|

ලාල් කාන්තගේ යෝජනාවට අවස්තාවක්..!

ලාල් කාන්ත යනු කෘශිකර්මයට වගවිය යුතු ඇමතිය. මහකන්නය ආරම්භයේදී ගොවීන් කවුරුත් කියන තුරු නොසිට වගාව ආරම්භ කරයි. මේ උවමනාව සහ කැපවීම ගැමියන් තුල නොතිබුනානම් මේ වනවිට කුඹූරු වගාකිරීමට කෙනෙකු නැතිව ඒවා පුරන් වී යාමට ඉඩ තිබිනි. කෘශි නිලධාරීන්ගේ උපදෙස් වගාකිරීමට ගොවීන්ට අවශ්‍ය නැත. නමුත් මේ දෙපාර්ථමේන්තු ඇත්තේද ගොවීන්ට පහසුකම් සැලසීමට සහ ආන්ඩුවේ ඇමතිවරුන්ට මගපෙන්වීමටය. නමුත් මේ මගපෙන්වීම මෙම දෙපාර්ථමේන්තු වලින් නොලබෙන බව නිරීක්ශනය වී තිබේ. ගොවිජන සේවා දෙපාර්ථමේන්තුවෙන් පොහොර සහනාධාරය ක්‍රමවත්ව නියමිත දිනට දීමට සැලසුම් කල යුතුය. එමෙන්ම මෙම නිලධාරීන් විසින් වගා සැලැස්මක් තම ප්‍රදේශයේ ගොවීන්ට ලබාදිය යුතුය.


පසුගිය කැබිනට් මන්ඩලයේදි රජයට අයත් ඉඩම් පිලිබදව තීරණයක් ගෙන තිබුනි. ඒ පශුසම්ත් මන්ඩලයේ මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් ඉඩම් පිලිබදවය. මෙම බොහොමයක් ඉඩම් පලදායිතාව යෙන් හීනය. ආන්ඩුවට ආයොජනය කිරිමටද ශක්තියක් නැත. එම නිසා කැබිනට් එක තීරණය කලේ මෙම ඉඩම් වල ආයෝජනය කීරිමට කැමති පුද්ගලික අංශයට බදු දිමටය. එය මහින්ද මෙන්ම රනිල්ද කලේය. අඹේවල කිරි ගොවිපල එලෙස බදු දුන් රජයේ දේපලකි. එම ආයෝජනය සාර්තක බව විද්වතුන් කියයි. අප මේ ආන්ඩුවෙන් එවනි දෙයක් බලාපොරුත්තු නොවුනත් කරන්න වී ඇත්තෙ එයමය.

-වෛද්‍ය කීර්ති කුමාර මද්දුමගේ.

above image source-https://theleader.lk/images/2023/lalkantha250414.jpg


නමුත් ලාල් කාන්තගේ දැක්ම අනුව මෙයද තර්ජනයක් නොව අවස්තාවක් කර ගත හැකිය. මම මේ ලියන්න යන්නේ හැමදාම ලියන හෑල්ලක් බව කියවන අය දනී.

image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/adaadmin/wp-content/uploads/01118.jpg


ලාල් කාන්ත ගොව් සමාගම් ගැන හා සමුපකාර ගැන කතා කරයි. එමෙන්ම මාලිමාවෙ විද්වතෙකු වන ආචාර්ය ශාන්ත ජයරත්තනද මෙම සමුපකාර ව්ෂය පිලිබදව නිතර ලියයි. අමුල්ද සමුපකාරයකි. අපේ රටේ සමුපකාර රෝහල්ද , ඉන්ධන පිරහුම් හල්ද , අළෙවිසැල්ද ඇත. මේවා නවලිබරල් ආර්තිකයක් තුල සූරකෑම පාලනය කීරිමට අවශ්‍ය ජනතා ව්‍යපාර වේ.

image source-https://lankatruth.com/si/wp-content/uploads/2022/09/Santha-Jayarathna.jpg


අපි යෝජනා කරන්නෙ නියමු ව්‍යපෘතියක් ලෙස සමාගමක් හො සමුපකාර ලෙස හෝ ගොවීන් හා සේවකයන් පදනම් කරගනිමින් පුද්ගලික අංශයට බදු දෙන ඉඩම් හා භොතික සම්පත් වලින් කොටසක් ජනතා සමාගමකට ලබාදිමය. එවනි දේ කල හැකිය. ගොවි සංවිධාන තුල මිලියන ගණනක අරමුදල් ඇත. බැංකුවලින් ණය ලබාගත හැකිය. ආයෝජකයන් කරන්නෙත් එවනි දෙවල්මය. ඒ නිසා ලාල්ගේ යෝජනාවට ඔහුටම අවස්තාවක් ලැබි ඇත.

වෛද්‍ය කීර්ති කුමාර මද්දුමගෙ.
(කෘෂි අරගල ව්‍යපාරය)

Author

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *