ජනා සහ මනා..!

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTTnRKFCaOfgRmN4s-3DTdjBxWYV5MVj2b8iQ&s
රදාවාන මහගමසේකර විද්‍යාලය අසලම පිහිටන්නේ තුන්මං හන්දියකි. මෙහි එක් පැත්තකින් යක්කලටත්, අනෙක් පැති දෙකින් කිරිඳිවැල සහ වැලිවේරියත් යන පාරවල් පිහිටා ඇත්තේය. ශ්‍රීලංකාවේ සුප්‍රසිද්ද තුන්මං හන්දිය මෙයයි. පසලොස්වක පෝය දිනයකි. පුන්සඳ හොදින් පායා තිබිණි. සදඑළිය නිසාම තුන්මං හන්දිය පැහැදිලිව දර්ශනය විය. මධ්‍යම රාත්‍රිය එළබෙමින් තිබුණි. සුදු පාට ජාතික ඇදුමක් ඇඳගත් අයෙක් යක්කල දෙසින් තුන්මං හන්දිය දෙසට පියනගමින් සිටියේය. ඔහු තුන්මං හන්දිය සමීපයටම පැමිණියේය.
පුදුමයකි, ඔහුට සෑම අතින්ම සමානවූ පුද්ගලයන් දෙදෙනෙක් අනෙක් පාරවල් දෙකින් තුන්මං හන්දිය දෙසට පියනගමින් සිටියේය. ඔවුන් දෙදෙනා තුන්මං හංදියට පෙමිනෙනවාත් සමගම දෙදෙනා එකට එකතුවීමෙන් එක් අයෙකු බවට පත්වීය. යක්කල දෙසින් තුන්මං හංදියට පැමිණි පුද්ගලයා නමින් ජයනේරිස්ය. ඔහුට කවුරුත් කිව්වේ ජනා කියාය. සෑම පසලොස්වක පෝය දිනකම පාහේ සිල් සමාදන්වීම ජනා පුරුද්දක් වශයෙන් කරගෙන ගියේය. මෙදිනද එය අනුගමනය කර පන්සලේ සිට ගෙදර බලා යමින් සිටියදී මේ අකරතැබ්බයට මුහුණ දෙන්නට සිදුවිය. ජනා භයෙන් ත්රස්තවීය . ඇගේ මයිල් කෙලින්වීය. මුළු සිරුරම දහදියෙන් තෙමුනේය.තොලකට වියළුනේය. ඔහු මහ හයියෙන් කෑගැසීමට උත්සාහ කලේය. නමුත් මුකය මූට්ටු වී තිබුණ නිසා ශබ්දය පිටවූයේ නැත. මුළු ශරීරයම වෙවුලීමට පටන් ගත්තේය.
මේ නම් හොල්මනක්ම තමයි.ජනා තමන්ටම කියාගත්තේය. ඔහුට ඉතිපිසෝ ගාථාව මතක්වුනේ ය. ඉතිපිසෝ ගාථාව හිතින් කීප සැරයක් කියාගෙන කියාගෙන ගියේය. ඔහුගේ මුඛයේ අගුල් ටිකෙන් ටික ඇරෙන බව ඔහුට තේරුනේ ය. සඳ එළියට හොල්මන හොදින් පෙනුනේය. මේ හොල්මනගේ පෙනුම ඔහුගේම පෙනුමටම හැම අතින්ම සමානවීය. මේනම් ඔහුම විය. එකම වෙනසක් වීය. එයනම් ඇසිපිය ගැසීමක් නම් නොමැති වීමයි.හොල්මනක්ම තමයි. ඔහුගේ නිගමනය නිවැරදි විය. දැන්නම් ඔහුගේ මුඛයෙන් ශබ්දය හොදින් පිටවෙන්න පටන් ගත්තේය.ඉතිපිසො ගාථාව හඩ නගා කියන්නට පටන් ගත්තේය.
“මගේ පින් බලයෙන් මගේ ශීලයේ බලයෙන්, හොල්මන පලයන්, හොල්මන නොපෙනී පලයන්, ” මෙසේ කියාගෙන කියාගෙන ගියේය.
පුදුමයකි, මෙතෙක් වෙලා නිහඬව සිටි හොල්මන කථා කිරීමට පටන් ගත්තේය.
“ජනා”
“ඈ, උබ.. උඹ.. කතාත්කරනවා, මගේ නමත් දන්නවා, අනේ දෙවියනේ උඹ කව්ද, …”
” ජනා මම හොල්මනක් නෙමේ”
” එහෙනමි, ඇයි ඇස් පිල්ලම් නොගහන්නේ, අනෙක ඇයි උඹ මම ම වගේ”
“ජනා උඹ සිල් අරන් ඉන්නේ, උඹ හිත ගැන හොඳට දන්නවා. උඹ මනෝකාය ගැනත් දන්නවා ,”
” ඔව්, මම දන්නවා”
” එහෙනමි ජනා දැනගනින් උඹේම මනෝකාය තමයි මම”
” මගේ මනෝකාය, ඒ කොහොමද, මම මැරෙන්න ඕනෙනෙ මගේ මනෝ කාය එළියට එන්න.”
” උඹ අද දවසේම පන්සලේ හිටියේ, උඹ සෑම පසලොස්වක පෝය දිනකම සිල් සමාදන් වෙනවා. උඹ ගේ හිත දියුණුයි. මේ වෙලාවේ උබ ගේ මනෝකාය එළියට ඇවිත් තියෙන්නේ”
” එහෙනම් මනෝකාය එළියට එන්න මැරෙන්නම ඕනේ නෑ නේද”
” ඔව්, ඔව්, ජනා, මම උඹේ මනෝකාය,.. මම වෙනකෙනෙක් නොවේ, මම උඹමයි”
“එතකොට උඹ මගේ මනෝකාය, හැබැයි උඹ එහෙනම් මට වඩා, දියුණු වෙන්න ඕනෙ, නේද. “
” ඔව් උඹ ට වඩා උඹේ මනෝකාය දියුනුයි, උඹට ඕනෑම දෙයක් දැනගන්න තියනවා නම් මගෙන් අහපන්, මම උත්තර දෙන්නම්”
“හරි මම සූදානම් උඹගෙන් ප්‍රශ්ණ අහන්න, “
” දැන් උබ මට භය නැද්ද”
” ටිකක් භයයි…ටිකක්, ටිකක්”
“හරි තව ටිකකින්, ඒකත් නැති වෙලා යයි”.

image source-https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/a705/live/beacf060-3625-11f0-b2c9-2d36257649ec.jpg.webp, https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRnx1Uj9CbomeYOZ7yHgpiGbzyo_arJw8bXBfA2hBk50U8i9wqOFbdxqvSBGW-PbHzq8LQ&usqp=CA ,https://liveatsrilanka.lk/wp-content/uploads/2025/06/Dr.Maheshi.jpg
” හරි, මගේ පළවෙනි ප්රශ්නය මේකයි, අපේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම දැන් කතාවෙන් නේ හොරු ඇල්වීම ගැනයි. ඇත්තටම සියලුම හොරු අල්ලලා දඩුවම් දීම කරන්න පුලුවන්ද?”
” හොරා පොලිස් සෙල්ලමද, ඒ කෙදිනම් ඔක්කොම අල්ලගන්න පුළුවන්”
” නෑ, නෑ, හොරා පොලිස්නෙමේ, “
” එහෙනම්, එහෙනම්”,
” පසුගිය, ආන්ඩුවල හිටපු මැති ඇමතිවරු, එතකොට නොයෙකුත් ආයතන ප්‍රධානින් වගේ අයට දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා,”
” හරි ජනා මට තේරුණා,ඔයාට දැනගන්න ඕනේ සියලුම හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ද කියලා නේද?”
“ඔව් ඔව්, ඔව්, මනා ‘
” ජනා, මට කියන්න බලන්න,හොරු කියන්නේ කවර ඝනයේ පුද්ගලයන් ද කියලා “
” පොදුදේපල කොල්ලකන උන්”
“හා හා, මට උදාහරණ කීපයක් කියන්නකෝ “,
” අයියෝ, මනා ඕනතරම් දෙන්නම්කෝ”
” මහින්දානන්ද, දුමින්ද දිසානායක, කෙහෙළිය….”
” හා ඇති ඇති, මට තේරෙනවා, … මට ජනා කියන්න බලන්න ඔයා ඔය කිව්ව හිටපු ඇමතිවරු හැර වෙනත් හොරකම් කරන හිටපු ඇමතිවරුන් නැද්ද?”
” අපොයි, අපොයි, ඕනෑ තරම් ඉන්නවා”
” එතකොට හිටපු ඇමැතිවරු ඔක්කොම හොරුද”
” අපොයි නෑ, හොරකම් නොකරන අය ඉන්නවා. හැබැයි සුළුතර පිරිසක්”
” හරි, ජනා ඔයා ඔය කිව්ව සියලුම අය හැර වෙන හොරු නැද්ද?”,
” අපෝ ඕන තරම් ඉන්නවා”
” ඒ කවුද ජනා”
“දෙපාර්තමේන්තුවල ප්‍රධානින්, සංස්ථා මණ්ඩල අධිකාරීවල ප්‍රධානින්, එතකොට තව ඇමතිවරුන්ගේ කාර්යමණ්ඩලවල ප්‍රධානින්, තව ඔය අධක්ෂ මණ්ඩල ප්‍රධානින්, වගේ අය”
” ඔව්, ජනා ගොඩාක් කිව්වා, ඔයා කිව්ව සියල්ලම හොරු ද?”
” නෑ නෑ, හැබැයි කිව්ව අයගෙන් බහුතරයක් හොරු”
” හරි, ජනා ඔබ ඔය කිව්ව සියල්ලම හැර වෙන හොරු නැද්ද?”
” ඉන්නවා, ඉන්නවා තව ඉන්නවා”
” කව්ද ඒ අය”
” කළමනාකාරවරුන්, විධායක නිලධාරින්, ඉංජිනේරුවන්, වෛද්‍ය වරුන්, විදුහල්පතිවරුන්, බන්ධනාගාරඅධිකාරීන්, පොලිස් නිලධාරින්, ඔයවගේ අය”
“ඔයා ඔය කිව්ව සියලුම දෙනාම හොරු ද?”
“නෑ නෑ ඔවුන්ගෙන් අති බහුතරයක් හොරු”, ඒකියන්නෙ කළමණාකරුවො සහ විධායක නිලධාරීන් කොමිස් ගහනවා, වැඩ නොකර සවාරි ගහනවා, ඉංජිනේරුවෝ පාළම් වලින් සහ හදන බිල්ඩින් වලින් ප්‍රමිතිය අඩුකරලා ගසා කනවා, විදුහල්පතිලා ළමයි අලුතෙන් ගනිද්දි ගසාකනවා, වෛද්‍යවරු බේත් වලින් ලෙඩ්ඩුන්ගෙන් ගසා කනවා, පොලිසිය ඉතිං ගන්න දෙයක් නෑනෙ කවුරුත් දන්නවා.
“ජනා ,මම තවත් ප්‍රශ්ණ අහන්නද?”
” එපා එපා මට දැන් හොඳට තේරෙනවා”
” මොකක්ද මොකක්ද ඔබට තේරෙනදේ”
” අපි අපේ රට ගත්තොත් රටේ සියලුම ජනතාව අතරින් අති බහුතරයක් ඉන්නේ හොරු, “
” හරි ජනා ඔබ යමක් තේරුම් ගනිමින් ඉන්නවා, මට කියන්න ගමේ ඉන්න අහිංසක මිනිස්සු කරණ හොරකම් ටිකක්”
” හොර පොල් කැඩීම, හොරෙන් කෙසෙල් කන් කැපීම, පුවක්, ඉගුරු,කහ අන්නාසි හොරකම් කිරීම”
ඔව්” එම හොරකම් වල ස්වභාවය මොකක්ද?”
” ඒව පොඩි පොඩි හොරකම්”
” ඔව් ඒව පොඩි පොඩි හොරකම් තමයි, නමුත් ඒ ඒ අයගේ කැපෑසිටියේ හැටියට ඒ ඒ හොරකම් කරනවා. ලොකු එවුන් ලොකුම හොරකම්, පොඩිම එවුන් පොඩි පොඩි හොරකම්, හරි මට කියන්න නොයෙකුත් ආයතනවල කරණ හොරකම් ටිකක්”
” සම්මුඛ පරීක්ෂණ වලින් සමත් වීම සදහා කරන ප්රයෝගයන්, හොර සහතික ඉදිරිපත් කිරිම, අල්ලස් දීම, ලිංගික අල්ලස් දීම, නොයෙකුත් දීමනා දීම යනාදී නොයෙකුත් දේවල්”, අතිකාල හොරට දැමීම, ටෙන්ඩර් මගඩි, ලොක්ක අල්ලගෙන අයිස් ගැසීම, වැඩවෙලාවෙ කැන්ටිමේ සිටීම, පැයේ වැඩේට මාස තුනක් ජනයා රස්තියාදු කිරීම.
” හරි එතකොට පන්සල් පල්ලි ආරාමවල හොරකම් නැද්ද?”
“තියනවා, තියනවා, මම පංසලක ඉදන්නේ එන්නේ එනිසා ඉතිං අටපිරිකරේ ඉඳලාම හොරකම් තමා, මොකද කඩෙන් පංසලට, පංසලෙන් කඩේට. ඒත් මනා අපි ඒ ගැන කථා නොකර ඉඳිමු, මොකද ඕවා කථාකරලා අද උදේ ඉඳන් සිල් ඇරං හම්බකොරාගත්තු පින් ටිකත් හබක් “
” කමක්නෑ ජනා කමක් නෑ ඔබ දැන් යමක් තේරුම් ගනිමින් ඉන්නවා, මට කියන්න මිනිසුන්ගෙන් අති බහුතරයක් ඉන්නේ හොරුන්නම් ඇයි මිනිස්සු මේ තරම් හොරකමට වංචාවලට විරුද්ධ වෙන්නේ”
” තමන් කරණ ඒවට විරුද්ධනෑ, අනෙක් අය කරන ඒවටනේ විරුද්ධ වෙන්නේ”
“හරි ජනා හරි වංචාව හොරකම සමාජයට වසන් වෙලා තමයි කවුරුත් කරන්නේ, එළිපිට විරුද්ධ වන්නේ අනුන් කරණ හොරකමට, තමන් කරණ හොරකම හරිම කැමැත්තෙන් කරනවා. හදවතට එකඟවම කරනවා”, අනික තමා ලොකු හොරකම් තමන්ට කරගන්න බැරුවට අනිත් උං කරද්දි හරිම විරුද්ධයි ඒකට.
“මට තේරෙනවා මනා, ඇත්තටම ඇයි එහෙම වෙන්නේ”
” මේකයි ජනා, මේ සමාජයේ පදනම මොකක්ද දන්නවද?”
“නෑ මනා මම දන්නේ නෑ මොකක්ද මොකක්ද ඒ”
” මේ සමාජයේ පදනම තමයි හොරකම “
” අපොයි අපෝයි ඒකනම් වෙන්න බෑ කොහෙත්ම වෙන්න බෑ, මනා ඔයාට මොකද වෙලා තියෙන්නේ, ඔයාට නිදිමත ද”
“නෑ නෑ මට නිදිමත නෑ, මම කියන්නේ ඇත්ත”
” ඒකනම් මට කොහෙත්ම පිළිගන්න බෑ මනා”
” හරි ජනා මම කියලා දෙන්නම්”
“හරි කියන්නකෝ බලන්න”
“අහගන්න, එහෙනම්, ආ ඔන්න බස් එකක් එනවා”
” කිරිඳිවැල සිට කොළඹ යන බස්එක. පළවෙනි බස්එක”
” ජනා, දන්නෙම නැතුව පාන්දර ජාමෙටත් ආව. අපි වෙන් වෙන්න වේලාව හරි”
” අනේ මනා, මගේ ප්‍රශ්ණෙට උත්තරේ එතකොට “
” ඒක හෙට මෙතැන දීම”
“කීයටද, වේලාව”
” හරියටම මධ්‍යම රාත්‍රී දෙළහට හමුවෙමු,”
“හොදයි මනා”
” ඔව් ජනා නැවත හමුවෙමු.”
