|

රනිල් වික්‍රමසිංහ කළේ කුමක්ද? 

image source
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcReRSfHt7YllpFVi5J9OdAmYu-pxQto5LqvNg&s

 

අරගලයේ හිටපු අයට එහෙම එකක් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. රුසියානු විප්ලවය වගේ එකක් ඔළුවේ තියෙන්න ඇති හැබැයි බර්ලින් තාප්පේ බිඳ වැටුනට පස්සේ එවන් අලුත් සමාජයක් හදන්නේ කොහොමද කියන එක ගැන කවුරුවත් අරගලයේ පැත්තෙන් කතා කළේ නැහැ. අදහසක් ආවෙත් නැහැ. 

රැට්ට, මොටිවේෂන් අප්පච්චි වගේ ගොඩක් අය කෑ ගැහුවා විතරයි. එයාල දැනගෙන හිටියේ තිබ්බ පාලනය එළවාගන්න. අපි හැමෝම එහෙමයි. 

අරගලය ගැන විවේචනයක් තිබ්බ – මේ විදියට රාජ්‍ය බලය ගන්න බැහැ කිව්ව – මේක ළදරු අරගලයක් කිව්ව – ගෝඨා එළවපු එක අපරාදේ කිව්ව – මාක්ස් ලෙනින්ගේ ෆොටෝ තවමත් ගහගෙන ඉන්න ජවිපෙ සහ මාලිමාව බලය වෙනත් විදියකට අරගෙන උනත් යන්නේ පරණ පාරේම නිසා ඔවුන්ටත් අලුත් මාවතක් තිබ්බේ නැහැ කියල දැන් තේරෙනවා විතරක් නෙවෙයි රනිල් ගියාටත් වඩා ඉස්සරහට ඔවුන් මේ ක්‍රමය ඇතුලෙම යන්න තීරණය කරලා තියනවා. 

රනිල් වික්‍රමසිංහ මහතා ලංකාව හැරෙව්වෙ කොහාටද?

අපේ ඇස් ඉස්සරහ මේ පෙන්නේ මායාවක් නෙවෙයි නම් ඒ විදියට ගත්තම යන්න තිබිල තියෙන්නේ එකම එක මාවතක් විතරයි. ඒ දකුණට බර ලිබරල් මාවතක්. බලෙන් හෝ කොහොම හෝ රනිල් වික්‍රමසිංහ ලංකාව හැරෙව්වේ ඒ මාවත වෙතට. අනික් හැම දෙයක්ම අපේ ඔළුවට තියන අදහස් විතරයි. 

ආචාර්‍ය මහේෂ් හපුගොඩ.

(පහතින් දක්වා ඇත්තේ ආචාර්‍ය මහේෂ් හපුගොඩ විසින් ” රනිල් කළේ කුමක්ද? යන මාතෘකාව යටතේ ඔහු විසින් කරනලද කථාවේ වීඩියෝ පටයයි.)

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *