|

ජනතා පරමාධිපත්‍ය..!

ජනතා මතවාද ගොඩනැගෙන අයුරු.

රාජ්‍ය ආණ්ඩු පාලනයෙන් ගිලිහී ජනතා අරගලයකින් ගොඨාභය ගෙදර යැවීම ජනතා අභිලාෂය ලෙසින් පෙනුනද එහි වූයේ නිර්මාණය කර වූ බල අරමුණකි පාස්කු බොම්බය තුලඳ වූයේ ඒ බල අරමුණමය. ඒ අනුව රාජපක්ෂලා බලය නැති මොහොතක බලය ගැනීමේ ඛෙදනීය ඉරණමට මුහුණ දුන්නේය. ලංකාවේ මහපොලවේ  ජනතාවක් විසින් තින්දු කල විශ්වාසයක් ඇති රාජ්‍යයක් නොවන අතර සමාජය තුල ගොඩනැඟෙන මතවාදයක එල්ලී යන ජනතාවකින් පිරි සමාජයක් අපට උරුමය…  ඒ අනුව ජනතා මතය විටින් විට වෙනස් වෙමින් ඇත.

ලංකාවේ ඇති ජනතා පරමාධිපත්‍යය යනු යුරෝපීය රටක ඇති බුද්ධිමත් ජනතාවකගේ ජනතා අභිලාෂය නොව ප්‍රවෘත්ති විසින් ජනතාව තුල ගොඩනඟන ජනමතයේ අභිලාෂය වෙනු ඇත. මේ අනුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිව සිසුන් විසින්  පැන්නීම හේතුව පිලිබඳව හාන්කවසියක් නොදත් මා එම නොදන්නා කම තුලම හිදිමින් මේ ලිපිය ගොඩනඟන්නට හේතුව වූයේ හේතුව හොයාගෙන මේ ලිපිය ගොඬනැගීමෙන් මා කීමට යන දේක පලක් නැති වෙන නිසාය. කෙසේ හෝ මෙම බල්ලාට අයිති රාජකාරිය බූරුවන්ට දෙන ක්‍රමය අවසන් විය යුතුය.

image source
https://s3.amazonaws.com/adaderanasinhala/1752509654-gampaha-bandaranayake-600.jpg

අධ්‍යාපනය ගැන මෙලෝ හසරක දැනුමක් නැති නවය වසරේ ශිෂ්‍යයකු වූ මමද මෙම බල්ලට අයිති දේට පැන 1970 දශකයේ අවසානයේ MH මොහොමඩ් අධ්‍යාපන ඇමතිවරයාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව JVP අයියලාගේ උවමනාවට එදා ප්‍රධාන ගාළුපාර වූ දැන් පරණ ගාළුපාරට පාසැලේ කෙහෙල් කොට දමා පාර වසා උද්ඝෝෂණ කරන කාර්ය්‍යයට උර දුන්නේද මේ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන් පරිදිම වෙන එකෙක් නිර්මාණය කල උවමනාවක් වෙනුවෙන්ය.

පශ්චාත් අවබෝධය.

ඒ අනුව මේ දේශපාලන මතවාදී ප්‍රවෘත්ති නිර්මාණයන්ට අසුවූ නිදහස් බුද්ධිමත් තින්දු තුල නැති ජනතාවක් තුල මාඳ ඔබද අපඳ දරුවන්ද අද මේ ⁣යථක් වූ අර්ථයද…. එයට විකල්පය වූ යාථාර්තයන්ද… අතර වූ සත්‍ය තෙරුම් ගැනීම නොහැකි වූ අර්බුදයක ගොඳුරු බවට පත්ව ඇත. ඒ අනුව JVP දේශපාලනය බිහිකල වෛරී ප්‍රචංඩ විරෝධතා මතවාදය ඔවුන් ගොඩනැඟු අර්ථය හෙවත් යථ ලෙස ගොඩ නඟා එයට එරෙහි යථාර්ථයද ඔවුන් විසින්ම ගොඩ නැඟුවද භාවිතයේදී JVP එක ගොඩනැඟු අර්ථ ශුන්‍ය වී ගොස් ඇත. ඒ අනුව JVP මාලිමා ආණ්ඩුවේ රාජ්‍ය පාලනයට එරෙහිවද අවධි වී ඔවුන් ඔවුන්ගේ දැනුමට අනුව අර්ථගැන්වීම් කල දේට විකල්පව ගොඩනැඟු යථාර්ථවාදී මතවාදයන්ගේ අස්වැන්න ඔවුන්ටම නෙලන්න වීම දෛවයේ සරදමකි.

image source
https://www.vikalpa.org/wp-content/uploads/2022/05/1W0A1161-1200×550.jpg

අරගල මික්ත්‍යාව.

එබවින් මෙවන් වූ යථක් ලෙස වූ අර්ථයන් තෙරුම් නොගත් මිනිසුන් හා එයට විකල්ප වූ කුමන හෝ යථාර්ථයත් ගොඬ නඟාගෙන අර්ථය හා යථාර්ථය අතර හරිම පූර්ව අපර සන්ධිය ගලපමින් සත්‍ය හඳුනා ගත හැකි  ජන සමාජයක් නැති රටක මේ ජනතා අරගල ඇත්තටම ඇත්තක් ඇතුලේද  නැත්නම් බොරුවක් ඇතුලේද දෝලනය වන්නේ කියා තෙරුම් ගැනීමට නොහැකිය. ඒ තුල මේ බහුතරයක් වූ අරගල හා උද්ඝෝෂණ තුලද බොහෝදුරට ඇත්තේද ඇත්තක් වෙනුවට බොරුවක්ම බව තෙරුම් යන්නේ පසුවය… ඒ JVP මාලිමා අණ්ඩුව බලය ගත් පසු එයද ඇත්තක් නොව බොරුවක්ම බව හෙලිදරව් වෙමින් හා ඔප්පු  වෙමින් ඇති ලෙසය.

කෙසේ නමුත් ආණ්ඩුවක බලය නොව රාජ්‍යයක බලය ආරක්ෂා කරගනු පිණිස ගතයුතු පියවර රාශියක් පවතී… ඒ අනුව බණ්ඩාරනායක විදුහලේ විදුහල් පති තුමාගේ රාජකාරියට භාදා කිරීම යටතේ පාසැල් දරුවන්ට හා අදාල උද්ඝෝෂණ මෙහෙයවූ අයට විරුද්ධව නීතිමය පියවරක් නොගැනීමට වෙන රාජ්‍ය පාලනයක ඇති නපුංසක කම හෙලිදරව් කරන්න සමත්ව ඇත. කවරෙකු හෝ උසාවියට අපහාසයක් කලොත් අත්අඩංගුවට ගෙන නඩුපවරා හිරේ දමන්නට නීති ආවරණය ඇති ලංකාවේ නීතිය තුල එම නීතියත්… රාජකාරිය භාදා කිරීමටත් එරෙහිව ඇති නීතියත්… ක්‍රියාත්මක වන්නේ බොහෝමයක්ම බල අවශ්‍යතා මතම බව පැවති තොරතුරු ගවේෂණය තුල හෙලිදරව් වේ.

කෙසේ නමුත් මෙම බොහොමයක් නීතින් ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍යයත් රාජ්‍ය නීතිය රාජ්‍ය පැවැත්ම වෙනුවෙන් වූ භාවිතාවන්ගේ ආරක්ෂාවට මිස රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාවට දේශපාලන පක්ෂයකට අයත් අණ්ඩුවක ආරක්ෂාවට දේශපාලකයන්ගේ ආරක්ෂාවට නොවුනු ඇත. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ රාජ්‍යයේ ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන් නොව රාජ්‍ය පවත්වාගෙන යන නිලධාරීන්ගේ හා රාජ්‍ය පාලකයන්ගේ හා රාජ්‍ය පාලක ආණ්ඩුවක ඇති දේශපාලනයයේ ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන්ම වීම මේ රටේ අභාග්‍යයම වී ඇත. කෙසේ නමුත් රාජ්‍ය නීති අණපනත් යටතේ රාජ්‍ය පැවත්ම ආරක්ෂා කරනු පිණිස භාවිතාකරන භාවිතයන් තුල වන අවංක වූ අතපසු වීම් හා වැරදීම් පිලිබඳවද නීතිය තුල යම් සානුකම්පිත බවක් නැති නම් රටක් සංවර්ධනය කිරීම ගර්භිත වී යනුද ඇත.

රාජපක්ෂලාගේම භාවිතාව.

නමුත් රාජ්‍ය පාලකයන්ගේ හා රාජ්‍ය පාලක දේශපාාලන පක්ෂයක් සතු ආණ්ඩුවක උවමනාවන් මත මෙහෙ⁣යවෙන රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතාවන් මත එදාමෙන්ම අදද රාජ්‍යය අතහැර පක්ෂයක් තුලට ඇතුළුවෙන රවීලා ශානිලා සාරංගිකලා හා බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිලා පොලීමේ කරන ලබන රාජ්‍ය දේශපාලනය දේශපාලන පක්ෂයක පාක්ෂිකත්වයට යටත්කර ක්‍රියාත්මක වූ අනීතික බව ඔප්පුකරගත හැකි වූ නඩු නිමිති නිර්මාණය කරගනු නොහැකි වූවද එහි වූ රාජ්‍ය නිලධාරී දේශපාලනී කරනය වීමේ අශිෂ්ඨ කම තුල වූ නඩු තින්දුද ඒ නඩු තින්දු ලබාදෙන විනිශ්චය කාරයන්ගේ අශිෂ්ඨකම්ද ඇතිවන්නේ අද ඊයෙක නොවන අතර මෙම රාජ්‍ය අශිෂ්ඨත්වය හා විවිධ බලවත්කම් මත නීතිය ඇති හැකි අයට එකකුත් නැති බැරි අයට තව එකකුත් ලෙස වූ රාජපක්ෂ යුගයේදී අන්ත දූෂිත වූ නීතිය එක රටක එක නීතියක් ලෙස හඳන්න පැමිණි ආණ්ඩුවක් නැවත වටයකින් රාජපක්ෂලාම පාවිච්චි කල ඇති හැකි කම මත මෙහෙයවුන අන්තගාමී වීමේ ඛෙදනීය ඉරණමට පත්වී තිබීම ගැන දුක්වෙමු.

කෙසේ හෝ මේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන කරණය කිරීමේ අවසනාවන්ත ඉරණමක් ලෙස දේශපාලන පත්වීම් ලද ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිව එලවන ළමයින් දෙමව්පියන් ඊලඟ මොහොතේ ඒ විදුහල්පතිවම බේරගනිමින් නැවතත් කැඳවාගෙන එනවාට සැක නැත. එසේම ඔහු වෙනුවට ඔහුට වඬා අන්ත අශිෂ්ට හොරෙකුද කැඳවාගෙන එනු ඇත. ඒ අනුව විශ්වාස කල හැකි ජනතාවක් ද එසේම විශ්වාස කල හැකි රාජ්‍යයක් බිහි කල රාජ්‍ය සේවයක්ද අහිමි රටක විශ්වසනීය අවංක නීතියානුකූල රාජ්‍ය නිලධාරින් සහිත විශ්වසනීය අවංක නීතියානු කූල රටක් බිහිකර ගැනීමද මිරිඟුවක්ම වී ඇත.

කෙසේ හෝ ආණ්ඩුවකට හෝ දේශපාලනයට නොව රාජ්‍යට හා රාජ්‍ය නීතියට ගෞරවයක් ඇති ශිෂ්ඨ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි නොකර ඒ රටේ විශ්වසනීය ජනතාවක් බිහිකිරීමට නොහැකි අර්බුදය අද උත්සන්න වී ඇති අතර ජනතාව විශ්වාස කල JVP මාලිමා ආණ්ඩුවද ජනතා විශ්වාසය බිඳ ගනිමින් සුපුරුදු දේශපාලනික කල රාජ්‍යය පාලනය කරමින් සිටී.ලංකාවේ රාජ්‍යයට මේ මොහොත දක්වා  බ්‍රිතාන්‍ය යටත්විජිත අනන්‍යතාව හැර රටේ අනන්‍යතාව රැකගත් රාජ්‍ය ව්‍යුහයක් සැකසූ ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගන්න නොහැකි අර්බුදය තුල… රටේ රජ්‍ය ව්‍යුහය වෙනස් කරන්න තියා හිතා ගන්නවත් බැරි වූ JVP මාලිමා

දේශපාලණ ගේම්.

ආණ්ඩුවේ මේ ජනතා පිරිහීම රාජපක්ෂලාට එල්ල වූ විරෝධය සේම වර්ධනය වන්න ගත වන්නේ සුළු මොහොතකි. ඒ මොහොතේදී JVP මාලිමාවේ දේශපාලනීකරණය වූ රාජ්‍ය නිලධාරීන් රැලද ක්ෂණිකවම JVP මාලිමා ආණ්ඩුවට එරෙහි වූ බලවේගය හා එක්වීම ලංකාවේ ස්වභාවිකය තත්ත්වයක් වේ. මේ තත්ත්වය තෙරුම් නොගෙන සුපුරුදු දේශපාලන ගේමම ගසන්නට යන JVP මාලිමා ආණ්ඩුවේ රාජ්‍ය පාලනයට සුපුරුදු ඉරණම අත්වීමම අත්හල නොහැක. එබවින් ලංකාවේ රාජ්‍ය එහි වූ රාජ්‍ය අනන්‍යතාව සහිතව නිර්මාණය කර ගනිමින් රාජ්‍ය සේවය රාජ්‍යයටත් රාජ්‍ය නීතියටත් මිස දේශපාලනයන්ට යටත් නැති ස්වාධීන රාජ්‍ය ව්‍යුහයක් ඒ තුල ගොඩ නොනඟා නම් JVP මාලිමා ආණ්ඩුවකට ඉදිරි ගමනක් ඉතුරු නොවනු නියතය…

කුමන රාජ්‍ය මර්දන සහිත ආණ්ඩුවකටවත්… කැරලිවලටත් ලංකාවේ පවතින්න හැක්කේ සුළු කාලයක් පමණි. මන්ද ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තුල විනෝද වන ජනතාවකට තවදුරටත් කැපවීම් කල නොහැකි අර්බුදය තුලය. ඒ අනුව JVP කාඩර් වරු දමමින් JVP මර්දන ව්‍යුහය පනගන්වමින් නැවතත් JVP බොල්ෂෙවික් ආණ්ඩුවක් හදන සිහනයන්ද විහිළුවක්ම පමණි. තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස හෝ මහ පොලවේ ස්ථාවර වෙමින් ධනේශ්වරයට එරෙහිව සංවෘත ආර්ථිකයකට යන අනාගත සිහිනය තෙක් ඉවසන ජනතාවක් අද ඉතුරු වී නැති අතර එම සිහින අද ගොලීය ධනේශ්වර ආර්ථිකයක් තුල බොඳවී ගිය සිහිනයක්ද වී අවසන්ය. ඒ තුල ජනතාවගේ විනෝදයටත් රාජ්‍ය සේවයේ විනෝදයටත් බාදා කරන කිසිදු ආණ්ඩුවකට ලංකාව තුල  පැවැත්මක්ද අද ඉතුරු වී නැති බව ස්ථිරය..

ජනතා විවේකී හෝරාව.

කෙසේ හෝ JVP මාලිමා ආණ්ඩුවට ලැබී ඇති මේ ජනතා  විවේකී හොරාව අපතේ හරිමින් රාජ්‍යයත් රාජ්‍යයේ අනන්‍යතාව සහිත නීති පද්ධතිය හා වැඩ පිලිවෙල සහිත නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ප්‍රමාද කරමින්  රාජ්‍ය ගොඩනඟා ගැනීමට ප්‍රමාද කිරීම ජාතික අපරාධයක්ව පවතී. එම අළුත් නීති පද්ධතිය තුල AI තින්දු වලින් හැකි පරිදි අවශ්‍යය නීති හා විනිශ්චය තින්දු ගැනීමට පෙලඹීමද වැඳගත් වෙන අතර උසාවිය තුල වූ විනිශ්චයන්ද යම් ශිෂ්ඨ බවක්ද කඩිනම් බවක්ද එක්කල හැකි හැකියාවද ඒ තුල ගැබ් වී ඇත.

කෙසේ නමුත් තවදුරටත් රාජ්‍යයේ උසුලාගත නොහැකි බර සැහැල්ලු කරගත හැක්කේ දැනට තෙල් වෙළදපල නිදහස් කල පරිදි විදුලි බල වෙළදපලද නිදහස් කර තරඟකාරී විදුලි වෙළදපලක් තුල  විදුලිය ලාභ කර ගැනීමය. කෙසේ හෝ රාජ්‍ය සතු සිමිත මුදල් වලින් ලාභ නැති සුදු අලි වන් පාඩුලබන රාජ්‍ය ආයතන නඩත්තු කරමින් රාජ්‍ය සතු ප්‍රාග්ධනය කඩාකප්පල් කරමින් නැවතත් බංකොලොත් රාජ්‍යයක් වෙත ගමන් කරන මාවත වෙනුවට එම රාජ්‍ය ප්‍රාග්ධනය  යෙදවූ අදායම් ලැබෙන සංවර්ධන ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කර ගැනීම තරම් නුවනක්කාර වැඩක් තවත් නැත ඒ අනුව ලංකාවේ කෘෂිකාර්මික ⁣සංවර්ධන නොහැකියාව සමහන් කර ගන්නට හැකි එකම මාර්ගය නොගැඹුරු මුහුදේ හා කලපු තුල  ඉදිකල බහළුම් තුල මත්ස්‍ය වගාව ආරම්භ කිරීමය.

වර්ණගේ සුගත් ෆොන්සේකා.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *