හාමුලාගේ දේශපාලනයෙන් පසු දේශපාලනය..!

අද පන්ති අරගලය කියන්නේ තත්‍යසමාන ඇල්ගොරිදමය සහ දේශපාලන පක්ෂ අතර තියෙන තිරයන් මත වු අනවරත අරගලයකි.[ Real Dimension ]

ධනපති ක්‍රමය පුද්ගලයා ට ප්‍රකාශ වීමේ නිදහස [inner freedom ] අනන්තයට හෝ තමන්ගේ සීමාව දක්වා දිගු කර තිබේ.

අනෙක් පැත්තෙන් Facebook වැනි සමාගම් බිලියන ගණන් ලාභ ලබන්නේ ප්‍රවේණි දාස ක්‍රමයට තමන් වෙනුවෙන් නිකං වැඩ කරන සහ සටන් කරන පීඩිතයන් හරහාය.[ Facebook සමාගම ඉදිරි වසර තුන තුළ ඇමරිකාවේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වන ආයෝජනය ඩොලර් බිලියන 600 යි .]

කෙහෙල් බද්දර පත්මේ අල්ලල ටෙලිනාට්‍ය පෙන්වන අතරේ බලශක්ති ව්‍යාපාරයේ විශාල පංගුවක් ධම්මික පෙරේරා  සිත් රිදවීමකින් තොරව ලබා ගන්නවා.

මේ වන විට නේපාලය තුළ විශාල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් ඇත. මෙහි ප්‍රධානම සටන ආරම්භ වන්නේ සමාජ මාධ්‍යය තහනම් කිරීමත් සමඟය. ඒ සමඟම උරන වූ එරට තරුණ තරුණියන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කරන ලදී. මෙම උද්ඝෝෂණ රැල්ල පසුව සමාජ මාධ්‍යයෙන් ආණ්ඩු විරෝධයට විතැන් වන්නට විය. එහි ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුව සහ ඊට සම්බන්ධ පුද්ගලයන්  මත  ඉතා දැඩි හිංසනයක් මුදා හැරීමයි.

image source
https://i0.wp.com/whatnews.lk/wp-content/uploads/2025/09/Nepal-Protest-2.jpg?fit=810%2C513&ssl=1

ලංකාව පැවති අරගලය තුළද මෙවැනිම වූ ආකාරයක විශාල හිංසනයක් මුදා හැරීම සිදුවිය. එදා අරගලයට සම්බන්ධ වූවන් ප්‍රකාශ කළේ දූෂිත පාලකයන් ගෙදර යැවීමට ඇති හොඳම ක්‍රමය වන්නේ මෙම අරගලය ක්‍රමවේදය වන බවයි.

නමුත් කිසිවෙකු කතා නොකරනු ලබන දෙය වන්නේ මෙවැනි ආකාරයෙන් පාලකයන් ඉවත් කිරීම තුළින් මීළඟට බලයට පත්වන්නේ කවුරුන්ද යන වගයි. සත්‍ය ලෙසම ප්‍රජාන්ත්‍ර විරෝධී ආකාරයෙන් පාලකයන් ඉවත් කිරීමෙන් පසුව බලයට පත්වන්නේ ප්‍රාදේශීය වශයෙන් චණ්ඩීන්ය. එනම් නැවත ශරීර බලය ප්‍රමුඛ වීමයි. (තුවක්කු හා ශරීරය මගින් සිදු කරනු ලබන කරනු ලබන පාලනයයි.) මේ  තුළදී ප්‍රජාන්ත්‍රවාදයට කිසිදු ඉඩක් නැත. කැමති කෙනෙකුට මෙවැනි පාලනයක් ගොඩනගා ගත හැකිය. එවිට බලය ලබා ගන්නේ කෙහෙල්බද්දර පද්මෙ, හරක් කටා, වැනි චන්ඩීන් ය. මේ වන විට නේපාලයේ බලය අත්කර ගෙන ඇත්තේ අන්තවාදී මුස්ලිම්වරු සහ ප්‍රාදේශීය චන්ඩීන් ය. ලිබියාව, ඊජිප්තුව,  බංගලිදේශය වැනි රටවල මේ වන විටත් මෙවැනි පාලනයක් ක්‍රියාත්මක කරමින් ඇත.

මේ රටින් බංගලිදේශයට සහ අනෙක් රටවලට ආදර්ශයක් දුන්නා යයි කියන මෙරට අරගල කරුවන් අද එහි සතුට සමරමින් ඇත. මෙවුන්ට අමතක වන්නේ මොවුන් එදා කියූ සහ කල දේවල් ය. ඕනෑම දෙයකට අර්ථය එන්නේ පසු ආවර්තිතව බැවින් ඔවුන්ට ඒ ගැන කිසිඳු අවබෝධයක් නැත. 

අනෙක් අතට චාමර සුමනපාල දවසට වීඩියෝ 2 බැගින් සිදු කරමින් කියමින් සිටින්නේ දැන් වන විට ” හාමුලාගේ දේශපාලනය අවසන් බවයි”. චාමර සුමනපාල කියන්නේ දැන් එන්නේ අතුරුලියගේ දේශපාලනය, බුලත්සිංහල දේශපාලනයයි. අපනම් දැනට වසර 20ක සිට මෙම දේශපාලන ක්‍රම දෙක ගැනම අවබෝධය ලබා ගන්නා ලදී. අප චාමර සුමනපාලට කියන්නේ මේ හාමුලාගේ දේශපාලනය ගැන ද එහි ප්‍රතිඵල ගැනද වීඩියෝවක් කරන්න. එක පැත්තක් ගැන පමණක් වීඩියෝ ඉදිරිපත් කිරීමෙන් පලක් නැත. මේ දේශපලන ක්‍රම දෙකෙන් රටට වූ දේද කියන්න.

රුවන් හපුආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *