| |

පෙරටුගාමීන්ගේ කුටුම්බ ආර්ථික දැක්ම..!

අරපරෙස්සම් කරලා ගෙදරක මොකක් හරි වයරින් එකක් කරගන්න යන මුදලයි, ව්‍යාපාරික මට්ටමෙන් ලොකු විදුලි  ව්‍යාපෘතියක් විදියට වැඩක් කරන්ට යන මුදලයි සමානවෙන්නෙ නෑ. එහෙම පේන්නෙ ආර්ථික දැක්ම ගැන තියෙන අවුල නිසා.

ලොකු ව්‍යාපෘති සහ ගෙදරක කුටුම්භ ආර්ථිකය සමාන ලෙස ගන්නවා කියන්නෙම විශාල අවුලක් කියන එක. නමුත් ලංකාව වගේ පසුගාමී සමාජයක් තියෙන රටක පොදු ජනතාවගේ මනෝභාවයත් මේකම තමා. මේ පසුගාමී ජනතා මනෝභාවයන් බිමේ තියෙන පසුගාමී පක්ෂවල අදහස් එක්ක ඉතාම හොඳින් ගැලපෙනවා. ඉතින් මේ වගේ ප්‍රකාශ කියවෙන්නෙත් එක අතකින් මේ ජනයාව පිනවන්න වෙන්නත් පුලුවනි.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_7fbac84402.jpg

මාහාපරිමාන ව්‍යාපෘතියක් ඇතුලේ ඕවර්හෙඩ් එකක් තියෙනවා ප්‍රොපිට් මාජින් එකක් තියෙනවා. මොකද ඕවර් හෙඩ්, ප්‍රොපිට් නැතුව දැවැන්ත සමාගමක් පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම මහ පරිමාන වැඩක් ශ්‍රමදාන ලෙවල් එකෙන් කරන්නත් බෑ. මේ කාරණා පටලගන්නෙ ඒව ගැන තියෙන ආර්ථික දැක්ම ඉතාම පටුනිසා.

ඒවගේම පමහාපරිමාණ සමාගම් සහ ව්‍යාපෘති දිහා ගොඩක් ජාතික කඳවුරුවලට ගොනුවුණූ සුලුධනේශ්වර කොටස් කොහොමත් ඒව දිහා බලන්නෙත් වපර ඇහින්. ගොඩක් වෙලාවට එහෙම විශාල සමාගම් ව්‍යාපෘති පිටින් එන්නෙත් අපේ තියෙන මොකක්ද එකක් ඩැහැගන්න එන අධිරාජ්‍යවාදී බලවේගවල අවතාර කියල තමයි මේ අය බොහෝවිට හිතන්නේ. ඒක ඉතින් එහෙම හිතන එකේ අවුලක් කියල වටහාගන්න එයාලට බැරිඑකත් වෙනම කේස් එකක.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_bf267f5857.jpg

පක්ෂෙ ඇදගෙන යනවා වගේ කන්නෙ බොන්නෙ නැතිව ලෙවකාගෙන කොම්පැණිවල වැඩකරන්නෙ නෑ..ඒ අය සේවක පඩි, අතිකාල  ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්. ගෙවන්න ඕන, අනාගත වැඩ නැතිකාලවලදී සේවක වැටුප් ගෙවන්න මුදල් කොටසක් අයින් කරන්න ඕන..

අපිටත් ආන්ඩුව ගැන විවේචනයක් තියෙනවා. ඒක වෙනම එකක්.

මේවගේ කුටුම්බ ආර්ථික දැක්මකින් ආන්ඩුව විවේචනය කරන්ට යන එක රටටම කරන වරදක්. පිරිමහන කුටුම්බ ආර්ථිකයයි රටක හෝ ගෝලීය ආර්ථිකයයි දෙකක්. පිරිමහන ආර්ථික දැක්මක් එක්ක 1970-77 කාලයේ සිරිමාවෝ සහ වාමාංශික පක්ෂ එකතුවෙලා මුලු රටේම ඇතිකරේ ඔය කියපු කුටුම්භ ආර්ථිකයක්. ඒකෙ ස්ලෝගන් වුනේ අරපිරිමැස්ම සහ අපේම දේවල් අපිම සරිකරගන්න පන්නයේ කුඩා කුඩා වැඩ. අපි ඒකෙ අසාර්ථකත්වය පරම්පරාවක් හැටියට අත් වින්දා එදා.

ප්‍රියශාන්ත රාජපක්ෂ.

(අද්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *