|

වසන්තගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය…!

යමෙකු කොටස්වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම් ඔහුට පෙරලා ඉන් ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ අදාල සමාගම විසින් එකී සමාගමේ වැඩකරන සේවකයින්ගෙන් සූරාකනු ලබන අතිරික්ත වටිනාකම් වලින් කොටසකි. ලාබයේ කොටසක් යනු එයයි.

මෙහි ඇති ගැටලුව නම් එක් පැත්තකින් වෘතිය සමිති නායකයෙකුවී කම්කරු සූරාකෑමට එරෙහිව සටන්කරන වසන්ත තවත් පැත්තකින් සමාගම් විසින් කම්කරුවන් සූරාකෑමෙන් ලබන ලාබයේ කොටස් කරුවෙක් වන්නේ කෙසේද යන්නෙහිය.

තවත් පැත්තකින් වසන්ත යනු සමූපකාර ඇමතිවේ. සමූපකාරය යනු පුද්ගලික කොම්පැනි වලට එරෙහිව ජනතාවගේම නිශ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලියක් සඳහා සෑදූ ආයතන පද්දතියකි. මෙහි ඇති ගැටලුව  සමුපකාර ඇමති තමන්ගේ මුදල් සමූපකාරයේ ආයෝජනය නොකර පුද්ගලික කොම්පැනිවල කොටස් ලෙස ආයෝජනය කලේ මන්ද යන්නෙහිය.

මෙහිදී ඔහුගේ සමූපකාරය ඔහුටම ෂුවර් නැතුවා දෝයැයි සැකයක්ද මතුවෙයි.

අනිත් ගැටලුව ජ.වි.පෙ. යනු පුද්ගලික අධ්‍යාපනයට විරුද්ද සහ සෑම විටම රාජ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවෙන් මරාන්තික ලෙස පෙනීසිටි සංවිධානයකි. නමුත් වසන්ත සමරසිංහ මුදල් උපයා ඇති තවත් ක්‍රමෝපායක් වන්නේ පුත්ගලික අධ්‍යාපන කලුකඩ වලට ශාලා කුළියට දීමය.

(මෙයද පෙර ප්‍රපංච සේම උබතෝකෝටික විරුද්ධාබාෂයකි. ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency)ක්‍ර්‍රියාවලියද එවැනිම විරුද්ධාබාශී මජර වැඩකි)

image source
https://www.wsws.org/asset/8c172d35-c07c-49fc-b2f2-97048e08e0e7?rendition=1600×900

අමාත්‍යවරයා සතු වත්කම් මොනවා ද?

දීර්ඝ කාලයක් ජ.වි.පෙ පූර්ණකාලීනව කටයුතු කලායැයි කියන, ඒ කාලය තුල සමාජවාදී සමාජයක් වෙනුවෙන් පෙනීසිටි සහ කම්කරු නායකයෙකු ලෙස පෙනී සිටි වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සමීප සාමාජිකයන්හට අයත් වත්කම් ලෙස ඔහුගේ වත්කම් ප්‍රකාශයේ දක්වා ඇති ප්‍රධාන වත්කම් පහත පරිදි ය. මෙම උපුටා ගැනීම සහෝදර වෙබ් අඩවියක් වන The Leader වෙබ් අඩවියේ පළවූ ලිපියෙනි.

Fපිළිවෙළින් රු. මිලියන 150ක් සහ 75ක් වටිනා පවුලෙන් උරුම වූ වාණිජ ගොඩනැගිලි දෙකක්

F එක් අයිතමයක් රු. මිලියන 3.25ක් වටිනා සූර්ය පැනල දෙකක්

F පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 10ක් වටිනා නේවාසික ගොඩනැගිල්ලක්

F රු. මිලියන 1.43ක් වටිනා ආභරණ

F පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට අයත් පිළිවෙළින් රු. මිලියන 2.21ක් හා 0.91ක් වටිනා ආභරණ

F 2013 වර්ෂයේ නිෂ්පාදිත රු. මිලියන 15ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක්

F රු. 653,850ක හා රු. මිලියන 1.1ක ඉත්රුම් තැන්පතු දෙකක්

F පවුලේ සාමාජිකයෙකුට අයත් රු. ලක්ෂ 2ක ස්ථිර තැන්පතුවක්

F පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 1.1ක ඉතුරුම් තැන්පතුවක්

F පවුලේ සාමාජිකයෙකුට අයත් LOLC සමාගමේ කොටස් 21,000ක්

F හිමිකාරිත්වය සහිත රු. මිලියන 5.1ක වාර්ෂික අදායමක්

F වාර්ෂිකව රු. ලක්ෂ 7ක කෘෂිකාර්මික අදායමක්

F වාර්ෂිකව රු. ලක්ෂ 2ක සූර්ය පැනල අදායමක්

F පවුලේ සාමාජිකයෙකුට වාර්ෂිකව හිමි වන රු. මිලියන 3ක වාර්ෂික ආදායමක්

F ඇ.ඩො. 3,000ක් වටිනා ඩිජිටල් මුදල් ඒකක

ප්‍රියශාන්ත රාජපක්ෂ.

(අද්‍යයන කවය)

“89-සහෝදරත්වය

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *