කරාපිටිය ශික්‍ෂණ රෝහල  වකුගඩු ජාවාරම්කරුවන් ගේ ග්‍රහණයට..!

ජාත්‍යන්තර වකුගඩු ජාවාරමකට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හවුල් බව මුලින්ම හෙළි කරන ලද්දේ ඉන්දියානු පොලිසිය විසිනි. රහස් පොලිසිය විසින් කළ පරීක්‍ෂණ අනුව ලංකාවේ වකුගඩු ජාවාරම හා සම්බන්ධ රෝහල් හතරක සහ වෛද්‍යවරුන් කීප දෙනෙකුගේ නම් හෙළි කර ගන්නා ලදි. ඔවුන් අතර නවලෝක රෝහලේ මොනික් මාධව, සධානා යන අයද, හේමාස් රෝහලේ වෛද්‍ය චමිලා ද, ලංකා හොස්පිට්ල්ස්හි වෛද්‍ය නිරෝෂිණී ද, වෙස්ටර්න් රෝහලේ හබීබා සහීෆ්, යාපනය රෝහලේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යන වෛද්‍යවරුන්ගේ නම් ‌හෙළි වී තිබිණ. 

image source
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQRopQLGF4BWn8YirEZlDlwrN6bNqnFd4RMTg&s

කමිටු වාර්ථාව හුඹස් කටට.

මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී වකුගඩු ජාවාරම පිලිබඳව කමිටුවක් පත් කරන ලදි. එහි මූලිකත්වය දැරුවේ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරය. මෙම කමිටුවේ වාර්තාව වකුගඩු ජාවාරම විසින් යට ගසනු ලද අතර එය මේ වන විට අතුරුදහන් කොට තිබේ.  

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු පිලිබඳ විශේශඥ්ඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන්නෙකි. ඔහු යාපනය රෝහලේ මෙන්ම මාතර රෝහලේ සේවය කල කාලයේදී නීති විරෝධී වකුගඩු ජාවාරම් වල යෙදුනු බවට සාක්‍ෂි ලැබී තිබේ.

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු මාෆියාවේ විශාල පුරුකකි. ඔහුගේ අන්වර්ථ නාමය ‘වකුගඩු හන්ටර්’ ය. රංග මිගාර වීරක්කොඩිලා ගේ වකුගඩු ජාවාරම නිසා මේ වන විට වකුගඩුවක මිල රුපියල් මිලියන 4-6 පමණ වෙයි. මේ මුදලින් වකුගඩු දායකයාට ලැබෙන්නේ රුපියල් ලක්‍ෂ පහකටත් අඩු මුදලකි. ඉතිරි මුදල් යන්නේ මාෆියාවට සහ මාෆියාව ආරක්‍ෂා කරන ලොකු ලොකු පුද්ගලයන්ටය. ලංකාවේ කුඩු ජාවාරමට පසුව අධිකව මුදල් ලැබෙන ජාවාරම නීති විරෝධී වකුගඩු ජාවාරමය. 

වකුගඩු ජාවාරම් මුදල් ඕස්ට්‍රේලියාවේ ආයෝජනයට.

සාමාන්‍ය මධ්‍යම පන්තියකින් ආ රංග මිගාර වීරක්කොඩි මේ වන විට වකුගඩු ජාවාරම නිසා විශාල ධනස්කන්දයක් උපයාගෙන තිබේ. ඔහුගේ මුදල් ඔහු පොම්ප කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාවටය. ඔහුගේ සහෝදරයා වන සිදත් වීරක්කොඩි ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. මුලදී ඉන්දියානු අවන්හලක වේටර්වරයෙකු සහ කෝකියාගේ සහායකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ වැඩ කල සිදත් වීරක්කොඩි මේ වන විට ඕස්ට්‍රේලියාවේ එපාර්ට්මන්ට් දෙකක හිමිකරුවෙකි. රංග මිගාර වීරක්කොඩි වකුගඩු ජාවාරමෙන් උපයා ගත් මුදල් තම සහෝදරයා වෙතට පොම්ප කොට ඇත්තේ උණ්ඩියල් ක්‍රමයට බව වාර්තා වෙයි. 

මේ වන විට කරාපිටිය රෝහලේ වකුගඩු ජාවරම් කරන මධ්‍යස්ථානයක් වී ඇති බව වාර්තා වෙයි.  වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි රෝහලේ කාර්‍යමණ්ඩලයේ සේවකයන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගෙන සායනට එන රෝගීන් ගේ තරුණ ඥාතීන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ව රවටා වකුගඩු මිලදී ගනියි. මෙම වකුගඩු පසුව අති විශාල මුදලකට විකුනනු ලැබේ. වකුගඩු දායකයන් රවටා ගැනීම සඳහා ඔහු විසින් තැරැව්කරුවන් මගින් “වකුගඩුවක් දන් දෙන්නේ මෙහෙමයි” මැයෙන්  පත්‍රිකාවක් බෙදා තිබේ.

පත්‍රිකා මගින් ප්‍රචාරණය.

මෙම පත්‍රිකාවේ සඳහන් වන ආකාරයට, “වකුගඩු දායකයන් හට දීර්ඝකාලීන අතුරු ආබාධ සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නෑ. පර්යේෂණවලින් පෙන්වා දෙන පරිදි අධි රුධිර පීඩනය ඇති වීමේ සුළු අවදානමක් නම් තිබෙනවා. ඒ හැර තනි වකුගඩුවක් ඇති කෙනෙක්ට විශේෂිත වූ සංකූලතා ප්‍රශ්න වීමට සුළු ඉඩක් තිබෙනවා. (උදා. ගලක් හිර වීම, පිළිකා ඇති වීම, අනතුරුවලට ලක්වීම). සාමාන්‍ය කෙනෙක්ට වඩා නිතර වෛද්‍ය අවධානයට ලක්වන නිසා, වකුගඩු දායකයන්ගේ රෝග කලින්ම හඳුනා ගත හැකි නිසා ඔවුන් සම වයසේ පුද්ගලයන්ට වඩා වැඩි කලක් ජීවත්වන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.” (වෛද්‍ය රංග වීරක්කොඩි).  

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් යොදවනු ලැබූ තැරැවකරුවෙකු වන  මට්ටක්කුලිය, කජිමාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජිබ්ඩීන් නොහොත් බායි  නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්ඩංගුවට ගනු ලැබුවද මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියි. මේ පුද්ගලයා වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ගේ වකුගඩු දන් දීම පිලිබඳ පත්‍රිකා යොදා ගනිමින් බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා රවටා භික්‍ෂූන් වකුගඩු දායකයන් කරගෙන තිබේ.

සෞඛ්‍ය අමාතංශයේ නිලධාරීන් මාෆියාවට විකිණේ.

මෙම වකුගඩු ඉතා අධික මුදලකට නීති විරෝධී අයුරින් විදේශීකයන්ට විකුණා තිබේ. මෙම නීති විරෝධී වකුගඩු සැත්කම් බොරැල්ල ප්‍රදේශයේ බොරැල්ල, කොටා පාරේ පුද්ගලික රෝහලක සිදු කොට ඇත. ලේ වර්ගය අනුව ලක්‍ෂ 50, 60, 90 මෙන්ම එක් කෝටි විසි ලක්‍ෂය හා කෝටි එකහමාර දක්වා මිලකට දේශීය ධනවතුන්ට හෝ විදේශිකයන්ට මෙම වකුගඩු විකුනති.

 වෛද්‍ය  රංග මිගාර වීරක්කොඩි වෛද්‍ය මොනික් අඹේපිටිය , වෛද්‍ය හබීබා සහීෆ් යන දූෂිත වෛද්‍යවරුන් ගේ කණ්ඩායමකින් සැදුම් ලත් මෙම මාෆියාව තම තැරැව්කරුවන් දකුනු පලාතේ විවිධ පන්සල් වලට යවමින් වකුගඩු දන් දීමට තරුණ බෞද්ධ භික්‍ෂූන් ද  පොළඹවා ගනිමින් සිටිති. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද පැමිණිලි ලැබී තිබුනද මේ දක්වා ඔහුට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත. ලැබී ඇති තොරතුරු අනුව වකුගඩු මාෆියාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම නීති බලධාරීන් වෙත මාසික ගෙවීම් කරනු ලබන නිසා මෙම ජාවාරමට ආරක්‍ෂාව ලැබෙයි. මේ නිසා මොවුන් නොබියව වකුගඩු ජාවාරම නොබියව තම නීති විරෝධී මිනිස් අවයව ජාවාරම නිරුපද්‍රිතව කරගෙන යති.

අප වත්මන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ඉහත සඳහන් වෛද්‍යවරුන් නීතිවිරෝධීව කරගෙන යන වකුගඩු ජාවාරම පිලිබඳව වහාම පරීක්ෂණයක් කරන ලෙසයි. මොවුන්ගේ ජාවාරම නිසා කරදරයට පත්වූ බොහෝ දෙනෙක් සිටින අතර ඉන් සමහරක්ගේ ලිඛිත සාක්ෂී අපවෙත ලබී ඇති බවත් අවශ්‍යනම් ඒවා ඉදිරිපත් කිරීමටද අප සූදානම් බවද කීමට කමත්තෙමු.

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *