පැල්වත්තෙ උක්සීනී, IMF, යුරෝපයේ PAC…!

පැල්වත්තේ ඇතුලු අනෙකුත් උක්ගොවීන්ගේ ප්‍රශ්නය තවමත් නොවිසිදුනු ගැටලුවක් වී ඇත. උක් වගාකර ඇති ගොවීන්ට තම අස්වැන්න විකුනාගැනීමට නොහැකි වීම නිසා බලධාරීන් සමග ඇතිවූ ගැටුම් පසුගිය දා මාධ්‍ය වාර්තාකර තිබුනි. ගොවීන්ට තම අස්වැන්න විකුනා ගැනීමට නොහැකි වී ඇත්තේ රජය දේශීය උක්සීනි සදහා ගසා ඇති බදු හේතුවෙන් වෙළද පොලේ උක් සිනී මිළ ආනයනික සුදුසීනි වලට වඩා ඉහලයාම නිසා වෙළදපොලේ උක්සීනී වලට තරග කිරීමට නොහැකි වීමයි. පාරිභෝගිකයා ශරීරයට වඩාත් අහිතකර ආනයනික සුදු සීනී මිලදී ගන්නේ වැඩ් මිලක් ගෙවා හොද සීනී මිලදී ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැති නිසාය. දේශීය උක්සීනී විකුනාගැනීම්ට නොහැකිව ගොඩගසා ඇති අයුරුයි මේ පහත පින්තූර වලින් පෙන්වන්නේ.

IMFණය කොන්දේසි.

දේශීය උක්සීනී වලට බද්දක් ගැසීමට සිදුවුනේ IMF ණය කොන්දේසියක් නිසා කියල ඇමතිවරයෙක් මාධ්‍ය සාකච්චාවකදී කිව්වා. IMF කියන්නේ ලෝකේ බලවත් රටවල් ඔවුන්ගේ සිස්ටම් එක පවත්වාගෙන යාම සදහා භාවිතා කරන මූල්‍ය උපකරනයක් නොහොත් ආයතනයක්. එකේ අයිතිකාර රටක් වන ප්‍රංශයෙ කාන්තාවක් වන Christine LAGARDE තමයි 2019 දක්වා IMF විධායක අධ්‍යක්ෂක වරිය වෙලා හිටියේ. ඇයට කලින් හිටියෙත් ප්‍රංශ ජාතිකයෙක්. ඔහු නිව්යෝක්හි තමා ලැගුම් ගෙන සිටි හෝටලයේදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට ලක්වී එහිදී අත් අඩංගුවට පත්වී IMF රැකියාවද අහිමි කර ගත්තා. IMF පාලනය කරන ඔවුන් ලංකාව වගේ රටවලට ඔවැනි කොන්දේශි දැම්මට ඔවුන්ගේ රටවල ගොවීන්ට තම කෘෂි කාර්මික කටයුතු වැඩිදියුනු කිරීමට මූල්‍ය ආධාර දෙන්නේ මෙන්න මේවිදියට.

මොකක්ද් මේ PAC කියන්නේ?

ප්‍රංශය,ජර්මනිය, ඉතාලිය ස්පාඤ්ඤ ඇතුලු යුරෝපා රටවල් එක්තු වී 1962 දී සාදාගත් පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්තිය la Politique Agricole Commune ට තමයි මේ PAC කියල කියන්නේ. එහි ආරම්බක අරමුණ තමයි යුරෝපයේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය රැකගෙන පවත්වාගෙන යාම. ඒ සදහා ගත් ක්‍රියා මාර්ග,වැඩපිලිවෙල වූයේ ගොවීන් දිරිමත් කිරීම හා ඔවුන්ට නවීන තාක්ෂනය හදුන්වාදී කෘෂි අස්වැන්න වැඩිකිරීමයි.

image source
Lanka C News.

ගොවීන් දිරිමත් කිරීම හා ලෝක වෙළදපොලේ කෘෂි නිෂ්පාදන සමග තරග කලහැකි සේ තත්වයෙන් උසස් භාන්ඩ නිෂ්පාදනය කිරීමට ගොවීන්ට මුදල් ආධාර ලබාදීම කරනු ලැබේ. 2023 වාර්තාවලට අනුව යුරෝපා සංගමයේ වියදම් වලින් 1/3 ක් හෙවත් ‍යුරෝ බිලියන 386,6 වැයකර ඇත්තේ මෙම ගොවීන්ට ආධාර දීම සදහාය. ප්‍රංශයේ ගොවීන්ගේ ආධායමෙන් 22% තිබුනුයේ ඔවුනට PAC යටතේ ලැබුනු ආධාරය.
.

ගොවීන්ට තම නිෂ්පාදන වලට සහතික මිලක් ලබාදීම මෙහි තවත් අරමුණකි. ආනයනික කෘෂි නිෂ්පාදනවල තීරු බදු වැඩි කිරීම දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට ගත් තවත් ක්‍රියා මාර්ගයකි.

පාලකයින්ගේ වගකීම.

වර්ථමානයදී මෙහි ආරම්භක මූලික අරමුණු වලට අමතරව පරිසරය ආරාක්ෂා කරගනිමින් හෝ එයට සිදුවන හානිය අවම කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට ගොව්න්ට අනීවාර්ය කෙරෙමින් ඇත. මුදල් ආධාර ලබාගැනීමට සමහර පරිසර කොන්දේසි සපුරාලීමට ගොවීන්ට සිදුවේ.

ඉතිං නිෂ්පාදන ආර්ථිකයක් හැදීම මූලික තේමාව කරගත් වත්මන් ආංඩුව කලයුතුව තිබුනේ උක්සීනි වලට බද්දක් ගසනවා වෙනුවට එම දේශීය නිෂ්පාදන වැඩිදියුණු කිරීම සදහා ගොවීන් දිරිමත් කිරීමට ඔවුනට මුදල් ආධාර ලබාදීමයි. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය අරාක්ෂා කිරිම පාලකයින්ට අත්නොහල හැකි වගකීමකි. ලංකාව වගේ රටවලට උපදෙස් දෙන IMF අයිතිකාර රටවල නායකයො නම් ඒක තේරුම් අරං තියෙනව කියල තමයි මේව කියෙව්වම තේරුම් යන්නේ.

පාලකයෝ IMF ලණූ ගිල්ලම, පාරිභෝගිකයට හොද වර්ගයේ දේශීය නිශ්පාදිත සීනී පරිභෝජනය වෙනුවට ශරීරයට ඉතාමත් අහිතකර, රටේ විදේශ විනිමයත් වැයකරමින්, පිටරටින් ගෙන්වන සුදුසීනී පරිභෝජනය කරන්න වීම පුදුමයක් නොවෙයි.

සමන් බදුගේ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *