රතු යුටෝපියාවෙ ලෙන්දොර බිඳදැමූ ප්‍රජාතන්ත්‍රවාදියා…!

ඒ අනුව ගත්කල ලෝක ඉතිහාසය යනු හොඳ හෝ නරක මිනිසුන් විසින් රචිත හා රඟ දක්වන නාටකයක් නොව නිශ්පාදන බලවේගවල  ඒ ඒ කාලවකවානුවල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඒ ඒ  බූමිකාවන් හා පෞර්ෂයන්  යොදා ගැනීමක් පමණි.කොටින්ම සාරාර්ථයෙන් ගත් කල ඉතිහාසය තුල ඉතිහාස නිමැවුම් කරුවන්ගේ පුද්ග​ල ස්ව්ච්චන්දතාවය අදාලම නැත. “බොල්ෂෙවික් වාදය” සහ “නාසිසිවාදය” යන ප්‍රස්තුතයන් දෙකම සම්භවය ලබන්නේ ගෝලීය ප්‍රාග්ධනයේ බලපෑමට සමානවම හසුවූ නිශ්චිත කළාපයකදීය. පුනරුදයෙන් ඉක්බිති යුරෝපයේ  ඇතිවූ  ජාතිකවාදී නැගීම විසින් ඇතිකල පලමු ලෝක යුද්ධය සහ ඒ හරහා රුසියානු හා ජර්මන් කළාපවලට එල්ල කල බලපෑමේ ප්‍රතිවිරුද්ධ ජර්මානු හා රුසියානු ජාතිකවාදයේ හැඟීම්බර දේශපාලන ප්‍රතිචාරය වූකලී නාසිවාදය සහ බොල්ෂෙවික්වාදයයි . හිට්ලර් නග්න නාසී කෲරත්වය වසාගැනීමට මතුපිටින් තවරාගත් වාක්‍ය පාඨය ජාතික  සමාජවාදය නැමති යුටෝපියානු වාග්‍යාලංකාරයයි. එය රුසියාවේදී බොල්ෂෙවික් සමාජවාදය නැමති යුටෝපියානු  අලංක්‍රෝක්තියෙන් හැඩ ගන්වා තිබින. තේමාව කුමක් උවත් අන්තර්ගතයේ කම්කරුවන් මිරිකා උද්දරනය කෙරෙන ශ්‍රම කොල්ලයක්  අධිනිශ්ච්චය වේ නම් එය නග්න පැසිස්ට් වාදයයි…

හිට්ලර් යනු මිලියන හතකට අධික මිනිසුන් ප්‍රමාණයක් සචේතනිකවම මරාදැමූ ලොව විසූ ධරුණුම ඝාතකයාය. ස්ටාලින්ද ඊට නොදෙවෙනිව සංඛ්‍යාලේඛන පවා නැති ඊටත් අධික පිරිසක් අභිරහස් ලෙස ඝාතනය කල ඝාතකයෙකි. වෙනෙකක් තබා ඔහුගේ මධ්‍යම කාරක සබාවේ කිසිවෙකුට හෝ වත් ස්ටාලින්ගේ සාහසික ඝාතනයන්ගෙන් ගැලවීගත නොහැකි විය.මාක්ස්ට අනුව ෆැසිස්ට්වාදය යනු ප්‍රාග්ධනයේ අවපාතයන් ඇතිවන යුගකාරක  හේතූන් මත ඇතිවී පසුව අහෝසිවීයන ඛේදජනක ඉතිහාස කාලපරිච්චේදයන්ය.ඒ අනුව ජර්මන් නාසි රාජ්‍යය  තමන්ම ඇරඹූ අධම යුද්ධයන් ආපිට හැරවී ස්වභාවිකවම විනාශවිය…

රුසියානුවන්ට වසා තිබූ ලෝකයේ අගුළු හැර විවෘත කර දීමට සිදුවිය.මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන්  රුසියානු විප්ලවයේ ලෙනින්ට පමණක් දෙවෙනිවූ ට්‍රොස්කිගේ “පාවාදුන් විප්ලවය ” නැමති කෘතියේ අවසාන චේදය උපුටා දක්වමි..

ධෛවෝපගතව කුලාකයන්ටත් වඩා කුලාකයන් වූ නිලධාරී තන්ත්‍රයේ සොහොන් කොතෙහි පහත දැක්වෙන සමරු සටහන අනාගත දිනෙක කොටා තිබෙනු ඇත…

ප්‍රියශාන්ත රාජපක්ශ.

(දේශපාලන විශ්ලේශක)

Source

  • image source_https://optim.tildacdn.one/tild6666-3932-4462-a561-313662623465/-/format/webp/Gorbi.png

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *