ශ්ර්ර්රී ලන්කන් ගුවන් සේවය සලකා බලනවිට එහි සමාගම කියන්නෙ ලංකා රාජ්‍යයට බිලියන ගනනින් අලාබ උපයාදෙන තැනක්. බොහෝවිට මේ අලුතින් ගෙන්වූවා කියන ගුවන් යානයේ බරද වැටෙන්නෙ ඒ අලාබ ගොඩටමය. නමුත් රාජ්‍යයේ ඉදිරි වඩගැන ප්රචාරයේදී මේවා ගන උදම් අනමින් පෙන්වා දුන්නද මේවායින් ඇතිවන බිලියන ගණනින් සිදුවන අලාභ පියවාගැනීමට නැවත යායුත්තේ මහා භාන්ඩාගාරයේ ඇති ජනතාවගෙන්ම එකතු කරගන්නා බදු මුදල් මිස වෙනත් කොහේවත් ඇති මුදල් නොවේ.
හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය යනු දීර්ඝ කාලයක් තිස්සෙ යුගයට ගැලපෙන සේ යාවත්කාලීන නොවූ ගුවන් සේවයක් වන අතර නව්‍ය ගුවන්සේවයකට අවශ්‍ය නවීන ධාවන පත සහ අංගන ඉදිකිරීමට මෙන්ම ඒ සඳහා භාවිතා කෙරෙන අධි මිල නවීන තාක්ෂණ උපකරණ සහ නව ගුවන් යානා බද්දට ගැනීමට හෝ මිලදී ගැනීමට ලංකා රජයට ආර්ථික ශක්තියක් නොමැති වීමයි. එමෙන්ම දිනෙන් දින අප්ඩේට් වෙන ඩිගිටල් කරණය වෙමින් ඊට AI තාක්ෂණය එකතුවී ඉදිරියට යන ගුවන් සේවා වැනි ආයතන ලෝකයේ ඉතාම තරඟකාරී මෙවලම් බවට පත්වී ඇත්තේ ඒවාට යොදන අධික පෞගලික සමාගම් වල ප්රාග්ධනය හේතුවෙනි.

මේ තත්වය තුල ලංකා රාජ්‍ය කලයුතුව ඇත්තේ දියුණු ගුවන් සමාගමක් සතුව තිබිය යුතු නවීන තාක්ෂණය සහ ප්රාග්ධනය හිමි ගෝලීය ගුවන් සමාගමකට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබාදීමයි. ලොව බොහෝ රටවල් වලද ඔවුන්ගේ අදාල ගුවන් සේවා වත්මන් ගෝලීය සන්ධර්භය තුල පවත්වාගෙන යන්නේ විශාල ප්‍රාග්ධන සහිත පෞද්ගලික සමාගම් සමග හවුලේ හෝ ඒ ප්රාග්ධනයට ඒවා යටත් කරමිණි. එපමණක් නොව ගුවන් තොටුපලවල්, කේටරින් සර්විස්, මේන්ටේන් වැනි ගුවන් සේවාවන්ට අනුබද්ධ සේවාවන් පවා කරගෙන යනු ලබන්නේ පෞද්ගලික ආයතනවල ප්රාග්ධනය යොදාගැනීමෙනි. එතුලින් ඒ ඒ රජයන් බලාපොරොත්තු වන්නේ වඩාත් කාර්යක්ෂම අයුරින් සහ රාජ්‍ය භාන්ඩාගාරයේ මුදල් ඒවාට වැය නොකරමින් ගුවන් සේවාවන්වලින් බදු ලෙස රජයට එකතුවෙන මුදල් ගැන පමණක් වැඩි අවධානයක් ලබාදෙමිණි.
මේ තත්වය යටතේ ලෝකයේ ගුවන් සේවාවල ඊලඟ පිම්ම ලෙස නුදුරේදීම හඳුන්වාදෙන ගුවන් ධාවන පථයක් නොමැතිව එකතැන් අසහට නැංවීමට සහ ගොඩබෑමට සමත් ගුවන් යානා ලොවට හඳුන්වාදෙන විට මේ අලුතින් මිලට ගන්නා සහ ලංකාව වැනි රටවල් වල අති ගුවන් යානා භාවිතයෙන් විසිවීමට නියමිත තත්වයක් තුලදී ඒවා ගැනද රජය අවධානය යොමුකල යුතුය. එකතැන නවතා තබා එක් වරම අහසට නැවිය හැකි Vertical Take Off (V/STOL) ක්‍රමය තුලදී අධික වියදමකින් නඩත්තු කිරීමට සිදුවන ගුවන් ධාවන පථයක් කිසිසේත්ම අවශ්‍ය නොවන අතර සමහර ඒවාට ඉතා කෙටි ධාවන පථයක් පමණක් අවශ්‍ය වේ. ලෝකයේ ගුවන් සේවා යමින් තිබෙන්නේ එතනටය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද ස්ථානගතවිය යුත්තේ ඊට සාපේක්ෂව තරඟකාරී මට්ටමකිණි.
ඉන් මෙහා සිදුකෙරෙන සියලු සන්දර්ශන සහ පැලැතර විසවිසඳුම්, කඳුළු වැගිරීම් වැනි නාඩගම් යනු රාජපක්ෂ වාදයේ මිහින් එයාර් වර්ගයේ විසූකදස්සනම විනා විකල්ප දියුණු ක්‍රමවේදයක් නොවන්නේය.

