|

අභිමානවත් ජාතියක්..!

මාසෙකට වතාවක් හො කීපවතාවක් බස් ලඳරමක් අගලකට පෙරලී මිනිසුන් කීපදෙනෙක් චප්පවී මියපරව යයි. නමුදු අප ඒවාට ලොකු සැලකිලක් නොදක්වමු. හේතුව මෙසේ මිය යන්නේ පරේ යන වෙන මිනිසුන් වීමය. ඒ මියයන මිනිසුන් ගැන කැක්කුමක් සහ කම්පනයක් දැනීමට සමත් කමක් ජාතියක් ලෙස අපවෙත නැති හෙයිනි.

නමුත් අපි ඉන්දියාවේ ගුවන් යානයක් බිම වැටුනු විට කම්පාවෙමු. එසේම ගුවන්‍ යානා අනතුරුවලට මුහුණ නොදෙන ජාතියක් වීම ගැන අපි අපි ගැන ආඩම්බර වෙමු. එයට හේතුව වැටෙන්ට තරම්වත් ඉහල පියාසර කරන ගුවන් යානා අපට නොමැති වීමයි. ඈත එපිට රටවල විශාල සුඛෝපභෝගී මගී නැව්, විශාල ගොඩනැගිලිවල ඇතිවන ගිනි ආපදා ගැන අපි මහත් කම්පාවෙමු. වසර සියයකට පෙර ගිලුනු ටයිටනික් නැව ගැන අපි තවමත් කම්පාවෙන් ඒ ගැන කථා කරමින් සිටින්නෙමු. එහෙත් තමන්ගේ රටේ ධීවර කර්මාන්තයට ගොස් නැවත ගොඩබිමට නොපැමිනි ධීවරයින් ගැනවත් එයින් අසරණ වන පවුල් ගැනවත් අපි සලකිල්ලක් නොදක්වන අවධානය යොමු නොකරන ජාතියක් වෙමු.

ඊශායල් ප්‍රහාරක යානා ඉරානයට බොම්බ හෙලන විට අපි ඊශ්‍රායලයට, ඇමෙරිකාවට එරෙහිව නොබියව පාරට බැස්සෙමු. කිසිවෙකුගේ ගුවන් ප්‍රහාරවලට ලක් නොවන ජාතියක් ලෙස අපි ජාතියක් ලෙස අපි ගැනම ආඩම්බර උනෙමු. එයට හේතුව ලංකාවට බොම්බ හෙලීම සඳහා ඊශ්‍රායලයට හෝ අමෙරිකාවට හේතුවක් නැතිවීම සහ මොනතරම් දරුනු උවත් ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය තාම පිස්සන්ට බොම්බ හෙලීම නොකරන නිසාත්ය.

ඉරානයට බොම්බ හෙලන විට ඊට එරෙහිව පාරට බසින, ඉරාන ජනතාවගේ මානව හිමිකම් ගැන යටිගිරියෙන් කෑගහන, ඒ හෙලන බෝම්බ වලින් අනතුරට ලක්වන කුඩා දරුවන් සහ මිනිසුන් ගැන කම්පාවෙන, රෝහල් වලට පවා බෝම්බ වැටෙන බවට චෝදනා කරන බොහෝමයක් අය එදා තමන්ගෙම රටේ සියවස් ගාණක් එකට ජීවත් වුනු තමන්ගෙම සහෝදර ජනතාවක් ජීවත්වෙන තම්න්ගෙම රටේ උතුරට බෝම්බ හෙලා උතුර අටපට්ටම් කල මොහොතේ දකුනේ පාරවල්වල  කිරිබත් කමින් සතුටුවූ දෙබිඩ්ඩන්  වීමද ජාතියක් ලෙස අපගේ විශේෂ ලක්ෂයනයකි.

ප්‍රියශාන්ත රාජපක්ෂ.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *