| |

ගුරුපඩි ගන්න මදාවියෝ..!

බොහෝ පාසැල්වල පොල්ලක් හෝ   ලොකු කෝටුවක් අතේ  අරං පංතිවලට, රැස්වීම් වලට යන පිරිමියෙක් දෙන්නෙක් ඉන්නවා. එහෙන ගැහැණුත් නැතිව නෙවෙයි. පාසැල්වල කිසිම ගුරුවරයෙකුට හෝ ගුරුවරියකට වේවැල් කෝටු, පොලු තියාගැනීම සපුරා තහනම්. මේ රටේ ශාරීරික දඬුවම් නීති මගින්ම සම්පූර්නයෙන්ම තහනම් කරලා තියෙන්නේ. ගුරුවරු ඒ ගැන දැනුවත්වීම වැදගත්.

https://i0.wp.com/whatnews.lk/wp-content/uploads/2024/03/67825879.webp?fit=400%2C300&ssl=1

ඒ නිසා පාසැල තුල කවුරු හරි ළමයෙකුට අතවත් තිබ්බොත් අදාල ළමයාගේ දෙමව්පියන්ට පමණක් නෙවෙයි එය දකින, ඒ ගැන අහපු ඕනෑම කෙනෙකුට ඒ ගැන විදුහල්පතිට, කළාප අධ්‍යාපන කාර්‍යාලයට, පොලිසියට, ළමා ආරක්ෂක අධිකාරියට හෝ මානව හිමිකම් කොමිසම් කාර්‍යාලයට පැමිණිලි කිරීමට අයිතියක් තියෙනවා. අවසානයේදී ඒකට වගකියන්න ඕනෙ විදුහල්පති හෝ විදුහල්පතිනිය.

නමුත් මෝඩ දෙමව්පියන් ඉන්නවා පාසැලට ඇවිල්ලා “ඕකට ගහල හරි කමක් නෑ…හදල දෙන්න” කියලා කියන. සමහරු කියනවා, “අපි මෙහෙම ඉන්නෙ, ගුරුවරු ගෙන් හොඳට ගුටිකාලා හැඳුණු නිසා” කියලා. ඒ අම්මලා තාත්තලා කියන “මෙහෙම ඉන්නෙ” කොහොමද කියලා අපි දන්නෙ නැහැ. නමුත් මේ රටේ බහුතරයක් හොඳින් ඉන්නේ පාසැලෙන් ගුටිකාලත් නෙවෙයි. ගෙදරදි ගුටි කාලත් නෙවෙයි. ගරා වැටෙන, පිරිහෙන අපේ විධිමත් අධ්‍යාපනයෙන් හැකිපමණ මහන්සිවෙලා ඉගෙනගෙන.

https://www.todaynewslk.com/wp-content/uploads/2022/11/observations-from-under-the-fatherhood-disciplining-a-2-year-old-1-1140×640.jpg

නමුත් කියන්න ඕනෙ, පාසැල්වල පොල්ලක් ඇරං, ලොකු කෝට්ටක් ඇරං මෙහෙම පංති වලට, රැස්වීම් වලට යන අයත් ගුරුවරු කියල කියාගන්නවා. ඔවුන්ට ගුරු පත්වීම් දීලා පඩිත් ගෙවනවාලු. ඒ ගැන ගුරු සංගම් නායකයෝ කථා කරන්නෙත් නෑ. ඒ නිසා ළමුන්ට එහෙම ගහන එකත් නිළ කාර්‍යයක් කියලයි හැමෝම වගේ හිතන්නේ.

පාසැල්වල “ගුරුවරු” ඉන්නවානම් මේවාගැන ගුරුමංඩල රැස්වීම් වල කථා කලයුතුයි.

කුසල් පෙරේරා.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *