භාතිය ඇතා සහ දේශපාලණය..!
මෙම ඇත් රජුගේ මරනය පලමු එක හෝ අවසන් එක නොවේ. මා පශු වෛද්‍යවරයකු ලෙස අනූව දශකයේ වෙඩි වැදුනු වන අලින්ට ප්‍රතිකාර කර ඇත. වනජිවි එකේ පශු වෛද්‍ය වරු එකල හිගය අද මෙන් තාක්ෂනික උපකරනද , විශේෂ පුහුනුද අපිට නැත. ව්ලච්චියෙ, මැදවච්චිය, ගල්ගමුව වැනි ප්‍රදේශ වල කැලෑ ගම් ආශ්‍රිතව මෙවනි අලි ඇතුන්ගේ මරන පරික්ෂනයන්ද කර ඇත. වෙඩි වැදිම් ව්සින් ඇති වු මරන බව නිගමනය විය. අදද ඇත්තෙ එයමය. භාතියගේ වම් පාදයක වෙඩි වැදිම නිසා රේඩියල් ස්නායුව අක්‍රිය වි ප්‍රතිකාර ලබන කාලයේ වම් කන ලගින්ද මුනිස්සම් ගොස් ඇත. එයද වෙඩි තැබිමකි.

අපි මාධ්‍ය වලින් දුටුවේ මඩ සහිත වතුර වලක වැටි ඇති බව හා නිළධාරින් ඇතාව එයින් ගොඩ නොගන්නා බවය. ජනතාව මේ ගැනද කනස්සල්ල පල කර ඇත. දැන ගන්නට ඇති පරිදි මෙයද ප්‍රතිකාර කිරිමේදි ඇතාගේ ඇගේ උෂ්ණත්වය පහල දැමිමට කල දෙයකි. නමුත් නිළධාරින් ව්සින් මෙම ජලය දිනපතා හිස් කර නව පිරිසිදු ජලය එක් කර ඇතාට අවශ්‍ය පහසුව ලබා දි තිබුනි.
දැන් මෙය දේශපාලන ප්‍රශ්නයකි. ව්පක්ෂ නායක මෙන්ම පරිසර සංව්ධානද මේ ගැන විරොධය පල කරයි. සමහරු නිළධාරින්ට දොස් කියයි. නමුත් වන සතුන්ට වෙඩි තියන ගැමියන් ගැන හා එයට හේතු කතා නොකරයි.
ලෝකයේ රටවල මෙවනි ගැටලු ව්සදිමට ව්ව්ධ පියවර ගනි. ලංකාවේද ඒ සියල්ල කර ඇත නමුත් එකක් පමණක් කර නැත. ඒය නම් ආහාර සුලභ කිරිම නොහොත් සුපොෂනය වේ. ඒ පීලිබදව හොදින් දන්නෙ පරිසර සංව්ධාන හා අමාත්‍යංශයේ ලොක්කො ය. නමුත් මෙවනි දේවල් අප යෝජනා කලත් පයිලට් ව්‍යපෘති යක් ලෙස හෝ කරන්නෙ නැත. රු මිලියන 1 කින් මෙය කල හැකිය. සජිත්ට මෙම මුදල දිය හැකි නම් වන ජීවි නිළධාරින් සමග එක් වි මෙය කල හැකි බව දන්වමි

වන අලි මරන !
භාතියගෙන් පසු අද දිනද වල් අලි මරන 4 ක් වාර්තා විය. මේවා අකල් මරනය. දුම්රියේ ගැටිම බහුලය. පසුගිය වසර 10 තුල වන අලින් 3477 ක් පමන මියගොස් ඇත. වෙඩි වැදිමෙන් , ව්දුලි වැට , වෂ දීම වැනි දෙද අලි මරන වලට හේතු වි ඇත. අලින්ගේ පහර කෑම නිසා මිනිස් ජීවතද අහිමි විය. බහුතරයක් ගොව්න් මෙයට මුහන දෙයි. ජනාධ්පති තුමාගේ ප්‍රධානතවයෙන් මෙයට ව්සදුම් සේවිමට කමිටුද ඇත. අනුර කුමාරට මෙය හොදින් වැටහෙන්නෙ ඔහුද ගැමියකු නිසාය. ගැටලුව නොදන්නා කෙනෙක් නැත. අපි ඒ පිලිබදව ලියන්න අවශ්‍යද නැත. පරිසර සංව්ධාන මේ පිලිබදව උනන්දුවකින් කටයුතු කරයි. වන ජීවි නිළධාරින්ද බැනුම් අසමින් උපරිමයෙන්ම තම වගකිම ඉටු කරයි. මාද අනුරාධපුර ජීවත්වන පශු වයිද්දිය වරයකු නිසා ව්ව්ධ වැඩ මුලු වලදි මේවාට සැලසුම් සකස් කිරිමට දායක වි ඇත. මා නිතර ලියලා ඇති පරිදි පසුගිය වසර වල මේයට ප්‍රමුකතාවය දි සෑම රජයක්ම කටයුතු කර ඇත. වන අලින් පලවා හැරිමට සියලුදේ කර ඇත. අගල් , අලි වැට , අලි වෙඩි ඒ අතර ප්‍රමුක ව්‍යපෘති වේ.
වියදම් අඩු ව්‍යාපෘති.
නමුත් අත්‍යවශ්‍ය දේ නිළධාරින් හා පරිසර සංව්ධාන මග හැර ගොස් ඇත. මෙම සතුන් ගම් වදින්නෙ ආහාර සොයාගෙන බව අප කවුරුත් දනි. නමුත් වැව් තාවුලු වල අලි ප්‍රිය කරන බ්‍රකේරිය තෘණ නොමැත. මෙම වැව් තාවුලු සූපෝෂනය කිරිමට එතරම් පිරි වැයක් නොයයි. කැලැවෙන් එලියට එනවිට ඇති බඩ ඉරිගු වගා කර ඇත් හැර දමා ඇති කාන්තාර වැනි ඉඩම් ඇත. ඒවායේ සතුන්ට ප්‍රිය ආහාර නොමැත. අපි යෝජනා කරන්නෙ මේ තිරු වල නේපියර් වර්ගයේ තෘන වවන ලෙසය. මේ පීලිබදව ව්‍යපෘති වාර්තා වන ජිව් අධ්‍යාක්ෂක වෙත ඉදිරිපත් කර ඇත. මෙම විෂය හොදින්ම දන්නේ ඔවුන් ය.
සියලුදේ සදහා මුදල් වියදම් කරන රජයට මේ සදහා මුදල් නැත. පරිසර ඇමති හා කෘෂි ඇමති වරුන්ට මේයට නායකතවය ගත හැකිය. මේ මගින් පාංශු ඛාදනය වැලක්වේ. වැව් ගොඩ වීමද නතර වේ. ලාල් කාන්ත ඇමති තුමා වැව් ආරක්ෂාකරන්න උනන්දුවෙ. ඔහු කියන්නෙ වැවට අයිති සිමාවෙන් අනවසර සියල්ල ඉවත් කරන බවය. ඒ සදහා සැලසුම් කිරිමේදි සුපොෂනය පිලිබදව සැලකිලිමත් වේ නම් හොඳය. මෙම සටහන උතුරු මැද ප්‍රධාන ලේකම් තුමා වේත මෙන්ම ඇමති තුමාල වෙතද යවමි. අපම්ත්‍ර වන ජිවි අධ්‍යාක්ෂක තාරකද සුපෝෂණය පිලිබදව නිතර සාකච්චා කර ඇති බැව්න් ඔහුටද මතක් කරමි. ව්පක්ෂ නායක තුමාද වන ජිව්න් සම්බන්ධව උනන්දු වන්නෙ ඔහුගේ ලමා වියේ සිටය. එතුමාටද මෙම යොජනාව කරන්නෙ ඔහුගේ සහාය පතමිනි. පරිසර වේදින්ද මෙයට සහාය වනු ඇත. වියදම අඩුම ව්‍යපෘති ය මෙය වේ. මෙතෙක් කර නැත්තෙද මෙයම වේ. මුදල් අඩුවෙන් වැය වෙන ව්‍යපෘති අනුමත වෙන්නෙද නැත.

2 Comments