
සබුද්ධික අන්තර්ගතයන් මුකුත්ම නැති ලංකාවේ හිස් සමාජ අවකාශය ඇතුලේ ලොකු සුධීමත් ඇකඩමික ප්රතිරූප විදියට පිමිබිලා ඉන්න ගොඩක් චරිත ඇත්තටම ගත්තම හරි ශුද්‍ර චරිත…
above image source-https://assets.zyrosite.com/cdn-cgi/image/format=auto,w=392,h=368,fit=crop/AVLBEGOkblCWwnMV/prof-saumya-liyanage-writer-mjExBWXjExtKyQQN.png
එකට එකක් නොගැලපෙන දාර්ශනික වචන ගැටගහලා නැති විදග්ධ ප්‍රථිරූප බවක් එලියට පෙන්නන්ට හැදුවට මේ අයට හරි හමන් දර්ශනක්වත් දාර්ශනික අවබෝධයක්වත් නෑ..
එහෙම තිබුන නම් හදිසියේ කඩාපාත්වෙන දේශපාලන රැළිවල අන්දයො වගේ ගිහින් ඔහොම එල්ලෙන්නේත් නෑ. එන එන රැළිවලට පැනලා ඒවගේ ස්ටේජ් වල දේශපාලකයෝ දෙන මේ සම්මජ්ජාතියේ ඉෂ්ඨ කරන්න බැරි පට්ටපල් බොරු කන්දරාවල් වලට පිටින් පෙනුමක් දෙන්නේ මෙහෙම පුම්බාගත් ඇකඩමික චරිතම තමා. එහෙම තමා ගතවුණූ 76 වසරක අතීතයේ බොහෝ දේශපාලකයෝ බලයට ආවෙත්. එහෙම බලයට ආව දේශපාලකයො ලඟ කූඩැල්ලො වගේ එල්ලිලා වාසි තාන්න මාන්න ඇරගෙන දේශපාලකයා මොන වරදක් කලත් මේ ඇකඩමික චරිත බොහෝවිට කලේ නොදැක්ක වගේ හිටපු එක නැත්තම් මහාප්‍රාන වචන දාලා ඒවා අගනා වැඩකියලා සමාජයට හඳුන්වලා දීපු එකයි.
මාලනී ගේ අවමගුලේ අවසන් දවසෙ සෞම්‍යගේ විකාරෙ විතරක් නෙමේ ලංකාවේ ප්රේක්ෂකයො ඔලුව උඩ තියන් ඉන්න සමහර හිස් නලු නිලි චරිතවල ඇතුලත හිස් කුහකකම් අපි දැක්කා. ඒවා පුම්බගත්තු ප්‍රථිරූප විතරමයි.
මාලනීගේ බොඩි එක ළඟ ඉඳන් ෆොටෝ එකක් ගහගන්න වයසක මනුස්සයෙක්ව අහකට තල්ලුකරලා දානව වගේ අමන වැඩ ගමේ අකුරක්වත් දන්නෙ නැති වයසක උන්දැකෙනෙක්වත් කරන්නෙ නෑ. එහෙම ෆොටෝ ගහලා ප්‍රථිරූප උස්සගන්නත් බෑ. අන්ත පසුගාමී රටක මේවගේ විසූක දස්සන ඇරෙන්න මහා දියුණූ වියත් චරිත, සැබෑ ප්‍රථිරූප එහෙම ලේසියෙන් මතුවෙන්නෙත් නෑ.

