දේශපාලනය කොයිතරම් දෛවෝපගත දෙයක් ද? 

ඩොකාලටත් උනේ මරු වැඩේ. මම එහෙම කියන්නේ මේ පාර මාලිමාවට දොස්තරල ගොඩක් චන්දෙ දුන්න හින්ද. පහුගිය ජනාධිපති චන්දෙ තියන්න පොඩ්ඩක් කාලෙකට කලින් ඔය දොස්තරලගේ චැනල් සෙන්ටර්වල (ඒ කියන්නේ පුද්ගලිකව එයාලම එයාලගේ තැන්වල දාගෙන හිටපු පීපී වල) ලොකුවට එයාල ගහගෙන හිටියේ ‘මේ පාර මාලිමාවට’ නැත්නම ‘රට අනුරට’ කියල.

image source-https://www.mynewslanka.com/wp-content/uploads/2024/12/image_c2ede787a5.jpg

ආපු ලෙඩ්ඩුන්ට පවා කැම්පේන් කළා මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනි කියල. ඒ වගේ ක්‍ෂුද්‍ර කැම්පේන් වලින් තමයි ලොකු බලපෑමක් වුනේ. ඒකෙ ප්‍රථිපලයක් හැටියට තමයි මිනිස්සු දොස්තරලම ගොඩක් පාර්ලිමේන්තු එව්වේ. සහ විශ්ව විද්‍යාලකාරයෝ – උපාධිකාරයෝ – ගොඩක් දියවන්නා එව්වේ. ඒ චන්දෙ අරමුණ උනේම බයියෝ ඉවරම කරලා දාන එක. සුද්ද කරන එක. හෝදලා දාන එක. ක්ලීන් කරන එක. ශ්‍රමදානේ කරලා භුමදානේ කරන එක. 

හැබැයි ඒ බයි පොර තමයි අර ටොයි දොස්තරලගේ දීමනා කපපු එක ගැන ඇත්තටම කරුණු සහිතව පාර්ලිමේන්තුවේ කතාකළේ. ඒ කතාවම ඇති අර කොන්ගත වෙලා ඉඳපු බයියන්ගේ කාඩ් එක බේරලා දෙන්න. විශේෂයෙන් වමේ කියන ජනතාවාදී කියන ආණ්ඩුවක් තිබ්බ එකටත් කෙළියට පස්සේ. 

Mahesh Hapugoda.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *