|

අනුරට වඩා මාලිමාව මිටියි..!

ජර්මන් රාජ්‍ය නායකයාට වඩා අනුර උස අඩුද වැඩිද කියන එක නෙවෙයි මේ වෙලාවේ ප්‍රශ්නේ. අනුර කරන වැඩේ සහ අනුර පිටුපස තියන ලංකාවේ මිනිස්සු මිලියන පහක් හයකගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නේ කොහොමද කියන එක. ඒ සඳහා දේශපාලනයක් අවශ්‍ය වෙමින් තියනවා. විශේෂයෙන් මාලිමාව ට පස්සේ දේශපාලනයක් අපි හදන්න ඕනි. 

හැබැයි වැඩේ තියෙන්නේ මාලිමාව තමන්ගේ ප්‍රචාරක වැඩපිළිවෙල කෙරුවේ අහිංසක විදියට නෙවෙයි. එයාලත් රනිල්ගේ ඉණෙන් පහල වැටෙන කලිසම ගැන හිනාවුණා. වයස ගැන කියල හිනාවුණා. එයාලත් බොඩි ෂේමින් කියන එක යම් දුරකට කළා. පෝස්ට් හැදුවා. බොරු කිව්ව. යතාර්තයේ කරන්න බැරි දේවල් කිව්වා. දේශපාලනයේ හිටපු අනික් හැමෝම හොරු කියල එයාලගේ දේශපාලන ජීවිත ඉවරම කරලා දැම්ම. හොරු හිටිය බව ඇත්ත. ඒත් යම් අවංක බවක් තිබ්බ මිනිස්සුත් හිටිය. 

දැන් මාලිමාව එල්ල කරපු ප්‍රහාරය යම් ප්‍රතිචාරයක් (reaction) වෙලා එයාල පස්සෙම එනවා. දැන් නීතිය සහ බලය එයාල සතු නිසා එයාලට පුළුවන් අවශ්‍ය නම් දඬුවම් උනත් දෙන්න. නමුත් ඒක විසඳුම නෙවෙයි. 

ඉන්දු ලංකා ගිවිසුම් අපි තාම දන්නේ නැහැ. කන්ටේනර් ගැන අපි තාම දන්නේ නැහැ. පාරදෘශ්‍ය බව පිළිබද ලොකු ගැටළුවක් දැන් ඇතිවෙලා තියනවා. මම කියන්නේ ඒ තැන් මිටියි කියල. හැබැයි අනාගත දේශපාලනයක් මේ මාලිමාව කරපු දේ කරන්න ඕනි නැහැ. කරන්න බැරි දේවල් කියන්න ඕනි නැහැ. විදුලි බිල ගැන බොරු කියන්න ඕනි නැහැ. හඳ තරු දෙනවා කියන්න ඕනි නැහැ. එහෙම කියල පස්සේ මිනිස්සු ප්‍රශ්න අහන කොට මාධ්‍ය සාකච්චා වලට එන එක වාරණය කරන්න ඕනි නැහැ.

අනුරගේ උස මිටි කම මොකක් උනත් අර ඉහත තැන් වලදී මාලිමාව මිටියි. නමුත් අනාගත දේශපාලනයක් එහෙම මිටි වැඩ කරන්න ඕනි නැහැ. 

මහේෂ් හපුගොඩ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *