| |

වන අලි බඩගින්න..!


අපි අවුරුදු ගනනක් තිස්සෙ ආන්ඩුවලට මතක් කරනවා වන අලි බඩගින්න ගැන. මේ සද්දන්ත යන්ට උන් කැමති බ්‍රකේරිය තන කොල වැව් තාවුල්ලෙ , රක්ෂිත වල වවමු කියල නමුත් උන්ද බීහිරි අලින් වගේ මේ ගැන කිසි දෙයක් කරන්නෙ නැ. මෙයටද හේතුවක් තියෙනව මේ අමන නිළධාරින් ගේ ඕලුවෙ වැඩ කරනව මුන්ට කන්න දුන්නනොත් ගහනය වැඩ් වෙනව කියල. එම සංඛ්‍යාව තුන්ගුනයක් කරල දේශපාලන අධිකාරිය බියට පත් කරනව.

අලි වැටෙන් ඔබ්බට විසඳුමක්.

image source
https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_9931f59dd1.jpg


අලි මිනිස් ගැටුම වගේම , අලි හරක් ගැටුමක්ද නිර්මානය වී ඇත. මේ එකිනෙකා මරා ගන්නෙ ආහාර වලටය. බඩ ඉරිගු වගාව ව්‍යප්ත කීරිම, වැව් රක්ෂිත වල අනවසර ඉදිකිරිම් හා පදිංච් වීම් ඇතුලු සමාජ ක්‍රියාකාරකම් බොහොමයක් මෙයට බලපා ඇත. මිනිස්සුන්ගෙ ආහාර ගැටලුවට ඕනම තැනක වගා කිරිමට පසුගිය ආන්ඩු අවසර දි ඇත. ඔප්පුද දි ඇත. නුවර වැව රක්ෂිතයේ පදින්ංචි සාමාන්‍ය ජනතාව කියන්නෙ ඔවුන් මෙම ඔප්පු ඉදිරිපත් කර බැංකු ණය ගෙන නිවාස හැදු බවය. සුදු අරලිය හොටලේද එසේය. එය රජයේ ආයතනයක්ව තිබි ඩඩ්ලි බදු අරගෙනය.


ඉහත සියල්ලම ඉවත් කර හෝ විසදුම් ලබා දි අලි ප්‍රශ්නය ව්සදිම කරන්න හිතුවොත් එයට කල්පයක් පමන ගතවේ.
වියලි කලාපයේ වැව් බැද ඇත්තෙ ජනතාවගේ සියලුම ජල අවස්තා සැපරිමටය. එමෙන්ම ගොව්තැන් කිරිමට හා සත්ව පාලනයට අවශ්‍ය යෙදුයුම් සැපයිමටය. වන සතුන්ද පරිසර පද්දතියෙ කොටස් කාරයකි. ඔවුන්ට ජනතාව වගා කර කන්න දුන්නෙ නැත. වතුර බීමට එන වන සතුන්ට ලදු කැලැ වල හා වැව් තාවුල්ලෙ ආහාර සුලභය. ගවයන්ටද මෙම ස්වාභාව්ක සම්පත් වලින් යැපිමට හැකි විය. රටේ ජනතාවට අවශ්‍ය කිරි සපයන්නෙද මෙම ගවයන්‍ ය. එම නිසා මෙම ගැටලු ව්සදිමට එක් පිලිතුරක් නැත. තැනින් තැනට වෙනස් ය.

image source
https://www.aperata.net/wp-content/uploads/2025/07/Where-to-See-Sri-Lankan-Elephants-735×400.webp


එකම විකල්පය.

වන ජිව් අය අලින්ට ආහාර සැපයිමට උත්සහ නොකර හරක්ට දොස් කියයි. මෙයට අපිද පශු නිළධාරින් ලෙස නොකෙරන් වෙදකමට මෙන් ව්සදුම් දෙයි . ඒ ගවයන් කිරි ගොව්න් ව්සින් කොටු කර නිදැල්ලේ නොයවා හැදිය යුතු බවය. මෙයද සියලුම පලාත් වල කල නොහැක. එයට හේතුව ඉඩම් හිගය හා ජල හිගය නිසාය. මී ගවයන් පාලනය කීරිම ඉතාමත්ම දුෂ්කර වී ඇත. මේ සතුන්ට දියේ ගිලි සිටිමටද අවශ්‍ය වේ. ව්යලි කලාපයෙ ස්වභාවය ගැන නොදන්නා උපදේශකය න් ආන්ඩුව හැම දාම ගොනාට අන්දවයි.

වන අලින්ගේ කපටි ආරක්ෂකයෝ.


මේ ගැන ලිවිම දැලි පිහියෙන් කිරි කැම වැනි වැඩකි. අලි ගහනයේ සංක්‍ය ලේකන වලට අනුව මරන නිසා අලින් වද වී යා යුතුය. නමුත් එසේ වී නොමත. පසුගිය දිනක දෙරනේ මේ පිලිබදව සාකච්චාවක් විය. එයට ඇමති වරයාද, පරිසරවේදින්ද සහභාගි විය. එයට ඔබ ඇහුම්කන් දෙනවා නම් මේ ව්න්නැහිය ගැන හොද අවබෝධයක් ගත හැකිය. එම සාකච්චා වේදි පහත ව්සදුම් යෝජනා විය.


1) අලි වැට නඩත්තුව සදහා ප්‍රජා සහභාගිත්ව ය ලබා ගැනිම.
2) නිලධාරීන් හිගයට ඉක්මනින් බදවා ගැනිම් කිරිම.
3) අවශ්‍ය සම්පත් සපයා ගැනිම.
4) අලි පලවා හැරිම හෝ ස්තානය වෙනස් කිරිම නුසුදුසු බව.
5) වන අලින්ගේ පෝෂනය සදහා අදාල ස්තාන වල තෘන වැවිම.


ඉහත කරුනු සාකච්චාව තුල අවධාරනය කෙරිනි.


මාද සැලසුම් කිරිමේ වැඩ මුලු වලට සහභාහි ඇති බැව්න් මෙම යෝජනා පිලිබදව අමුතුවෙන් සතුටු විය නොහැකි. මෙම වට්ටෝරුව හැම සැලසුමකම අඩු වැඩි වශයෙන් අඩංගු වේ. ගැටලුව හදුනාගෙන ඇති මුත් බර තබන්නෙ එය ව්සදිමට නොව . වෙනත් මහා පරිමානයේ ව්‍යපෘති වලටය.අලින් ගම් වදින්නෙ ආහාර සොයා ගෙනය. බඩ ගින්නෙ ඉන්න සද්ධන්තයෙක් ව්දුලි වැටවල් වලින් නැවත් විය නොහැකිය. නමුත් ඉතිහාසයේ කවදාවත් අලින්ට අවශ්‍ය තෘන වගා කිරීමෙ ව්‍යපෘතිය කට ආන්ඩු මුදල් වියදම් කර නැත.

image source
https://mawbima.lk/wp-content/uploads/2025/07/3-51.jpg


නමුත් අලින්ට කරදාරි සියලුම ව්‍යපෘති සදහා යහමින් මුදල් වෙන් වෙද්දි මේ සදහා මුදල් වෙන් වි නැත. මා කපටි ආරක්ෂකයන් ලෙස මාතෘකාව යේදුවේ ඒ නිසාය. නව ආන්ඩුවෙ පරිසර ඇමති ඔහුගේ අදහස් ප්‍රකාශ කිරිමේදි සතුන්ගේ ආහාර හිගයට පිලිතුරක් සෙව්‍ ය යුතු බව පැවසිම සතුටකි . එයට අවශ්‍ය අපගේ යෝජනා ඇමති තුමාට හා ජනපතිට ලැබිමට සැලස්විය. පිලිතුරක් නොලබුනත් වැඩේ ආරම්භ වෙනවා නම් හොදය.

අභිජණන ක්‍රියාවලිය.

මේක මේ අමුනුස්සයන්ගේ මන්ද බුද්ධික කමට වෙන ඒවා. මේ යක්කු න්ට පුලුවන් මේ ගැන පරික්ෂනයක් කරන්න පින්නවල ඉන්න අලි ගහනය වැඩි විම පිලිබදව සංඛ්‍යාව බලල. සාමාන්‍යයෙන් අලි ගැහැනු සතුන් 100 ක් හිටියොත් වසර 10 කදි අලි පැටවුන් 200 ක් බෝවෙනව , එයින් 100 ක් පිරිමි පැටවුන්. අලින්ගෙ පැටවුන් අතර පරතරය වසර 5 ක් ව්තර වෙනව. මේ විදියට සිදුවෙන්න ආහාර පමනක් තිබි මදි. ඔවුන්ට ආතතියෙන් තොර පරිසරයක් තියෙන්න ඕන. ඒ අතර සමහර රෝග නිසා අභිජනන ක්‍රියාවලිය ප්‍රමාද වෙනව. වසර 50 කට උඩදි වන අලින්ට මෙවනි ව්පතක් සිදු වී නැ. නමුත් ඔවුන්ගෙ ගහනය ඉහලයාම සමාජයට දැනුනෙ නැ. ගැටලුව තියෙන්නෙ අලි 500 ක් හිටියත් වුන්ට කන්න නැතිනම් ගම් වලට ඇතුල් වී හානි කිරිම අලි වැටවල් වලින් නවත්වන්න බැ.


(පහත ඇත්තෙ අලින්ගෙ ප්‍රජනන ක්‍රියාවලියේ දත්ත කීපයක් වේ. ආන්ඩුව බිය නුවි වන අලින්ට ආහාර සුලභ කිරිමේ වැඩේට අත ගහන්න ඕන, කයිවාරු වලින් වැඩක් නැත)

The reproductive rate of elephants can vary depending on several factors, including age, nutrition, and environmental conditions. Assuming optimal conditions with adequate food and a healthy environment, here’s a rough estimate:

Elephant Reproductive Rates

  • Calving interval: 4-6 years (average) in optimal conditions
  • Reproductive lifespan: 30-40 years (approximately 15-25 breeding years)

Estimated Birth Rate.

  • Assuming 50% female calves: With 100 female elephants, and an average calving interval of 5 years, we can estimate:
    • Annual births: 20-25 calves (100 females / 5 years = 20, with some variation)
    • Female calves: 10-12.5 female calves per year (50% of total births)

Projected Population Growth.

  • Over 10 years: With an average annual birth rate of 20-25 calves, the population could increase by 200-250 individuals.
  • Assuming 50% female calves: The female population could increase by 100-125 individuals over 10 years.

Dr. Keerthi kumara.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *