ඉතිහාසය කොයිබටද..?
Gamini Jayasuriya
වත්මන් ජාතික ජනබලවේග රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමත් සමගම ඉතිහාසය පිළිබඳව සමාජමය කථිකාවක් ඇතිවෙමින් පවතී. විවිධ වූ සමාජමය පැතිකඩයන් ඔස්සේ විවිධ වූ මතවාදයන් ඉදිරිපත් කරමින් සිටියි. අගමැතිනි හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රකාශයක් මෙසේ දැක්විය හැකිය.

https://ryagalle.wordpress.com/wp-content/uploads/2012/11/evolution.jpg
“දැන් මේ යනවනේ සාකච්ඡාවක් ඉහිහාසය නෑ කියලා. හොඳට තේරුම් ගන්න කොම්පල්සරි සබ්ජෙක්ට්ස් (Compulsory Subjects) පහක් තියෙනවා. ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් (Elective Subjects)දෙකක් තියෙනවා. ඉලෙක්ට්ව් සබ්ජෙක්ට්ස් ලිස්ට් එකේ හිස්ට්‍රි හා සෞන්දර්ය තියනවා. අපි මේක හැදූවෙම තමාගේ ක්ෂේත්රයට පමණක් කොටු නොවන ළමයෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියල. එතනදි අපි අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ කරුණක් තමයි ඉතිහාසය හා සෞන්දර්යය කියන එක හරිම වැදගත් කියන එක. හරිම අවාසනාවන්ත විධියට මේ මුළු කථාන්තරය කියන්නේ නැතිව ඉතිහාසය හා සෞන්දර්යය මේ විෂය මාලාවෙන් හලලා කියන ඉතාම අසත්‍යය මතයක් සමාජය තුළ ගොඩනගන්න හදන්නේ.”
මෙයට අමතරව ත වත් විවිධ වූ මතවාදයන් සමාජ ගත වෙමින් පවතියි. ඉතිහාසය ඉතාම වැදගත් වූ විෂයක් වන බැවින් එය අනිවාර්ය කළයුතුමය. පිරිසක් එසේ කියයි. තවත් පිරිසක් කියන්නේ එය බාස්කට් එකේ තෝරාගනී මේ විෂයක් ලෙස තැබීම වඩා යෝග්‍යය වන බවයි. ඉතිහාසය කන්නද එය සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශයන් ඉවත් කළයුතු බව තවත් පිරිසකගේ අදහස වන්නේය. තවත් පිරිසක් කියන්නේ, ඉතිහාස විෂයේ සංයුතිය වෙනස් විය යුතු බවයි. එනම් ලංකාවේ රාජාවලිය වෙනුවට ඉන් ඔබ්බට ගොස් ලෝක ඉතිහාසයේ වැදගත් කරුණු ඇතුළත් කළයුතු බවයි.
එහෙත් මේ බොහෝ විද්වතුන් “ආගම” අනිවාර්ය විෂයක් ලෙස තිබීම ගැන කිසිවක් නොකියා සිටීමට පරිස්සම්වෙයි. මේ ජාතික ජනබලවේග ආන්ඩුව බලයට පැමිනීමට ප්‍රථම වේදිකාවලනම් පැවසුවේ “ආගම” වෙත රජයේ අනුග්‍රහයෙන් බැහැර වන බවයි. දියුණු රටවලනම් “ආගම” විෂයක් වන්නේ නැත. එය ඉගෙනගැනීමට කැමතිනම් පමණක් ” ආගම” ඉගෙනගත හැක. වතිකානුව පවතින ඉතාලි වල අධ්‍යාපනය සකස් කොට ඇත්තේද එලෙසිනි. මේ ආකරයට විවිධ වූ මතවාදයන් ඉදිරිපත් වීම ඉතාම වැදගත් වූ දෙයක් ලෙස සැලකිය හැකිය. නිවැරදි වූ මතයකට පිවිසීමට ඇති එකම මග එයම වන්නේමය.

https://worldhistoryedu.com/wp-content/uploads/2019/05/Roman-Gladiators.jpg
ඉතිහාසය යනු කුමක්ද?
ඉතිහාසය යනු මිනිසාගේ ක්‍රියාකාරිත්වය ම මිස වෙනත් යමක් නොවේ. එය ඉගෙනීම යනු ” මානවවාදය” සහ එහි ක්‍රියාකාරිත්වය විද්‍යාත්මකව හා ගවේෂණාත්මකව හැදෑරීමයි. ඉතිහාසය තුළින් මිනිසා තමන්ගේ පැවැත්මේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරනවා කියා හේගල් විසින් කියනලදී. ඉතිහාසය කියන්නේ, අරගල සහ ශ්‍රමය තුළින් මිනිසා තමන්ගේම කිසිවක් නොමැති බව / හිස් බව පිළිගැනීම තහවුරු කරගන්නා ක්‍රියාවලියයි. මෙහිදී ඉතිහාසය කියන්නේ, මිනිසා තමන්ගේ අභ්‍යන්තර හිස්බව හෝ අර්ථ විරහිත බව තේරුම් ගෙන, එය ලෝකයට පිළිගැනීමට සැලැස් වීමේ ක්‍රියාවලියක් ලෙසයි හෙගල් දකින්නේ. මිනිසුන්ගේ ලොකුම ජයග්‍රහණය වෙන්නේ තමන් තුළ තිබෙන හිස්බව ( void) තමන්ගේ ලෝකයෙත් ඉතිහාසයෙත් පදනම බවට පත්කරගන්න එක කියලා තමයි හේගල් සරලව කියා සිටින්නේ.
ඉතිහාසයේ නියාමයන් කවරේද?
ජලයේ අවස්ථාවන් වන, ඝන අයිස්, ද්‍රව ජලය, හා හුමාලය යනාදී වශයෙන් විවිධ වූ අවස්ථාවන් පවතින්නේ තාප ශක්තියේ ප්‍රමාණාත්මක වෙනස මතයි. තාප ශක්තියේ ප්‍රමාණාත්මක වෙනස අනුව ජලයේ අවස්ථා විපර්යාශයන් සිදුවන්නේ යම් පරිද්දෙන්ද, එසේම එම පරිද්දෙන්ම සමාජයේ අඩංගු ශක්ති ප්‍රමාණය මත සමාජයේ අවස්ථා විපර්යාසයන් ද සිදුවන්නේමය. මිනිස් සමාජය සැලකූ විට ස්ථිතික ව පවතින දෙයක් නම් නොවන්නේමය. එහි ගතික ස්වභාවය එයට ආවේනිකවු ලක්ෂණයක්ය. පහළ නැතහොත් සරල මට්ටමක සිට ඉහළ නැතහොත් සංකීර්ණ මට්ටමක් කරා ගමන් කිරීම සමාජයේ එම ලක්ෂණයයි. මේ ආකරයට සමාජය විවිධ වූ මට්ටම් හරහා ඉහළට ගමනක යෙදී සිටින්නේය.
සමාජයේ පහළම ප්‍රාථමික මට්ටම ඉතාමත්ම සරල අවස්ථාවක්ය. එහිදී තම වාසස්තාන ලෙස ගස් බෙන, ගල් ගුහා, භාවිතා කර තිබුණි. ආහාරය ලෙස සතුන් මරාගෙන කෑම පමණක්ම නොව මිනිසා විසින් මිනිසා මරා කෑම ද පැවැති අශිෂ්ඨ යුගයකි. මෙවන් වනචාරී අශිෂ්ඨ යුගයක සිට ක්‍රමිකව ඉදිරියට සමාජය ගලාගෙන යන්නේ පඩිපෙළක් නගින අයුරිනි. කාලය අනුව පඩි නැගීම ක්‍රමානුකූලව සිදුවී ඇත්තේමය. එහිදී පහළ සිට ඉහළට යාම මෙන්ම සරල අවස්තාවේ සිට සංකීර්ණ අවස්ථාවට යාමද සිදුවී ඇත්තේමය.
සමාජයේ චලිතය දෙස බලන කල එයට නිශ්චිතව ආකාරයක් ගත් බව පැහැදිලි වන්නේය. එයනම් පහළ සරල මට්ටමේ සිට ඉහළ සංකීර්ණ මට්ටම දක්වාය. ඉහළට ගිය මට්ටමක් නැවත ආපසු ඒමක් සිදුවී නොමැත. සිදුවී ඇත්තේ එය ඊට වඩා ඉහළ මට්ටමක් කරා ගමන් කිරීමය. මේ සියල්ලම එකට ගත්කළ කිවහැකි දෙයනම්, සමාජයට පැහැදිලි යාන්ත්‍රණයක් තිබුණු බවයි . එය ඉතිහාස ගතව පැවති යාන්ත්‍රණයක් බවද පැහැදිලි වන්නේමය.
ඉතිහාසය යනු හුදු අහම්බයක්ද?
පෘථිවියේ සම්භවයත්, ඉන් අනතුරුව සිදුවී ඇති මිනිසාගේ සම්භවයත් ඉබේසිදුවූ අහඹු ක්‍රියාවන්ද ? එසේත් නොමැතිනම් සිදුවිය යුතුම අනිවාර්ය ක්‍රියාවන්ද? මේ කාරණාවන් ඔස්සේයාම මගින් ඉතිහාසයේ සැබෑ සම්භවය පිළිබඳව අවබෝධයක් ලබගැනීමට පුළුවන.
ජීවයේ සම්භවය සිදුවීමෙන් අනතුරුව මිනිසාගේ සම්භවය සිදුවී ඇතිබවට විද්‍යාත්මකව තහවුරු කොට ඇත්තේය. මිනිසාගේ සම්භවය සිදුවීමෙන් අනතුරුව සමාජයේ බිහිවීමත්, එය තවදුරටත් ක්‍රමිකව වර්ධනය ඉදිරියට සිදුවීමත් පැහැදිලි වූ කරුණක්මය. මෙහිදී මේ සියල්ලම සිදුවී ඇත්තේ බොහෝ සාධකයන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය නිසාමය. එනම් මේ සියල්ලටම හේතුවක් හා එනිසාම හටගත් ඵලයක් ඇත්තේමය. එසේ නොමැතිව අහේතුකව සම්භවය වීමක් සිදුවී නොමැත.
මිනිසා සමාජගත වීමත් එතැන් සිට අද දක්වා සිදුවී ඇති විකාශනයත් සලකා බැලුවිට එය සිදුවී ඇත්තේ පැහැදිලි ක්රමික රටාවකට වීමත්, එම රටාව හටගෙන ඇත්තේ හේතුව සහ එයටම සම්බන්ධවූ ඵලයක් විසින් වීමත් කරණ කොටගෙන මිස අහඹු ක්‍රියාවක් විසින් නම් නොවන්නේමය.
අහම්බය අහම්බයකින් නිශේධනය.
නමුත් සමාජය තුළ ඇති පදම් අහඹු සිදුවීම් සිදුවන බව අපේ අත්දැකීම් වලින් තහවුරු වී ඇත්තේය. ඒවා ඇතිවෙයි. ඒවා එසේම නැතිවීයයි. එසේ නැතහොත් ඒ අහඹු සිදුවීම තවත් අහම්බයකින්ම නිශේධනය වී යයි. උදාහරනයක් ලෙසට ක්ලියෝපැට්රාගේ නහය මදක් ඇදවී පිහිටියානම් රෝම ඉතිහාසය වෙනස්විය හැකිව තිබුනේද? මන්ද සුරූපී ක්ලියෝපැට්රා විසින් රෝම අධිරාජ්‍යයේ ගමන් මගට සීසර් සහ මාක් ඇන්ටනි වැනි අය හරහා කරනලද බලපෑම සුලුපටු නොවේ. නමුත් සුරූපී ක්ලියෝපැට්රාගේ නහය යම් හෙයකින් ඇදවී විරූපීව පිහිටියානම් ඇයගේ රූ සපුවෙන් සීසර්, මාක් ඇන්ටනි වැනි බලවතුන්ගේ ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ හැකියාවක් ඇයට ඇතිවන්නේ නැත. එසේ වූවානම් ඉතිහාස ගමන් මග එමගින් වෙනස් වීමට ඉඩක් තිබුනේද නැතිනම් ක්ලියෝපැට්රාගේ විරූපී නහය වෙනුවට වෙනත් සුරූපිනියක් ක්ලියෝපැට්රාගේ තැන ගැනීමට ඉතිහාසය ඉඩදෙනු ලබන්නේද?
නැවත වරක් බොහෝදුරට එකම සිදුවීම් එසේම සිදුනොවෙයි. සිදුවුවත් නැවතත් අභාවයටම යයි. මෙහිදී දැකියහැකි විශේෂ තත්වය නම් සමාජයේ ඉදිරි ගමනට මෙම සිදුවීම් වලින් බලපෑමක් ඇති නොකිරීමයි. අහඹු ක්‍රියාවන්ගේ බලපෑම අනිවාර්ය ක්‍රියාවන්ගේ බලපෑමෙන් වෙනස් වන්නේ එසේමය. අනිවාර්ය ක්‍රියාවන්ගේ බලපෑම සමාජය තුළට සංකලනය වී ඉදිරියටම යන්නේමය. අහම්බයෙන් සිදුවන ක්‍රියාවන් අහම්බවලින්ම නිශේධනයවී කෙළවර වන්නේමය. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වේළුපිල්ලේ ප්රභාකරන් නායකත්වය දුන් LTTE සංවිධානය ඔහුගේ මරණයත් සමගම නැතිවී ගියේය. හිට්ලර් ගෙනගිය නාසි විරෝධී ව්‍යාපාරය ඔහුගේ මරණයත් සමගම නැතිවී ගියේය. මහා ඇලෙක්සන්ඩර් රජුගේ මරණයෙන් පසු ඔහුගේ ජනරාල් වරු අතර ඔහු ජයගත් ප්‍රදේශ පාලනයට නතුවූ නමුත් කෙටි කාලයකින්ම ඒ බලය වාශ්ප විය.
ඉතිහාසය ගොඩනැගෙන්නේ තනි තනි පුද්ගලයන්ගේ ක්‍රියාවන්ගේද?
යම් තනි සුවිශේෂවූ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරිත්වය මුල් කොටගෙන ඉතිහාසය බිහි වූයේද? එසේ නොමැති නම් යම් පුද්ගලයෙකු ගේ හෝ සමාජ කණ්ඩායමක මැදිහත් වීමෙන් ඉතිහාසය බිහිවූයේද? තවදුරටත් කිවහොත් ඉතිහාසය වනාහී මිනිස් ක්‍රියාකාරිත්වයේ ධීර වීර ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ද?
ඉතිහාසය ගොඩනැගීම සදහා යම් යම් තනි පුද්ගලයින්ගේ ක්‍රියාකාරිත්වය වගේම සමාජයේ ක්‍රියාකාරිත්වයද එකසේම වැදගත්වේ. මෙයින් පළමුව සිදුවිය යුක්ත නම් සමාජමය ක්රියාකාරීත්වයයි. ඊට පසුව පුද්ගල ක්‍රියාකාරිත්වය සිදුවියයුතුය. සමාජමය ක්‍රියාකාරිත්වයකින් තොරව පුද්ගල ක්රියාකාරිත්වයකට කළ හැකි දෙයක් නොමැත. සමාජය සතුවන බලයේ ප්‍රමාණය අනුව පුද්ගලයන් සතුවන බලයේ ප්‍රමනය රදාපවතියි. හේතුව නම් මිනිසා යනුම ස්වභාවයෙන්ම සාමාජීය වන බැවිණි.
” මිනිසා ස්වභාවයෙන්ම සාමාජීය නම් ඔහු ඔහුගේ සත්‍යය ස්වභාවය වර්ධනය කර ගනුයේ සමාජයේදී පමණි. ඔහුගේ ස්වභාවයේ ශක්තිය මැනිය යූක්තේ එක් එක් පුද්ගලයින්ගේ බලය අනුව නොව සමාජයේ බලය අනුවය.”
( කාල් මාක් ස්)

(ආගිය කථා බ්ලොග්)
එබැවින් ඉතිහාසය යනු එක් එක් පුද්ගලයින්ගේ අභිලාෂය අනුව ගොඩනැගුනා වූ දෙයක් නොවේ. එය නම් මූලිකවම සමාජ ක්‍රියාකාරිත්වය මතම බිහිවූ දෙයකි. සමාජයේ ක්‍රියාකාරිත්වය යටතේ පුද්ගලයන් දසදහස් ගණනක් ඉක්මවා ගිය ක්‍රියාකාරී බලයක් උත්පාදනය වුවත් ඉන් ප්රමුඛ වෙන්නේ බොහෝවිට එකම එක ක්‍රියාකාරිත්වයකි. නැතහොත් එකම එක බලයකි. දුටුගැමුණු, ධාතුසේන, විජයබාහු , පරාක්‍රම බාහු, මහසෙන්, යනාදී වශයෙන් ගත්කළ මහා රජවරුන් බිහිවන්නේ ඔවුන්ගේ මනසේ උපදින්නා වූ රාජාභිෂේක ආශාව නිසාමනොව, එම කාල වකවානුවේ පැවැති සමාජ ආර්ථීක දේශපාලනික පසුබිම ප්රමුඛව බලපෑ නිසාමය. මෙම සමාජ පසුබිම අනිවාර්ය සාධකය වන අතර එයට සමපාතවන පරිදි සුදුසු චරිතයන් රජකමට පත්වී ඇත්තේය. කුඩාපොල හාමුදුරුවෝ, ගොන්ගාලේ ගොඩබණ්ඩා, වීරපුරන් අප්පු, වීර කැප්පෙටිපොළ, වැනි පුද්ගලයන් බිහිවීම පිටුපස තිබෙන්නේද, එයට අවශ්‍ය සමාජ ආර්ථීක දේශපාලන සාධකමය. එම තත්වයන්ට අවශ්‍ය පුද්ගලයන් සමාජය විසින් සපයා ඇත.

හිට්ලර්, මුසොලනී, හිරෝහිතෝ, අශෝක අධිරාජයා, ජූලියස් සීසර්, ලෙනින්, කාල් මාක්ස්, මාඕ සේ තුං, යනාදී වශයෙන් ප්රමුඛ වූ චරිත බිහිවී ඇත්තේද, එසේමය. එනම් සමාජයේ උපදින තත්වයන් විසින් එයට අනුරූපී පුද්ගලයන් බිහිවී ඇත. එසේ නොමැතිව ඔවුන් විසින් සමාජයේ තත්ත්වය නිර්මාණය කර නැත. නමුත් මෙහිදී ඉස්මතු වෙන පුද්ගලයාගේ වටිනාකම ඉහළින්ම පවතියි. ඔහුට හෝ ඇයට පසුපසින් අනෙක් සියලුම දෙනා සිටින්නේමය. ඉතිහාසය පුරාම මෙවන් පහන් කණු නැතහොත් පෙරගමන් කරුවන් සිටින්නේමය.
” ඉතිහාසයේ සිටියේ එකම එක මිනිසායි “
( ෆෙඩ්රික් නීඩ්ෂේ)
අරමුණු හඹායන මිනිස් ක්‍රියාකාරිත්වය.
ආදී මිනිසාට තිබූ මූලිකම අවශ්‍යතාවයන් නවීන ලෝකයේදී වඩාත් සංකීර්ණ අවස්ථාවක් බවට පත් වී ඇත්තේය. ආදී මානවයාට මූලිකම අවශ්‍යතාවය වූයේ ආහරය පමණි. පසුව මෙම සරල අවස්ථාව ටිකෙන් ටික ක්‍රමිකව සංවර්ධනයවිය . නවීන ලෝකයේදී එය වඩාත් සංකීර්ණ වූ අවධියක් බවට පත්වී ඇත්තේය. ආහාර, නිවාස, අධ්‍යාපනය, රැකීරක්ෂා, ශරීර සුවතාවය, ප්‍රවාහනය, සේවා සැපයුම්, මූල්‍ය සේවා, කළා කටයුතු, සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය, විදුලිය ,යනාදී වශයෙන් විවිධ වූ අවශ්‍යතාවයන් රාශියක් බිහිවී, ඒවා තවදුරටත් සංවර්ධනය වෙමින් පවතී. මේ සියලුම අවශ්‍ය තවයන් ඉටුකර ගැනීම අරමුණු කරගෙන සෑම මොහොතකම කායිකව හා මානසිකව මහත් සංග්‍රාමයක වත්මන් මිනිසා යෙදී සිටියි.
“ ඉතිහාසය යනු තම අරමුණු හබායන මිනිසාගේ ක්‍රියාකාරිත්වය ම මිස අන් යමක් නොවන්නේය.”
( කාල් මාක්ස් )
ඉතිහාසය අනිවාර්ය නොකිරීමේ ප්‍රවාදය.

https://i.imgur.com/OVMqfw2.jpg
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය බාස්කට් විෂයක් ලෙස තෝරාගැනීමට ලක්කිරීම ගැන රටතුළ විවිධ වූ මතවාදයන් තිබුණද ,ඉතාමත් කලාතුරකින් ඉතාමත් සුළුපිරිසකගෙන් ඇසෙන මතවාදය කුමක්ද? එයනම් මේ පවතින විෂය නිර්දේශය යටතේ ඉතිහාසය විෂයට අසාධාරණයක් සිදුවී ඇතිබවට තිබෙන්නාවූ ප්රවාදයයි. උගතුන් ගෙන් බහුතරයක් ම කෑමොර දෙන්නේ, දැන් පවතින විෂය නිර්දේශයම අනිවාර්ය කරණ ලෙසටය. ලංකාවේ රජවරුන්ගේ රාජාවලිය ගැන, පැරණි වැව් හා දාගැබ් ගැන, ගල් කණු ශිලා ලේඛන ගැන, වැනි කරුණු ඇතුළත් කටපාඩම් ඉතිහාසයක් මෙයට ඇතුලත් වේ.
ඉතිහාසය යනු රජවරුන් විසින් ඔවුන්ගේ මනෝරාජික සංකල්පයන්ට අනුව ගොඩනැගු වංශ කතාවක් මිස ඒ තුළ බහුතරයක් වූ මිනිස් සමාජයේ ක්‍රියාකාරිත්වය උවමනාවෙන්ම බැහැර කර ඇත්තේය. ශ්‍රීලාංකික ඉතිහාසයේ මානව ක්‍රියාකාරිත්වය, හෝ ලෝක ඉතිහාසයේ මානව ක්‍රියාකාරිත්වය මෙහි ඇ තුළත් කර තිබේද? මානවයාගේ ප්‍රාථමික සමාජයේ සිට අදදක්වාම සිදුවී තිබෙන වංශකථාව මෙහි ඇ තුළත් කර තිබේද ? පළවන ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය, කුරුස යුද්ධය, වැනි දේවල් ඇසුරෙන් බලය හා ධනය පිළිබද මානව ක්‍රියාකාරිත්වය ගැන ඉගැන්වීමක් මෙහි තිබේද ? නැත. මේ සියල්ලටම පිළිතුරු නැත යන්නයි.
යහපත් පුරවැසියෙක් බිහිකිරීමට නම් මෙවැනි ජාතික මෙන්ම ජාත්‍යන්තර කරුණු ඇතුළත් වන පරිදි ඉතිහාසයේ විෂය නිර්දේශය සංශෝධනය වියයුතුමය. එසේ නොමැති නම් මේ පවතින විෂය නිර්දේශය බාස්කට් එකේ තිබීමෙන් හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කීරිමෙන් කිසිම ප්‍රශ්නයක් වන්නේ නැත්තේමය. එසේ පැවසීමට ඕනෙතරම් කරුණු අප හමුවේ ඇත්තේය.
සිංහල, ගණිතය, ඉංග්‍රීසි, විද්‍යා ව, යනාදී විෂයයන් අනිවාර්ය කිරීම සුභදායක ක්‍රියාවකි. එම විෂයන් තුළින් ළමා පරපුර වෙත ලබාදෙන දැනුම ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම පවතින්නේමය. එම විෂයන්ට සාපේක්ෂව දැන් පවතින ඉතිහාසයෙන් ලබාදෙන දැනුම කුමන ප්‍රමාණයක්ද ?
ඉතිහාසය අනිවාර්ය නොකිරීම ගැන හඬනගන උගතුන් ඇතුළු පිරිස ඉතිහාසයට ඇතුළත් වියයුතු කරුණු පිළිබඳව හඩක් නගනවානම් එය අද දවසේ කාර්යය භාරය ලෙස සදහන් කළ යුතුමය. මක්නිසාදයත් මේ දක්වා දශක ගණනාවක් ඉගැන්වූ ඉතිහාසය තුලින්ද ඔය බලාපොරොත්තුවූ “පුරවැසියා” බිහිනොවී ගෝත්‍රික මානසිකත්වය ඇති විකෘත්ති පරම්පරාවල් බිහිවීම නිසාය.
” වෙනසෙහි රහස නම් පැරණි දේ සමග සටන් කිරීම නොව අළුත් දේ ගොඩනැගීමට ඔබේ සියළු ශක්තිය යොමු කිරීමයි .”
( සොක්රටීස් ).

ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය).
“89-සහෝදරත්වය”