ජ.වි.පෙ. 60′ විය ; වාමාංශිකද ? මාක්ස්වාදීද ?

above image source-https://deranaarunalk.s3.amazonaws.com/wp-content/uploads/2019/07/06105746/jvp-sl.png

බොහෝ දෙනෙකුට අනුව ජ.වි.පෙ.වාමාංශික ව්‍යාපාරයක් ලෙස හදුනාගත්තද එය එසේ වන්නේ නැහැ. 1789 දී ප්‍රංශ විප්ලවයට පෙර දහසයවෙනි ලුවී රජු විසින් රැස් කරන ලද “එස්ටේට් ජෙනරාල්” වශයෙන් නම් කල පාර්ලිමේන්තුවේ අසුන් පනවා තිබුනේ පංතීන් වශයෙනු යි. එහිදී රදළවරුන් හා පූජකයින් එම මන්ත්‍රණ සභාවේ දකුණු  පසත්, පොදුජන නියෝජිතයන්(පීඩිත පංතිය) එහි වම්පසත් අසුන් ගත්තා. ඒ අනුව වාමාංශිකයන් ලෙස හැදින්වූවේ මේ වම්පස අසුන්ගැනීම හරහා සිදුවූ පංතිමය පෙනී සිටීමයි. එය මාක්ස්වාදී ව්‍යාපාර වලට ද පොදු වූවේ හා එහිද භාවිතා වූවේ මේ “වමේ” අසුන් ගැනීම සංඛේත වීමෙනුයි. මෙහිදී ජ.වි.පෙ.වාමාංශික නොවන්නේත් මේ අරුතින්මයි. ඔවුන් පීඩිතයින් සංවිධානය කිරීමට වඩා ශිෂ්‍යයන් සංවිධානය කිරීමටත්, ග්‍රාමීය පහල මැද පංතිය සංවිධානය කිරීමටත් දක්ෂ වූවා. කීර්ති බාලසූරිය නිවැරදිව ජ.වි.පෙ. පංති පසුබිම පිළිබඳ කරන නිර්වචනය හරහා මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබිය හැකියි.

එසේනම් ජ වි.පෙ. හැඩය කුමක්ද? කීර්ති බාලසූරියගේ අදහස දිගේ ගමන් කලවිට අපිට එහි මූලික පරමාණුව ලෙස හමුවන්නේ “ශිෂ්‍ය මනසක්”වීම අහම්බයක් නොවෙයි. ජ.වි.පෙ.මධ්‍යම කාරක සභාවට හෝ එහි දේශපාලන මණ්ඩලයට හෝ අවධානය යොමුකලවිට අපිට හමුවන්නේ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය දේශපාලනය හරහා ඉහලට පැමිණි බල ව්‍යුහයක් විනා බ්මේ දේශපාලනය කරනු ලැබ ඉහලට ගමන් කල බල ව්‍යුහයක් නෙමෙයි. මේ ශිෂ්‍ය මනස යනු පහළ  පංතියෙන් පැමිණ, අධ්‍යාපන ඉනිමගේ ඉහලට නැගගත් උන්නතිකාමී පංතියක් විනා වෙනත් දෙයක් නෙමෙයි.

above image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQRA7XDT0Hq8DEWgNf8dwK39APWjCvN_6kwuw&s

මේ ශිෂ්‍ය මනස දේශපාලනය තුළ  කරනු ලැබූ විශාලම විකෘතිය නම් ශ්‍රමයේ පසමිතුරු අක්ෂය ප්‍රාග්ධනයෙන් රාජ්‍යය වෙත විතැන් කිරීමයි. අතීතයේ සෑම මොහොතකම රාජ්‍ය මත පරායත්ත සුරක්ෂිත රැකියා සදහා වන ඔවුන්ගේ අරගලයත්, රාජ්‍යය වෙත ගලා එන ප්‍රාග්ධනයට විරුද්ධ වීමත් එහිදී කියවා ගැනීමට පුලුවන්. මාක්ස් පවා පූර්ව-ධනවාදයට වඩා ධනවාදය උසස් කොට සැලකූවේ ධනවාදී ව්‍යාපෘතිය  හරහා පැමිණෙන මනුෂ්‍ය සම්බන්ධතා ක්ෂ්‍රේත්‍රයේ වෙන විප්ලවය අනුමත කල නිසා විනා පැරනි අගතීන් හා පැටලී සිටීම අනුමත කල නිසා නොවේ.

රුවන් හපුආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *