|

අප්‍රිකාවේ අවසන් වීරයා..!

සියවස් ගණනක් අධිරාජ්‍යවාදයේ සූරාකෑමට පාත්‍රවෙලා ඊට පස්සේ ‘නිදහස’ කියල එකක් හම්බවෙලා ඒ නිදහස් කියන කාලේ ඇතුලෙත් වක්‍රව නැවත වාරයක් රැවටිල්ලට සහ සූරාකෑමට ලක්වෙලා ඉවත දමන හප බවට පත්වෙච්ච ආසියානු අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් නැවත මොනයම් විදියකට හරි නැගිටින්න අරගෙන. විශේෂයෙන් ලෝකයම කතාකරන ආසියානු නැගිටීම එක්ක අප්‍රිකාවේ සමහර රටවල් අප්‍රිකානු නැගිටීමක් (African awakening) ගැනත් කතාකරනවා.

above images sources-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRVXd6mMhrXc_gYUEQto2lbfJir_FZBZNEY1w&s, https://i0.wp.com/whatnews.lk/wp-content/uploads/2024/10/60702800_483875015518023_3816141737429041152_n.jpg?fit=843%2C527&ssl=1

මරුටියස්, සීෂෙල්ස් වගේ ඒවා හැරුනම ඉතියෝපියාව වගේම රුවන්ඩාවත් මේ අප්‍රිකානු නැගිටීමේ නව උදාහරණ. විශේෂයෙන් දේශපාලන හඬක් එක්ක නැගිටින රටවල් අතරින් මේ දෙක සුවිශේෂ වෙනවා. තවත් කිහිපයක් තියනවා. 

මේ සියල්ල අතරින් ලෝකයේ යම් පිරිසක් අවධානයෙන් බලන තවත් රටක් තියනවා. ඒ තමයි බුර්කිනා ෆාසෝ කියන රට. බුර්කිනා ෆාසෝ දිහා දැන් අවධානය යොමු වෙන්නේ එහි ඉන්න තරුණ නායකයෙක් නිසා. ඒ තමයි ඊබ්‍රාහිම් ට්‍රඕරේ (Ibrahim Traore). මිල්ටරි නායකයෙක් වෙලා ඉඳල මිලිටරි කුමන්ත්‍රණයක් හරහා බලයට ඇවිල්ල මේ වෙද්දී ඔහු බුර්කිනා ෆාසෝ ජන හදවත් දිනාගනිමින් ඉන්නවා. ඔහු යම් අත්හදා බැලීමක් කරනවා කියලත් කියන්න පුළුවන්. 

ඒ අත්හදා බැලීම තරමක් වාම හැඩහුරුකමක් ගන්න එකක්. ඒ වගේම කවුරු මොනවා දෙන්න හැදුවත් ඒ රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් පමණක් ඒවා තෝරා බේරා ගන්නා කෙනෙක්. ඒ නිසා තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඔහු සමකාලීන උදාහරණයක් සපයනවා. ඒ නිසා වෙන්න ඇති ඒ රටේ මිනිස්සු දිවා රෑ Ibrahim Traore රකින්න උත්සාහ කරන්නේ. ට්‍රඕරේ වෙනුවෙන් ඔවුන් මිනිස් පවුරක් නිර්මාණය කරලා. ස්වේච්ඡාවෙන්. 

ඒ මුල්ම වතාවට ඔවුන් ඇත්ත ජනතාවාදී පාලනයක් අත්දකිමින් ඉන්න නිසා. විශේෂයෙන් Ibrahim Traore මාක්ස්වාදයේ ඇසුර ලැබුව කෙනෙක් වගේම සමස්ත අප්‍රිකාවක් වෙනුවෙන් සිහින දකින කෙනෙක් නිසා ඔහුගේ පාලන ක්‍රමවේදය තුල තරමක නැවුම් බවක් තියෙනවා. ඒකත් අප්‍රිකානු වගේම ගෝලීය ආශ්වාදයක් වෙමින් තිබෙනවා. තමන්ගේ රටේ සම්පත් සහ මිනිස් කළමනාකරණය ඔස්සේ ලෝකෙට අතනොපා ඉන්න ඔහු උත්සාහ කරනවා. 

හමුදා පාලකයින් ලෝක බලවතුන්ගේ අතකොළුවක් වෙනකොට ට්‍රඕරේ තමන්ගේ රටේ මිනිසුන්ගේ පැත්ත ගනිමින් සිටිනවා. ඒක ලෝකය නොසිතුවිරූ දෙයක් (contingent situation). ඕනිනම් කියන්න පුළුවන් යටපත් කරපු අවිඥාණයේ ඉස්මතුවීම කියලත්. 

Ibrahim Traore ගේ ආදර්ශ පාඨය වෙන්නේ ‘ඔව්, සංවර්ධනය ඕනි තමයි. හැබැයි ඇස් නිලංකාර කරන සංවර්ධනය අවශ්‍ය නැහැ’ කියන එක. චතුර ඉංග්‍රීසියෙන් කතාකරන ට්‍රඕරේ ඔහුගේ මතවාදය පැත්තෙන් හොඳ සන්නිවේදකයෙක්. අහන ඕනෑම කෙනෙක්ට ඔහුගේ මතය පැහැදිලියි.  

ඒ බුර්කිනා ෆාසෝ වල හිටපු ජනපති තෝමස් සංකාරාට පස්සේ ආපු වමේ වීරයා හැටියට. තෝමස් සංකාරාට කියන තවත් නමක් තමයි ‘අප්‍රිකාවේ චේ’.

මහේෂ් හපුගොඩ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *