|

අධ්‍යාපනයේ විප්ලවයක්..?


මේ පිලිබදව දැනුවත් අය කියන්නෙ නවීන ලෝකයේ දියුනුවට සාපෙක්ෂව අධ්‍යපනයේ (Education) විප්ලවීය වෙනසක් සිදුවිය යුතු බවය. සමහර විද්වතුන් කියන්නෙ ලෝකයේ දියුනුවක් නොව පරිහානියක් වෙමින් ඇති බැවින් එය වැලක් වීමටද ආකල්ප වල වෙනස් වීම් සහිත ඉගෙන්වීමක් අවශ්‍ය බවයි. ගෝලීය ව්‍යපාර විසින් පරිසරය වීනාශ කිරිම , ඇමරිකාවේ නායකයන් භීෂනය පැතිරවීම වැනි කරුනු පිලිබදවද දරුවන්ට අවබෝධයක් ලබාදිමද වැදගත්‍ ය. ඒ අනාගතයේ රට භාර ගන්නෙ මේ දරුවන් නිසාය.


මට ඇහුනු කරුනු අනුව ඩිජිටල් කරනය ප්‍රමුක ස්මාර්ට පන්ති කාමර වලට වීරොධතා ඇත. මෙම ක්‍රමය ආරම්භකර පවත්වා ගිය දියුනු රටවල් දැන් ඩිජිටල් පන්ති නවත්වා ඇත. ඕස්ට්‍රේලියාව , බ්‍රිතාන්‍ය , ස්ව්ඩන්සය ,ජර්මනිය වැනි රටවල් මෙයින් බැහැරව අධ්‍යාපනය (Education) සිදු කිරිම ආරම්භ කර ඇත.
මෙම ප්‍රතිසංස්කරණ වල සාමුහිකව හා කන්ඩායම් ක්‍රියාකාරකම් වලින් ඉගෙන ගැනිම වැනි කරුනු තිබිම විශිෂ්ට පරිවර්තනයක් කවුරුත් පිලිගනි. ගණීතය , විද්‍යාව වැනි විෂයන් වල ලොකු වෙනසක් වෙන්නෙ නැත. උගන්වන ක්‍රමවේදය වෙනස් බව එම ක්‍රම සිසුන්ට පහසු බව ගුරුවරු කියයි. ඉතිහාසය වැනි විෂයන් පිලිබදව විවාදයක් ඇත ඒ එහි අන්තර්ගතය ගැනය.


වර්තමානයේ ආන්ඩුව මේ පිලිබදව ප්‍රජාතන්ත්‍රවාදි ලෙස තීන්දුවක් ගැනිමට සිතනවනම් කල යුත්තෙ ජනමතයට කන් දි ජනාධ්පති කමිටුවක් මගින් ඉදිරිපත් වී ඇති වීවෙචනය න් පිලිබදව ව්මර්ශනයක් කිරිම වැරදි ඇත්නම් ඒවා නිවරදි කිරිමයි. ආනයනික කිරි හරක් අර්බුදය ව්මර්ශනයට පවා ජනාධ්පති කොම්ෂම් පත් කිරිමේ ඉතිහාසයක් ඇති රටක මෙවනි සුවශේශි ව්ෂයක් වෙනුවෙන් කොම්ෂමක් පත් කිරිමට ජනාධ්පති අනුර කුමාර තීරනය කෙරුවොත් එයද ජනතාවගෙ ජයකි. මම මේ අධ්‍යපන විෂය ගැන ප්‍රවේනියකු නොවන බවද ලියා තබමි.

අධ්‍යාපන අවුල.

මම ඔය ගැන කියවල නැ. නමුත් මෙයට වීරෝධය දක්වන පාර්ශව ගැන සලකා බලන විට මේ අධ්‍යාපනය (Education) ලොකු අවුලක් ඇති බව පේනව. විශේෂයෙන්ම ගුරු වෘත්තීය සමිති, මහාචාර් ය අර්ජුන්, නිර්මාල් දේවසිරි, පෙරටුගාමින් , සරසවි ආචාර්ය සංගමය නොනවතින වීරෝධතා කරනව. අපි විමල් , සජිත් වැනි අයගෙ විවේචන නොසලකා හැරියත් මාලිමාවෙ හිතවතුන් , ව්ද්වතුන් කරන විවේචනයන් නොසලකා හරින්න බැහැ. මට හිතෙන්නෙ ජනතා විමුක්ති පෙරමුන විපක්ෂයෙ හිටියනම් මාරන්තික උප වාසයක් හෝ කර මෙය පරාජය කරාව්. ජනාධිපති අනුර කුමාරට තියෙන්නෙ මේ ව්වේචනයන් සලකා බලන්න කමිටුවක් පත් කරල නිවරදි කීරිම් කරන්න අවශ්‍ය නම් ඒවා කිරීම. මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස හිටිය නම් එසේ අනිවාර්යෙන් ම කරනව. නමුත් රනිල් හිටියනම් පරදින තෙක් ජනතාවගෙ හඩට කන් දෙන්නෙ නෑ.

අනුරගේ බුද්ධිමත් තීන්දුව.


අධ්‍යපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැ කියල කිසි කෙනකු කියන්නෙ නැ. නමුත් පසුගිය වසර කීපයේම මහන්සි වි සැලැසුම් කලයි කියන ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවෙදි හා පිටතදි සාකච්චා කිරිමේදි ව්ව්ධ පාර්ශවයන් එහි අඩුපාඩු හා දුර්වලතා පෙන්වාදෙමින් උනුසුම් සාකච්චා වක් ගෙන ගියා. අපේ පූජක පක්ෂයේද අදහස් ප්‍රකාශ වුනා. ව්මල් , සජිත් , දිලිත්ලත් පිට්ටෙනියේ සෙල්ලම් කරන්න ආවේ ආන්ඩුවට රිදවන්න මිසක් ඇත්ත සාකච්චා වලට නෙමෙයි වගේ පේන්න තිබුනා.
අද ජනාධ්පති තුමා හා අගමැතිනිය සමග ගුරු වුර්තිය සමිති සාකච්චා කර සාධානිය තින්දු ගැනිමට ජනාධ්පති තුමාට හැකි වීමද ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂනයක් . ජෝශප් ස්ටාලින් ඇතුලු ගුරු නායකයන් මේ සාකච්චා වට පැමින එකගතා ඇති කිරිම දරුවන්ගේ වාසනාවක්. විශේෂයෙන් ම 6 ශ්‍රේනියේ ප්‍රතිසංස්කරණ වසරකින් කල් දමා ඒ පිලිබදව සමාලෝචනය ක් කිරිම වැදගත් තීරනයක්.


මේ ව්ෂය ආශ්‍රිතව අගමැතිනිය පිලිබදව ආ ව්වේචනයන් පදනම් රහිත බව ජනතාව වටහා ගෙන ඇත. මෙහිම දිගුවක් ලෙස ලාල් කාන්ත ඇමතිතුමාගෙ වනචාරී කතාවට තටු ඇව්ත් දැන් කලු පාටට වමනෙ ගිය කතාව පැතිරුනෙ කපුටු හත් දෙනෙක් වමන කලා කියල වගේ. අපේ ගිහියන් මෙන්ම සමහර ගරු ස්වාමින් වහන්සේලද මේ පිලිබදව වැරදි ප්‍රචාරයන් කරනව ලාල් ඇමති මේ කිව්වෙ මිහින්තලේ හාමුදුරුවෝ කෙනකුට කියල දැන් මේ කතිකාවද නවත්වන්න ඕන. හාමුදුරුවො වුනත් බොරු කියල අපහාස කලොත් අපායට යාම ලඟයි කියල අපි ඉගෙන ගෙන තියෙන්නෙ. මේවා කුණාටු වගේ එනව යනව. ජිව්තද කුනාටුවක් වගේ කියල මට හිතෙන්නෙ.

පාසල් කාලය හා වම.


මේ දිනවල අධ්‍යපන ප්‍රති සංස්කරන පිලිබදව මාරන්තික සංවාදයක් යනව. එහිදි පාසල් කාලය පැය භාගයකින් දිගු කර පස්වරු 2 ට අවසන් කිරිම හා පීරිඩ් එකක් ව්නාඩි 10 කින් දීර්ඝ වීම ලමා මනසට සුදුසු නොවෙ යන්න පෙරටුගාමි පක්ෂයෙ න් පුබුදු පැහැදිලි කරනව. ඔහු මනො වයිද්දය වරයකු නොවුනත් මේ කියන කරුන ගුරු සමිති නායකයන්ද පවසනවා. ඒ නිසා ඒ පිලිබදව අදහසක් කියන්න වෙනව.


70 දශකයෙ අපි පාසල් යන කාලයේ ටියුෂන් බහුලව නැ. සිරිමාවො ගෙ පාලනය තුල පුදගලික පාසල්ද රජයට ගත්ත. රජයේ ගුරු වරුන්ට ටියුෂන් කරන්න තහනම්. වයිද්දිය වරුන්ටද එවනි තහනමක් තිබුනා. රජයේ සේවයෙන් අයින් වෙලා ගුරු වරුන්ට පුදගලික පන්ති කරන්න පුලුවන්. අපේ පාසල් කාලයේ සාමාන්‍ය් පෙල දක්වා සිසුන් බහුතරයක් ටියුෂන් ගියේ නැ. 80 දශකයේ මෙවනි තහනම් ඉවත් වුනා ඒ නිසා ටියුෂන් ගුරුවරු හැම නගරයකම ජනප්‍රිය වුනා , පාසල් වල උගන්වල එයට වැඩිය කැප වීමෙන් ටියුෂන් පන්තියේ ඉගැන් විම් සිදු වුනා. මෙයින් දරුවන්ට සෙතක් වුනා.
ටියුෂන් පන්ති වල කාලයට නීතියක් නැ. රාත්‍රි , හවස , පෝය දිනවල ලමයි එකම පන්ති කාමරයක හෝ ලොකු හෝල් එකක දක්ෂ ගුරුවරු පැය 2 , 3 ක් ව්ෂයන් ඉගැන් වීම් කරනව. අපේ කාලයේ 80 දශකයේ ලමයින් ඉගෙන් වුවෙ කලු ලෑල්ල හා හුනු කැටය ආධාරයෙන්. දැන් වෙනස් ඇති.

ගුරු සමිති නායකයින් සහ පෙරටුගාමීන්ගේ විවේචන.


ඉහත පැහැදිලි කිරිම කරන්න හිතුන්වෙ පුබුදු ජය ගොඩ හා ගුරු සමිති නායකයන්ගෙ තර්කය හරි නම්. අපි වීරෝධතා කරන්න ඕන ටියුෂන් ගුරු වරුන්ට විරුදධව ඔවුන් දශක 3 ක් පමන මේ අමානුෂික ඉගැන්විම කර දරුවන්ගේ මනස ව්කෘති කරල තියෙන්නෙ. ඒ අපරාධයට එරිහිව අධිකරනයට යන්න මේ ගුරු නායකයන්‍ට පුලුවන්. එමෙන්ම ජන අරගල කරන වසන්ත මුදලිගේට අත් හැරිය නොහැකි වග කීමක් තියෙනව මේ සිස්ටම් චේන්ජ් එකට දායක වෙන්න. වීශේෂයෙන්ම 4 , 5 දරුවන් ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් මෙහෙය වන්න පාසල් තුලද මේ අමානුෂික ඉගෙන් විම කරනව. ටියුෂන් අය රැ කාලයේද ලමයින්ට උගන්වනව. මමත් පියෙක් ලෙස මේ වදක ඉගෙන් විමට දරුවන්ව යොමු කරල තියෙනව.


රජය මේ තීන්දුව ගැනිමට පෙර පෙරටුගාමින් මේ විෂය කතා කෙරුවෙ නෑ. ඔවුන්ට අවශ්‍ය ආන්ඩු එක්ක මරා ගන්න මිස ඇත්ත අභියෝගයට මුහණ දෙන්න නෙමෙයි. පෙරටුගාමින් කෘෂි කර්මය තුලද ගොවීන් වෙනුවෙන් පෙනි ඉන්නෙ මේ ප්‍රෝඩා කාරි විදියටමයි. ගමේ ගොවීන් උසි ගන්වනව රසායනකි පොහර වලට සහන ඉල්ලල. නමුත් පොහොර අඩු කරන ක්‍රම පිලිබදව දැනුම ඉල්ල ගොවීන්ව උද්ගෝෂණ වලට යොමු කරන්නෙ නෑ. ඉහත හෑල්ල ලිව්වෙ ඇත්ත සාකච්චා වකට මුල පුරන්න මිස පෙරටුගාමින් ට දොස් කියන්න නෙමෙයි.

Dr. Keerthi Kumara.


Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *