අලි ගම් වදී..!
මේ දින කීපයෙම අලින් ප්‍රදේශ කිපයකම ගම් වැදි නිවස් බිඳ වී අනුභව කරන තොරතුරු ඔබ දකින්නට ඇත. මෙයට හේතුව අලින්ට කන්න දෙයක් නොමතිවිම විය හැකිය. ගොවීන් කුඹූරේ තියෙද්දි අලි එලවා ආරක්ෂා කරගත් වී මලු කීපය ගෙදරට පැමින තර්ජනය කර මංකොල්ල කෑමට පවා මුන් පාතාල අලි බවට පත් වී ඇත. වී රැගෙන යන ගමන් තවත් ක්‍රිමිනල් වැඩ කරයි. දැන් ඉවසුව ඇති කියල ගොවීන්ට සිතේ.

නමුත් ගැටලුවට හේතුව මේ මොහතෙ වගා කීරිමට සියලුම ගොඩ ඉඩම් වල පස පෙරලා බිම් සකසා ඇත. කුඩා වැව් පිටරා ගැලිම නිසා වැව් තාවුල්ලෙද කෑමට යමක් නැත. ගොවීන් කුඹුරු වල ගොයම් කපා අවසන් බැවින් එහි මෙලො දෙයක් නැත. දැන් මේ සතුන්ට ආහාර නොමැත. අලිමන්කඩ, කොරිඩෝ ඇර තිබුනත් බඩ ගින්නෙ රස්තියාදු ගැසිමට සතුන්ට බැරිය.
තබ්බොව අලින්ට කියා කර ඇත්තේ ජපන් ජබර වැනි ශාක ඉවත් කිරිම පමණී. මේවා ඉවත් කල පසුව ස්වාභාව්කව තෘණ වැවේ යයි පරිසර ඇමති විශ්වාස කරයි. ඔහුට උපදෙස් දෙන පරිසර වේදීන්ද මේ බව විශ්වාස කරයි. නමුත් එවනි ආකාරයට ස්වාභාව්ක ව තෘණ වැවෙන්නේ නැත. වැවුනොත් වැවෙන්නෙ ගිනි තනකොලය. මෙය බූව සහිත නිසා අලින් ප්‍රිය නොකරයි. ඒ නිසා අලින්ගෙන් දිගටම මෙම හානි සිදුවෙවි.
මෙයට පිලිතුරක් ඇත. මේ මොහතේ වැව් රක්ෂිතයේ හා අලින් ගැවසෙන වන රක්ෂිත වල තෘණ බීජ වැපිරිමය. මෙම බිජ ඉන්දියවෙන් ආනයනය කල හැකිය. එහි නම බ්රකේරිය වේ. මෙහි වර්ග කීපයක් වෙ. රු ලක්ෂ 10 කින් එක් නියමු ව්‍යපෘති යක් කල හැකිය. අලින්ට ආදරේ අය කරන්නෙ උද්ගෝෂණ හා මුහණූ පොතේ කොටන එකය. පරිසර ඇමතිව නිළධාරින් විසින් නොමග යාව ඇත. මේ පිලිබදව විස්තරාත්මක ව්‍යපෘති වාර්තාවක් ජනාධ්පති හා පරිසර ඇමති වෙත ලබා දුන්නෙ මාස කීපයකට පෙරය. එම ව්‍යපෘති වාර්තාවට වනජිව් නිළධාරින් ගේද අදහස් ගෙන ව්ද්වතුන් විසින් සකස් කල එකකි. මේ පිලිබදව සාකච්චා අවශ්‍ය නම් කතා කරන්න.
සතුටුදායක ආරංචියක්.
මාස 6 ක් තිස්සෙ එක් වීශේෂ ව්‍යපෘතියක් දෙපාර්තමේන්තුවේ , අමාත්‍යංශයේ , ජනාධිපති කාර්යාලයේ නිළධාරින් වෙත වරින් වර ඉදිරිපත් කලා. එය තමයි සුලන් බාධක දෑමිමෙන් වී අස්වැන්න ඉහල යැවිමට හැකි හා හුලන් බාධක ලෙස කන්න බෝග හෝ බහු වාර්ෂික බෝග යොදා ගැනිම. නේපියර් තෘණ පවා නියරේ වගා කර එක විට ප්‍රයෝජන දෙකක් ලබා ගැනිම. ඒ කිරි දෙනුන්ට අවශ්‍ය තෘන මේ මගින් සැපයිම. එවිට සීමිත ඉඩම් ඇති ප්‍රදේශයක පවා කිරි ගව පාලනය කරන්න පුලුවන් . කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේන් මෙයට එතරම් කැමත්තක් නැ. නමුත් ජනාධ්පති කාර් යාලයේ මැදිහත් වීමෙන් මේ පිලිබදව පර්යේෂන කීරිමට මහඉලුප්පල්ලම පර්යේෂන ආයතනයට දන්වල තියෙනව. ඒ පිලිබදව අද සාකච්චා කලා. ආචාර්ය ප්‍රියාංග දිසානායක මහත්මිය තමයි මෙම පර්යේෂණය භාරව ඉන්නෙ. කන්න කීපයක් කරල ප්‍රතිපල දැනගන්න පුලුවන් . නියර වගාව සාමාන්‍යන් තෙත් කලාපෙ කෙරුනට වියලි කලාපයේ කෙරෙන්නෙ නැ. නේපියර් නියරක වගා කරල නැති නිසා මෙය වැදගත් පර්යේෂනයක් වේවි. මෙයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යාක්ෂක ජෙනරාල් ඇතුලු නිළධාරින්ට හා ජනාධ්පති කාර්යාලයෙ ආහාර සුර්ක්ෂිත කමිටුවෙ අතීරේක ලේකම් වනසිංහ මහතාටද ස්තුතිය පල කරමි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවීන්.. !
මෙම දෙපාර්තමේන්තුවේන් ගොව් ජනතාවට වීශාල සේවයක් වේ. එහි නිළධාරිනට උපාධි හා ඩිප්ලෝමා තිබේ. නිදහස් අධ්‍යපනයෙන් බිහි වු මෙම නිළධාරින් ගොවීන් හට සේවයක් කරයි. එහි ප්‍රතිපල ලෙස ඉහල අස්වනු සහිත බෝග වගාව සිදුවේ.
නමුත් වර්තමානය වන විට මෙම නිළධාරින් දන්න කෘෂි විෂය නිසා පරිසර හානි සිදු වි ඇත. එමෙන්ම පස නිසරු වි අස්වනු අඩු වි ඇත. දැන් කෘෂි නිළධාරින් මෙම අභියෝග ජය ගැනිමට පර්යේෂන කල යුතුය. ලෝකයේ වෙනත් රටවල පර්යේෂණ කර ගොව්න් වෙත ඒ දැනුම ලබාදෙයි. නමුත් අපේ බදු මුදලින් වැටුප් ගන්න නිළධාරින් එවනි පරික්ෂන නොකරයි. ඔවුන් කිසිදු ව්දේශිය පර්යේෂන වලින් අත් හදා නොබලයි.
උදාහරනයක් ලෙස ක්ෂුද්‍ර ජිව්න් පසට එකතු කිරිම පිලිබදව නිර්දේශයක් දෙපාර්තමේන්තුවේන් නොලැබේ. කාබනික පොහොර ගැන විශ්වාසයක් නැත. Bio film Bio fertilizer ගැන කෘෂි නිළධාරින් නිහඩය. මෙය සොයා ගත්තේ ලංකාවෙ මහාචාර්ය වරයකු ඇතුලු පර්යේෂණ කන්ඩායමකි. ඒ පිලිබදව නිර්දේශයක් කෘෂිකර්ම නිළධාරින් දෙන්නෙ නැත. එහෙම දී ඇත්නම් මටද දන්වන්න. මෙම සොයා ගැනිමෙන් වී වගාවේ පෙරලියක් කල හැකිය. මෙම ක්ෂුද්‍ර ජීවීන් පොහොර සමග වගාවට යෙදීමෙන් අස්වැන්නෙ ඉහලයාම 30 % කි. එමෙන්ම රසායනික පොහොර 50 % කින් අඩුවේ. මෙයින් විදේශ විනිමයද ඉතිරි වේ. කෘෂි ඇමති මේ පිලිබදව ප්‍රකාශයක්වත් කර නැත. මෙවැනි සොයා ගැනිම් අගය කල යුතුය.
ගොවීන් වෙත ඇති ගැටලුව වන නිෂ්පාදන වියදම් ඉහලයාම මේ ක්‍රම මගින් විසඳිය හැකිය. පෙරටුගාම් හා ජවිපෙ ගොවි නායකයන් මේ පිලිබදව සාකච්චා කලයුතුය. නමුත් එවැනි සාකච්චා නැත. පෙරටුගාමින් ගේම් ගහන්නෙ ජවිපෙ ආන්ඩුවෙ වැරදි දැකිමටය. ජවිපෙ විද්වතුන් රසායනික පොහොර සමාගම් වල උපදේශකයන්ය. ඒ නිසා ගොවීන් අසරණය. පාරිභෝගිකයන් ට වැලේ වැල් නැත. ලාල් හා අනුර සහොදරයා මෙ ගැන හිතනවා නම් ආහාර සුලභ කල හැකිය. මන්දපෝෂණය නැති කර තිරසර පරිසර හිතකාමි ගොව්තැනක් තහවුරු කල හැකිය.
ඉහත සටහන වැරදි නම් එය පෙන්වා දිම ඔබගේ යුතුකමකි.