ජේ. ආර්. ජයවර්ධන ද්‍රෝහියෙක්ද?
යැපුම් ආර්ථිකේ ප්‍රමෝට්කරපු ඩී.එස්. සේනානායකගෙ ගොවිජනපදකරනයේ සිට සිරිමාවෝ ප්‍රමුඛ පැරණී වාමාංශික හත් හවුලෙ අල බතල සමාජවාදය දක්වාවු දූපත් ආර්ථික දර්ශනයන් නිසා අසාධ්‍යවෙලා තිබ්බ ලංකාවේ ජාතික ආර්ථිකය ලෝක ආර්ථික ක්‍රියාවලියක් සමඟ බද්ධ කරේ ජේ.ආර්.ජයවර්ධන නොහොත්, ජූනියස් රිචඩ් නොහොත් යැංකි ඩිකී.

එදා ජේ. ආර්. ජයවර්ධන වෙත එල්ලවුනු ලොකුම චෝදනාව බල්ලො මරල හරි සල්ලි හොයන පාදඩ සමාජයක් හැදුව කියන එක.
සල්ලි නැතිව පාන්ඩුව හැදිලා තිබ්බ රටකට එකපාරටම සල්ලි වැටෙන්න ගත්තම කොහොමත් එහෙම එකක් හැදෙන එක සාමාන්‍ය තත්වයක් මිසක් ඒක ජේ.ආර්. ජයවර්ධන ගෙනාපු එකක් නෙමේ.
අනිත් එක වෙළදපොල ආර්ථිකය එන්න කලින් සුසමාදර්ශ සමාජයක් මේකෙ තිබ්බද?
විවෘත ආර්ථිකේ නිසා රට විනාශ උනා කියන කතාවත් සුද්දා එන්ට කලින් ලංකාව මාරම පරමාදර්ශී රාජ්‍යයක් විදියට තිබ්බ කියන එකේම අනිත් මිත්‍යාව..
ජේ. ආර්. ජයවර්ධන ලංකාවට හඳුන්වා දුන් වෙළදපොල ආර්තිකයට අපේක්ෂිත ප්‍රතිපලවලට යන්ට බැරි උනේ ඒකට එරෙහිව බිමෙන් ආපු මහා ප්‍රතිවිරෝධය නිසා. 88,89, කැරැල්ල මතු උනේම වෙළදපොල ආර්තිකයට එරෙහිවයි, වක්‍රව ගත්තොත් උතුරෙ යුද්දෙත් එහෙමයි.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_a30726d42f.jpg
ගෝළීය සන්ධර්බයක් තුල නොදියුණු රටක් ඇතුලෙ ක්‍රියාත්මක වෙන වෙළදපොල ආර්ථිකයකට අවශ්‍ය ප්‍රධානම රිසෝසස් ගේන්නෙ විදෙස් ආයෝජකයන් විසින්.
නමුත් වෙළදපොල ආර්ථිකයකට එරෙහි මහජන යුද්ධයක් තියෙන රටකට ආයෝජකයො එන්නෙ නෑ.
එදා ජේ.ආර්. ජයවර්ධන පොදු වෛරයකට පාත්‍රවෙන්ට බලපාපු අනික් හේතුව ඔහුගේ ඇමරිකන් හා බටහිර හිතවාදීකම. එදා ඔහුව හැඳින්නුවෙත් යැංකි ඩිකී කියලා. එදා ඒ හැසිරීමේ හිටපු ජ.වි.පෙ. නූතන පරම්පරාවම ට්‍රම්ප් එක්ක ෆොටෝ එකක් ගැහුව කියල පෙන්නන්ට, ට්‍රම්ප් එක්ක සුහඳ සාකච්චාවක් කරා කියලා රටට පෙන්න ගන්ට මාරම ට්‍රයි එකක් දෙනවා..
එතකොට එදා ඒ ජේ.ආර්.ට එරෙහි නොසංසිඳෙන වෛරයේ තිබ්බෙ බාල කුහකමම විතරමද?

ඊයෙ පෙරේදා දවසක ලාල් සහෝදරයා කිව්වා බී ලූනු පිටින් ගෙන්වන එක ලාබයි, රට ඇතුලේ හදන එක පාඩුයි කියලා.
ඔහු වටෙන් වටෙන් කියන්නෙ රටට ඕන ලූනු පිටින් ගෙන්වලා, ඒකට අවශ්‍ය විනිමය හොයන්ට වෙන වෙළදපොල ක්‍රියාවලියකට අපි යන්න ඕන කියන එක. ඉතිං ඒකට තමා වෙළදපොල ආර්ථිකය කියන්නෙ.
හැටදාහක් මැරුන අරගලයක් කරලා, ඊළඟට රටට එන ආයෝජකයො නවත්තන්ට බෝඩ් උස්සලා, ගොවියන්ට අඹුඩ ගස්සලා කොළඹට එවලා, ආපහු කැරකිලා කැරකිලා වටේගිහින් අවුරුදු පනහකට විතර පස්සෙ ජේ. ආර්.ගේ තැනටම ආපහු අපිට එන්ට වෙලා..
කොහොමත් යථාර්ථය ඇවිත් මූනෙ හැප්පුනත් ඒක රියලයිස් වෙන්ට අපිට අඩුම අවුරුදු පනහක්වත් යනවා.
ප්‍රියශාන්ත රාජපක්ෂ.
(අධ්‍යයන කවය)