පශු සම්පත් දියුණූ කරමු..!
මේක කවුරුත් කියන දෙයක්. හැම ආන්ඩුවක්ම ආවේ නොදියුනු කරන්න නෙමේ දියුනු කරන්න. නමුත් නිලධාරීණ් තමයි සැලස්මක් හදන්නෙ. මාත් සැලස්ම හදන වැඩ මුලු වලට ගිහිල්ල ටෝක් දුන්න කප්පිත්තෙක්. තාම ඒ පුරුද්ද අතහරින්න බෑ. 26 අය වැයට යෝජනා කීපයක් ලියන්න හිතුව. මා උප කල්පනය කරන්නෙ රජයෙ පශු සම්පත් වලට අදාල ආයතන ආන්ඩුව පුද්ගලිකරනය කරයි කියල. එය උපකල්පනයක් පමනයි. ආයෝජනය කරන අය හෝ ආන්ඩුවෙ නිළධාරින් හෝ මේ සම්පත් වලින් ප්‍රතිපල ගන්න ඕන. අපි හිතමු කිරි නිෂ්පාදනයට අලුතින් කන්ඩායමක් අවශ්‍ය නම් ඔවුන්ට එලදෙනුන් කීප දෙනකු දෙන්න ඕන. නමුත් සතුන් සොයා ගැනිම අපහසුයි. ඒකට පහත යෝජනාව කරමි.

https://www.sathyanews.com/wp-content/uploads/2023/03/5C628163-AFCC-4C78-BCEF-B15CAC79AFF9.jpeg
සතුන් සොයාගැනීම සඳහා යෝජනාව.
මාසිකව නිල නොවන ලෙස මස් සදහා දෙනුන් විකිනෙනව. ඒ හදිසි මුදල් අවස්තාවයට ගොව්න් තම සතුන් විකුනනව. අඩුම තරමින් දෙනුන් 1000 ක් වත් මසට යනව. ඒ සතුන් මිලදි ගෙන ගොව්න්ට මුදලට දිය හැකි නම් හොද තත්වයක්. මෙය මිල්කො , පශු වෛද්‍ය කාර් යාලයට වගේම පුද්ගලික අංශයේ කිරි එකතු කරන සමාගම් වලටද කරන්න පුලුවන්. දැන් සන්නිවේදනය ප්‍රභල නිසා ජනතාවට පනිවිඩය ක් දෙන්න තියෙන්නෙ හදිසි තත්වයන් තුල විකිනිමට ඇති කිරි දෙනුන් ගැන තොරතුරු දෙන්න කියල. ඩේරි හබ් එකෙනුත් මෙය කරන්න පුලුවන් කිසිම වියදමක් නැතිව ගැනුම් කරුවන්ට වෙලද පොල හදුන්වා දිමයි කරන්නෙ. මේක පහසු වැඩක් නෙමේ අතර මැදියො වගේම ගව මස් කර්මාන්තයෙ යෙදෙන අය මෙයට හොද තරගයක් දේවි. දැන් කිසිම තරගයක් මෙහි නැත. මෙයට මෙම අය වැයෙන් මුදලක් වෙන් කරනව නම් එය චක්‍රීය ලෙස දිගටම කරන්න පුලුවන්.
තව දෙයක් තියෙනව පශු සම්පත් මන්ඩලයේ බදු දිමට නියමිත ගොව්පල කීපයක මේ ආකාරයට සතුන් මිලදි ගෙන නඩත්තු කරනව නම් අවුරුදු 3 ක් යන විට මේම ගොව්පල පලදායි ගොව්පල බවට පත් කරන්න පුලුවන්. දැන් කෘතිම සිංචන, එම්බ්‍රොයො ට්‍රාන්ස්ෆර් වැනි තාක්ෂනයෙ දියුනු පරම්පරාවල් හදා ගන්න පුලුවන්. අඹේවල ඩේරි එක ගැන අධ්‍යනය කිරිමෙන් හා වේලාඩ් උපදේශකයන්ගෙන් බේරිමෙන් මෙය කල හැකිය. තාමත් NLDB එක අනුගමනය කරන්නෙ වේලාඩ් උපදෙස් . ඒ නිසා තමයි ව්කල්ප ගැන සොයන්නෙ නැතිව දෙනුන් ආනයනය කීරිම පමනක් ගැන සැලසුම් කරන්නෙ. අධ්‍යක්ෂලද සත්ව සෞඛ්‍ය ගැන හිතන්නෙ නැති නිසා වෙනම යුනිට් එකක් ඇමති වරයා යටතේ ඩේරි ඩෙවලොප්මන්ට් වලට තියෙනව නම් හොදයි. නොමිලේ වැඩ කරන්න කිසිම කෙනෙක් ගන්නෙ නැතිනම් හොදයි. නොමිලේ උපදෙස් දෙන්න එන අය කොහෙන් හරි යැපෙනව. කිසිම වගකීමක් ගන්නෙ නැ. ඉහත යෝජනා වලට සමහර අයගේ හිත රිදෙන්න පුලුවන් නමුත් මේවා කතා නොකර බෑ

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/Sheep_and_cow_in_South_Africa.jpg/960px-Sheep_and_cow_in_South_Africa.jpg
පශු සම්පත් සභාපති ශුභාරතියේදි ඇත්ත කියයි.
පශුසම්ත් මන්ඩලයේ සභාපති B C S පෙරෙරා මහතා ගුවන් ව්දුලි සාකචාවක් තුල මන්ඩලයේ අරමුනු ලගා කර ගැනිමේ උපාය මාර්ග සාකච්චා කරන වැඩ සටහනට මාද සවන්දුනි. ගොව්පල 32 ක් තුල කිරිගව පාලනය කරන ගොව්පල 23 ක් ඇති බව පැහැදිලි කරන ලදි. මාස 11 ක් ගත වී ඇතත් එතරම් ප්‍රතිපලයක් මෙහි නැති බව අනාවරනය වු කරුනු වලින් උපකල්පනය කල හැකිය. මේ වසර තුල ගොව්පල වසර 30 ක් සදහා බදු දිමට සැලස්මක් ඇති බවද පැවසිනි. මෙය රනිල්ගේ උපාය මාර්ගයම වේ. ජව්පෙ මේවා රැක ගන්නා බවට දිවුරා ඇත. මාද මෙම ගොව්පල රජයෙන් ගැල වෙනවාට කැමතිය. ඒ ආන්ඩු වෙනස් වීමෙදි මෙම ආයත ශක්තිමත් වීම වෙනුවට දුර්වල වෙයි. එය නිළධාරින් හා සේවකයන්ගේත් උදව්වෙනි. ඇමති වරුද මෙයට වග කිවයුතුය. නමුත් කලමනාකරුවන් දෙගුනයකින් වග කිව යුතුය. රීදියගම අධ්‍යනය කෙරුවොත් නිළධාරින් දුන් ගේම් සොයා ගත හැකිය. දැනුත් රිදියගම වේලාඩ් උපදෙස් අනුව පාලනය වේ. එම නිසා මුලින්ම විකිනිය යුත්තෙ රීදියගම ගොව්පලය. වේලාඩ් එකටම දි කරල පෙන්නපන් කිවොත් හොදය.
රජයෙන් ගලවා පුද්ගලික ආයෝජකයන්ට බදු දීමට මා කැමති නැත. ඒ ජව්පෙ සමග හීනයක් ඇති නිසාය. එනම් සමුහ ගොව්පල වැනි ආකෘතියකින් මෙහි පලදායිතාවය ඉහල නැන්විමට හැකි බැව්නි. එය කැබිනට් මන්ඩලයෙන් අනුමැතිය ගෙන මිල්කො ගොව් කන්ඩායම් සමග කල හැකිය. ඩේරි යනු වසර කීපයකින් ලාභ ලැබිය හැකි ව්‍යපාරය ක් නොවේ. එයට වසර 10 වත් ගත වෙයි. අනිත් ව්කල්පය මන්ඩලයේ ගොව්පල කොටස් ආයෝජනය කිරිමය. මෙයින් 30 % ක් පුද්ගලික අංශයටද , 30 % ක් මිල්කො , 40 % ක් සමුපකාර වලට වැනි ක්‍රමයකටය. නමුත් දැන් කරන්න යන්නෙ රනිල් කරන්න ගිය වැඩේය වසර 30 කට ආයෝජකයන්ට බදු දිමය.මේ අය මී කඩන්නෙ අත ලෙව කන්නටද නොවේ. පොල් වතු ටික හරියට නඩත්තු කලත් ගොඩ යා හැකිය. හුලන්ගමුවේගෙ උපදෙස් පිලිබදව ටිල්ව්න් මෙන්ම ලාල්ද සිතා බැලිය යුතුය.