ක්ලීන් ශ්‍රී ලංකා යනු ගෝඨභය පාට් two ද..?

above image source_https://www.dailymirror.lk/print/news-features/From-bitter-bus-to-better-bus/131-257518

බසුත් එහෙම තමා, ලංකාවේ බස් කියන්නෙ රළු පාවිච්චියට හදපු ඉන්දියන් ටාටා, ලේලන්ඩ්  ලොරි චැසිවලට ඩුප්ලිකේට් බස් බොඩි තියපුවා..

ඒවත් ආරෂිත සහ පහසු පොදු ප්‍රවාහන සේවයකට සුදුසු නෑ. ඒවගේ සුදු යකඩ කෑලි ගැලෙව්වා කියලා අමුතු ආරක්ෂාවක් හැදෙන්නෙ නෑ..

ඇත්තම ප්‍රශ්නෙ තියෙන්නේ සුදු යකඩ කෑලි වලවත් ස්ටිකර්වලවත් නෙමේ..වෙන තැනක..පොදුවේ ගත්තම ලංකාවේ තියෙන්නේ අනාරක්ෂිත වගේම කොහෙත්ම ප්‍රමාණවත් ට්‍රාන්ස්පෝට් සර්විස් එකක් නැති ප්‍රශ්නේ..

image source_http://www.sundaytimes.lk/130414/uploads/Bus-1.jpg

ඔෆීස් ටයිම් එකේ  සහ පාසල් ඇරෙන වැහෙන වෙලාවට පාපුවරුවේ සිට අඩි තුනක් විතර එළියට සිටින සේ දොරේ මගීන්  එල්ලිලා යන අවස්තා අපිට උදේහවා පේනවා..

මෙවැනි අවස්තාවල පාපුවරුව කැඩිලා නැත්නම් අත්වැට කැඩිලා එහෙමත් නැත්නම් අත හැරිලා සිදු උන අනතුරු ඕන තරම් අහන්ට ලැබෙනවා..

ඒවගේම ප්‍රමාණවත් ට්‍රාන්ස්පෝට් සර්විස් එකක් නැතිනිසාම පොල් පටවලා වගේ මගීන් අරන් යන බස් රථ අපිට උදේ හවා පරෙ පේනවා..

මේ තත්වය නිසාම කාන්තා හා ළමා අපචාර රෝග බෝවීම්, පොකැට් ගැහිලි යන අපචාර වලට මේ පොල් පටවන ප්‍රවාහණ සේවය සපයන්නෙ සුළුපටු අත්වැලක් නොවේ..

ඒ කෙසේ වෙතත් බස් සහ ත්‍රීවීල් වල ස්ටිකර් ගලවනව වගේ සෙප්පඩ ප්‍රතිසංස්කරණ වලට රට බංකොලොත් කරපු අපේ රටේ බයි සුළුධනපති පන්තිය හරි ආසයි..

(සිංගප්පූරුවේ මගී බස් රථයක්)

ගෝඨත් ඒ අය සතුටු කරන්ට ගිහින් තමා කෙලව ගත්තෙ..

(මෙය ප්‍රියශාන්ත රාජපක්ශගේ මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී).

ප්‍රියශාන්ත රාජපක්ශ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *