති වීමත් නිසා නැවත පක්ෂය දෙකඩ වීම වනවා. තවදුරටත් එ.ජා.පය තුළ සිටින සමජාතීය පංතිමය අදහස රනිල් අතින් භෞතීස්ම වන්නේ රුවන් විජේවර්ධන හරහා වන විට එය පක්ෂය තුළ පැල කිරීමේ විභවයක් නැහැ. වෙනත් වචන වලින් කියන්නේනම් එ.ජා.පයේ ඉහල පංතිය තුළ තිබූ පහල පංතීන් සමග ගනුදෙනු කිරීමේ ප්‍රභූ විඥානය මේ යුගයේදී අවසන් වෙනවා. ජ.වි.පෙ. බලය ලබාගන්නේත් මොලමුරේ සිටි කථානායක අසුනේ අශෝක රංවල වාඩිවෙන්නේත් එතනින්. ඩී.එස්.ගේ යුගයේ අවසානය හරියටම ලකුණු වෙන්නේ අනුර කුමාරගේ යුගය ආරම්භ වීමෙන් වනවිට රනිල්, රුවන් විජේවර්ධන වෙනුවෙන් පෙනී සිටීමත් එ.ජා.පයේ අනාගතය සදහා සමජාතීය පංතියේ නියෝජනයක් සෙවීමත් විහිලුවකට වඩා දෙයක් වෙන්නේ නැහැ.

එ.ජා.පයේ සහ ස.ජ.බයේ සාකච්ජා කොළඹ දී පැවැත්වූවාට එහි එකගතාවයන් පිළිබදව උදම් ඇනුවාට නායකත්වය පිළිබද අදහසේදී දෙපසම ඉන්නේ එකිනෙකා කෙරෙහි නොනැමෙන පංතීන් දෙකක නියෝජිතයින් වීම නිසා ඒවා කල්මැරීම් පමණක් වීමට තිබෙන ඉඩකඩ බොහෝ වැඩි වෙනවා. පරාජය බාරගන්නේ කවුද යන වග හරහා ඔවුන්ගේ ඉරණම තීන්දු වීමට නියමිතයි.

“බලය” ඉහල පංතිය වෙත බලපාන්නේ පාරභෞතික තලයේ අදහසක් ලෙසින්. එනම් එය ඔවුන් විසින් විඳින දෙයක් මිස භෞතිකව සමාජය වෙනස් කල හැකි දෙයක් ලෙස භාවිතා වෙන්නේ නැහැ. රණසිංහ ප්‍රේමදාස වෙත 1988 දී බලය හුවමාරු වෙන්නේත් මේ අදහසේ සිටිමින්ම යි. ලාංකීය සමාජයේ බලය පිළිබඳව අදහස ජනතාව වෙත භෞතික මෙවලමක් ලෙස භාවිතා කල නායකයන් දෙදෙනා වන රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම පහල පංතියෙන් පැමිණීම ඒ අනුව අහම්භයක් නොවෙයි. ප්‍රේමදාස දකුනේ නැගිටීමත් රාජපක්ෂ උතුරේ නැගිටීමත් දෙකටම මුහුණ දෙන්නේ ලෙයින් හා යකඩයෙන් වීම අනිවාර්‍යතාවයක්.

මේ පාලන ව්‍යුහයන් දෙක අවසන් වූ පසු දැන් ලංකාව පූර්ණ වශයෙන් පහල පංතියේ පාලන ව්‍යුහයක් මත බලය පවරා තිබෙනවා. මේ යුගයේදී බලය පාරභෞතික කලාපයෙන් භෞතික කලාපයට ගමන් කිරීම අනිවාර්‍යතාවයක්. ඩඩ්ලි සිරිසේන වෙත ලැබෙන අනුරගේ පණිවිඩය ගෝඨාගේ පණිවිඩය නොවන බව තේරැම් ගැනීම වැදගත්. අවශ්‍ය වෙන්නේ විපක්ෂය තුළ එකගතාවයක් සදහා නායකත්ව පෙරහැරවල් සංවිධානය කිරීම නොවෙයි. ඒවා ඇතිවී ඇති තත්වයෙන් කල්මැරීම සදහා වන මැසිවිලි සහිත හීන් කෙදිරි ලෙස මැකී යන පැරණි දේශපාලන ගතිකයන් විනා මිනිසුන් වෙනස් කිරීමේ දේශපාලනය නොවෙයි.

“සමබිම පක්ශය” පළකල ලිපියකිනි

Ruwan Hapuarachchi.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *