පාපන්දු ක්‍රීඩාවේ සම්භවය…

පාපන්දු ක්‍රීසඩාවේ හැබෑ උපත පිළිබඳව ඇත්තේ විවිධාකාරවූ කථා ගොන්නක් බැවින් එක් නිශ්චිත මූලයක් ස්ථිරකොට දැක්විය නොහැක. සමහර මූලාශ්‍රයන් දක්වන පරිදි ඉපැරණී පාපන්දු ක්‍රීඩාවට නෑකම් කියන ක්‍රීඩාවන් වල සම්භවය මීට අවුරුදු 3000 කට පෙර දක්වා දිවයයි. එම කාලවකවානු වලදී පාපන්දුවට යොදාගත් පන්දුව හිරුට ආදේශ කොට ගත් බවත්, පරාජිත කංඩායමේ නායකයා දෙවියන් වෙනුවෙන් කැපකල බවත් කියවේ. ඉන්පසුඑ එනම් දෙවන සහ තෙවන ශතවර්ශ වලදී පන්දුවට පාදයෙන් පහරදීමේ තරඟ ලෙසින්වූ ආරම්භයක් චීනයේදී ආරම්භවූ බවටද වාර්ථා වන අතර මේ ක්‍රීඩාව “Cuju” යනුවෙන් හඳුන්වා දී ඇති බවත් මේ ක්‍රීඩාව සඳහා රවුම් බෝලයක් භාවිතාවට ගත් බවත් කියවේ. මේ ක්‍රීඩාව ඉන් අනතුරුව ජපානයේදී තරමක් දියුනු ලෙසින් ” Kemari” නමින් ඇරබී ඇත. මෙම මුල් වකවානුවල පැවති පාපන්දුව වලට සමාන ලෙසින් පැවති ක්‍රීඩා ලොව බොහෝ පැති වලද දක්නට ලැබී ඇති අතර 1800 ගණන් වලදී ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජාතිය වන ඇබොරිජීන් ජාතිකයින් ද, ඉපැරණී ග්‍රීකයින් ද, තවත් විවිධ ජාතීන් ද පාපන්දු ක්‍රීඩාව ඉතාම මූලික ආකාරයට පාපන්දු ක්‍රීඩාව සිදුකර තිබේ.

නමුත් පාපන්දු ක්‍රීඩාවේ යම් මට්ටමකට දියුණු ආකාරයකින් වැඩි දියුණූ වී ක්‍රීඩාව පවති සමයක් ලෙස සලකනු ලබන්නේ 12 වන ශතවර්ශයේදී එංගලන්තයෙනි. මේ කාලයේදී එංගලන්තයේ මාර්ගවල, තැනිතලා ප්‍රදේශ වල සමූහ වශයෙන් ජනයා මෙම ක්‍රීඩාවේ යොමුවී ඇති අතර, පා පහරවල් පමණක් නොව අත් පහරවල්ද මෙයට භාවිතයට ගැනීමෙන් බොහෝ විට මේ ක්‍රීඩාව නිමවී ඇත්තේ උග්‍ර ගැටුම් පවා නිර්මාණය වීමෙනි. මේ හේතුවෙන් මෙම ක්‍රීඩාව බොහෝ කාලයක් තහනම් කොට පවා තිබී ඇත. නමුත් 1835 කාලය වනවිට එංගලන්තයේ පාසැල්වල පවා පාපන්දු ක්‍රීඩාව සීග්‍රයෙන් ප්‍රචලිතවී ඇත.

කෙසේ නමුත් ජාතන්තර පාපන්දු සංගමය (The Federation International de Football Association) FIFA, 1904 දී ආරම්භවීමත් සමගම පාපන්දු ක්‍රීඩාවේ නව යුගයක් ආරම්භ විය. මෙය මුලින්ම යුරෝපය මූලික කොටගෙන ඇරබී අදවන විට ලොවපුරා රටවල් 211 කට අධික ප්‍රමානයක් මෙහි සාමාජිකත්වය දරනු ලබයි. වර්ශ 1930 දී ලෝක පාපන්දු ශූරතාවය ආරම්භ කල අතර ලෝක කාන්තා පාපන්දු ශූරතා 1991 දී ඇරඹීණී. 2022 දී පමණක් FIFA සංගමය සිය පාපන්දු තරඟාවලියන් සඳහා අනුග්‍රාහකත්වයෙන් ලබාඇති ආදායම ඩොලර් බිලියන 5.8 ක් වේ. කෙසේ වෙතත් ලෝක කුසලාන පාපන්දු තරඟ ඇරබුනේ FIFA හි මෙහෙයවීමෙන් 1930 දීය. එහිදී උරුගුවේ කංඩායම ජයග්‍රහණය්ස් අත්කර ගන්නා ලදී. බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානය දිනාගනු ලැබුවේ 1958 දීය. එදා මෙදා තුරදී වැඩිපුරම වාරවල් ගණනක් ලෝක කුසලානය දිනාගනු ලැබුවේද ඔවුන් විසිනි. 1954 දී පළමුව ලෝක ශූරයන් වූ අතර 1974,1990 සහ 2014 යන වර්ෂ වලදීද ඔවුන් ලෝක කුසලානය දිනාගන්නා ලදී.

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *