රතු යුටෝපියාවෙ ලෙන්දොර බිඳදැමූ ප්‍රජාතන්ත්‍රවාදියා…!

ඉතිහාසයේ සියළු වීරත්වයන් හෝ කෘරත්වයන් මෙන්ම රුධිර ගංගාවන් ගලා ගිය සංග්‍රාමයන් යනු ආකාෂ්මිකව පහලවූ දෑ නොවෙති. ඕනෑම නාට්‍ය කරුවෙකු නාට්‍ය බූමිකාව සහ එහි චරිත වර්ගයා බෞතිකව නිර්මාණය කිරීමට පෙර කතාවස්තුවේ සහ චරිත වර්ගයාගේ සාරය සිත තුල මවාගනී. යථා ලෝකය සම්බන්ධයෙන් එය වෙනස් වන්නෙ යථා ලෝකයේ සහ තත්‍ය මිනිසාගේ සාරය පූර්වයෙන් නිගමනය කරන කිසිවෙකුත් නොමැති වීමත් ඒවායේ පූර්ව නිගමන ලබා දෙන්නේ නිශ්පාදන බලවේගවල ප්‍රගමනයේ හා පසුබැසීම්වල බෞතික වටපිටාව විසින් වීමත්ය.

image source
image source_https://optim.tildacdn.one/tild6666-3932-4462-a561-313662623465/-/format/webp/Gorbi.png

ඒ අනුව ගත්කල ලෝක ඉතිහාසය යනු හොඳ හෝ නරක මිනිසුන් විසින් රචිත හා රඟ දක්වන නාටකයක් නොව නිශ්පාදන බලවේගවල  ඒ ඒ කාලවකවානුවල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඒ ඒ  බූමිකාවන් හා පෞර්ෂයන්  යොදා ගැනීමක් පමණි.කොටින්ම සාරාර්ථයෙන් ගත් කල ඉතිහාසය තුල ඉතිහාස නිමැවුම් කරුවන්ගේ පුද්ග​ල ස්ව්ච්චන්දතාවය අදාලම නැත. “බොල්ෂෙවික් වාදය” සහ “නාසිසිවාදය” යන ප්‍රස්තුතයන් දෙකම සම්භවය ලබන්නේ ගෝලීය ප්‍රාග්ධනයේ බලපෑමට සමානවම හසුවූ නිශ්චිත කළාපයකදීය.

පුනරුදයෙන් ඉක්බිති යුරෝපයේ  ඇතිවූ  ජාතිකවාදී නැගීම විසින් ඇතිකල පලමු ලෝක යුද්ධය සහ ඒ හරහා රුසියානු හා ජර්මන් කළාපවලට එල්ල කල බලපෑමේ ප්‍රතිවිරුද්ධ ජර්මානු හා රුසියානු ජාතිකවාදයේ හැඟීම්බර දේශපාලන ප්‍රතිචාරය වූකලී නාසිවාදය සහ බොල්ෂෙවික්වාදයයි . හිට්ලර් නග්න නාසී කෲරත්වය වසාගැනීමට මතුපිටින් තවරාගත් වාක්‍ය පාඨය ජාතික  සමාජවාදය නැමති යුටෝපියානු වාග්‍යාලංකාරයයි. එය රුසියාවේදී බොල්ෂෙවික් සමාජවාදය නැමති යුටෝපියානු  අලංක්‍රෝක්තියෙන් හැඩ ගන්වා තිබින. තේමාව කුමක් උවත් අන්තර්ගතයේ කම්කරුවන් මිරිකා උද්දරනය කෙරෙන ශ්‍රම කොල්ලයක්  අධිනිශ්ච්චය වේ නම් එය නග්න පැසිස්ට් වාදයයි…

ඓතිහාසිකව ගත්කල හිටලර් හෝ ස්ටාලින් යනු කිසිසේත්ම ඉතිහාස අහම්බකාරක නොවේ. ඔවුන් ජර්මානු සහ රුසියානු ජාතිය ඇමරිකන් විරෝධී උත්කෘෂ්ඨයකට නැංවීමේ ව්‍යාපෘතියේ රුදුරු අවමානුෂික කරණ​ය උදෙසා පහලවූ සමාන ඉතිහාස නිමැවුම්ය. රුසියාව ඇමරිකානු අනෙකා සමඟ සිය බලය පෙන්වීමේ නිරවි අජඨාකාස සංදර්ශන සඳහා සහ සීතල යුද්ධයට ඇවැසි යුධ සූදානමට අවශ්‍ය අතිරික්තය උද්දරනය කරගත්තේ කුසගිනි,රට වැසියාගෙ ශ්‍රමය අමානුෂික ලෙස සූරාගනිමිනි.

රුසියානු  කම්කරුවන්ට පෙන්වූ අනාගත කොමියුනිස්ට් දේශය වනාහී පූජකයා අනුගාමිකයන්ට (වර්තමානයේ  කනකර අතගාගනිමින් ) මරණයෙන් මතු පෙන්වන ස්වර්ග රාජ්‍යයේම තවත් අත් පිටපතක් පමණි . දිළින්දන් ආශීර්වාද ලද්දෝය. මක්නිසාද යත් ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය. නිලධාරීන්ට හෝ ධනපතියන්ට එවන් නොපෙනෙන අනාගතයේ පවතින ස්වර්ගයක් අවශ්‍ය නැත. මන්ද, ඔවුන් දැනටමත් ජීවත්වෙන්නේ කම්කරු දාහයෙන් ගොඩ නැංවූ ජීවමාන  ස්වර්ගයකය. “බොල්ෂෙවික්වාදය” යනු අන් කවරක්වත් නොව රුසියානු දිළින්දන්ගේ ශ්‍රම අතිරික්තය නැවත ඒකරාශී කරගහැකි ආකාරයෙන් ශ්‍රම කොල්ලය සමාජවාදය ලෙසින් වෙස්ගන්වාගත් රුසියානු ෆැසිස්ට්වාදයයි.

හිට්ලර් යනු මිලියන හතකට අධික මිනිසුන් ප්‍රමාණයක් සචේතනිකවම මරාදැමූ ලොව විසූ ධරුණුම ඝාතකයාය. ස්ටාලින්ද ඊට නොදෙවෙනිව සංඛ්‍යාලේඛන පවා නැති ඊටත් අධික පිරිසක් අභිරහස් ලෙස ඝාතනය කල ඝාතකයෙකි. වෙනෙකක් තබා ඔහුගේ මධ්‍යම කාරක සබාවේ කිසිවෙකුට හෝ වත් ස්ටාලින්ගේ සාහසික ඝාතනයන්ගෙන් ගැලවීගත නොහැකි විය. මාක්ස්ට අනුව ෆැසිස්ට්වාදය යනු ප්‍රාග්ධනයේ අවපාතයන් ඇතිවන යුගකාරක හේතූන් මත ඇතිවී පසුව අහෝසිවීයන ඛේදජනක ඉතිහාස කාලපරිච්චේදයන්ය. ඒ අනුව ජර්මන් නාසි රාජ්‍යය  තමන්ම ඇරඹූ අධම යුද්ධයන් ආපිට හැරවී ස්වභාවිකවම විනාශවිය.

රුසියානුවන්ට වසා තිබූ ලෝකයේ අගුළු හැර විවෘත කර දීමට සිදුවිය. මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන්  රුසියානු විප්ලවයේ ලෙනින්ට පමණක් දෙවෙනිවූ ට්‍රොස්කිගේ “පාවාදුන් විප්ලවය ” නැමති කෘතියේ අවසාන චේදය උපුටා දක්වමි..

ධෛවෝපගතව කුලාකයන්ටත් වඩා කුලාකයන් වූ නිලධාරී තන්ත්‍රයේ සොහොන් කොතෙහි පහත දැක්වෙන සමරු සටහන අනාගත දිනෙක කොටා තිබෙනු ඇත…

ප්‍රියශාන්ත රාජපක්ශ.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

    Author

    Similar Posts

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *