Anura kumara සහ NPP හි ඉදිරි අභියෝග..!

එලැඹෙන වසර මැද දක්වා.

මෙම අභියෝගකාරී තත්වය යම් ආකාරයකින් එම බලවේගය තුලින්ම ඉස්මතුවීමට ඇති හැකියාවද බැහැරකල නොහැකිය. ඩඩ්ලි සේනානායක ආන්ඩුවේද,ජේ.ආර් ජයවර්දන ආන්ඩුවේද, ආර්. ප්‍රේමදාස ආන්ඩුවේද, මහින්ද රාජපක්ෂ ආන්ඩුව තුලද යම් මට්ටම් වලින් ඒවායේ අර්බුදයන් මතුවීම ඒවායේ ඇතුලින්ම හටගත් බව අපි දැක ඇත්තෙමු. නමුත් එම පක්ෂවල ගැට​​ලු පැනනැංගේම නායකත්ව අර්බුද පෙරටුකොටගෙන උනද, ජාතික ජනබල වේග රජයක් තුලදී එවන් නායකත්ව අර්බුදයක් ඔවුන්ගේ වසර පහක කාලය තුලදී නම් අතිවීමට කිසිදු ඉඩකඩක් නොමැත.

එහෙත් ඔවුන්ගේ ඉදිරියේදී ඇතිවිය හැකි අර්බුධ වලින් බලවත් එකක් ලෙසට අනුමාන කලහැක්කේ එම බලවේගය වෙත ලැබීඇති අතිවිශාල ” බලය” හරියාකාරව කළමනාකරණය කරගැනිමට අපොහොසත් වීමෙන් ඇතිවියහැකි ගැටලුකාරී තත්වයයි. ඒ ගැන ඔවුන්ගේ අවදානය යොමුවිය යුතු වන්නේ ජාතික ජන බලවේගය යනු එකිනෙකට නොගැලපෙන අභිමතාර්ථයන් පෙරදැරි කරගෙන ගොඩනැගුනු පාර්ශ්වයන් දෙකක් වන ජනතා විමුක්ති පෙරමු​ණ සහ ජාතික ජනබලවේගය යන පාර්ශ්වයන් දෙක මගින් එය නිර්මාණය වී ඇති නිසාත්, එම බලවේගය තුල කඳ -ලොකු, ඔලුව- කුඩා ස්වරුපයකින් එකී ව්‍යුහය ගොඩනැගී තිබීම නිසාත්ය. බලය ලබාගැනීමේදී මෙම පාර්ශ්වයන් දෙක බලය සඳහාම එකට ​පෑහිය හැකි නමුත් බලය ලබාගෙන එය පවත්වාගෙන යාමේදී ඒවායේ ප්‍රතිවිරෝධතා ප්‍රභලව මතුවීමට ඉඩ ඇත්තේ එම බලය පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු වලට එලබීමේදීය. ඒවා අනුර කුමාරගේ අභියෝග මෙන්ම NPP අභියෝග ලෙසින් කරළීයට ඒමට නියමිතය.

ඇදවැටීමේ ලග අනතුර.

එහෙත් බලය පවත්වාගෙන යාමේ අර්බුධය මතුවීමෙන් ජාතික ජනබලවේගය ගෝඨභය රාජපක්ශ මෙන් බලයෙන් ඇදවැටෙන අනතුරක්නම් මේ රජය වෙත නොමැත. බලයේ සිටින්නේ ජවිපෙ බැවින් අවසානයේ වසර 5 කින් බලය අතහැර යාමක් වේවියයි සිතීමද මුලාවක් වියහැක. මක්නිසාද යත්, ජවිපෙ යනු දශක ගණනාවක් බලය වෙනුවෙන් හෙට්ටු වුනු, ඒ වෙනුවෙන් ලේ, කඳුලු, දහඩිය වැගිරූ බලවේගයකි. එබැවින් බලය ලේසියෙන් අතහැර යාම ඔවුන්ගේ පැත්තෙන් බැලූකලද සධාරණ නොවේ. එබවින් ඔවුන් කල්පණාකල යුත්තේ බලය නිසියාකාරව කළමණාකරනය කරගනිමින් වසර 5 කට වඩා තමන් වෙත පැමිණි බලය රැකගැනීමයි. එහෙත් ඒ සඳහා ඔවුන් සතු මෙවලම් නම් ඉතාමත් දුර්වල බව කිව යුතුය.

ඇත්ත වශයෙන්ම ගෝල්ෆේස් අරගලය කාලයේදී පවා ජවිපෙ යාන්ත්‍රණය තුල කාලයක් ඉතා ප්‍රභලව ස්ථාපිතව තිබූ පක්ශ ඇතුලත සංවිධාන ව්‍යුහය ඉතාමත් දුර්වල අඩියේ තිබිනි. වෙනකක් තබා දිස්ත්‍රික් කමිටු පවා කැඳවූයේ ඉතා අපහසුවෙන් සහ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් කමිටුවලට පහලින් ක්‍රියාත්මකවූ කමිටු නැතිතරම් ය. ඒ වකවානුවේදී ජවිපෙ ලෙස ක්‍රියාත්මක උනේ වරාය වෘත්තීය සමිතිය, ගුරු සංගමය වැනි වෘත්තීයමය ආයතනවල ජවිපෙ ක්‍රියාකාරිත්වයක් පමණය. එතැන් පටන් ජවිපෙ විසින් ජාතික ජනබල වේගය ගොඩනැගීම තුල සහ අරගලයෙන් පසු පාලක පක්ශ ජනතාවට වහකදුරු වීම තුල ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබල වේගය පිමිගණනාවකින් ඉදිරියට පැමිනෙන ලදී. එහෙත් ඒ ඉදිරි පිම්ම පිටුපස ජවිපෙ ප්‍රභල සංවිධාන ව්‍යුහයක් නොවූවද ජාතික ජනබල වේගය වටා එක්වූ පහල මධ්‍යම උගත් පංතියේ විශාල ස්ථරයන් මගින් ශක්තිය සපයන ලදී.

ලේකම් ධූරවල බලපැවැත්ම.

ජනාධිපතිවරන ජයග්‍රහණයෙන් ඉක්බිඳිව පැවති මහ මැතිවරණයේදී සෑම දිස්ත්‍රික්කයකම NPP අපේක්ශක අපේක්ශිකාවන් තොගගණනින් තරඟ වදින විට ජවිපෙන් ඒවාට තරඟ වැදුනේ ඉතාම සුලු ප්‍රමාණයක් පමණි. ඇත්තෙන්ම ජවිපෙන් තරඟ වැදුනේ ආසන්න ලෙස ජවිපෙ මුල් පෙලේ නායකයින් පමණී. ඔවුන් ඒ ඒ දිස්ත්‍රික්කවල කංඩායම් නායකයින් බවට පත්වීමෙන් ජවිපෙ අපේක්ශක අඩුපාඩුව භූමියට පෙනෙන්නට තිබුනේ නැත. එහෙත් එහි අඩුපාඩුව ජවිපෙ නායකයිනට දැනෙන්නට ගත්තේ හිතුවාටත් වඩා බලයක් ජනතාවගෙන් ලැබී පාර්ලිමේන්තුව ජාතික ජනබල වේගයෙන් පිරී ඉතිරී ගියවිටය. වෙනකක් තබා ජවිපෙට සහ එහි නායකයින්ට එහි මුදුන් මුලවූ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා පාර්ලිමේන්තුවට යැවීමට කල්පනා වූයේ නැත. ඔහු පාර්ලිමේන්තුවට නොයාමේ අඩුපාඩුව පිටතට නොපෙනෙන නමුත්, ඔහු ජවිපෙ ලේකම් කමේ පාර්ලිමේන්තුවට පිටතින් සිටියදී, ජාතික ජනබල වේගයේ ලේකම් අබේසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

ජවිපෙ සහ NPP බල අරගලය.

කුමන අයුරකින් විග්‍රහ කලද පාර්ලිමේන්තුවට යන නියෝජිතයෙකුගේ බලය ඉන් පිටත සිවිල් අයෙකුගේ බලයට වඩා වැඩිය. දැන් ජාතික ජනබල වේගයේ ලේකම් වරයාට පාර්ලිමේන්තුවේ පාලනය ජාතික ජනබල වේගය හොබවන බැවින් ජවිපෙ ලේකම් වරයාට වඩා අතිවිශාල බලයක් හිමිවේ. එවිට ඉදිරියේදී යම්කිසි අයුරකින් ජවිපෙ සහ ජාතික ජනබල වේගය අතර යම් ගැටුමක් ඇතිවුවහොත් එහිදී ජාතික ජන බලයේ ලේකම් වෙතත් ව්‍යවස්ථාදායකයේ නායිකාව ලෙස සිටින අග්‍රාමාත්‍යවරියටත් සතු බලතල බොහෝ වැඩි බැවින් ඔවුන් ඉදිරියේ ජවිපෙට හිසනැමීමට සිදුවීම නොවැලැක්විය හැකි තත්වයක් වනු ඇත. මෙහිදීද ජවිපෙ පිහිටට සිටීමට ඉදිරිපත් විය හැක්කේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පමණි.

එහෙත් මේ වනවිට අනුර කුමාර ජනාධිපති වරයාට ඉදිරියට ගෙනයාමට සිදුවී ඇත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති වරයා අනුගමනය කල ආර්තික න්‍යාය පත්‍රයම බැවින් ඒ ආර්ථික වැඩපිලිවෙල වැටී ඇත්තේ ජවිපෙ නායක රෝහණ විජේවීර සහෝදරයා අනුගමනය කල ප්‍රතිපත්ති වලට හාත්පසම විරුද්ධවූ ප්‍රතිපත්ති වීම ඉදිහාසයේ එක්තරා සරදමක් වියහැක. විශේශයෙන් විජේවීරයන්ගේ ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියට සහමුලින් විරුද්ධ ප්‍රතිපත්තියකි. මෑතක් වන තුරුම ජවිපෙ ස්ථාවරය වූයේද ” එට්කා” ගිවිසුම ඇතුලු ඉන්දීය ආයෝජන වලින් මව්බිම මුදාගැනීමේ ප්‍රතිපත්තියකි. නමුත් මෑතකදී අනුර කුමාර ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසුව එලැබුනේ වඩාත් ඉන්දියාව සමඟ හිතවත් කිට්ටු ගනුදෙණු කිරීමේ ප්‍රවනතාවයකි. ඇත්තෙන්ම විය යුත්තේද එයයි. අති ජාතික වාමාංශිකයින් අඳෝනා නගන පරිදි ඉන්දීය විරෝධී ස්ථාවරයකට යාමට වඩා අනුර කුමාර ජනාධිපතිවරයා ගත් එඩිතර ක්‍රියාමාර්ගය පැසසිය යුතුය. මක්නිසාද යත්, ඉන්දියාවට පිටුපා ලංකාව ආර්ථික අතින් ගොඩඒම පවතින සන්දර්භය තුල සිහිනයක්ම පමණක් වන බැවිනි.

ජවිපෙ රැඩිකල් කොටස.

නමුත් මේ අනුර කුමාර ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තීන් ජවිපෙ තුලම සිටිනා වමේ රැඩිකල් කොටස් වලට තේරුම් යාවිදැයි සැකසහිතය. එබැවින් මේ ගනුලබන ක්‍රියාමාර්ග පවා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති වරයාට පහසු වන්නේ මධ්‍යම පංතික උගතුන්ගෙන් පිරී ඇති ජාතික ජනබල වේගය තුල සිටින කොටස් සමඟ මිස ජවිපෙ ඇතුලත සිටිනා රැඩිකල් කොටස් සමග නම් නොවේ. එබැවින් ඉදිරියේදී ජාතික ජන බලවේගය තුල ඇති බලය ජවිපෙ මගින් සමතුලිත කරගැනීමට ඉදිරියේදී ජවිපෙ නැවත ප්‍රතිසංවිධානය කොට එය විශාල තනි පක්ශයක් ලෙස ගොඩගතයුතුවේ. නමුත් එය නැවත ප්‍රතිසංවිධානය කිරීමේදීද ඔවුනට එය ප්‍රතිසංවිධානය කරීමට සිදුවන්නේ රෝහණ විජේවීරයන් ගේ ප්‍රතිපත්ති අනුවද, නැතහොත් අනුර කුමාර ජනාධිපති වරයා වත්මන් තත්වයන් යටතේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලට අනුකූලවද යන උභතෝකෝටිකය ජවිපෙ රැඩිකල් කොටස් නියෝජනය කරන ටිල්වින් සිල්වා ප්‍රමුඛ කංඩායමට අභිමුඛ වීමට නියමිතය.

අවශ්‍ය ඉක්මන් සහන.

සියලුම වගකීම් කන්දරාව.

ජනවාරි මාසයේදී ආන්ඩුවේ අයවැය ඉදිරිපත් කිරීමට ඇති බැවින් රජයේ ඇමතිවරු ඒ පිලිබඳව අවධානය යොමුකරන බවක් හෝ එහි ඇති බරපතල බවක් තේරුම් ගන්නා බවක්ද පෙනෙන්නට නොනමැත. ඒවා සියල්ල ජනාධිපති වරයාට භාරකොට ඇතිසෙයකි. පෙනෙන්නට ඇත්තේ තවමත් මැතිවරණ වලට පෙර කලින් පාලකයින් හට එල්ලකල චෝදනාම තවදුරටත් එල්ල කරමින් මැතිවරන සමයේ පැවති මෝඩ් එකේ පසුවන ඇමතිවරුන් සහ මන්ත්‍රී වරුන්‍ ය. ඒවා නැවත නැවත තලුමරන ෆේස්බුක් වාසී ජනබලවේගයේම ඩිවොටීස් (devotees) ගොන්නය. අනෙකුත් සියලු වගකීම් වැටී ඇත්තේ ජනාධිපතිවරයාගේ උර මතය. ජනාධිපති, අගමැති සහ ප්‍රමුඛ පෙලේ ඇමතිවරු දෙතුන් දෙනෙකු හැරුනු කොට ඉදිරි සියලුම දෙනා තමන් රට පාලනය කරන බව දන්නා බවක් හෝ තවමත් පෙනෙන්නට නොමැත.

අයර්ලන්ත ජාතිකයෙකු වූද, ශ්‍රේෂ්ඨ කවියෙකු, නාට්‍ය රචකයෙකු වූද ඔස්කා වයිල්ඩ් වරෙක මෙසේ පවසා ඇත, ” මේ ලෝකයේ ඇත්තේ ඛේජවාච්ක දෙකක් පමණි, එකක් වන්නේ කෙනෙකු ඕනෑකමින් අත්කරගැනීමට බලාසිටිනා දෙයක් අත් නොවී තිබීමයි, අනෙක් ඛේදවාචකය නම්, එය අත්වීමයි”. මෙය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගයට කොතරම් උචිතවන්නේදැයි ඉදිරියේදී ඔවුන්ගේම ක්‍රියාමාර්ග තුලින් අපට පැහදිලිවනු ඇත.

The above image source_https://bmkltsly13vb.compat.objectstorage.ap-singapore-1.oraclecloud.com/cdn.sg.dailymirror.lk/assets/uploads/image_1cd5fee963.jpg.https://i1.wp.com/www.colombotelegraph.com/wp-content/uploads/2014/02/anura-copy.jpg?resize=800%2C698&ssl=1

Ranjana Senanayake.

Author

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *