කුර හා මුඛ රෝගය පාලනය බිඳ වැටිම..!


ඉහත රෝගය ගවයන් ඇතුලු කුර සහිත සතුන්ට ආසදනය වන වසංගත රෝගයකි. එය වැලක් වීමට පිලිගත් රෝග පාලන ක්‍රමවේදයක් දශක කීපයක සිට ලංකාවේ ක්‍රියාත්මක විය. රෝග පාලනයේ ප්‍රධාන ක්‍රියාකරකම වාර්ෂිකව මෙම ගවගහනයෙන් 80 % ක් පමන එන්නත් කීරිම වේ. නමුත් පසුගිය අවුරුදු 4 ක කාලයේ වාර්ෂික එන්නත් කිරිම දුර් වල වී ඇත. ගව ගහනයෙන් 20 % ක් පමන පසුගිය වසර වල එන්නත් කර ඇත. මෙම රෝගය පැතිරිමෙන් කිරි නිෂ්පාදනය අඩු වේ එමෙන්ම පැටව් මරන ඉහල යයි. නමුත් මේ පිලිබදව සත්ව නිෂපාදන දෙපාර්තමේන්තුවෙ නිළධාරින් පවසන්නෙ කුර හා මුඛ රෝගය වාර්තා නොවන බැව්න් එය වැලක්විමට එන්නත් කිරිම අනවශ්‍ය බවය.

image source
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcR0VYU2Z0bMBDWifMqPwR2ooriOzUP5VSxYkw&s

මේ තීරනයට සියලුම පලාත් අධ්‍යාක්ෂකල හා අමාත්‍යංශයේ නිළධාරින් ද විරුදධ නැත. මේ තීරණයට හේතුව ක්ෂ්ත්‍රයෙ පශු වෛද්‍ය නිළධාරින් මෙම රෝගය වාර්තා නොකර සිටිම බව අපගේ නීරික්ෂනය වේ. මේ පිලිබදව මා කෘෂිකර්මාන්ත ආමාත්‍යශයෙ ලේකම් , අතිරේක ලේකම් ඇතුලු පශු සම්පත් අංශයේ අධ්‍යාක්ෂක වරු දැනුවත් කර ඇත. ඔවුන්ගෙන් කිසිම පිලිතුරක් මා වෙත මෙතෙක් ලැබි නැත. මා ඉල්ලා සිටින්නෙ ඉදිරියෙදි මෙම රෝගය පැතිරී කිරි නිෂ්පාදන අඩු වුවහොත් එමගින් ග්‍රාමිය කිරි ගොව්න්ට ඇතිවන අලාභය මෙම නිළධාරින් ගෙන් අය කර ගැනිමට කටයුතු කරන ලෙසයි.

පුද්ගලික අංශය කිරි වැඩි කරයිද ?


පුද්ගලික අංශයේ කිරි ක්ෂ්ත්‍රයට ඇති දායකත්වය ඉතාමත්ම ඉහලයි. පහත ඇත්තෙ ඔවුන් දායක වන ආකාරයයි.
1) ග්‍රාමීය කිරි නිෂ්පාදකයන්ගෙන් දිනපතාම කිරි මිලදි ගැනිම. එය තරගකාරී ලෙස සිදුවේ.
2) ව්ව්ධ සමාගම් මෙම ක්ෂ්ත්‍රයට අවශ්‍ය යෙදුයුම් සපයනු ලබයි, ආහාර, කනිජ, ඖෂධ වැනි දේ
3) ව්ව්ධ ව්‍යපෘති සමග එක්ව කිරි සමාගම් තම නිෂ්පාදකයන්ට සංවර්ධන කටයුතු සදහා සහාය වෙනව, ඒ අතර කෘතිම සිංචන සේවය , පශු වෛද්‍ය සේවය නොමිලේ දිමට කටයුතු කරන ආයතනද තිබේ.
මෙම ආයතන යොදා ගෙන පශු වෛද්‍ය කාර්යාල වලට පහසුවෙන් ව්‍යප්ති සේවා ගොවීන් වෙත ගෙන යන්න
පුලුවන්. නමුත් ඒකට දිස්ත්‍රික්ක මට්ටමින් සැලස්මක් තියෙන්නෙ ඕන. ඒ මගින් රජයේ ප්‍රතිපාදන සිමා වීමෙන් ඇතිවන හිඩස පුරවගන්න පුලුවන් වේවි.


දැනට දෙපාර්තමේන්තුවේන් පමනක් ලැබෙන සේවයක් තමයි රෝග පාලනය. එය බරපතල ලෙස බිද වැටිල තියෙන්නෙ. උදාහරනයක් ව්දියට ගවයන්ගෙ කුර හා මුඛ රෝගය වැලක්විමට දෙපාර්තමේන්තුවේන් එන්නත් කරන්නෙ ගව ගහනයෙන් 20 % ක් පමනයි. එම ප්‍රතිපත්තියෙන් බැහැර වෙන්න පුලුවන් නම් කිරි නිෂ්පාදනය ඉහල දමන ඉලක්ක ලගා කරන්න පුලුවන් වේවි. රෝග පාලනය කියන්නෙ එන්නත් කීරිම පමනක් නොවේ එය ක්‍රියාවලියක එක් දෙයක් විතරයි.


මෙම රෝග පාලනයට තවම සැලසුම් සහගතව පුදගලික අංශය මැදිහත් කරන් නැ. කුකුලු කර්මාන්තයෙ දි සියලු දේට පුද්ගලික අංශයේ වීශාල දායකත්වයක් තියෙනව. කුකුල් රෝග වැලක්විමට සියලුම එන්නත් , ඕෂධ සපයන්නෙ සමාගම් වලින්. ගව රෝග වැලක්විමට අවශ්‍ය එන්නත් ද සැපයිම සමාගම් සමග එකතු වී දෙපාර්තමේන්තුවේ අධික්ෂනය යටතේ කරන්න පුලුවන් නම් හොදයි.


මිල්කො එක රාජ්‍ය ආයතනයක් ලෙස ශක්තිමත් වේ නම් එය මිල තීරනය කිරිමට වැදගත් වෙවි. නමුත් මිල්කො යෝගට් , කර්ඩ් ගනන් අඩු කරන්න පුලුවන් නම් හොදයි. අපි යෝජනා කරන්නෙ පුද්ගලික අංශය ලාභ ලබන ආයතන බැව්න් ඔවුන්ගේ සහයෙන් කිරි නිෂ්පාදනය ඉහල දමන්න හැකි කියල. සමහර සමාගම් වලට අවශ්‍ය ආනයනික කිරි පිටි ප්‍රවර්ධනය කරන්න . ඒ අයගෙන්ද බේරිල ඉන්න වෙවි. ඉදිරි මාස කීපය ගව පට්ටි වලට නරක කාලයක්. ඒ මහ කන්නෙ වගාව ආරම්භයේදි ගව පට්ට් ගිනි යන්නෙ රක්ෂිත වලට. නිළධාරින් එය තහනම් කෙරුවොත් කිරි ගොව්න් අසරන වෙනව. පසුගිය වසර වල තාවකලිකව මෙම ගව පට්ටි වලට නිළධාරින් අවසර දුන්න රක්ෂිත වල තියන්න

අල , ළූනු දේශීය ගොවීන් ආරක්ෂා කරමු !

image source
https://www.divaina.lk/wp-content/uploads/2025/09/Big-onions-860×535.jpg


කෘෂිකර්ම ඇමති ප්‍රකාශ කලේ අල , ළූනු අලව් ගැටලු ගැන කියල කියන්නෙ ආනයනික අල , ළූනු වලට බදු ගැසීමෙන් වත් මෙයට ව්සදුම් නොලබුනු බව. නමුත් ආන්ඩුවෙ ගිනුමට මුදලක් එකතු වු බව. පසු ගිය කාලයේ සමහර දේශිය නිෂපාදන වලට ආරක්ෂාවක් දුන්න පාරිභොගිකයන්ට එතරම් බරක් නොමතිව. මෙය කලේ මහින්ද රාජපක්ෂ ජනාධ්පති තුමාගේ කාලයේ වෙන්න ඕන.


උදාහරනයකට අල හෝ බඩ ඉරිඟු ගමු. මෙම නිෂ්පාදනය අවශ්‍යතාවේ න් 25 % හෝ අඩු විය හැකිය. 75 % ක් එම අවස්තාවේ ම ආනයනය කරනව. ඉදිරි වෙලද ගිව්සුම් නැති හා සාධාරන මිල කට තම බෝග අලව් කරන්න හැකියාවක් නැති ගොව්න්ට පමනක් ලැබිය යුතු මුදලේ කොටස රජයෙන් ගෙවනව. මෙය බඩ ඉරිගු වලට පසුගිය ආන්ඩු හදුන්වා දුන්න. අල විකිනිය යුතු මුදල කිලොවක් රු 250 නම් ඉල්ලුම් ඇත්තෙ රු 200 ට නම් ආන්ඩුවෙන් රු 50 ගොව්න්ට දිය හැකිය. එම මුදල ආනයනික අල වලින් ලැබෙන බදු මුදලින් හෝ වෙනත් ක්‍රමයකට ලබා ගත හැකිය. එවිට සියලුම ආනයනික අල වලට බදු ගැසීය යුත්තෙ අඩුවෙනි. මෙය නොතේරෙ නම් සාකච්චා කිරිමට හැකිය.


ඉහත ආකරයට වර්තමානයේ ලොකු ළූනු අලවිය පිලිබඳව ගැටලුද විසඳිය හැකිය.

පශුවෛද්‍ය කීර්ති කුමාර මද්දුමගේ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *