|

සුව සේවකයන් හා වතු සේවකයන්..!

පහත සදහන් වන්නෙ අද දින පැවත්විමට නියමිත වෛද්‍ය වැඩ වර්ජනය පිලිබදව මූණූ පොතේ තිබු සටහනකි

ආර්ථිකය ඉතා පහල මට්ටමක පවතින දුර්වල රාජ්‍ය ක් වඩා සුවපත් කිරීමේ ව්‍යායාමයක නිරත පාලනයක් දණ ගස්වා ස්වකීය ආර්ථික අරමුණු පමණක් ම මුදුන් පමුණුවා ගැනීමට මෙලෙස කටයුතු කිරීම කෙතරම් සාදාරණ විය හැකිද ? ඉතිහාසයේ ප්‍රථම වතාවට දූෂණයෙන් වංචාවෙන් නාස්තියෙන් තොරව , ස්වකීය වරප්‍රසාද පවා අත් හරිමින් මෙම රාජ්‍ය නගාසිටුවීමට වෙර දරණා දේශපාලන නායකත්වයක් ලැබී ඇති වටපිටාවක දැනටමත් ඉහල ආර්ථික හැකියාවක් සහ වරප්‍රසාද භුක්ති විඳිනා ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත් වෛද්‍යවරුන් මෙලෙස කටයුතු කිරීම අනුමත කල හැකිද ? ෂයිලොක් පන්නයේ වෛද්‍ය මාෆියාව පරාජය කිරීමට ජනතාව පෙරට ආ යුතුය .
ඉහත කරුනුද සංවාදයට සුදුසුය

ආන්ඩුවට ආහාර වලට ගසා ඇති බදු ඉවත් කර මාසික වියදම් අඩුවෙන ප්‍රමානය පැහැදිලි කරන්නට පුලුවන් නම් එමගින් වර්ජන රැල්ල නැවතිය හැකිය. සමාගම් බදු මිලියන ගණනක් නොගෙවා පැහැර හැර ඇත. ඒවා කෙසේ හෝ අයකර ජනතාවට සහන දියයුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එයට විරුද්ධ නැත. 1972 සමසමාජ නායක ආචාර් ය එන් එම් පෙරේරා මුදල් ඇමති වශයෙන් එවැනි තීරණ ගෙන ඇත. නමුත් අනුරට උපදෙස් දෙන්නෙ වාණිජ මන්ඩලයේ හුලන්ගමුව බැවින්, එන් එම් කල ව්ප්ලවය අනුරට කිරිමට බැරිය.

කීර්ති මද්දුමගෙ
කෘෂි අරගල ව්‍යාපාරය
2025/03/03

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *