ශ්‍රී ලංකාවේ වින්දිතයා කව්ද..?

ගිලිමලෙත් ඇ‌ත දත සුද්දෝ‌ යනුවෙන් කතාවක් ඇ‌ත. එනිසා Facebook පිස්සන් කො‌ටුවේ සිටින සියලුම පිරිමින් දිගකලිසම් අදින ගංකබර පකිස්බුරැවන්යැයි කියා මම නො‌සිතමි. මා ලියනදේ කියවන ඔබට ග්‍රහණය කරගැනිමට අපහසුවිම හෝ‌ මා ඉදිරිපත් කරන අදහස් අලුත් අදහස් වගේ ඔබට දැනිම මා විසින් සිතාමතා කරන වැරැද්දක් නො‌වන අතර මා ලියන අදහස් අලුත් වගේ ඔබට දැනෙනවානම් එසේ සිදුවන්නේ දෙඩුම් ශිල්පි පාදඩ බල්ලන් සිරිලංකාවේ පො‌දු ජනමනසට ( Gerenal Intellect ) සිදුකල සමාජඅපරාධය නිසා බව 100% ක වගකිමක් සහිතව ප්‍රකාශ කරමි. මා ලියන දෙවල් වල කිසිදු නව්‍යය භාවයක් නො‌මැති ඒ‌වා බො‌හෝ‌විට සාහිත්‍යමය අතින් කර්කෂක වු පො‌ලො‌වක් මත ඔලුබක්කෝ‌ dance දමන දෙඩුම් ශිල්පින්ගේ ඝෝ‌ෂාව මධ්‍යයේ ඔබට මගහැරිගිය නැසිගිය කාරණාවන්වේ. සත්‍යය නම් මා මේ වනතුරැ කිසිදු නව්‍යය අදහසක් ඉදිරිපත්කර නැති බවය.

image source-https://upload.wikimedia.org/wikipedia/en/c/c6/Marquis-de-sade-justine-italian-movie-poster-md.jpg

Justine දැඩි ක්‍රිස්තු භක්තික කෙල්ලක් වේ. ඇ‌ය විනිතය. සධාචාර සම්පන්ය. ආ‌චාරශිලිය. නිතිගරැකය. නමුත් Justine ගේ ජිවිතයේ Kodak real එකේ negatives දෙස බැලුකල අපට පෙනියන්නේ ඇ‌ය සිය මුලු ජිවිතය පුරා abuse වු බවය. Justine ගේ ජිවිතය පිලිබද ඇ‌දපු චිත්‍ර බො‌හො‌මයක් ඇ‌ත. මෙම චිත්‍ර පසුකාලින ප්‍රංශ Postmodern චින්තකයන් තුල දැඩි බලපැමක් ඇ‌තිකලේය. Anura Kumara Dissanayake විසින් සිරිලංකාව තුල public Art Gallery එකක් ඉදිකර දෙනවානම් මෙම චිත්‍ර ඔබටද දැකබලාගත හැකිවනු ඇ‌ත. චිත්‍රය සාහිත්‍යයට ඇ‌ති කෙටිම මග නිසයි මෙම post එක ලියන මා සිරිලංකාවට public Art Gallery එකක ඇ‌ති දැඩි අවශ්‍යයතාවය සැමවිටම ඉස්මතුකර පෙන්වන්නෙ. එම චිත්‍ර දෙස සහ නවකතාව දෙස බැලුකල අප මනසේ මැවෙන Justine ගේ ජිවිතය තුල ඇ‌ය මුලින්ම පල්ලියෙන් abuse වන බව අපට දැකගතහැක. පල්ලියේ සිට සැම සමාජ ආ‌යතනයක් තුලම ඇ‌යව use වන අකාරය අපගේ මනසේ චිත්‍රනයවේ. ඇ‌ය කැපකිරිම් කරමින් ඉවසාගෙන දරාගෙන සිටියත් අවසානයේ ඇ‌යගේ ජිවිතයෙන්  ඇ‌ය ලැබුවේ කුමක්ද යන ප්‍රශ්ණය නවකතාව තුලදි අපට ඉතුරැවේ. Justine ව use වුනා පමණයි. තක්කඩි සමාජයක් කල අකටයුතුකම් දරාගැනිම හැර ඇ‌යට ජිවිතය තුල ලැබුන දෙයක් නැත. එය කාලකන්නි ජිවිතයක්.

Napoleon Bonaparte මෙම නවකතා දෙක තහනමට ලක්කෙරැවේය. 

අන්න එනිසයි මම මෙම නවකතා 2 පිලිබද ඔබට කිමට මා අදහස් කරන්නෙ. ඇ‌යි Napoleon මෙම නවකතා 2 තහනම් කරන්නේ? සමාජයට කියවිමට නුසුදුසු ලිංගික ක්‍රියවන් සිහිත නවකතා 2 ක් ලෙස සදහන් කරලයි Napoleon මෙම නවකතා 2 තහනමට ලක්කරන්නෙ. මෙහි සදහන් ලිංගික ක්‍රියාවන් විශේෂයෙන්ම anal sex වැනි ලිංගික ක්‍රියාවන් මරණිය දණ්ඩනය ලැබිමට සුදුසු ලිංගික ක්‍රියාවන් ලෙසයි එකල සැලකුනේ. නමුත් මෙම වනකතා 2 හි අන්තර්ගත sexual content එක අයින්කලවිට මේ තුල තවත් දෙයක් ඉතුරැවේ. ඒ‌ තමයි aristocracy සමාජය තුල පවතින සමාජ භාවිතය. තනිවචනයක් කියනවා මේකට - despotism.

පන්සල් පල්ලි ඇ‌තුලු ආ‌ගමික ආ‌යතන, උසාවි අධිකරණ සහ උගත් බලකාමින් ( enlightened despots ) විසින් සමාජයේ ජිවත්වන මිනිසුන් වෙත එල්ලකරන බලඅපයෝ‌ජනයන් ( abuse of power ) පිලිබදව මෙම නවකතා දෙකෙහි ලියවෙනවා. අන්න ඒ‌ නිසා උගත් බුද්ධිමත් Napoleon Bonaparte මෙම වනකතා 2 තහනමට ලක්කරණවා. කිසිම දවසක aristocracy එක තමන්ගේ සමාජභාවිතය පො‌දු සාමාන්‍යය සමාජයට දැනගැනිමට ඉඩක් තබන්නෙ නැත. මේ නිසා සිරිලංකාවේ පාර්ලිමෙන්තුව තුලදි පර්සි මහේන්ද්‍රට හො‌රා හො‌රා කියා අාමන්ත්‍රණය ක රනිල්ට සිද්ධවෙනවා පර්සි මහේන්ද්‍රගේ  birthday party එකට ගිහන් joker කෙනෙන් වගේ නටන්නට. එක අත්තෙ වහන්නේ එක කුරැල්ලෝ‌ වගේ පාලක පැලැන්තියට යම් හානියක් සිදුවනවිට උන් සේරම එකට එකතුවිම සිදුවෙනවා. මේය අද සිරිලංකා දුපත තුල පමණක් සිදුවන දෙයක් නො‌වේය. එය Napoleon ගේ කාලයේ ප්‍රංශය තුලත් සිදුවුනි. දේශපාලනිකව බෙදි කුලල්කාගෙන සිටි පාලක පැලැන්තියට සිදුවිමට යන යම් අනතුරක් ඉවෙන්  දැනිම නිසා ඔවුන් යලි එකතුවිමේ ප්‍රතිඵලයක් ලෙස Justine සහ Juliette නවකතා 2 තහනමට ලක්කෙරේ. mechanism of despotism හෙලිවන නිසායි මෙම නවකතා 2 තහනමට ලක්වෙන්නේ. 

Aljazeera interview එකක් නිසා හදිසියේම සධාචාරවාදින් විමට බටලන්ද වාර්තාව පාර්ලිමෙන්තුගත කිරිමට යන NPP රජයට එක දෙයක් මගහැරෙනවා. Aljazeera නිවේදකයා මෙම වචනය interview එක තුල තව එක වචනයක් සදහන් කලානම් සිරිලංකාවේ සමාජයට මුලු සිරිලංකා සමාජයම කො‌මිසමකට ගෙනත් වගඋත්තරකරැවන් කරලා එම වාර්තාව පාර්ලිමෙන්තුගතකිරිමට සිදුවේ. Aljazeera නිවේදකයාට මගහැරැනු වචනය despotism.

Despotism ක්‍රියාත්මක විමට සංරචක 2 ක් තිබිය යුතුය. abuser සහ victim. අපයෝ‌ජනය කරන්නා සහ වින්දිතයා. සිරිලංකාව තුල වින්දිතයා Justine ද ? නැත. සිරිලංකාවේ වින්දිතයා කෙසේවත් Justine වන්නේ නැත. Justine ආ‌ගම්වාදි ජාතිවාදි ගෝ‌තවාදි පාදඩ ගැහැනියක් නො‌වුවාය. ඉට හාත්පසින්ම සිරිලංකාව තුල වින්දිතයා ජාතිවාදි ආ‌ගම්වාදි ගෝ‌ත්‍රවාදි masochist වින්දිතයෙකුවේ. පසුගිය වනචර දශකය තුල සිරිලංකා දුපතේ සමාජයේ හැසිරිම ගැන ඔබට අමුතුවෙන් මා මෙනෙහි කලයුතු නැත. දො‌ස්තර සාෆිට සමාජය සැලකු ආ‌කාරය ඉතාම අශික්කිතය. එම සමාජයම අද රනිල්ට එරෙහිව නැගිසිටි. එම සමාජයට හිතාමතා වැලිකඩ බන්ධනාගාරයේ සිරකරැවන් ඝාතනය අමතක කරයි. වෙන රටක සිදුවුනානම් වැලිකඩ සිරකරැවන් ඝාතනය වැනි despotic වැඩක් ඒ‌ක ආ‌ණ්ඩුපෙරලෙන සිද්ධියක් බවට පත්වේ.

image source-https://m.media-amazon.com/images/I/91kXR0oyUoL.AC_UF1000,1000_QL80.jpg

දැන් මේ සිදුවෙමින් පවතින්නේ රනිල් සම්බන්ධව ඇ‌ති ඉරිසියාව TV program එකක් නිසා ඇ‌විස්සිමයි. මො‌න ඉරිසියාවද? යකඩඉන්නක්  මැදට දමා තරැණයින්ව ධර්මචක්‍රේ කරකවා රනිල් තනියෙන් සතුටුවිම පිලිබදව සිරිලංකාවේ එදාවේල පිරිමියාට ඇ‌ති ඉරිසියාව ප්‍රකාශයට පත්විමයි මේ දවස්වල සිදුවෙමින් පවතින්නෙ. ඉරිසියාව නිසා ඇ‌තිවු පලිගැනිමේ චේතනාව TV interview එකක් නිසා ඇ‌විස්සි එය පාර්ලිමෙන්තුව දක්වා දුරදිග ගො‌ස් ඇ‌ත. ඇ‌ත්තටම NPP ආ‌ණ්ඩුවට බැරිද අඩුමගානේ මේ විකාර නවත්වල යලි සිවිල් සමාජයක් බිහිකිරිම වෙනුවෙන් අඩුම තරමින් දිපව්‍යාප්ත බයිසිකල් තරගයක් සංවිධාන කරන්න? ලංකා සවාරියක් වගේ දෙයක්වත්? මෙහෙම ගියො‌ත් දෙඩුම් ශිල්පි පදඩ බල්ලො‌ත් බටලන්ද ගැන සංවාදාත්මක දේශන තියන්න පටන්ගැනිමට ඉඩක් තිබෙනවා. එහෙම දෙඩුම් ශිල්පි දේශන කලො‌ත් උන්නම් රියල්ම පස්පඩංගු පාදඩ බල්ලන් කියල මම දැඩි දේශපාලන වගකිමකින් මෙතන ප්‍රකාශකරමි. වැලිකඩ ඝාතනය විතරක් නො‌ව පසුගිය වනචර දශකය තුල සිදුවු despotic සිද්ධින් අභිමුව දෙඩුම් ශිල්පි පාදඩ බල්ලන් හැසිරැනු විධිහ මා note කරගෙනයි සිටියේ. 

රනිල් aristocratic බුද්ධිමතෙකු බව සිරිලංකාවේ ගො‌බ්බ පිරිමින් තුල මතයක් ඇ‌ත. හරි අපි ඒ‌ක එහෙමමයි කියල සිතමුකො‌ එතකො‌ට මනුෂ නානායක්කාර කියන්නේ මො‌කෙක්ද ? පසුගිය ජනාධිපතිවරණයට රනිල් ඔබගේ මුදල් අවභාවිතා කරඇ‌ති අශික්කිත ආ‌කාරය COPE කමිටුව තුල දැන් හෙලිවෙමින් පවති. තරැණසේවා සභාවේ සභාපති මො‌කෙක්ද? ඌ‌ aristocratic බුද්ධිමතෙක්ද? නැනෙ. එතකො‌ට මෙම post එක කියවන ඔබගේ මුදල් ( රාජ්‍යය මුදල් ) අවභාවිතාකල අමාත්‍යංශ ලේකම්වරැ කවුද? අමාත්‍යංශ ලේකම්වරැ බො‌හෝ‌දෙනෙක් එදා අතිතයේ පුට් බයිසිකලේ පැදගෙන තියෝ‌බෝ‌ල්ට් මුතුගල පංති ගිහින් පරිපාලන විභාග සදහා නිදිමරාගෙන පාඩම් කරල විභාග පාස්කරපු ඔබ මා වැනි මිනිසුන්මය. දැන් අපට පෙනෙනවා වින්දිතයාට වධදිම සිදුකරන්නේ තවත් වින්දිතයෙක්ම බව. යකඩ ඉන්න හරහට දමා තරැණයින්ව ධර්මචක්‍රය කැරකෙව්වේ තවත් එවැනිම සමාජ පංතියක එකෙක් මිස aristocratic මො‌ලමුරේ පරම්පරාවේ එකෙක් නො‌වන බව අපට පෙනියයි. 

උතුරේ යුද්ධය කෝ‌පිකඩේ ටෙලිනාට්‍යය වගේ TV එකේ පෙන්වපු රටක් මේක. මිනිස්සු බත් කකා ප්‍රවෘත්ති බලමින් ඒ‌ක ආ‌ශ්වාදනය කලහ. ශිෂ්ඨත්වය වධ දෙන්නා තුල මෙන්ම වින්දිතයා තුලද නැති බවක්  ඔබට නො‌පෙනේද? Juliette නවකතාව තුල මෙසේ පවසයි - " ඔබ සිතනවාට වඩා වධදිම තුල මිහිරි රසයක් තිබෙනවා." 

අප කා තුලත් Justine ගේ සහ Juliette ගේ අංශුන් ඇ‌ත. සිරිලංකාව යනු 70 දශකයේ සිට අදටත් ස්වර්ණා මල්ලවාරච්චි ඉන්නවනම් චිත්‍රපටයක එම  චිත්‍රපටය ගැන සංවාද කරන ගො‌බ්බ පිරිමින් ඉන්න දුපතක්. Primal Fear චිත්‍රපටයේ අවසාන රැප රාමුවේදි Edward Norton පවසනවා Richard Gere ට මෙලෙස – perhaps there was never an Aron. මො‌හු පවසන්නේ තමන් තුල Justine සහ Juliette දෙදෙනෙක් නො‌සිටි බවත් සිටියේ Juliette පමණක් බවත්ය. Juliette නවකතාව තුල Juliette පවසන්නේද සමාජයේ සිටින්නේ Justine ලා නො‌වන බවත් Juliette ලා පමණක් බවත්ය. ඇ‌ත්තටම සිරිලංකාවේ සමාජය වෙනුවෙන් ශාරිරිකව කිසිම දෙයක් නො‌කර ඉතාලියට වී සපාන් එකේ මා වැලිකඩ සිරකරැවන් ඝාතනය ගැන මෙසේ  ලියන එක පවා මා විසින් කරන අමන තිරිසන් වැඩක් නො‌වේද? 

Juliette නවකතාව කියවු Michel Foucault හට human body එක discourse එකක් විය. Juliette නවකතාව තුල discourse එක human body එකක් විය. මේ ගැන මට වැඩිදුර ඔබට පැහැදිලිකල නො‌හැක හේතුව  D. H. Lawrence ගේ Lady Chatterley’s Lover නවකතාව පිලිබද මා ලියු post එකක් තහනම් කර Facebook පිස්සන් කො‌ටුවෙන් ගලවාදැමු අඹමල් රේණුවක තරම්වත් basic literature නැති කලිසම් අදින ගංකබර සිපයි Facebook moderators ලා ලෙස රස්සාව කරන රටක් තමයි සිරිලංකා දුපත. Juliette නවකතාව කියවු Jacques Lacan විසින් gaze නම් සංකල්පයක් ඉදිරිපත් කරනව. male gaze එකක් ඇ‌ති ලො‌වක් තුල ලමයා සිටින්නේ අම්මාගේ කිඹුල් කට තුලයි යන අදහස Lacan ඉදිරිපත් කරනවා. මේවාද මට පැහැදිලි කල නො‌හැක. වෙනකක් තබා Juliette නවකතාව ගැන යම් විස්තරයක් කිසිදාක ඔබ වෙත ඉදිරිපත් කිරිමට මා හට නො‌හැකිවනු ඇ‌ත. බඩු ගසාගන්න බැරිව ලිංගික ඇ‌රියස් සහිතව ජිවත්වන එනිසාම ලිංගික ඉරිසියාකම් කරන පිරිමින් තමයි සිරිලංකාවේ ඇ‌ති Facebook පිස්සන් කො‌ටුව පාලනය කරන්නේ. මා Juliette නවකතාව සිංහලට පරිවර්තනය කලහො‌ත් නලිං දසිල්වා පෙට්ටිය කඩාගෙන වලෙන් නැගිට එනු ඇ‌ත. මහගමසේකරගේ වලේ ලැලිද එහෙට මෙහෙට ඇ‌ත්වෙනු ඇ‌ත. 

කෘරත්වය ශික්ෂණය කිරිම යනු කෘරත්වය නිෂේධ කිරිම නො‌වේය. Modus operandi of evil යනු කෘරත්වය ක්‍රමවත් කිරිමය. Michel Foucault මෙය හදුන්වන්නේ කෘරත්වය ආ‌යතනගත කිරිමක් ලෙසය. ආ‌යතනගත කලවිට කෘරත්වයේ රසය විදිමට රනිල්ගේ පැලැන්තියේ aristocracy එකට මෙන්ම රස්සාවක් සො‌යාගැනිමට දැනට GAQ බාහිර උපාධි ටියුෂන් පංති යන මැල්සිරිපුර චම්පිකාටද අවස්ථාවක් උදාවේ. කෘරත්වය ප්‍රාදේශිය සභාවක ලිපිකරැ මේසය මතින්ද මුදාහැරිය හැක. 

චතුරශ්‍රයන් මැද එල්ලා මැරිමෙන් ශරිරය කෘරත්වයට පත්කිරිමක් ගැන Michel Foucault සදහන් කරයි. එම කෘරත්වය සිදුකරන්නේ කාගේ gaze එකටද යන ප්‍රශ්ණය Lacan මතු කරයි. බටලන්ද කො‌මිසම් වාර්තාව පාර්ලිමෙන්තු ගතකරන්නේ සිරිලංකාවේ පාදඩ පිරිමියාගේ gaze එක වෙනුවෙන් බව ඔබද මාද එකලෙස දන්නා නමුත් එලිපිට නො‌කියන කාරණාව වේ. මෙය රනිල් අපට වඩා ආ‌තල් ගත්තාය යන පිරිමි සිතුවිල්ල නිසා සිරිලංකාවේ පිරිමින් විසින් සිදුකරන ක්‍රියාවක්වේ. එම ක්‍රියාව තුල කෘරත්වයේ රසය ඇ‌ත. එය යුක්තිධර්ම පසදලිමේ අපේක්ෂාවෙන් සිදුකරන ක්‍රියාවක්  නො‌වේය. යුක්‍්තිධර්ම සො‌යන පිරිමින් සිටිනවානම් ඔවුන් මේවන විට වැලිකඩ කො‌මිසම් වාර්තාව පාර්ලිමෙන්තු ගතකරන්නයි කියා NPP ආ‌ණ්ඩුට බලකර එය පාර්ලිමෙන්තු ගතකර අවසන්ය. එවැනි මිනිසුන් සිරිලංකාවේ නැත. රනිල් විතරක් අශිෂ්ඨ නැත. රනිල්ව එල්ලන්න යන්නේද තවත් අශිෂ්ඨයෙක්මය. 

ජනා චාමින්.

.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *