|

සේනක බිබිලේ ගේ සිට රංග වීරක්කොඩිලා දක්වා වෛද්‍ය වෘත්තියේ පරිහානිය..!

above image source-https://divaina.lk/wp-content/uploads/2021/09/senaka-bibile.jpg

නීති විරෝධී වකුගඩු ජාවාරම ලංකාවේ බොහෝ සෙයින් පැතිරී තිබේ. ඉන්දියානු  පොලිසිය විසින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පිරිසක් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන බවට තොරතුරු එවනු ලැබීය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කොට මෙකී ජාවාරම පිලිබඳ විමර්ශනය කරනු ලැබීය. ජයසුන්දර කමිටුව ලෙස හැඳින්වූ  වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ මූලිකත්වයෙන් යුත් එම  කමිටුව මගින් වකුගඩු ජාවාරමේ නිරත වූ රංග මිගාර වීරක්කොඩි , හබිබා සහීබ්,  චමිලා, නිරෝශනී   , මොනික් අඹේපිටිය  යන වෛද්‍යවරුන් හඳුනා ගනු ලැබීය. මෙම කමිටු වාර්තාව  එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට බාර දෙන ලදි. නමුත් මේ වන විට  ජයසුන්දර කමිටු වාර්තාව වකුගඩු මාෆියාව විසින් විශාල මුදලක් ගෙවා අතුරුදහන් කොට තිබේ.

image source-https://www.navaliya.lk/wp-content/uploads/2023/12/Untitled-1-42-860×484.jpg

image source-https://lankasara.com/wp-content/uploads/2024/12/jaffna-hospital.jpg

 වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් යාපනය ශික්‍ෂණ රෝහලේ රහසිගතව පවත්වාගෙන ගිය වකුගඩු ජාවාරම මුලින්ම හෙලි කරන ලද්දේ රාවය පුවත් පතේ කතෘවරයා වූ වික්ටර් අයිවන් මහතා විසිනි. මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චඳ්‍රහසන් විසින් පෙන්වා දුන් පරිදි ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් විදේශ රටකට ගෙනගොස් තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්‍ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ හිටපු විශේෂඥ වෛද්‍යවරයා වූ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසිනි.  යාපනය ශික්‍ෂණ රෝහලේ වකුගඩු ජාවාරම් පිලිබඳව කිසිදු පරීක්‍ෂණයක් සිදු වූයේ නැත.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් (හදිසි වැටලීම් ) ඩී.එම් .සී.කේ දිසානායක මහතා විසින් වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි පිලිබඳව නාමික විමර්ශණයක් සිදු කල නමුදු එය හොරාගේ අම්මා ගෙන් පේන ඇසීමක් බඳු විය. වකුගඩු මාෆියාවේ අල්ලස් හමුවේ බලධාරීන් නිහඞ වූහ. 

මෑතකදී ලංකාදීප පුවත් පතේ මාධ්‍යවේදියෙකුට දෙල්තොට ප්‍රදේශයේ තේ වත්තක ජීවත් වන  තම වකුගඩුවක් විකිනූ 32 හැවිරිදි ද්‍රවිඩ තරුණයෙකු හමු විය. එම ද්‍රවිඩ තරුණයා කියූ පරිදි බාසික් නම් තැරැවකරුවෙකුගේ මාර්ගයෙන් ඔහු වෛද්‍ය රංග වීරක්කොඩි හමුවී ඇත. මූලික වෛද්‍ය පරීක්‍ෂණ වලින් පසු වකුගඩුව ගලවා ගැනීම සඳහා වෛද්‍ය රංග වීරක්කොඩි ඔහුව බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට යොමු කොට ඇත. වකුගඩුව සඳහා පොරොන්දු වී ඇති මුදල රුපියල් ලක්‍ෂ දෙකකි. එහෙත් ඔහුට ගෙවා ඇත්තේ රුපියල් ලක්‍ෂයකි.  වකුගඩුව ලබා දීමෙන් පසු කිසිම සෞඛ්‍ය ගැටළුවක් ඇති නොවන බව වෛද්‍ය රංග වීරක්කොඩි ඔහුට සහතික කොට කියූවද මේ වන විට ඔහු දැඩි කායික දුර්වළතාවයෙන් පෙළයි. වකුගඩු ජාවාරම්කරුවන්ට විරුද්ධව සාක්‍ෂි සැපයීමට කැමති නම් ඔහුව අදාල බලධාරීන්ට යොමු කල හැකි බව මාධ්‍යවේදියා මෙහිදී පවසා තිබේ. එහෙත් වකුගඩු වින්දිත ද්‍රවිඩ තරුණයා ප්‍රකාශ කොට ඇත්තේ වකුගඩුව ගලවා ගෙන මුදල් ලබා දීමෙන් පසු ඔහුට අවධාරණය කොට තිබෙන්නේ යම් ලෙසකින් ඔහු මේ පිලිබඳව පොලිසියට පැමිණිල්ලක් කලේ නම් වකුගඩුව විකිනීමේ වරදට ඔහුට සිර දඞුවම් ලැබෙන බවයි. මේ නිසා තමන් වකුගඩු ජාවාරම්කරුවන්ට එරෙහිව පැමිණිලි කිරීම ප්‍රතික්ශේප කරන ලදි. 

image source-https://ttvnews.lk/wp-content/uploads/2025/01/karapitiya-hospital-750×375.jpg

අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ගරු අනුශාසක පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පෙන්වා දෙන ආකාරයට වකුගඩු දන්දෙන පිරිස අතර වැඩියනේම සිටින්නේ භික්‌ෂූන් ය. වකුගඩු මාෆියාව බෞද්ධ භික්‍ෂූන්වද රවටා ගෙන ඔවුන් ගේ වකුගඩු ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි. මේ වන විට  වකුගඩු මාෆියාව විසින් බෞද්ධ භික්‍ෂූන් සිය ගනනක් රවටා ඔවුන් ගේ වකුගඩු ලබා ගෙන ධනවත් දායකයන්ට විකුණා ඇත. තවද වර්තමානයේ කරාපිටිය ශික්‍ෂණ රෝහල වකුගඩු ජාවාරමේ මූලස්ථානයක් බවට පත්වී තිබේ. එහෙත් බලධාරීන් නිහඞය. මෙම සාපරාධී මනුෂ්‍ය අවයව ජාවාරම ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට මහත් වූ කළු පැල්ලමකි.  මිනිස් අවයව වෙළෙඳ භාණ්ඩ බවට පත් කරන ලද සමාජයක ජීවත් වීම පවා භයානකය. සේනක බිබිලේ වැනි මානුෂික හිතවාදී වෛද්‍යවරු නොමැති ලෝකයක රංග වීරක්කොඩිලා බිහි වීමද යුගයේ සරදමකි.

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *