අම්සිකාට සාධාරණය ඉටුකරණු..!

බොහෝ දෙනා තම තමන්ගේ නිරවද්‍යතාවය ඔප්පු කරලීම පිණිස අතිවිශාල කැම්පේන් එකක් දියත් කරනු ලැබීය. පැරණි සිදුවීම් හා සමාන සිදුවීමක් ලෙස ( නිවැරදිකරුවන් වරදකරුවන් කරනු ලැබූ) හුවා දක්වන  සාකච්ඡාව තවත් මානයකට ගෙන එනු ලැබීය. දැන් සිදුව ඇත්තේ කුමක්ද? සැබවින්ම මෙහි වින්දිතයා කවරෙක්ද? ඇයට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් මතුව ඇති සංවාදය දේශපාලන බල උවමනාවක ප්‍රතිඵලයක්ද?

අදාළ උපකාරක පන්තියේ ආයතන හිමිකරුවා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැමීම සඳහා යාම සහ අපයෝජනයට ඔහු සම්බන්ධ නැතැයි යන මතය තහවුරු කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් වෙහෙස වන්නේ ඇයි?

ඊයේ පාර්ලිමේන්තුව තුළ අගමැතිවරිය සහ සභානායකවරයාගේ ප්‍රකාශ නැවත සියුම්ව අධ්‍යයනය කළ විට යමක් වටහා ගත හැකිය.

සමාජය තුළ මතුවන ඕනෑම ප්‍රශ්නයක දේශපාලනයක් තිබේ.එය කෙනෙකුට ජයග්‍රහණයක් වන විට තව කෙනෙකුට පරාජයක් අත්පත් කර දෙයි.ඉතිහාසය තුළ බලයට පත්වීමට පෙර වර්තමාන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග එවකට ඔවුන්ට ජයග්‍රහණ අත්පත් කර දුන් අතර එවකට බලයේ සිටි පාලකයින්ට අත්පත් කර දුන්නේ පරාජයකි.එය දේශපාලනයේ හැටිය. වසර හැත්තෑයක දේශපාලන ඉතිහාසයේ රට පාලනය කළ චෞරයන් හා දූෂිතයන් පලවා හැරීමට බලය ගත් ආණ්ඩුව වඩා යහපත් සමාජයක් නිමවන බවට සමාජයට සපත කර තිබේ.

නමුදු අම්සිකාට සියදිවි නසා ගැනීමට බලපාන ලද හේතුවට සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිව යුතුය.කිසිවෙකුට තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවිය නොහැක.මුළු සමාජයක් යනු මිනීමරුවන්ය,මෙවැනි දේවල්  නැවත නැවත සිදුවන විටත් නිහඬව බලා සිටින්නන් සිටින්නේ නම් ,මෙම මරණ වලට ඔවුන් අනියමින් සහයෝගය පළකර තිබේ.

හේමමාලි අබේරත්න.

(නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා)

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *