අද මෝදි-අනුර, එදා රජිව්-ජේ. ආර්..!

ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහෙන් එකක් “ඉන්දියානු ව්‍යාප්තවාදය” විය. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුමත් සමඟ ජවිපෙ විසින් ලාංකීය ජනතාව දේශප්‍රේමිත්වය පෙරටු කොටගෙන සංවිධානය කිරීම්, විරෝධතාවන් සඳහා පෙළගැස්වීම්, පමණක් නොව මුලු රටේම ඉන්දීය විරෝධය මූලික කොටගෙන සන්නද්ධ අරගලයක් දක්වාම එය ගෙනයනු ලැබීය.
- ජවිපෙ යනු, කොතරම් විරුද්ධාභාශයන් තිබුනද, න්‍යායාත්මක පීලිපැනීම තිබුනද, එය මාක්ස්වාදය මත ගොඩනැගුණු පක්ෂයක් ලෙස සලකේ. ලෙනින් රුසියාවේ බලය ලබා ගැනීමෙන් පසු ඊටම ගලප්පාගත් බෝල්ශෙවික් සමාජවාදී අර්ථ ක්‍රමයක් අනුව රුසියාව ගොඩනැගීම කරගෙන යනලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු සෝවියට් දේශය ලෙස වඩාත් තහවුරු ලෙස නිර්මාණය වී සමාජවාදී කඳවුර තුළින් යම් මධ්‍යගත නායකත්වයක් යටතේ ගෙන ගිය සෝවියට් දේශයේ අධ්‍යාපනය ලබමින් සිටි රෝහණ විජේවීර, ලංකාවේ පිහිටුවා ගත් ජවිපෙ තුළ තිබූ මතය නම්, ලංකාව තුළ රාජ්‍ය බලය ලබාගෙන සමාජවාදයට යාම කල යුතු බවයි. එය බොහෝවිට නෑකම් කීවේ අධිරාජ්‍යවාදයට එරෙහිවත්, යටත් විජිතවාදයට එරෙහිවත් අරගලයන් තුල සමාජවාදය කරා යාමේ ලෙනින් පෙන්වාදුන් ශෝට් කට් එකට අනුවය. ලෝකය ධනවාදී සහ සමාජවාදී ලෙස කඳවුරු දෙකකට බෙදී තිබුණ මේ යුගයේ මාක්ස්_ ලෙනින් වාදය හරහා ලංකාවේ සමාජවාදය නිර්මාණය කරගෙන සමාජවාදී කඳවුර හා එක්වීම රටට ආදරය කළ බහුතරයක් තරුණයින්ගේ සිහිනයද විය. ඒ සඳහා ජවිපෙ සමඟ සම්බන්ධ වීම රහසිගතව සිදුවෙමින් පැවතුනි.

1987 ඉන්දු–ලංකා ගිවිසුම සමග විශ්ව විද්‍යාලවල, පාසල්වල ශිෂ්‍යයන් පවා ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂණ කලහ. විශ්ව විද්‍යාල සිසුන් ලෙස ගලහ හංදියේදී, පේරාදෙණිය හන්දියේදී කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර වලට නිතරම මුහුණ දෙනු ලැබීය. රබර් උණ්ඩ වලින් වෙඩි තැබීම් පවා හමුදා–පොලිස් ප්‍රහාරක බල ඇණි වලින් සිදුවුනත් විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ වැඩි වුණා මිසක් අඩු උනේ නැත. නුවර නගරයේදී පවා පොලිස් පහර කෑම්, අත්අඩංගුවට පත්වීම් සිදුවුණා.
ජවිපෙහි විසින් නිර්මාණය කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ආයුධ සන්නද්ධව දේශප්‍රේමී ඉන්දියන් විරෝධී සටනට අවතීර්ණ වුනේ මෙතනදීය. නමුත් හරියාකාරව විස්ලේශණය කොට බැලූවිට ජවිපෙ සන්නද්ධ වීමේ සූදානම ඊට වසර ගණනාවකට පෙරට යන බවද කිව යුතුය.

image source-https://lankatruth.com/si/wp-content/uploads/2024/06/JR-Rajeeve-2024.06.19-1.jpg
ජවිපෙහි හරහාම මාක්ස්වාදී දර්ශනය පිළිබඳව ඉගෙන ගත් අයට දේශප්‍රේමී යුද්ධයක් හරහා සමාජවාදී විප්ලවයක් ඇතිවීමේදී විෂය මූල තත්ත්වයන් පරිණත වීම පිළිබඳව අපැහැදිලි කමක් තිබුනත් පන්ති අරගලය පසෙක දමා දේශප්‍රේමී යුද්ධය හරහා සමාජවාදය ගොඩනැගීම ලෙනින් ආදර්ශයෙන්ම පෙන්වූ බව ජවිපෙ විසින් පෙන්වාදීම තුළ 87–89 දේශප්‍රේමීත්වය හරහා සමාජවාදයට යන ගමන් මග ඔස්සේ ගමන් කර අවසානයේ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ නායකයින්ගේද, සාමාජික සහෝදර–සහෝදරියන්ගේද පරාර්ථකාමී වූ ශ්‍රේෂ්ඨ වූ චේතනාවන් සුණු විසුණු කරමින් පාලකයින්ගේ මර්ධනයෙන් එම අරගලය අවසන් විය.
කියුබාවේ පිදෙල් කැස්ත්‍රො බලය ගත් ආකාරයට 1971 පළමු අරගලය ජවිපෙ විසින් මෙහෙයවනු ලැබීය. එදා ජවිපෙ සාමාජිකයෝ හැඳින්වූයේ “චේගුවේරාකාරයෝ” ලෙසය. එදත් එය විශාල පරාජයකින්ද, විශාල විනාශයකින්ද නිමවිය. 87–89 දේශප්‍රේමීන් ලෙස බලයෙන් ගැනීමට යෑමේදී 71 ටත් වඩා බිහිසුනු විනාශයකින් එය කෙළවර විය.
මෑතදී ජවිපෙ ප්‍රමුඛ බලවේග 2024–2025 ජාතික ජන බලවේගය හා ජන අරගල ව්‍යාපාරය ලෙස ආකාර දෙකකින් බලය ලබා ගැනීමේ උපක්‍රම භාවිතා කරන අතර පාර්ලිමේන්තු බලය ලබා ගනිමින් අනුර කුමාරගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය සමාජවාදය අතහැර දමමින් ගමනක් යනවා. කුමාර ගුණරත්නම් ගේ නායකත්වයෙන් ජන අරගල ව්‍යාපාරය පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් වෙනුවෙන් මාක්ස්–ලෙනින්වාදය ගුරුකොට ගනිමින් ගමනක් යන බවක් දක්නට ලැබේ.

image source-https://divaina.lk/wp-content/uploads/2023/03/karl-marx1.jpg
අද සෝවියට් දේශය කැබලි වලට කැඩී ගොස් රුසියාව ඉතුරුවී ඇත. නමුත් එහි සමාජවාදී පාලනයක් නම් ඇත්තේම නැත. එනම් ලෝකයේ ධනවාදී සහ සමාජවාදී කඳවුරු දෙකක්ද නැත. එනිසා ලෝක ධනවාදය තුළ ලංකාව වැනි කුඩා කොදෙව්වක සමාජවාදය පිහිටවීම යනු දෑතින් ගෙල සිරකර ගැණීමක්ම වෙනවා නොඅනුමානය. එහෙත් අවාසනාවකට ලාංකීය දේශීයත්වයට නැඹූරුවූ වාමාංශික කොටස් තවමත් ලංකාවේ සමාජවාදය ඇතිකිරීම සඳහා කම්කරුවන් නොවන ගොවි සහ රැකියා විරහිත, සහ අනුන්ගෙන් යැපෙන ආන්තික කොටස් හරහා දේශපාලනය කරමින් ඉන්නවා. නමුත් දියුනු කම්කරු පංතියක් ඇතිකරගැනීමට අවශ්‍ය කරන ධනේශ්වර සංවර්ධනය හෝ රටේ ඇතිවීම මේ අයට ඇලජික් වී ඇති බවකුයි පේන්නට තිබෙන්නේ. ධනපති පංතිය රටක අවශ්‍ය වෙන්නේ වාමාංශික කෝනයෙන් නම් ඒ රටේ කම්කරු පංතියක් නිර්ම්ණය කරගැනීමටයි. ධනපති පංතිය ශක්තිමත් නැත්නම් ඒ කුමන රටක උනත් කම්කරු පංතිය ශක්තිමත් නැහැ. මාක්ස් නොයෙක්වර පෙන්වාදුන්නේ කම්කරු පංතිය යනු විප්ලවකාරී පංතිය බවයි. එයට හේතුවනම් ඔවුන් කෙලින්ම අතිරික්ත වටිනාකම් නිපැයීම හරහා ප්‍රාග්ධනයට ගැටගැසී තිබීමයි. නමුත් මාක්ස් නැවත නැවතත් මතක් කරදුන් කාරණයක් තමයි ප්‍රාග්ධනය යනු අතිශය පෞද්ගලික දෙයක් බවත් එය ලොව පුරා අස්සක් මුල්ලක් නෑර ලාභ ඉපයීම සඳහා ව්‍යාප්තවන බවත්.
අද වන විට ලෝකය ධනවාදී බල කඳවුරු කීපයකට කැඩී ඇත. මේ සියලු බල කඳවුරු ධනේශ්වර ක්රමයම ක්‍රියාත්මක කරන අතර ලෝකයයේ සම්පත් බෙදා ගැනීමට කරන අරගලය පැහැදිලිව පෙනේ. ඔවුන්ගේ ප්රයත්නය තම වෙළඳපොළ පුළුල් කරගෙන ප්‍රාග්ධනය ලෝකය පුරා ප්‍රසාරණය කිරීමයි. එය ඇත්තටම රටවල්වල භූමිය අත්පත් කරගැනීමට වඩා මූල්‍යමය ආයෝජන හරහා වෙළඳපොල ව්‍යාප්ත කරගනීමයි.

image source-https://theleader.lk/images/2023/ge4636.jpg
ඉන්දියාව වේගයෙන් ආර්ථිකව දියුණු වෙන රටක් වන අතර ආසියාවේ බල කඳවුරක් නිර්මාණය කරගෙන එරටේ සිටින ධනපතියන්ට අවශ්‍ය වෙළඳපොල පුළුල් කර ගැනීමට ඉන්දියාව වටා ඇති කුඩා රටවල් හා ගිවිසුම් ගතවීම් වලට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගනිමින් සිටියි. ඉන්දීය අගමැති මෝදි ලංකාවට එන්නේ තම රටේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමටයි. මෙහිදී ඔහු ඉන්දියාවේ ආරක්ෂාව හා ලංකාවේ භූමිය භාවිතා කරමින් ලෝකය තුළ තම වෙළඳපොළ කොටස ලොකු කර ගැනීමට අපේක්ෂා කරනවා. ලංකාව බංකොලොත් වුන ආර්ථිකයව හැකිලී ඉතා අමාරුවෙන් පිළිසරණක් සොයමින් සිටින මොහොතක අනුර කුමාර ප්‍රමුඛ රජය මෙම අවස්ථාව නිවැරදි ලෙස කලාමනාකරණය කරගත යුතුව ඇත. ලාල්කාන්ත,“ලංකාවේ ආර්ථික ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක්”ලෙස හැඳින්වූවත්, අනුර කුමාර”අයි.එම්.එෆ්.එක අතහැරීමට නොහැකි ලෙස ලංකාව එහි ගැට ගසා ඇති” බව කිව්වත්, රනිල්”වැල් පාලමේ ඉතිරි ටිකත් දරුවා ගෙනයන”ලෙස අනුරට පැවසුවත්, සිදුවන්නේ ධනේශ්වර ආර්ථික ක්‍රමය ඉදිරියට ගෙනයාමමයි. ආයෝජකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම තුළ ලෝක ධනවතුන්ගේ ප්‍රාග්ධනය ලංකාව තුළට ඇතුළු වීම, භූමිය භාවිතාවෙන් බදු ආදායමක් ලැබීම, රැකියා අවස්ථා ඇතිවීම, යටිතල පහසුකම් දියුණු වීම, ආදි වාසි රැසක් නිර්මාණය වීම ලංකාවටද වාසිදායක ලෙස ගිවිසුම් ගතවීම තුළ ලබා ගතහැකියි. මෝදි ලංකාවට පමිණීම විවිධ පැතිවලින් ලංකාවට වැඳගත් වූවද, ජවිපෙ ආරම්භයේ සිටම පවති ඉන්දීය ව්‍යාප්තවාදයේ විරෝධය ජවිපෙ 1971 කැරැළ්ළට අවුරුදු 54 ක් පිරෙන අප්‍රේල් 05 වෙනිදා ඉන්දීය නායකයාට ජවිපෙ නායකයා විසින් ” ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” සම්මානයෙන් පිදුම් දීමෙන් කෙලවර වනබවනම් ඉතා පැහදිලිය. දැන් මේ ඉන්දීය විරෝධය අවශ්‍යනම් ජාතික වාමාංශික කඳවුරට රිසිසේ කරතබාගෙන යා හැකිය.
එහෙත් ඉන්දියාව සමග ලංකාව වෙළඳ ගනුදෙණු සඳහා ගිවිසුම් ගතවීම ලාංකික වාමාංශික කංඩායම් විස්තර කරන්නේ ආරක්ශාවට තර්ජනයක් ලෙසයි. චීනය සමග ඉන්දියාව අතර ඉදිරියේදී ඇතිවීමට නියමිත බවට ඔවුන් පුල පුලා කියන යුද්ධය සිදුවූවොත් ලංකාව ඉන්දියාව සමග එළැබෙන මේ ගිවිසුම් නිසා චීනය ලංකාව සතුරෙකු ලෙසට සලකනු ලබනු ඇති බවකුයි මේ වාමාංශික කංඩායම් අනතුරු අඟවන්නේ. එහෙත් චීනය සහ ඉන්දියාව ගත්විට, ලෝකයේ ආර්ථික බලවතුන් අතරින් දෙවන තන ගන්නේ චීනය, 5 වන ස්ථනය ගන්නේ ඉන්දියාව. ලෝකයේ මිලිටරි ශක්තිය අතින් 3 වන ස්ථානය ගන්නේ චීනය, 4 වන ස්ථානය ගනු ලබන්නේ ඉන්දියාව. ඉතින් මේ රටවල් දෙක අතර ලාංකීය වාමාංශික කන්ඩායම් කියන ආකාරයේ යුද්ධයක් ඇතිවුනහොත් ලංකාව මේ රටවල් දෙකින් කොයි රට සමග ගිවිසුම් ගත වෙලා හිටියත්, නොහිටියත් ලංකාවට ඇතිවන බලපෑම අතිවිශාලයි. මොකද චීනය සහ ඉන්දියාව අතර යුද්ධයක් කියන්නේ නිකම්ම මේ රටවල් දෙක අතර යුද්ධයක් නෙවෙයි, එයට බොහෝ රටවල් ඈදෙනවා අනිවාර්‍යයෙන්ම. එවිට ඉන්දියානු සාගරයේ නැව් ගමනාගමනය, ගුවන් ගමන් ඇනහිටිනවා. එවිට ලංකාවට අඩුතරමින් අත්‍යවශ්‍ය බෙහෙත් ටිකවත් ලබාගනීමට උදව් ඉල්ලන්න වෙන්නෙත් ඉන්දියාවෙන්. ඒ නිසාම ලංකාව ඉන්දියාව අපේ අසල්වැසියා වීම තුල ඔවුන් සමඟ එකඟතා ඇතිකරගැනීම තමයි ණුවනට හුරුම. නමුත් ලාංකික වාමාංශිකයින් ඉන්දු-චීන යුද්ධ බිල්ලෙක් මැව්වාට, චීනය සහ ඉන්දියාව ඔවුන් හිතනවාට වඩා ඉදිරියෙන් සිටින්නේ. ඔවුන් පිහිටුවා ඇති බ්‍රික්ස් (BRICS) එකමුතුව තුල ඉතාම සහයෝගයෙන් කටයුතු කරනවා. එයින් අදහස් වෙන්නේ චීනය සහ ඉන්දියාව යුද්ධ කරනවාට වඩා වෙළඳාමට මූලිකත්වය දී ඇති බවයි. තවද ඉදිරියේදී ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකාවේ ටැරිෆ් (Tariffs) ඉහල දැමීම මත චීනය සහ ඉන්දියාව ඉක්ව සහයෝගයෙන් වැඩකිරීමට නියමිතයි. ඇත්තටම මේ වාමාංශිකයින් මෙවනි “බිල්ලන්” මවන්නේ ලංකාවේ පසුගාමී සමාජයේ ආන්තික ජනතාව මේවාට පහසුවෙන් බියවැද්දීමට පහසු නිසයි. එදා 1987 කාලයේදී විජේවීර කිව්වෙත් ඉන්දියාව ඔවුන්ගේ 26 වන ප්‍රාන්තය බවට ලංකාව පත්කර ගැනීමටයි යන්නේ කියලා. ඒ අනුව තමා ඔහු 87-89 දේශප්‍රේමී අරගලයට අවශ්‍ය දේශප්‍රේමීන් නිර්මානය කරගත්තෙත්. නමුත් ඒ අරගලය මර්ධනටයට ලක්වෙලා අදවනවිට අවුරුදු 40 කට ආසන්න උනත් ඉන්දියාව එයාලගෙ ප්‍රාන්තයක් බවට ලංකාව පත්කර ගන්නෙ හිතලවත් නැහැ. විශේශයෙන් පහුගිය දැඩි ආර්ථික අර්බුධයෙදි පවා ඉන්දියාව ලංකාවට මූල්‍ය ආධාර දුන්න මිස ලංකාව එයාලගෙ ප්‍රාන්තයක් කරගන්න හැදුවේ නැහැ.
මාක්ස්වාදී දර්ශනය තුළින්; ධනවාදය ඉදිරියට යාම තුළින් දියුණු කම්කරු පන්තියක් නිර්මාණය වීම හා ඉතා දියුණු තත්ත්වයේ තිබෙන ධනවාදී රටවල් වලින් සමාජවාදී විප්ලව ආරම්භ වන බවත් දියුණු කම්කරු පන්තිය පාලනය ලබාගන්නා බවත් පැවසෙනවා. අද ලංකාවේ නිර්ධන පංතිය වෙනුවෙන් ගොඩනැගුණු පක්ෂ නැති බව තේරුම් යනවා. පංතිය අමතක කොට රට(දේශය)වෙනුවෙන් තීරණය ගන්නා දේශප්‍රේමීන් බවට පත් වී සිටිනවා. ”පංති ප්‍රේමය”, දේශප්‍රේමය”දක්වා ලඝු වී තිබීම නිසා පංතිය දැනුවත් කිරීමේ කර්තව්‍ය පසෙක දමා දේශය වෙනුවෙන් බලය ලබා ගැනීමේ හා ලබාගත් බලය රැක ගැනීමේ ප්‍රයත්නයක මෙම පක්ෂ නියැලී සිටීම ඛේදජනකයි.
බටහිර ඉතා දියුණු දර්ශණයක් ලෙස සලකන මාක්ස්වාදී දර්ශනය පසුගාමී පරිධියේ රටවල් වලට පැමිණි විට ඒවා භාවිතා වීමට වඩා දැඩිලෙස අවභාවිතා වනබව මේ සියලු දේවල් වලින් දෘශ්යමාණවන සත්‍යයක්.

ගාමිණී රණසිංහ.
(අධ්‍යයන කවය)