
මීට දින කීපයකට පෙර පැවති රූපවාහිණී සංවාදයකදී සමගි ජන බල වේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී පෙරේරා මහතා විසින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ඇසූ ප්‍රශ්ණයකට, ජවිපෙ මෙහෙයවන ජාතික ජනබල වේග මන්ත්රීනී ලක්මාලි මහත්මිය ” මම මොකටද ඔබට උත්තර දෙන්නේ ” යනුවෙන් පවසා අවසානයේ උත්තර නොදෙන බව පවසුවාය.
above image source-https://lankatruth.com/si/wp-content/uploads/2023/09/Lakmali-Hemachandra-2023.09.23-1.jpg

image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_72652f739c.jpg
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුල ආන්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද විශාල කාර්යභාරයක් තිබේ. එකී විපක්ෂයේ කාර්යභාරයේ ප්‍රධානම කොටස වන්නේ ආන්ඩුවේ අණපනත් සහ ආර්ථික වැඩපිළිවෙලේ අහුමුලු ප්‍රශ්න කරමින් ඒවා ජනතාවට දැනගැනීමට සැලැස්වීමයි. එකී සංවාදය තුල අජිත්.පී පෙරේරා ඇසූ ප්‍රශ්නයද ඊට අදාලය.
කොමියුනිස්ට් පක්ෂ ආකෘතියට අනුවනම් ඔවුන් රට පාලනය කරන්නේ තමාගේ තනි අභිමතයට අනුව යන ආඥ්ඥාදායක පාලණයක ව්යුහයක්ට අනුවය. එහිදී ඔවුන් විපක්ෂ අභිමතය සහ ජනතා අභිමතය තඹේකට මායිම් නොකරනවා පමණක් නොව ඒවා මර්ධනයද කරයි. ඒ සඳහා ඔවුන්ගේම ක්‍රියාධරයින්ගෙන් සමන්විත මිලිශියාවක් පත්කර ගනී. ඊට අදාල ඔත්තු සේවාවක් පවත්වාගෙන යයි. පක්ෂයට එරෙහිව කට අරින ඕනෑම කෙනෙක් මේ මිලිශියාව නැත්නම් රතු හමුදාව මගින් ම්ලේච්ච ලෙස පලිගනු ලබයි. ඒවා එදා හිට්ලර්ගේ “ගෙස්ටාපෝ’ හමුදා බල ඇනියට කිසිසේත්ම දෙවෙනි නොවේ.
මෙහිදී යම් දේශපලන විවාදයකට සහභාගිවන ජවිපෙ සාමාජිකයෙකුගේ අතින් විපක්ෂ මන්ත්‍රීවරුන්ට එසේ උද්දච්ච ලෙස ප්‍රතික්ෂේප කිරීමකට ලක් උනිනම් එය ජවිපෙ කොමියුනිස්ට් ගථිකයේ බලපෑම නිසා සිදුවූවක් ලෙස අපට සිතිය හැක. එසේනම් මාළිමාව හරහා ජවිපෙ ට මැතකදී සම්බන්ධවූ බොහෝ දෙනෙකුට ජවිපෙ සම්බන්ධ වීමට පෙර ඔවුන්ගේම කියා ලිබරල් හෝ වෙන කුමන ප්‍රසස්ථ දේශපාලණ සාරයක් ඔවුන් සතුව තිබී නැත. එවැනි සාරයක් තබා කිසිදු දේශපාලන දැනුමක් හෝ තිබී නැත. ඔවුන් බොහෝදෙනා සාමාන්‍ය වශයෙන් උසස් අධ්‍යපනය ලබා සරසවි වලට ඇතුලුවී ඔවුන්ගේ උපාධිය ලබාගෙන තමන්ගේ දියුනුව පමණක් සෙවූ කොට්ටාශයකි. ඇත්තටම මේ කොට්ඨාශයට ජවිපෙ සරසවි සහෝදරයින් ආමන්ත්‍රණය කලේද “අපතයින්” ලෙසය. එය සරසවි වල ඉතා ප්‍රසිද්ධ ආමන්ත්‍රණයකි. ඒ අනුව දන් මාලිමා ආන්ඩුව තුල පාර්ලිම්ර්ර්න්තුවට තේරී පත්වූ වැඩිහරියක් ජේවීපී සාමාජික සාමාජිකාවන්ට අනුවනම් “අපතයින්” වේ
මීට පෙර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාගේ මුවින් පිටවූ ” ආයේ දෙන්නෙ නෑ පුතේ ” යන ප්‍රකාශයද අපට විග්රහ කරගැනීමට වන්නේද මේ සන්ධර්භය තුල තබාය. එසේම පාර්ලිමේන්තු විවාද වලදී විපක්ෂය අසන ප්‍රශ්ණ සම්බන්ධව ආන්ඩුවේ ඇමතිවරුන්ගේ ද්වේශ සහගත ප්‍රතික්ෂේප කිරීමේ මූලය ඇත්තේද පෙරකී ජවිපෙ අභ්‍යන්තර කොමියුනිස්ට් පක්ෂයේ බොල්ශෙවික් ගථිකය තුලය.

1 thought on “මාළිමාවේ බෝල්ශෙවික් ගතිකයෝ..!”