IMF-NPP ණය මර උගුල සහ කථාකිරීමේ නිදහස..!

(ඉහත චායාරූපය ලෝක සමාජවාදී තරුණ සංගමය 2023 අගෝස්තු මස එනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ පේරාදෙණිය සරසවියේදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රනයේ පැවති අවස්ථාවකි)

මෙම සම්මන්ත්‍රණය සඳහා විශ්ව විද්‍යාලයේ දේශපාලණ අංශයේ ” දේශපාලන විද්‍යා ශිශ්‍ය සංගමය” විසින් අනුග්‍රහය ලබාදී ඊට අවසරය අධ්‍යයන අංශ ප්‍රධානි, මහාචාර්‍ය උපුල් අබේරත්න මහතාගෙන් මීට කලින් ලබාගෙන කාමර අංක 86 දී මෙම සම්මන්ත්‍රණය, ” IMF හි ආර්ථික අවහිරතා වලට එරෙහිව සටන් කරන්නේ කෙසේද” මැයෙන් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, විශ්ව විද්‍යාලීය වැඩබලන උපකුලපති වරයා නිකුත්කල නියෝගයක් ඩීන් (head of the department) මගින් මෙම සම්මන්ත්‍රණයේ සංවිධායක වරුනට ලැබී ඇත්තේ මෙම සම්මන්තණය නොපවත්වන ලෙසයි.

වාර්ථාවෙන අන්දමට මෙම සම්මන්ත්‍රණය රජය සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල අතර පවතින ප්‍රතිපත්තිමය කරුණූ විවේචනයට ලක්වෙන බැවින් ඊට ඉඩනොදී සම්මන්ත්‍රණය අවලංගු කිරීමට කවර හෝ බලධාරියෙක් රජය පැත්තෙන් කටයුතු කොට ඇත. කෙසේ වෙතත් මෙය ඉතා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව කිවයුතු අතර, නව රජය බලයට පැමිණියේම අලුත්ම ” වෙනසක්” කිරීමට නම් ඒ බලාපොරොත්තු වන වෙනස සිදුකිරීමට විවේචන, විරුද්ධ අදහස් ඉවසීම, සංවාද වලට ඉඩදීම හා ඒවාට ගෙනයාමට ඉඩදීම ඉතා අවශ්‍ය බව නව රජයේ බලධාරීන් දැනගත යුතුය. තවද දශක ගණනාවක් පුරාම නවරජයේ ඉහල බලධාරීන් ලෙස සිටින ජනතා විමුක්ති පෙරමුණද ඔවුන්ගේ දේශපාලණ ක්‍රියාවන් ඉදිරියට ගෙනයාමේදී මෙවන් භාදක, අවහිරතා, පැවති විවිධ රජයන් මගින් ඔවුනට එල්ළ වුනු අතර විවිධ මර්ධනයන්ට ලක්වුනු අමිහිරි අතීතයක්ද ඔවුන් සතුවේ. එබැවින් මෙවන් අවස්ථාවලදී නව රජය, විශේෂයෙන් එහි ඉහල බලධාරීන් ලෙස සිටින ජවිපෙ ” සහෝදරවරුන්” මීට වඩා දේශපාලණය තුල සහ රාජ්‍ය පාලණය තුල කෘතහස්ථ මට්ටමක් පෙන්නුම් කලයුතු බව අපගේ හැඟීමයි.

Lanka Power News.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *