අපේ රටේ නායකයින් පත්වෙන හැටි..!

අපේ රටේ රාජ්යනයකයන් හම්බන්තොට, පොළොන්නරුව, සහ තඹුත්තේගම වැනිපරණ හත්පතුවලින්ම පහළවන්නේ ඇයි?
image sources-https://www.shutterstock.com/editorial/image-editorial/N1z9cf23M8j3Q3z0NTY4MQ==/sri-lankan-president-mahinda-rajapaksa-arrives-his-440nw-7710544l.jpg and-https://images.deccanherald.com/deccanherald%2F2024-09-23%2Fe58jxzun%2FSri_Lanka_President__3_.jpg?rect=0%2C0%2C1588%2C2117 and-https://mawbima.lk/wp-content/uploads/2024/06/1-10.gif
ලංකාවේ රාජ්‍ය නායකයො පත්වෙන්නෙ එක්කො ගිරුවාපත්තුවෙන් නැත්තං පොළොන්නරු පුලතිසි පුරෙන් නැත්තං අනුරාධපුර පැත්තෙ වැව්බැඳි රාජධානියකින්…
කොළඹින් හො නාගරික සමාජයේ කෙනෙක්ට රටේ රාජ්‍ය නායකයා වෙන්න ලේසි නැත..හේතුව රටේ නායකකමට චන්දෙ ඉල්ලන නාගරිකයෙකුට මේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නෙ නොදීමයි..
රාජ්‍ය නායකකමට චන්දෙ ඉල්ලලා දිනපු නගරෙ මිනිහෙක් ඉන්නවා නම් ඔහු රෙද්ද බැනියමට, සරමට බැහැලා ගැමියෙක් ලෙස වෙස්වලාගෙන ඇවිත් මහජනයා අන්දපු කෙනෙක්..

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRv4nZZoWwWC12oS7hRpyuj83s4Db1uanxTyg&s
මේ සංතිතියට හේතුව අපේ රටේ මිනිස්සු හිතාන ඉන්නෙ රට ගොඩනගන ක්‍රමේ තියෙන්නෙ පරණ විදියට අටුකොටු පුරවන සහ වැව් හාරවන අපේ විදියේ අතීත ක්‍රමවේදයක් තුලබවයි..
ඒකට නායකත්වය දෙන්න සුදුස්සන් වන්නේ පරණ රාජධානි වල ඉපදුන, ගැමි ගතිකයන් සහිත නරපතියන් යැයි අපේ ජහමනයා සිතයි..
ලෝකය සමඟ ඒකාබද්ධව ගෝළීය ආර්ථිකයකට ලංකාව සම්බන්ද කරමින් මේ පුංචි දූපත ලෝක සිතියම තුල යාවත්කාලීන කිරීමට හදන රාජ්‍ය නායකයන් අපේ ජනතාවට අනුව රට පාවා දෙන්නෝ වෙයි..
ඔවුන්ව බටහිර හෙන්චයියන් ලෙස හංවඩුද ගැසේ..
එහෙව් ජනතාවට සදා සම්මුඛ වන්නේ තකට තක ජනනායකයන් ය..
ඇත්ත හැත්තෑගානක ශාපය මෙයයි..මෙය හැත්තෑ හයකින් නතර නොවේ අසූවරක් අනූවසරක්..සීයක්.. . දිගටම පුනරාවර්තනය වෙමින් හතර අතට ගඳගස්සමින් එකතැන පල්වෙයි..

ප්‍රියශාන්ත රාජපක්ෂ.
( අධ්‍යයන කවය)
” 89-සහෝදරත්වය”