ජිමී කාටර් දිවිසැරිය නිමකරයි.

ඇමරිකාවේ 39 වන ජනාධිපති වරයා වූද, වසර 100 සැපිරූ එකම ජනාධිපති වූද, ජිමී කාටර් මහතා පසුගිය ඉරිදා සිය දිවි සැරිය නිම කළේය. ඔහු 2002 දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ජාත්‍යන්තර සාම ක්‍රියාදාමයන්හි දශක ගණනාවක් නිරතවීම හේතුවෙනුත්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙනුත් සහ ආර්ථික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් ඔහු දශක ගණනාවක් ගත් උත්සායයන් වෙනුවෙනුත් ය. ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික බව කැපීපෙනෙන ලෙස පෙනුනේ ඔහුගේ ඊශ්‍රායල්-ඊජිප්තු සාම වැඩපිලිවෙල සඳහා වැඳගත් මෙහෙයක් සිදුකිරීමත්, චීනය සමග ගණුදෙනු මිත්‍රශීලී ලෙස පවත්වාගෙන යාමත්, පැනමා ඇළ සම්බන්ධව පැනනැගුනු ගැටලු සාර්ථකව නිරාකරණය කරගැනීමත් යන කාරණා වලදීය, ,නමුත් 1979 දී ඉරානයේ දී සිදුවූ ඇමරිකන් ප්‍රාණ ඇපකරුවන් ගේ ප්‍රශ්ණයට මැදිහත්වූ ආකාරය ගැන ඇමරිකන් ජනතාව ඔහුව දැඩිලෙස විවේචනයට භාජණය කරන ලදී.

තම ජනාධිපති ධූර කාලයෙන් පසුව නැවත බලයට ඒමට උත්සාහ කිරීම වෙනුවට ” කාටර් මධ්‍යස්ථානය” ඇතිකරගනිමින් ඒ හරහා විශාල වශයෙන් සමාජ සේවයක් කිරීම ඔහුගේ නොබෙල් සාම ත්‍යාගය දිනීමටද මගපෑදිනි. ඔහුගේ දරුවන් හතර දෙනාගෙන් කිසිවකු ජනාධිපති තණතුර ලබාගනීමට දේශපාලණය කලබවක්ද වාර්ථ වන්නේ නැත.

Ranjana Senanayake

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *