ලාල් කාන්ත දන්නා ලෙනින් හා අපි දන්නා ලෙනින්…!
වී.අයි. ලෙනින් (Lenin)අපිට වැදගත් වන්නේ එතෙක් ලෝකය පුරා ක්‍රියාත්මක වූ සියලුම ආණ්ඩු වලට ප්‍රතිපක්ෂව වැඩ කරන කම්කරු පංතිය මූලික කරගත් පක්ෂයක් වටා දේශපාලන බලය ගොඩනගාගෙන රාජ්‍ය බලය ලබාගත් පළමු පුද්ගලයා නිසාය. එතෙක් රුසියානු රාජ්‍යය පාලනය කල රදල හා පූජක පක්ෂය වෙනුවට අලුත් පංතියක්(කම්කරු) මත සිය දේශපාලන මතවාදය අභ්‍යාස කල නිසාය. නැතිනම් මාක්ස්ගේ දාර්ශනික ප්‍රවේශය “පක්ෂයක්” හරහා රාජ්‍ය බලය තෙක් ප්‍රවර්ධනය කල නිසාය. එය කටින් බතල සිටුවීමක් නොව මාක්ස්ගේ අදහසින්ම ශ්‍රමය හැර අන් කිසිවක් විකිණීමට නොමැති මිනිසුන් හා ගැහැනුන් විධිමත් දේශපාලන ප්‍රවාහයක් සදහා සංවිධානය කිරීමකි.

ලෙනින් කළේ කුමක්ද?
ඒ වන විටත් රුසියාවේ සාර් රජු සිය බලය අතැහැර තිබූ අතර රුසියානු “ඩූමාව” මගින් කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් පාලන ව්‍යුහයක් බිහිවී තිබුනි. පළමු ලෝක සංග්‍රාමයේ ජර්මානු නැගෙනහිර පෙරමුණ රුසියාව තුළට ගමන් කිරීම අරඹා තිබූ බැවින් කෙරෙන්ස්කි “දේශප්‍රේමය” මතවාදී මෙවලමක් ලෙස භාවිතයට ගනිමින් තිබුනි. ලෙනින්ගේ සුප්‍රකට “ඉඩම්, පාන් හා සාමය” නැමැති අප්‍රේල් තිසීස කරලියට එන්නේ මෙවන් පසුබිමකය.
ලෙනින්ගේ මූලික යෝජනාවන් පවා බොල්ෂෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ප්‍රතික්ෂේප වන්නේ වරක්, දෙවරක් නොවේ. නමුත් සිය මතය පක්ෂයේ බහුතරය දිනාගන්නා තෙක් ලෙනින් සටන අතහරින්නේ නැත.
සරලව කියන්නේ නම් රුසියානු රාජ්‍ය පාලනය වූ පාලක දෘෂ්ටිවාදය ලෙනින් අතින් කන්ඩනය වූ අතර එය රුසියානු ජනයාගේ ආත්මය තුළ පැල්මක් ලෙස ලකුණු විය. සමාජය සංවිධානය වන “හිස්” ස්ථානයට ලෙනින් (Lenin)විසින් නව හැගවුම්කාරකයක් යෝජනා කල අතර “පංති අරගලය” භාෂාව තුළට ඇතුල් විය.
ලෙනින් (Lenin) කලේ අන්තර්ගතය නොව ආකෘතිය වෙනස් කිරීමයි. එය ඒ අනුව ආණ්ඩුවක් වෙනස් කිරීමක් නොව රාජ්‍යයක් වෙනස් කිරීමකි. එය විප්ලවයක් වන්නේ ඒ අර්ථයෙන් විනා එනම් මනුෂ්‍යයන්ගේ දෛනික ජීවිතය වෙනස් කිරීම නිසා මිස වෙනස් අර්ථයකින් නොවෙයි.

අපි දැන් ලාල්කාන්ත ප්‍රමුඛ ජ.වි.පෙ.දෙසට හැරිය යුතුය. ලෙනින්ගේ වෙළුම් කටපාඩම් කල පමනින් හෝ ලෙනින්ගේ ජායාරූප රැගෙන පෙලපාලි ගිය පලියට හෝ කෙනෙක් ලෙනින්වාදියෙකු නොවනවාක් මෙන්ම වර්ෂයකට වරක් හදිසියේ ලෙනින් සිහිවී ලෙනින්ව කියෙව්වා කියා හෝ ජ.වි.පෙ.ලෙනින්වාදීන් වන්නේ ද නැත. අන්ත ජාතිවාදී ඉම වෙත ගමන් කර තමන්ගේම පංතියේ දෙමළ කොල්ලන් හා කෙල්ලන්ගෙන් සමන්විත උතුරේ අරගලය මර්ධනය කිරීම සදහා මහින්ද රාජපක්ෂ සමඟ නිදිවැදුනු පසු “පංතිමය කන්‍යාභාවයක්” ද ජ.වි.පෙ.ට නැත.(මෙය පෙරටුගාමීන්ටද එසේම වලංගුය).
පංතිමය අර්ථයක් නැතිවීම.
නමුත් මේ සියල්ලටම වඩා ජ.වි.පෙ.බලය ලබාගැනීම සදහා කිසිදිනෙක පීඩිතයින්ව සංවිධානය කලේ නැත. ඔවූහූ අධ්‍යාපන ඉනිමගේ ඉහල නැගි සුලු ධනේශ්වර අභිලාෂයන් වලින් සමන්විත වෘත්තිකයන් සංවිධානය කල පක්ෂයකි. සුවඳ දුම් අල්ලා, මල් පහන් පූජා කරනු ලැබූ උපාධි සහතිකලත් මේ “ඇවිදින පුස්තකාල” වල තත්වය දැන් හෙලිවෙමින් පවතින අතර අපි මේ අන්තරාභවිකයන් ගැන කිව්වේ මීට බොහෝ කලකට පෙරය.
ලාල්කාන්ත විසින් ආණ්ඩු බලය ලබාගත්තාට රාජ්‍ය බලය ලබාගැනීමට තව දුර යා යුතුයැයි කියන ප්‍රකාශයේ යටිපෙලෙහි නිලය ඇත්තේ මෙතැනය. පංතිමය අර්ථයෙන් පීඩිතයින්ව විධිමත් දේශපාලන අධ්‍යාපනයක් හරහා සංවිධානය නොකරගත් ව්‍යාපාරයක් දැන් ඉකිබිද හඩා වැලපුනාට පලක් නැත. සිදුවී ඇත්තේ තමන් සංවිධානය කරගත් “සහතික ලත් උගතුන්ට” රාජ්‍යය සදහා ආදේශ වීමට ඇති නොහැකියාව මතුපිටට ඒමයි. ජේ.ආර්.ගේ හෝ මහින්දගේ මිනිසුන් මෙන් සිය අභිලාශ කරා මෙහෙයවීමට සමත් පංතිමය අර්ථයක් සහිත මිනිසුන් ජ.වි.පෙ.ට හෝ මාලිමාවට නැත. උවිදු කුරකුලසූරිය වැනි අපතයින් ඉදිරියේ මාලිමාව දනින් වැටෙන්නේ එම නිසාය.
ලාල්කාන්ත මයික් ඉදිරියේ දෙසුවාට සිය භාවිතාව තුළ නිවට ලෙස පසුබසින්නේ හා ලෙනින්ගේ ජායාරූප වලට මුවා වන්නේ ද වසරකට වරක් ලෙනින් මතක් වී හීනෙන් බයවන්නේද එනිසාය. රාජ්‍යයේ සාරය උරාබොන වෘත්තිකයින් හා ඒ වෘත්තීය මාෆියාවන් හුරතල් කල ක්‍රියාවේ ඵලවිපාක දැන් ජ.වි.පෙ.වෙත එමින් තිබේ. වෛද්‍යවරු යනු එහි පෙරගමන් කරුවන් ය.
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම් හෝ රාජ්‍ය සේවය වෙත මේ “සහතික ලත් අන්තරාභවිකයන්” පිරෙව්වා කියා හෝ එදිනෙදා ජීවිත සටන සදහා මහපාරට විසිකරන ලද පීඩිතයින්ට විමුක්තිය ලැබෙන්නේ නැත. “සීරියස් මිනිසුන්” අහිමි වී ඇති රාජ්‍යය සදහා යෝජිත කවටයන් දිනපතා සපයන විහිලු හැර අලුත් යමක් සිදුවන්නේද නැත. පීඩිතයින්ගේ විමුක්තිය සදහා කල යුතු ප්‍රතිසංස්කරන වෙනුවෙන් 3/2 බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් තබාගෙන නීතිපති ඉවත් කිරීමේ නාට්‍ය අපිට පෙන්වමින් තිබෙන අතර එයද කොමඩියකින් අවසන් වීමට නියමිතය.
ලාල්කාන්ත හෝ ටිල්වින් සිල්වා දන්නා ලෙනින් (Lenin)කෙනෙකු නොමැති අතර ඔවුන් නොදන්නා ලෙනින් (Lenin)කෙනෙකු දන්නා සමාජ මාධ්‍ය අපතයින්ද නැත. සියලුම දෙනා පොරවල් වන්නේ දන්නා නිසා නොව නොදන්නා නිසාය. ඔය කිසිවෙකු අපි ඉදිරියේ ගිනි බෝල කරකවන්නේ නැත්තේ සිය කලිසම් ගලවාගැනීමට ඇති ලැජ්ජාව නිසා බවද අපි දනිමු. මරිමෝඩ විපක්ෂයකුත් , තක්කඩි ආණ්ඩුවකුත් පවතින රටක් මෙසේ පැවතීම පිළිබඳ අපි පුදුම විය යුතු නැත.

ලෙනින් (Lenin) සිය පිටුවහල් දිවිය සදහා පලායාමේදී කුඩා මඩුවක සිට “රාජ්‍ය හා විප්ලවය” පොත ලියූ අතර රෝහන විජේවීර සිය සැගවුනු ජීවිතයේදී දරුවන් සය දෙනෙකු හදා ඇත. ජ.වි.පෙ. විජේවීරවාදීන් වන විට අපි ලෙනින්වාදීන් වන්නෙමු. ජ.වි.පෙ. වෘත්තිකයන් වෙනුවෙන් පෙනී සිටින විට අපි පීඩිතයින් වෙනුවෙන් පෙනී සිටිමු. අනාගත සටන ඇත්තේ අපේ පිටියේය. ලාල්කාන්ත, පුලුවන්නම් මෙතැන සෙල්ලම් කරන්න.
