|

අනුරගෙත් මාලිමාවෙත් වගකීම..!

රනිල්ගේ ⁣ථෙරවාදී අර්ථ සාස්ත්‍රය හරහා අනුරපුරයට යන ගමන.

බුදුන් වහන්සේ විසින් බරණැස (සරානාථයේදී) ඉසිපතනයේදී පවත්වන ලද පළමු ධර්ම දේශනාව තුල ඇතුලත් වූයේ චතුරාය්‍ය සත්‍යයයි. එය බුදුදහමේ හදවත වෙයි. ඒ චතුරාය්‍ය සත්‍ය ධර්ම අවබොධය යනු නිර්වාණයේ අවබොධයම වූ බැවිනි… ඒ අනුව මේ චතුරාය්‍ය සත්‍ය ලෙස වූ…

1)බුදුන්ගේ චතුරාය්‍ය සත්‍ය වූ දුක්ඛාර්ය සත්‍යයය (දුක පිලිබඳව සත්‍ය)  2) දුක්ඛ සමුදාර්ය්‍ය සත්‍යයය (දුකට හේතුව පිලිබඳ උතුම් සත්‍ය) 3) දුක්ඛ නිරෝධාර්ය්‍ය සත්‍යයය 4) දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය්‍ය සත්‍යයය (දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍ය) යන මෙම දුක්ඛ සත්‍ය යනු පංච උපාදානස්ඛන්දයද.

කෞටිල්‍ය යනු..

සමුදය සත්‍ය යනු තෘෂ්ණාවද…නිරෝධ සත්‍ය යනු නිර්වාණයද… මාර්ග සත්‍ය යනු ආර්ය්‍ය අස්ටාංගික මාර්ගයද…වෙන අතර මෙම බුදුන්ගේ ථෙරවාදී විමුක්ති මාර්ගය පරිසීලනය තුල චානක්‍ය නම් බමුණන් උගත් සාස්ත්‍ර දැනුමින් අවබොධ කරගත් කෞටිල්‍ය අර්ථ සාස්ත්‍රය යනු අර්ථ (ආර්ථිකය) ධර්ම (නීතිය) කාම (පරිභොජනය) මොක්ෂ ( සංවර්ධනය, සැප, විමුක්තිය) වූ මාර්ගය වෙනුවෙන්… සාම… දාන… භෙද… දණ්ඩ යන සතර වැදෑරුම් වූ රාජ්‍ය පාලන දැනුමින් පොෂිත වීම අනිවාර්ය වූ අතර ඒ දැනුම තුල බ්‍රහක්මණ… ක්ෂත්‍රිය… වෛශ්‍යා… ශුද්‍ර… ජනයා මූලික වූ ලෝක රාජ්‍ය හා අර්බුදයෙන් තොරව රාජ්‍ය පාලනය කෞටිල්‍ය අර්ථ සාස්ත්‍රය වෙනු ඇත. මේ කෞටිල්‍ය යනු හොරකමකි කපටිකමකි.

මා මගේ විග්‍රහයන් තුල වෙළදාම හා වෙළදපල යනු සුන්දර හොරකමක් බව ප්‍රකාශය මේ තුල තහවුරු වෙන අතර මේ කෞටිල්‍ය අර්ථ සාස්ත්‍රය එසේ වූවද බුදුන් වහන්සේගේ චතුරාය්‍ය සත්‍ය අවබොධය තුල අර්ථ ගැන්වූවකි. නැතහොත් එම චතුරාය්‍ය සත්‍ය මත පදනම්ව ආර්ථික ගමන හෙලි කල අර්ථ සාස්ත්‍රයක්ව ඇත. ඒ අනුව මෙය බුද්ධ සමයේ බුද්ධ උපදේශකත්වය යටතේ වූ ⁣ජනතාවගේ පරිභොජනයවාදී ජයග්‍රාහීකත්වය මත පදනම් වූ ථෙරවාදී අර්ථ ශාස්ත්‍රයම බව ස්ථිරය.

කෙසේ හෝ රනිල්ගේ බෞද්ධ අධ්‍යපනය දැනුමත් ලෝක ධනේශ්වර දැනුමත් තුල රනිල් ඉංදියානු කලාපීය බලවත් බව තුල ඇති මේ අර්ථ ශාස්ත්‍ර දැනුම මතුකර ගැනීම වැඳගත් සන්ධිස්ථානයක් වේ. කෙසේ හෝ රනිල් මෙතෙක් නියෝජනය කල  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලක මතවාදයෙන් ඉවත් වී ඇත. ඒ අනුව ලෝක පාලකයන් තවදුරටත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය තුල වූ පාලන අර්බුදය තුල නැවතත් ආරක්ෂණවාදී ආර්ථිකයකට ගමන්කර ඇත. එම පාලක ආරක්ෂණවාදයට එරෙහිව ඇමෙරිකානු ජනයා ජනප්‍රිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත වෙද්දී පාලක ඇමෙරිකාව රුසියාව යුරොපයටද බලකර ඇත්තේ තවදුරටත් ජනප්‍රිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුල රාජ්‍ය පාලනය අසීරු බවයි.

ආර්ථික පංගුව බෙදාගැනීමට.

ඒ අනුව ලෝක පාලක ගෝලීය විසදුම් ලෙස ආරක්ෂණවාදී කලාපීය බලවත් රාජ්‍ය තව තවත් බලවත් කරන අධිරාජ්‍යවාදී පාලනය ස්ථාපිත කිරීම තුල වූ කෞටිල්‍ය අර්ථ සාස්ත්‍ර ගමන නැතහොත් රනිල්ගේ ථෙරවාදී ආර්ථික ගොඩනැඟීම ලෙස අර්ථ කථනයේ ඇති අනන්‍යතාව මේ මොහොතේදී ලංකාවේ දේශපාලනයටද ඉතාමත් වැඳගත් දේශපාලන අර්ථ සාස්ත්‍රයක්ව පවතී. මේ දැනුම අනුර හා මාලිමා ආණ්ඩුව කෙලෙස භාවිතා කරයිද යන්න අර්බුද කාරීය. කෙසේනමුත් ඉංදියානු කලාපීය බලවත් අධිරාජ්‍යයේ අධිරාජ්‍යවාදී බල උවමනාවන්ගෙන් මිදෙන්න යෑම විනාශකාරීය. ඒ අනුව එම අධිරාජ්‍යවාදී උවමනාව සපුරාලමින් අත්පත් කරගත හැකි අපගේ රාජ්‍යයේ අනන්‍යතා අයිතින් තහවුරු කරගැනීමත් අධිරාජ්‍යවාදී උවමනාවන් තුල ලංකාවේ රාජ්‍යයට අත්පත්කර ගත හැකි රාජ්‍ය උරුමයන් අත්පත් කරගැනීමත් ආර්ථික පංගුව බෙදාගැනීමත් තුල විශේෂයෙන්ම ලංකාවේ ජනතාවගේ අර්ථ නොහොත් ධනය නමැති සෞභාග්‍යය අත්පත් කරගත් හා පරිභෝජනවාදී ජනතාවක් ඇතිකර ගැනීම කෞටිල්‍ය නැතහොත් ථෙරවාදී ආර්ථ සාස්ත්‍රය තුල වූ රාජ්‍යයේ හා රාජ්‍ය පාලකයාගේ ප්‍රබලත්වය තහවුරු කර ගැනීමක්ද වේ මේ ගමන දැන් අනුරට හා මාලිමා අණ්ඩුවට විවෘතය.

අමරාවතී අගනගරය.

ඉංදියානු අන්ද්‍ර ප්‍රදේශයෙන් තෙලගානා ප්‍රාන්තය වෙන් වීම නිසා අන්ද්‍ර ප්‍රදේශයට පැරණි අග නගරය වූ හයිඩ්‍රබාද් නගරය තෙලගාන ප්‍රන්ත අගනගරය වීම නිසා අන්ද්‍රවට අගනගරයක් නොවීය ඒ අනුව අන්ද්‍ර ප්‍රදේශයේ ජනතාව වෙනුවන් නව අගනගරයක් අවශ්‍ය විය. ඒ අනුව අන්ද්‍ර ප්‍රාන්තයේ දේශපාලන නායකත්වයත් ඉංදියානු ජාතික රාජ්‍ය සැලසුම් මතත් අද අන්ද්‍ර ප්‍රදේශයට අයත් අමරාවතිය අන්ද්‍ර ප්‍රදේශයේ අග නගරය ලෙස ස්ථපිත කර ඇති අතර එම අග නගර සැලසුම් නවීන දේශපාලන ආර්ථික හා විද්‍යත්මක තාක්ෂණික සැලසුම් වලට අනුකූලව ඉදිවී ඇති අතර විධායක බලය ප්‍රානවත්ව සංකේත කල අමරාවතී නගරයේ එක් නගරයක් විධායක බලවත් කරන නගරය ලෙසත්.

Hyderabad

දෙවනුව ව්‍යවස්ථා දායකත්ව බලය ප්‍රානවත්ව සංකේත කල ඊලඟ නගරයත් අධිකරණය බලය ප්‍රානවත්ව බලවත් කල අනෙක් නගරයත් යන පරිපාලන නගර ඒකක තුනකින් සමන්විත වූ අමරාවතිය නම් අන්ද්‍රවේ ප්‍රාන්ත අග නගරය ලෙස ස්ථාපිත නගර සැලසුම ඉතාමත් අනාගතවාදීව නිර්මිත ඉංදියානු ආර්ථිකයට අදායම් උපද්දන ප්‍රධානතම නගරයක් හා ප්‍රන්තයක් බවට අද පත් වී හමාරය… එම අමාරාවතිය පිහිටි අන්ද්‍රව මෙන්ම  තමිල්නාඩුව හා කේරළය ලෙස වූ දකුණු ඉංදියානු ප්‍රාන්ත හා ලාන්කික අන්තර් සහසම්බන්ධතාව තලෙයිමන්නාරම සිට රමේශ්වරම් දක්වා විහිදෙන හනුමා පාලම තුලින් ඇතිකරගත හැකිනම් ඉතාමත් වැඳගත්ය ඒ අනුව ඉංදියානු අන්ද්‍ර ප්‍රාන්තයේ අමරාවතිය නම් අග නගරයත් ලංකවේ උතුරු මැද පලාතේ අග නගරය වූ අනුරාධපුරයත් අතර වූ අන්තර් සම්බන්ධතාද ඒ අනුවම ගොඩනැඟෙනු නියතය. මන්ද මේ අන්ද්‍ර ප්‍රාන්තයත් ලංකවේ අනන්‍යතාවට ලඟ ඤති සම්බන්ධතාවක් පවතින⁣ බැවින්ය.

අනුරූප නගරයක් ලෙස..

ඒ අනුව අමරාවතිය නගර සැලසුම් තුල වූ විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය නමැති රාජ්‍ය පරිපාලන ව්‍යුහාත්මක සැලසුම් තුල වූ වැඳගත් ලංකාවේ පරිපාලනයට උපයෝගී කරගත හැකි සැලසුමක් තුල උතුරු මැද පලාතට අහිමි මුහුදු තීරය තලෙයි මන්නාරම උතුරු  පලාතෙන් ඉවත්කර උතුරු මැදට සම්බන්ධ කිරීමෙන් හා අමාරාවතිය ආකෘතියට උතුරු මැද පලාත්සභාවේ මන්නාරම් නගරය අධිකරණ බලය ප්‍රානවත් කරමින්ද පොලොන්නරුව නගරය ව්‍යවස්ථා බලය ප්‍රානවත් කරමින්ද අනුරාධපුර අග නගරය විධායක බලය තහවුරු කරමින්ද අමරාවතියට අනුරූප නගරයක් ලෙස ස්ථපිත කරගත හැකිය.

මෙම සැලසුම් තුලවූ ඉංදියානු අගමැති මෝඩිගේ අනුරාධපුර ගමන සැලසුම් කරේනම් ඉතාමත් වටිනා කටයුත්තක්ව පැවතියේය. එහෙත් රනිල්ගේ පාලන සමයේ මෙම අනුරාධපුරය ප්‍රති නිර්මාණ සැලසුම් වලට කුමක් වීද නොදනිමි. ඒ පිලිබඳව අනුරටත් අනුරගේ ආණ්ඩුවටත් මෙලෝ අවබොධයක් වූයේයැයි නොපෙනෙන අතර රටේ නායකයකු නායකත්වයට පැමිණි විට ඔවුන්ගේ පලාතට වැඩිපුර සංවර්ධන වාසි අත්පත්කර ගැනීම පොදුවේ කුමන පාලකයකුගේ උවද කාර්ය්‍යයක්ව පැවති අතර රනිල්ගේ අනුරාධපුර පෞරාණික කෞතුක නගරය තුල වූ පෞරාණික ආකර්ෂණීය නගරය ලෙස ඉංදියානු උරුමය සමඟ ගොඩනඟාලනු හැකි හැකියාව පිලිබඳව අනුරගේ දැනුම තවදුරටත් වර්ධනය වී තිබ්බේනම් එම මෝඩිගේ ගමන හිතුවාටත් වඬා ලංකාවේ ආර්ථිකයට අර්ථ පූර්ණ වෙනු ඇත.

කෞටිල්‍ය

ජාත්‍යාන්තර අනන්‍යතා අර්බුධ.

කෙසේ හෝ ඉංදියාවේ සිට බුද්ධ ධර්මය ආර්ථික හා සංකෘතික උරුමයන් ලද මෞර්ය රජ පරම්පරාවේ අශෝක අධිරාජ්‍යවාදී යුගයේ චානක්‍ය බමුණන්ගේ කෞටිල්‍ය අර්ථ සාස්ත්‍ර ඤණය තුල මුලින්ම ලංකාද්වීපයේ  ස්ථාපිත අග නගරය වූ අනුරාධපුරය නැවතත් ප්‍රතිස්ථාපනය කරගත හැකි වූ මොහොතක් ගිලිහී ගොස් හමාරය. දැන් එය ප්‍රතිනිර්මාණය කරගතයුතු අවස්ථාවක් ලෙස මාලිමා ආණ්ඩුවට හා අනුරට අභියොගයක්ව ඇත. කෙසේනමුත් එය ජාත්‍යන්තරවාදී  මහාවංශික උරුමය ආරක්ෂා කරගන්නට අනුරත් මාලිමා ආණ්ඩුවත් කොතරම් එකඟවේදැයි නොදනිමි. මන්ද ඔවුන් ඔවුන්ගේ දේශපාලනය චූල වංශික දේශිය ආර්ථික පාලනයක් ලෙස මතුවෙන්න දරණ උත්සහයන් තුල අනුරගෙත් මාලිමා ආණ්ඩුව තුලත් වූ ජාත්‍යන්තර අනන්‍යතා අර්බුදය හැකි ඉක්මනින් විසදා නොගෙන ගමනක් ඉතුරුව නැත.

හරිනි මෙවර චීන හා ඉංදියානු විදේශිය ගමන්තුල මතුකරගත්. ජාත්‍යන්තරවාදී මහාවංසික අනන්‍යතාවන් තහවුරු කිරීම තුලවූ වැඳගත්කම මාලිමා ආණ්ඩුවද අනුරද පසෙකලීම ඉතාමත් අදබාල කාර්ය්‍යයක්ව ඇත. එය එසේ නොවිය යුත්තක් සේම අනුරගේ මාලිමා ආණ්ඩුවේ ප්‍රවේශයද ජාත්‍යන්තර මහාවංශික උරුමය රකින්නක් කර ගනිමින් අනුර අනුරපුරය ජාත්‍යන්තරය විවර වූ පෞරාණික පූරාවිද්‍යත්මක ථෙරවාදී අර්ථ සාස්ත්‍ර නගරය ලෙස ඉංදියානු අධිරාජ්‍යයට තලෙයිමන්නාරම් ගොඩබිම් විවරයත් චීන ඇමෙරිකානු ඔස්ට්‍රේලියානු අප්‍රිකානු  අධිරාජ්‍යයන්ට ත්‍රිකුණාමල සාගර ප්‍රවේශයත් ⁣ලෙස වූ ප්‍රවේශිය සම්බන්ධීකරණ අගනගරයක් ලෙස අනුරාධපුරය ස්ථාපිතවීම තුල ලංකාවේ වෙළද හා නාවික සේවා ආර්ථියේ වැඳගත් ස්ථානයක් අනුරාධපුරයට අත්පත්කර ගත හැකිය. මෙම සංවර්ධන සැලසුම් පුස්කන්නට නොදී මතුකර ගැනීම අනුරගෙත් මාලිමා ආණ්ඩුවෙත් වගකීමකි.

වර්ණගේ සුගත් ෆොන්සේකා.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *