අත්තිවාරමේ සිට දෙදරනා මාලිමාවේ දේශපාලනය..!
(අත්තිවාරමේ සිට දෙදරනා මාලිමාවේ දේශපාලනය හේ කෙසේද යත්)
මාලිමා දේශපාලනය ගොඩනැගුණේ ජවිපෙ 03% අත්තිවාරම මත මිස අලුත් අත්තිවාරමක් මත නොවේ. ජවිපෙ දේශපාලනය අත්තිවාරමට වහෙන් ඔරෝ කීයේ, ජවිපෙ ගොරහැඩි පෙනුමට සාමාන්‍ය ජනතාව කැමති නැති නිසා අත්තිවාරම සඟවා මාලිමා නිවස ඉදිකළ යුතුය කියාය. බර වැඩ පමණක් හුරුව තිබූ අත්තිවාරමට සිදුවන්නේ කුමක්දැයි වැටහුණේ නැත.

Ada Derana
ගොඩනැගුනු යථාර්තය.
ඔවුන් සිතුයේ සහ අදටත් සිතන්නේ, මාලිමා මන්දිරයේ තීරණාත්මක සාධකය තමන් කියාය. ඒ නිසා අත්තිවාරම සැකයකින් තොරව මාලිමාවේ බර වැඩ අංශය භාරගෙන සිටියේ සූක්‍ෂම වැඩ අංශය තම නායකත්වයට භාර දීය. මාලිමාවේ දේශපාලන මන්දිරය ගොඩනැගුණේ මෙවන් යථාර්ථයක් තුළය. මේ මන්දිරය ඉදිවෙද්දී අත්තිවාරමට යම් සැක සංකා පහළ නොවුණේ නොවේ. නමුත් ඔවුන් ඇබ්බැහිව තිබුණේ පක්ෂයේ ඉහළ නායකත්වය සැක කිරීම පාප කර්මයක් ලෙස නිසා අත්තිවාරම සිතුයේ සියල්ල දේශපාලන උපක්‍රම මිස පාප කර්ම කිසිවක් නොවේ කියාය.
මාලිමාවේ අත්තිවාරම තුළ තිබෙනා දැවැන්ත ගල් කුට්ටි මොනවාද ? තමන් විශ්වාස කළ යහපත් රටක් වෙනුවෙන් හොඳ හෝ නරක නොකළ කැපකිරීමක් නැති මිනිසුන්ගේ දහඩිය, කඳුළු, ලේ, ඇට, මස්, නහර, වනාහි මේ දැවැන්ත ගල් කුට්ටි අත්තිවාරමේ මූලික හරයයි. අත්තිවාරමේ මානසිකත්වය පුහුණුව තිබුණේ තමන්ගේ දේ ජනතාව වෙනුවෙන් දියකොට හැර ජනතාව තුළ දියවී පොදු ජයග්‍රහණයක් හම්බ කිරීමට මිස කිසිසේත් පුද්ගලික යමක් හම්බ කිරීමට නොවේ.
අත්තිවාරම පූර්ණකාලීනව කැපවුණේ තමන් වෙහෙසකර අත්තිවාරම ලෙස බර දරාගෙන සිටිමින් ජනතාවට මන්දිරයක් ඉදිකිරීම සඳහාය. අත්තිවාරමට වෙන කිසිවක් සඳහා කාලයක් ඉතිරි නොවුණේ අනාගතයේදී ඉදි කෙරෙනා මන්දිරයක් වෙනුවෙන් තමන්ට දරන්නට තිබුණාවූ බර සුළුපටු එකක් නොවූ නිසාය. මාලිමාවේ දේශපාලන මන්දිරය විසින් තම මන්දිරයේ අත්තිවාරම දෙදරවා තිබෙනුයේ, අත්තිවාරම කිසිසේත් අපේක්ෂා නොකළ පරිදිය. “තමන් සාපේක්ෂ කොට ගෙන අනෙකා දෙස බලද්දී පෙනෙන්නේ අනෙකා නොව තමන්මය” යන බරපතල සත්‍යය අත්තිවාරමට ඔප්පු වූයේ, අත්තිවාරම තමන්ට සාපේක්ෂව තමන්ගේ නායකත්වය විශ්වාස කළ නිසාය.

Ada Derana
දේශපාලනයේදී ජවිපෙ දෙබිඩි බව.
පරාජිත විපක්ෂයේ දේශපාලනය භීතියෙන් සහ සන්තෝෂයෙන් දේශපාලනය කරන්නේ, මාලිමාවේ දේශපාලන මන්දිරය විසින් කොතෙක් නම් අත්තිවාරමට ද්‍රෝහී වී තිබෙනුයේ දැයි දකිනා නිසාය. ඒ මේ දක්වාම මාලිමා මන්දිරයේ බර වැඩ කොටස කළේ අත්තිවාරමේ මිනිසුන් මිස මාලිමා මන්දිරය තුළට රිංගා ගත් මෝස්තරකාරී කුසීතයන් නොවනා නිසාය.
මේ වනවිට මාලිමා මන්දිරයට පිටතින් සිට අත්තිවාරම දෙදරා යාම වළකාලීම සඳහා සමාජ මාධ්‍ය තුළ හෑලි ලියන්නේ, මාලිමා මන්දිරයෙන් සප්පායම් වන දේශපාලන කුසීතයන් මිස අත්තිවාරම ගැන හරියටම දන්නා කිසිවෙකුත් නොවේ.
1994 වර්ෂය ඇරඹෙන්නේ මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් සහිතවය. ඒ ජවිපෙ දේශපාලනයේ දෙවන සිවිල් යුද්ධය පරාජයට පත්ව අවසන්ව අලුත් ආරම්භයක් ගැනීම සහ ජවිපෙ එතැනට ඇද දැමූ එක්සත් ජාතික පක්ෂයේ ජරාජීර්ණ දේශපාලනය අවසන් වීමත් ලාංකේය සමාජයට දකින්නට ලැබුණේ 1994 අගෝස්තුවේදී නිසාය. ජවිපෙ දේශපාලනය එතැන් සිට වසර හයක් ඉක්ම යද්දී පාර්ලිමේන්තුවේ ආසන දහයක් දිනා ගන්නේ ලාංකේය සමාජය තුළ තිබූ කළු චිත්‍රය දේශපාලනයේ නව වර්ණ ගන්වා ගැනීමක් සහිතවය. එය 2001 දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 16ක් දක්වා වර්ධනය වූයේ ජවිපෙ අත්තිවාරම සිය ඉතිහාසයට වගකියමින් ඉදිරියට එන බවක් ජනතාවට දැනුණු නිසාය. එසේ පැමිණි ජවිපෙ දේශපාලනය ක්‍රමානුකූලව දුර්වල වීමට පටන් ගත්තේ, දේශපාලනයේ දෙබිඩි බවක් ජවිපෙ තුළ උස්සන්න වූයේ ඉතාම අජූව ලෙස නිසාය.
ඒ දෙබිඩි බව ජනතා විමුක්ති පෙරමුණේ අත්තිවාරම් මත ගොඩනැගුණු මාලිමා මන්දිරයේ දේශපාලන හරය මිස අත්වැරදීමක් නොවේ. ජවිපෙ දේශපාලනය මාලිමා ලේබලය යටතේ 03% දක්වා ඇද වැටුණේ, අත්තිවාරම දුර්වල කරමින් මහා මන්දිරයක් ගොඩනැගීමේ දේශපාලන අපේක්ෂාව ඉතාම ජුගුප්සාජනක ලෙස වර්ධනය කරන ලද්දේ අජූව පුද්ගලික ස්වාර්ථකාමයක් පෙරදැරිව මිස ජනතාවාදී දේශපාලන ඉලක්කයක් සහිතව නොවනා නිසාය. ලාංකේය දේශපාලන සමාජය ඉතාම ගැඹුරින් තේරුම් ගත යුත්තේ, මේ රට ඉතාම විකාරරූපී දේශපාන රෝගයකින් පෙළෙනා බවයි. ඒ සඳහා වම දකුණ භේදයක් නැති බවයි. මේ දේශපාලන රෝගය ලැජ්ජා නැති කමින් සහ පුද්ගලික ස්වාර්ථකාමයෙන් උස්මුරුත්තාවට පැමිණ තිබෙනා බවයි.
පවතින දේශපාලන සංස්කෘතිය.
මාලිමාවේ දේශපාලනය තුළ පමණක් නොව මෙරට කිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ මේ තත්ත්වය පරාජයට පත් කළ නොහැක්කේ, මේ අජූව දේශපාලන සංස්කෘතියට උඩගෙඩි දෙන්නේ, මෙරට පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය විසින් නිසාය. ඒ පුද්ගලික පොරත්වයේ මිනිසුන්ට සහ ගැහැණුන්ට පොරත්වය සඳහා ඕනෑම ලැජ්ජා නැති වැඩක් කිරීමට පොළඹවනා සුළු තත්ත්වයක් මේ අධ්‍යාපනය තුළ අඩංගුව තිබෙනා නිසාය.
ලාංකේය සමාජය තුළ පුද්ගලික පොරත්වයේ දක්ෂයන් මැනෙන්නේ, සංස්කෘතික මිනිසෙකුගේ අර්ථයෙන් නොවේ. එය මැනෙන්නේ, මුදල් ඉපයීමේදී කොතෙක් දක්ෂයෙක් දැයි යන්න මතය. ඒ අනුව අද වනවිට මෙරට දේශපාලනයේදී “මුදල් ඉපයීමක් නොකිරීම” ගොංපාට් එකක් බවට පත්ව තිබෙනුයේ, යථාර්ථයක් ලෙසය.
ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය තුළට මේ කුණුකන්දල් සංස්කෘතිය පොම්ප වන්නේ, සිදුවන්නේ කුමක්දැයි 1994 න් පසු බැරිමරාගාතයෙන් පැමිණි ජවිපෙට තේරුම් ගත නොහැකි වූ නිසාය. ඒ ජවිපෙ ඉතිහාසයක් පුරා කම්කරු පන්ති නායකත්වයක් වෙනුවට ආඩම්බර ශිෂ්‍ය නායකත්වයෙන් පෝෂණය වූ නිසාය.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_84a0a6afde.jpg
ජවිපෙ දේශපාලනය මේ අජුව නරකාදිය දක්වා පැමිණ තිබෙනුයේ විෂයමූලික යථාර්ථයකට යටත් මනෝමූලික තත්ත්වයක් තුළ මිස කිසිවෙකුත් හිතා මතා කළ පාප කර්මයක් තුළ නොවේ. නමුත් මෙය නොවැටහුණු මාළිමාවේ දේශපාලනය එය තමන් විසින් කොට ගන්නා දේශපාලන පාපකර්මයක් බවට පත් කොට ගන්නේ දැයි නැති දැයි යන්න තීරණය වන්නේ ජවිපෙ අත්තිවාරම මේ තත්ත්වය තේරුම් ගැනීම සඳහා කොතෙක් ශක්තිමත් වන්නේදැයි යන්න මත මිස අන් යමක් මත නොවේ. අප එසේ කියන්නේ කඩුවෙල නගරාධිපතිවරයා හෙවත් ලංවිම හිටපු වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් උන්නැහේ කීයේ, බුද්ධ පරිනිර්වාණයෙන් පසු සුභද්‍ර භික්ෂුව විසින් කී දේ හා සමාන එකක් නිසාය.
වැඩවසම් දේශපාලනයේ පොදු තත්වය.
ජවිපෙ බිම් මට්ටමේ අත්තිවාරම තේරුම් ගත යුත්තේ, රන්ජන් ජයලාල් නන් දොඩවනවා නොව, මාලිමාවේ බලකෑදර වැඩවසම් දේශපාලනයේ වර්තමාන පොදු තත්ත්වය එය බවයි. බිම් මට්ටමේ ජවිපෙ අත්තිවාරම තේරුම් ගත යුත්තේ, මෙදා රන්ජන් ජයලාල් කියනා දේ එදා සුභද්‍ර භික්‍ෂුව කියද්දී කරුණු අවබෝධයෙන් සිටි භික්‍ෂු ශාසනය විසින් කළේ පළමුවන ධර්ම සංඝායනාවට යාම මිස සුභද්‍ර භික්‍ෂුව සමග අමනාප නොවීම බවයි.
මේ රට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දේශපාලනයේ සංගායනාවක් ඉල්ලා සිටිනා බව අප අඛණ්ඩව කියන්නේ මෙනිසාය. එය කළ හැක්කේ එක් වතාවකට පක්ෂ දේශපාලනයෙන් අත්මිදුණු ජනතාවකට මෙරට තුළ දේශපාලන බලයක් පිහිටුවීමේ අධිෂ්ඨානයක් තිබෙනුයේ නම් පමණි. ඒ සියවස් කිහිපයක් තිස්සේ හැලහැප්පෙමින් පොඩි පට්ටම් වෙමින් ඉදිරියට ඇදෙනා වැඩවසම් ස්වාර්ථකාමයේ නොදියුණු දේශපාලනය වෙනුවට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මහා ප්‍රතිසංස්කරණයක් හරහා system change පුණ්‍යකර්මයක් සඳහාය. එපමණයි.