|

ජාතික ජන බලවේග ආණ්ඩුව සහ කාලෝචිත ලෙස ගැටුම් නිරාකරණය කිරීමේ වැදගත්කම..!

ලයනල් බෝපගේ.

above image source-https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/05/1000120039-1024×682.jpg

උපාධිධාරීහු රජයේ බඳවා ගැනීමේ ක්‍රියා පිළිවෙතට විරෝධය දක්වමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිර්දේශ කර තිබූ අන්දමට කුසලතා මත පදනම් වූ ක්‍රමයක් ඉල්ලා සිටියහ. මෙම විරෝධතාවය සංවිධානය කලේ ‘සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී සංගමය’ යි. ඕනෑම ආණ්ඩුවක් සමාජ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව වගකිව යුතු අතර, නව ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙය අතිශයින් ම වැදගත් විය යුතුය. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ලද පෙර පැවති ආණ්ඩුව විසින් නීත්‍යානුකූල විසම්මුතිය සහ විරෝධතා මැඩපැවැත්වීම සඳහා යොදා ගන්නා ලද උපාය මාර්ග සහ උපක්‍රමයන් ම නව ආණ්ඩුව විසින් අනුගමනකරනු ලැබීම පිළිතුර නොවේ. අතීතයෙන් ඉගෙන ගත් පාඩම් අනුව යමින්, මෙම ගැටුමට තුඩු දුන් දුක්ගැනවිලි විසඳීම සඳහා NPP ය වඩා හොඳ ප්‍රවේශයක් අනුගමනය කළ යුතුව තිබුණි. අදාළ පාර්ශ්වයන් සමඟ කාලෝචිත අන්දමට සාකච්ඡා කිරීමෙන්, ගැටුම් ප්‍රචණ්ඩත්වය හා අවුල් සහගත තත්ත්වයක් දක්වා උත්සන්න වීම වළකා ගැනීමට ආණ්ඩුවට පුළුවණ. එවැනි ක්‍රියාවලියක් අනුගමනය කිරීම, ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ වලදී දුන් පොරොන්දු ඉටු කරන බවටත් සමාජය සුමට ව ක්‍රියාත්මක වන බවටත් සහතික කරනවා ඇත. ආරවුල් සාමකාමී ලෙසත් සාධාරණවත් විසඳීම සඳහා අවශ්‍ය රාමු පිහිටුවා ලීමෙන් ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය පවත්වා ගත යුතුය. පුද්ගලයන් සහ කණ්ඩායම් තමන්ම උදව් කර ගැනීමේ (self-help) හෝ නීතිය අතට ගැනීමේ පියවර ගැන විශ්වාසය තබනවාට වඩා නීත්‍යානුකූල නෛතික මාවත් තුලින් යුක්තිය ඉටු කර ගැනීම මෙයින් සහතික කෙරෙනවා ඇත. ඊට අමතරව, මැදිහත් වීමෙන් සහ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමෙන් ආණ්ඩුවට එකඟ නොවීම් සාමකාමී ව විසඳා ගන්නට උදව් කල හැකිය.


ඔවුන්ගේ වගකීම පාලක පන්තියේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම විය. රටේ මෑතක වූ සිද්ධීන් සැලකිල්ලට ගත් විට, දේශපාලන විරෝධතාවට සහ විසම්මුතියට එරෙහිව යොදා ගන්නා ලද යටත් විජිත උපක්‍රමවලට අභියෝග කරන්නට NPP යට ඇති හැකියාව ප්‍රශ්නයට ලක් කර තිබේ. එපමණක් නොව, තමන් අකමැති ආණ්ඩුවක් අස්ථාවර කර පෙරලා දැමීමට ද ගැටුම් ආරම්භ කළ හැකිය. කෙසේ වෙතත්, NPP ය වැනි ආණ්ඩුවක වගකීම වන්නේ පුද්ගලයන්ගේත් ජන ප්‍රජාවන්ගේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම යි. මෙම අයිතීන් ආරක්ෂා කිරීම සඳහා, ගැටුම් සාධාරණ අන්දමින් විසඳා ලිය යුතු වේ. එබැවින්, NPP ආණ්ඩුවට හුදෙක් අකර්මණ්‍ය ව සිටිමින්, ආරක්ෂක හමුදාවලට අධීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වන්නට ඉඩ දී බලා සිටිය නොහැකිය. ඊට අතිරේකව, ආණ්ඩුව විසින් වැදගත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම කල් දමා ඇති බව පෙනේ. පසුගිය මාස කිහිපය තුළ, NPP යේ දේශපාලන වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීම, විශේෂයෙන් 1977 දී J. R. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් UNP ආණ්ඩුව හා සංසන්දනය කල විට, ඵලදායිතාවය සහ කාර්යසාධකත්වය අතින් ඌණතාවයක් පෙන්නුම් කර ඇත.පාර්ලිමේන්තුවේ 5/6 ක බහුතරයක් අත්පත් කර ගැනීමෙන් පසුව, ඔහුගේ පරිපාලනය වැදගත් නීති රාශියක් ඉක්මණින් සම්මත කර ගෙන, ආණ්ඩුව පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අවලංගු කිරීම, නව ලිබරල් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සහ විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කල සහ එතැන් පටන් විසි වතාවකට වඩා සංශෝධනයට ලක් කල 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම ද ඒ අතර විය. මෙය, දූෂණය, නාස්තිය සහ අපොහොසත් පාලනය මැඩ ලීම සඳහා NPP ආණ්ඩුව දරන පරිශ්‍රමවල වැදගත්කම සැහැල්ලුවට ලක් කිරීමට ගන්නා උත්සාහයක් නොවේ.

මෙම ගැටළු විසඳීම මගින් සමාජ ඒකාබද්ධතාව සහ එක්සත්කම ප්‍රවර්ධනය කරනවා ඇත. සංවාදය දිරිමත් කිරීමෙන් සහ දුක්ගැනවිලි විසඳා ලීමෙන්, ආණ්ඩුවට දිවයිනේ වසන විවිධ ජන ප්‍රජාවන්ප්‍රදේශවල අරාජිකත්වය යලිත් මතු වීමේ අවදානමක් ඇත. අතර විශ්වාසය ගොඩ නංවන්නට සහ අනාගත සමාජ නොසන්සුන්තා තුනී කර ලන්නට සහාය විය හැකිය. ගැටුම් ඉක්මනින් විසඳා ලීම, ආණ්ඩුවට වඩා වාසිදායක වන අතර, එයින් සමාජය ලබන ප්‍රතිඵල වඩාත් ජනනාත්මක වනවා ඇත. සාමකාමී, නෛතික සහ සිවිල් කතිකා මගින් හැම දෙනාටම සාධාරණත්වය, යුක්තිය සහ සාමය අත්පත් කර ගැනීමට රටක “ජනතාවන්” එකතු වී කටයුතු කරන්නේ නම් එය ඉතා වැදගත් වනවා ඇත. සංග්‍රහගත කරන ලද නීති රීති මගින් අපේක්ෂා කල පරිදි සිද්ධීන් සිදු නොවන විට එය හැමවිටම ඛේදජනක වේ. එබැවින්, මෙම වාතාවරණයන් ආවරණය කිරීමටත්, ඵලදායී විසඳුම් සෙවීමේ මාවත් සකස් කිරීමටත් ඒ නීතිරීති සංශෝධනය කිරීම වඩාත් තර්කානුකූල වේ. ඒ නිසා, සාමය ආරක්ෂා කිරීමේ, මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ සහ සමාජයේ දියුණුව සමස්තයක් ලෙස සහතික කිරීම සදහා ආරවුල් කඩිනමින් විසඳා ලීමේ වගකීම NPP ආණ්ඩුව වෙත පැවරේ.

image source-https://i.ytimg.com/vi/NXOg8lSRhzE/maxresdefault.jpg

ලයනල් බෝපගේ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *